ඇමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට විරෝධය පළකරමින් ජාතික සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය ඇතුළු පිරිසක් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද (20) උද්ඝෝෂණයක් සිදු කළහ.
ඇමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට විරෝධය පළකරමින් ජාතික සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය ඇතුළු පිරිසක් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද (20) උද්ඝෝෂණයක් සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රස්තවාදයට විරුද්ධව ක්‍රියා කරනවා කිව්වට, ට්‍රම්ප් දිවුරුම් දෙන්න කලින්ම ලෝකෙට "ජාතිවාදී ත්‍රස්තවාදය" පතුරලා ඉවරයිනේ. (නි)
සමිතියක් පිහිටුවාගන්නවත් ඝණපූර්ණය මදි (නි)
මේවට කියන්නේ දේශපාලන කොන්ත්‍රාත් කියලා. කවුරු වුණත් බංකොලොත් පක්ෂයක් මේක කරන්නේ (නි)
සිරිතුංග ජයසුරිය මහත්තයෝ, ඔයා ඔයාගේ පක්ෂයේ විරෝධය පළකළාට අපට කම් නැත. ශ්‍රී ලංකා ජනතාවගෙන් අතිබහුතරයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට කැමතිය. (නි)
10 දෙනෙක් එකතුවෙලාද මේ ගෙදර යවන්න හදන්නේ? (නි)
මෙයාලා මේ ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ (නි)
ලංකාවේ දේශපාලන අනාථයෝ තව කොපමණ ඇද්ද? මම හිතන්නේ ගෙදර කට්ටිය එක්කගෙන ඇවිල්ලා වගේ. ලෝකයේ මුල්සිම් ත්රස්තවාදයට එරෙහිව කටයුතු කරන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ට ශක්තිය ලැබේවා! (නි)
තේරුමක් ඇති වැඩක් කළා නම් හොඳයි නේද. බල්ලෝ බිරුවට කඳු කඩා වැටෙන්නේ නැහැ (නි)
හරි වැඩේ! දැන් ට්‍රම්ප් ඉල්ලා අස්වෙනවාමයි මේ නිසා. ඔන්න එතකොට සිරිතුංග ජයසුරිය තමයි ඊළඟ ඇමෙරිකානු ජනාධිපති වෙන්නේ. එතකොට නම් එයාට හොඳ පරිප්පුවක් කන්න වෙනවා නොඅනුමානයි. මොකද ලංකාවේ ජනතාව වගේ කරබාගෙන ඉන්නේ නැහැ ඇමෙරිකානු ජනතාව. (නි)
සිරිතුංග මේ සටනින් දිනයිද? (නි)
මේ මම දන්නේ නැති නිසයි අහන්නේ. අපිට හොරෙන් සිරිතුංගත් ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට එදා ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දෙ එහෙම ඉල්ලුවද අර මෙහෙදී වගේ (නි)
මඩුවලිගයෙන් ගහලත් මදි මොවුන්ට (නි)
මොනවද මේ කරන මෝඩකම්? (නි)
අලි මදිවට හරක් කිවුවලු! (නි)
අනේ මෙහෙමත් කෝලම්! (නි)
මොවුන්ට පිස්සුද හැබෑටම? (නි)
අනේ! අපේ මිනිසුන්ට හොඳටම පිස්සු. (නි)
මොවුන්ට තියෙන අයිතිය මොකද්ද ශ්‍රී ලංකාවාසී කියලා බෝඩ් උස්සන්න? (නි)
ලැජ්ජයි මේ අය නිසා අපේ රටටත් (නි)
මේ කට්ටියට කීයක් ලැබුනද දන්නෙ නැහැ මේ වැඩේට. (නි)
මෙහෙම කෙනෙක් ලංකාවේ ඉන්නවා කියලා ලෝකෙට පෙන්වන්න කරන දේවල් (නි)
ට්‍රම්ප් දැන් කොහේ හැංගිලාද දන්නෙ නැහැ (නි)
අනේ පව් මේක දැකලා ට්‍රම්ප් ගෙදර යාවි දැන්. තමන්ගේ වැඩක් බලාගන්නේ නැතුව ලෝකේ හදන්න යනවා. (නි)
නියම කට්ටියක්නේ එකතුවෙලා ඉන්නේ (නි)
අපේ ලංකාවේ තවම මන්දබුද්ධිකයන් අතළොස්සක් ඉන්නා බව ලංකාවටත් ලෝකයටත් පෙන්වාදුන් සිරිතුංග මහතාට මාගේ ඉහළම පැසසුම! (නි)
වතුර වීදුරුවක් ඇතුලේ සුනාමියක් වෙලා වාගේ , හෝ ගාල 10 ක් විතර සෙනග , අනික ඔය සිංහලෙන් දෙමලෙන් ලියලා බෝර්ඩ් ඇල්ලුවාට ඔය ඇමරිකන් තානාපතිටවත් , ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාටවත් තේරෙන්නේ නෙහැ , ඒ ගොල්ලෝ සිතනවා ඇති සුබ පතනවා අලුත් ජනාධිපති වරයාට කියලා (බ)
කාට කියන්නද මේවා (බ)
අයිඑස්අයිඑස් සපෝට් කරන මුස්ලිම් සෙනගට ට්‍රම්ප් පේන්න බෑ (බ)
මේ ඊළම ඉල්ලපු කාන්ඩේ ද, එයාලා කැමති නෑ ට්‍රම්ප්ට. (බ)
ගේ රයිට්ස් දෙන්න කියල අල්ලන් ඉන්නේ. ඒක ට්‍රම්ප්ට කියල වැඩක් නැහැ. මෛත්‍රී තහනම් කළා කියලවත් දන්නේ නැත්ද? මෙහෙමත් මෝඩ මිනිස්සු. (බ)
අනේ මෙහෙමත් විකාර! (නි)
අලුත්ම ආරංචිය, ට්‍රම්ප් මේ කට්ටියගේ විරෝධයට බයවෙලා අස්වෙන්න යනවලු. අනේ යන එන මං නැතිවුණ බංකොලොත් දේශපාලුවන්ගේ විහිලු වැඩ! (නි)
ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්ව අර අන්තවාදී ත්රස්තයන් නැතිකරන්න පියවර ගැනීමේ කතාවට විරුද්ධ කොටසක් වගේ (නි)
ඔය හැමෝටම ඇමරිකාවේ පුරවැසිභාවය දුන්නොත් නිකන් ඉඳීද? (නි)
මේ ටිකදෙනා එකතුවෙලාද ඇමරිකාව හදන්නේ (නි)
වොෂින්ටන් වලින් එන අලුත්ම ආරංචිය... ජයසූරියගේ විරෝධය නිසා ට්‍රම්ප් අස්වෙලාලු (නි)
මෙන්න විශේෂ නිවේදනයක්. ශ්‍රී ලංකාවාසීන්ගේ විරෝධතාවය හේතුවෙන් ඇමරිකා ජනපති ඉල්ලා අස්වෙයි. වැඩිදුර විස්තර සිරිතුංග ජයසුරියගෙන් විමසන්න. (නි)
සිරිතුංග, ට්‍රම්ප්ට විරුද්ධ වෙන්න කලින් මේ රටේ මිනිසුන්ට කොස් කොළ සහ ක්‍රෝටන් කොළ කවන්න හදන පාලකයන්ට විරුද්ධවෙන්න (නි)
මේ මිනිස්සු නම් ළිඳ තුළ මැදිවුණ මැඩියෝ වගේ (නි)
අනේ හැබෑටම මෙහෙමත් විහිළු! (නි)
මුස්ලිම් ධර්මයට විරුද්ධ බව නම් ට්‍රම්ප් කවදාකවත් කියලා නැහැ. නමුත් මුස්ලිම් ත්රස්තවාදයට විරුද්ධ බව නම් කියලා තියෙනවා. ත්රස්තවාදයට ලංකාවත් විරුද්ධයි. (නි)
දැන් ඇමරිකාවම බයවෙලා ඇත්තේ මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව. ලංකාවේ 5-6 ක් විතර විරුද්ධ වුණා කියන්නේ, ට්‍රම්ප්ට ගෙදර යන්න වෙනවා නියතයෙන්ම (නි)
මම අද දැනගත්තේ ලංකාවේ සමස්ත ජනගහණය දහයයි කියලා. (නි)
මම හිතන්නේ දැන් ට්‍රම්ප් ඉල්ලා අස්වේවි. මොකද, ලංකාව කියන්නේ මහා විශාල බලගතු රටක්නේ! අපේ රටට පාරට බහින්න ඕනෑතරම් ප්‍රශ්න තියෙද්දී, 5 -6 විතර දාගෙන විහිලු කරනවා (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේ ටිකදෙනාද විරුද්ධ?දන්න තරමින් ලංකාවේ වැඩි ප්රතිශතයකගේ ආශිර්වාදය ලැබුනේ ට්‍රම්ප් මහත්තයට. කට්ටිය දැන්මම බයවුණාද? (නි)
ඔය කට්ටියට තැඹිලි වතුර දෙන්න හෙම කවුරුවත් නැද්ද? (නි)
මේ විරෝධතා වලට ට්‍රම්ප්ටත් හිනා ඇති (නි)
අපි නම් විරුද්ධ නැත (නි)
මේක දැකපු ට්‍රම්ප් දිවුරුම්දීම කල්දාලද දන්නෙ නැහැ (නි)
අනේ පව් කියලත් හිතෙනවා. සූ ගාලා 10 දෙනෙක් රටක් වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව උද්ඝෝෂණයක. සිරිතුංග ජයසුරියට ජයවේවා! (නි)
පිස්සු නැත්නම් ශෝක්. දිව්රුම්දීම නවත්තනවා කිව්වලුද? මේ වෙලාව අරගෙන තමන්ගේ ගෙදරදොරේ වැඩක් හරි, දරුවෙකුට පාඩමක් කියලා දෙන්න හරි, වයසක දෙමවුපියන් බලලා එන්න ගියා නම් මොකද? මේවා වැඩකට නැති වැඩ. (නි)
රතු අයියලා ටිකක් ජාත්‍යන්තරේට යන්න හදනවා වගේ. හූවක් තියලා සපෝට් එකක් දෙමු (නි)
පිටරට වල මිනිස්සු මේවට හිනාවෙනවා ඇති (නි)
අම්මපා! මොවුන්ට පිස්සුද? මොකද්ද මේ බැනර් එක? "ශ්‍රී ලංකා ජනතාවගේ විරෝධය"? කොහොමද එහෙම කියන්නේ? ඔය ගොල්ලෝ විතරද ශ්‍රී ලංකාවේ ජනතාව? (නි)
කොහෙන් හිනා වෙන්නද මේවට අප්පා? (නි)
කවුද මේවා කරන්න ඉඩදුන්නේ? මේක සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ මතය නොවෙයිනේ. (නි)
අනේද කියන්නේ, අදද දිව්රුම් දෙන්නේ. ඉන්න අයගෙන් පේනවා පරිසරහිතකාමියෝ කියලා (නි)
මෙතන ශ්‍රී ලංකා ජනතාව කියලා බැනර් ගැහුවට ඉන්නේ 20 කටත් අඩුවෙන් (නි)
පිස්සුද මන්දා මෙයාලට? (නි)
දහදෙනෙක්ම උද්ඝෝණයේ යෙදිලා... මෙච්චර ජන ගඟක් කොහොම හොයාගත්තද දන්නෙ නැහැ (නි)
අනේ හිත රිදුනා නම් සමාවෙන්න ඩොනල්ඩ් මහත්තයෝ. මේ වගේ අය ලංකාවේ ඉන්නවා. මෙයාලා හරිම අහිංසක කට්ටිය (නි)
විල්පත්තුව කපනවටත් විරෝධතාවක් කළොත් නරකද? වැස්ස නැතුව මහජනයා පිඩාවට පත්වෙලා. (නි)
අන්න දිවුරුම් දීම නවත්තලා ඔයාලා අකමැති නිසා (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
දැන් මෙයාලා විරුද්ධ වුණා කියලා අරෙහෙ ට්‍රම්ප් මැතිතුමාට වැඩ කරගන්න බැරිවේවි. (නි)
දැන් බලාගෙන ඉන්න. ඕක කළා කියලා එතුමා දිව්රුම් දෙන එක නවත්වයි. අපරාදේ මිනිසුන්ගේ කාලය! (නි)
ත්‍රී විල් එකක දාගෙන යන්න පුලුවන් තරම්වත් සෙනඟ නැහැනේ (නි)
මේ අයට බයේ දැන් එහේ මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
මේ අර කලකට පෙර ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයෙක් ලංකාවට ගෙන්වා ඇමෙරිකන් ඡන්ද ව්‍යාපාරය(රැස්වීම) ලංකාවේ කළ කෙනාද? (නි)
සිරිතුංග ජයසූරියලා කාටද විරුද්ධ නැත්තේ? (නි)
සිරිතුංග මහත්තයෝ, ඔයාලගේ ඡන්දයෙන් නොවෙයි එතුමා ආවේ. ඇමෙරිකාවේ බහුතර ඡන්දෙන්. ඒ වගේම එතුමා ත්රස්තවාදයට විරුද්ධවුණාට ඉස්ලාම් විරෝධියෙක් නොවෙයි. (නි)
වැඩකට ඇති දෙයක් කළොත් නරකද? (නි)
සූ ගාලා 9 දෙනෙක් විතර ඉන්නවා. ජයසූරිය නමටත් පක්ෂ දේශපාලනයටත් අවනම්බුවක්. (නි)
නාටක මාරයි... නමය හමාරයි. (නි)
ෆොටෝ එක පත්තරේ දාගන්න කරන දේවල් කියලයි අපිට නම් හිතෙන්නේ. (නි)
සූ ගාලා දහයක් විතර ඉන්නවා නේද? (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
අන්න මෙයාලව දැකලා ට්‍රම්ප් ඉල්ලා අස්වෙලා. අනේ මේ වගේ විහිළු සපයන මිනිස්සු! ලංකාව දැන් පිස්සන් කොටුවක් වේගෙන එනවා. (නි)
අනේ මෙහෙමත් විහිළු! (නි)
අපේ ගෙදරත් මීටවඩා කට්ටියක් ඉන්නවා. අනික මහජන ඡන්දෙන් පත්වෙච්ච කෙනෙකුට මේ අය විරුද්ධ වෙන්නේ ඇයි. (නි)
මොන විකාරයක්ද මේ. රටේ නමත් සවුත්තු වෙනවා (නි)
මම හිතන්නේ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා අස්වෙයි (නි)
මෙහේ අය වගේ නෙමෙයි අැමෙරිකානුවන්. ඒකයි ඇමරිකාව දියුණු වෙලා තියෙන්නෙ. (නි)
මෙයාලට විකාර! හිලරි දිනුවා නම් අපි ඉවරයි. විහිළුකාරයින් වෙන්න එපා (නි)
අපේ ඒකාබද්ධ කට්ටියට දැන් චීනෙද ට්‍රම්ප්ද කියලා තෝරගන්න බැරුව ඉන්නවා වගේ. (නි)
ලංකාවේ ඉන්න ජනගහණයෙන් 10-12 ක්ම ඉන්නවා විරුද්ධව. දැන් ට්‍රම්ප් මෙයාලට බයේ අස්වේවි. අනේ පවු (නි)
අනේ ඇත්තද එහෙනම් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙයි නේද. (නි)
මෙයාලට පිස්සුද? ට්‍රම්ප්ට විරෝධය පළකරලා ට්‍රම්ප්ව ජනපතිකමින් ඉවත් කරන්නද? (නි)
අම්මෝ! සිරිතුංගලාට බයවෙලා ට්‍රම්ප් ඉල්ලාඅස්වෙයිද? (නි)