IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඩියර් සින්දගී

නොවැම්බර් මාසයේ තිරගත වීම ආරම්භ කරනු ලැබූ සුපිරිතම බොලිවුඩ් චිත්‍රපටය වන "ඩියර් සින්දගී" එළැඹෙන බොලිවුඩයට සමගාමීව ලොවපුරා රටවල් රැසක ප්‍රදර්ශනය ආරම්භ කෙරුණි. එම චිත්‍රපටය මේ වනවිට ඊඒපී මණ්ඩලයේද තිරගත වීමට ආරම්භ වී ඇත.

 

නළුනිළියන්

මෙහි ප්‍රධාන චරිතය වන "ජග්" හෙවත් ජන්ගිර් ඛාන් ලෙස සුපිරි නළු ෂාරුක් ඛාන් පෙනි සිටියි. සුරූපී ආලියා භාට් මෙහි එන "කයිරා" නම් ප්‍රධාන නිළි චරිතයට පණ පොවන්නීය. ඔවුන්ට අමතරව කුනාල් කපුර්, අන්ගාඩ් බෙඩ්, ඉරා ඩුබෙයි, සිධාත් සුක්ලා, කේශව් උප්පල්, ආදිත්‍ය රෝයි කපුර්, අලී සෆර්, තිහාර් රාජ් පිරිස සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙති.

 

සෙසු සහයකයන්

"ඩියර් සින්දගී" චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ බොලිවුඩ් සිනමාවට නවක සිනමා අධ්‍යක්ෂිකාවක වන ගෞරි සින්දේය. ඇය මෙහි තිර රචනය මෙන්ම කතාවද ලියා ඇත. චිත්‍රපටය නිෂ්පාදනය කොට ඇත්තේ %රෙඩ්චිලි^ ප්‍රඩක්ෂන් ආයතනය වෙනුවෙන් ගෞරි ඛාන් හා %ධරම්^ ප්‍රඩක්ෂන් ආයතනය වෙනුවෙන් කරන් ජෝහර් දෙදෙනාය. කැමරාකරණයෙන් ලක්ෂමන් උටේකාර්ද, සංස්කරණයෙන් හේමන්ත් සර්කාර්, ඇඳුම් නිර්මාණයෙන් නන්දනි ශ්‍රීකාන්ත් දායක වෙති.

 

කතාව

"කයිරා" (ආලියා භාට්) චිත්‍රපට කැමරාකරණයට වැඩි කැමැත්තක් සහ උනන්දුවක් දක්වන්නියකි. එහෙත්, ඇයට එම කර්තව්‍ය සඳහා ඉදිරිපත් වීමට උදව් කරන්නට කිසිවෙකු නැත. %ජග්^ හෙවත් ජන්ගිර් ඛාන් (ෂාරුක් ඛාන්) කයිරාට මුණගැසෙන්නේ මේ අතරතුරය. සමාජය පිළිබඳව පුළුලු දැනුමක් නොමැති කයිරා සිනමා කර්මාන්තයට එක්වීමට මැළිකමක් දක්වයි. එහෙත්, %ජග්^ ඇයව කැමරාකරණයට දිගින් දිගටම අවවාද දී උනන්දු කරවයි. පසුව ඇය සිනමා කැමරාකණයට එක්වී ඉන් ජයගනියි. කයිරාට පෙම්වතෙක් සිටින නමුත්, ඇය ජග්ටද ආදරය කරයි.

 

රූපගත කිරීම්

"ඩියර් සින්දගී" චිත්‍රපටයේ රූපගත කිරීම් බොහෝමයක් සිදුකොට ඇත්තේ ඉන්දියාවේ ගෝවා ප්‍රදේශයේය. ඊට අමතරව ජර්මනිය හා කැනඩාව තුළද මෙහි ඇතැම් දර්ශන රූපගත කොට තිබෙන බව සඳහන් වේ. ගීතමය ජවනිකා සියල්ල සිදුකර ඇත්තේ විදේශයන්හිදි වීම විශේෂත්වයකි.

 

විශේෂත්වය

ෂාරුක් හා ආලියා බොලිවුඩ් චිත්‍රපටයක පෙනී සිටින පළමු අවස්ථාව මෙය වේ. එමෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂක ගෞරි සින්දේගේ දෙවැනි චිත්‍රපටය මෙය වන අතර, ඇයගේ පළමු චිත්‍රපටය වූයේ 2014 වසරේ තිරගත වූ "ඉංග්‍රිල්ස් විංග්‍රිල්ෂ්" චිත්‍රපටයයි. එම චිත්‍රපටය සම්මාන රැසක් දිනූ චිත්‍රපටයක්ද විය. එමෙන්ම බොලිවුඩයේ සුපිරිතම නළුවා තමාගේ දෙවැනි සිනමා නිර්මාණයට සම්බන්ධ කර ගැනීමට ගෞරිට හැකිවීම ඇය ලද සුවිශේෂි ජයග්‍රහණයක්ද වේ. එමෙන්ම ෂාරුක්ගේ සමීපතම මිතුරා වන කරන් ජෝහර් මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයා ලෙස කටයුතු කිරීමද විශේෂත්වයකි.

 

නළුනිළියන් තෝරාගැනීම

මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා සැලසුම් කළ අවස්ථාවේ සිටම ෂාරුක් හා ආලියා මෙහි ප්‍රධාන චරිත බවට පත්ව සිටියහ. එහෙත්, ආදිත්‍ය රෝයි කපුර්ගේ නම යෝජනා වී තිබුණේ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සිදු කරන අතරවාරයේදීය. ඔහු රඟපාන චරිතයට මුලින්ම යෝජනා වී තිබුණේ ෂාහිඩ් කපූර්ගේ නම වුවද, පසුව ඔහුගේ කාර්යබහුලත්වය නිසාම ඒ සඳහා ආදිත්‍ය යෝජනා වී තිබුණි.

 

සංගීතය

"ඩියර් සින්දගි" චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කොට ඇත්තේ අමිත් තිවේදිය. ෂාරුක් පෙනී සිටින චිත්‍රපටයක ඔහු සංගීතය අධ්‍යක්ෂණය කරන මුල්වතාව මෙය වේ. එමෙන්ම ගෞරි සින්දේ විසින් අධ්‍යක්ෂණය කළ පළමු බොලිවුඩ් චිත්‍රපටය වූ "ඉංග්‍රිලිෂ් විංග්‍රිලිෂ්" චිත්‍රපටයේද සංගීත අධ්‍යක්ෂණ කරනු ලැබූවේ අමිත් තිවේදිය. මෙහි ගීත කිහිපයක් සඳහා අමිත් තිවේදිද ගායනයෙන් සහය වන අතර, සුනයිදි චෞහන්, අනුෂා මානි, නාකාෂ් අසිස්, ජස්ලින් කෞර් චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ආලියා භාට්ද මෙහි ගීත ගායනයෙන් දායක වී තිබේ.

 

නිෂ්පාදන පිරිවැය

මෙම චිත්‍රපටය සඳහා වියදම් කර ඇති මුදල මේ වනවිට ගණන් බලා නොමැති බව වාර්තා වේ. එහෙත්, ඇතැම් වෙබ් අඩවි පවසන්නේ මෙම චිත්‍රපටය සඳහා අඩුම වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 80කට වඩා වැඩි නිෂ්පාදන මුදලක් වියදම් වී තිබෙන බවය. කරන් ජෝහර්ගේ %ධරම් ප්‍රඩක්ෂන්^ මෙන්ම ෂාරුක් ඛාන්ගේ බිරිඳ ගෞරි ඛාන්ට අයත් "රෙඩ්චිලි" ආයතන මෙහි සම නිෂ්පාදනය සිදු කොට ඇත. එමෙන්ම ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණ ආනන්ද එල් රායිද මෙහි සුළු නිෂ්පාදන මුදලක් යොදවා තිබේ.

 

තිරගත කිරීම

නොවැම්බර් 25 වැනිදා මෙය බොලිවුඩයේ තිරගත වුවද, ඊට පෙර නොවැම්බර් 23 වැනිදා මෙම චිත්‍රපටය කැනඩාවේ හා ඇමෙරිකා එක්සත් ජනපදයේ තිරගත වීමට නියමිතය. එමෙන්ම නොවැම්බර් 24 වැනිදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේද, දෙසැම්බර් 01 වැනිදා ජර්මනියේද මෙම චිත්‍රපට‍ය ප්‍රදර්ශනය වීමට නියමිතය. මෙම චිත්‍රපටය තිරගත කරන දිනයේදී විද්‍යා බාලන්ගේ %කහානි^ දෙවැනි චිත්‍රපටය තිරගත කිරීමට නියමිතව තිබුණද, පසුව එය අත්හැර දැමූ බව සඳහන්වෙයි.

 

 



අදහස් (0)

ඩියර් සින්දගී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 152 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5631 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1189 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 356 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2128 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2066 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site