මෙරට කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියකු වූ හා ”ක‍්‍රිස්ටල් සෙට්” සංගීත කණ්ඩායමේ නායක ඩෙරික් ද සිල්වා මහතා (70) 16 වැනිදා අභාවප‍්‍රාප්ත විය. ඔහු සිවු දරු පියෙකි. බිරිඳ ප‍්‍රින්සි මියගොසිනි.
ඔහු පනස් වසරකට අධික කාලයක් පුරා මෙරට සංගීත ක්‍ෂේත‍්‍රය ඔපවත් කළේය.
හැටේ දශකයේ බිහිවූ ලොස් ෆ්්ලැචෙන්ගෝස් සංගීත කණ්ඩායමේ සාමාජිකයකුව සිටියදී එළිදැක් වූ ”කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි” යන ගීතයට ගායනයෙන් සහාය දැක්වූ ඩෙරික් ”ඡයාමායා පෑ සිනා” සහ ”මුදු සිනා සඳේ” ගීත දෙක ගායනා කර ඇත්තේ රුක්මනී දේවිය සමගය.
”වරදට දඬුවම්”, ”කොළොම්පුර්”, ”ඔන්න බබෝ” යන චිත‍්‍රපටවල ස්පාඤ්ඤ භාෂාවෙන් ගීත තුනක් ගායනා කර ඇත.
ඩෙරික් ද සිල්වා චිත‍්‍රපට නැටුම් අධ්‍යක්‍ෂවරයෙක් ද වෙයි.
දේහය කඩුවෙල, කොතලාවල, ගැමුණුපුර, අංක 18 සී, දරන නිවෙසෙහි තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 19 වැනිදා සවස 4.00ට කොතලාවල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd