
(යොහාන් භාසුර)
ඩීසල් සහ පෙට්රල් මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින්, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දැමූ බවත් නව මිල අද (1) මාධ්ය රාත්රියේ සිට ක්රියාත්මක වන බවත් ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 397 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 543 ක්, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 424 ක් සහ ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 490 ක් බවට පත්වූ බවත් භූමිතෙල් මිල නොවෙනස්ව ලීටරයක මිල රුපියල් 285 ක තව දුරටත් පවතින බවත් එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd