ගෝලීයකරණ තොරතුරු තාක්ෂණ දැනුමැති රටවල් පිළිබඳව කරන ලද වර්ගීකරණයට අනුව, රටවල් 144ක් අතරින් ශ්‍රී ලංකාව 68 වන ස්ථානය හිමිකරගෙන සිටියි. ජගත් ආර්ථික සංසදය මේ තරඟය සංවිධානය කළේය. පසුගිය වසරේ ශ්‍රී ලංකාව 52වන ස්ථානයට පත්ව සිටියේය.
ගෝලීයකරණ තොරතුරු තාක්ෂණ දැනුමැති සුපිරි රටවල් දහය පිළිවෙලින් ස්විට්සර්ලන්තය , සිංගප්පූරූව , ෆින්ලන්තය , ස්වීඩනය , නෙදර්ලන්තය , ජර්මනිය , ඇමරිකාව , එංගලන්තය , හොංකොං සහ ජපානය යි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර බලවතුන්ගේ උසිගැනිල්ල පිට ලංකාව පොඩ්ඩක් පස්සට අරගෙන... (නි)
මේවා මනින ක්‍රම ගැන මට නම් එච්චර විශ්වාසයක් නැහැ. (නි)
මොනවද මේ කතා? සීයේ ජුබිලියත් සමරන අය ඉන්දැද්දී තව මොන තාක්ෂණයක්ද අපිට? (නි)
හැම එකෙන්ම ඉදිරියට එන්න බැහැනේ. තාක්ෂණයෙන් නැති වුණත් වෙනත් බොහෝ දේවලින් අපි ඉදිරියෙන්ම ඉන්න බව අමතක කරන්න එපා. (නි)
ඒ වුනාට ගූගල් සෙක්ස් හොයන පැත්තෙන් අපි ඉහළටනේ (නි)
මම හිතුවේ අපි අඩුමගානේ 03 වෙනි තැනවත් ඇති කියලා. අපේරටේ තියෙන කොම්පියුටර් පන්ති ප්‍රමාණයයි ඒවායේ ඉගෙන ගන්න ළමයි ප්‍රමාණය ගැනයි බලනකොට එහෙම හිතෙන්නේ නැත්තේ කාටද? . (නි)
දැන් ඔය තාක්ෂණික අතින් දියුණු රටවල දේවල් අපේ රටවලට ගෙනාවන් නරකක් මිසක් හොදක් වෙලා නැහැ. අපේ පාරම්පරික තාක්ෂණයන් දියුණු කළහොත් නිරෝගී පරපුරක් සහ පිරිසිදු පරිසරයක් ලබාගත හැකියි. නුතන තාක්ෂණය මිනිසාටත්, සතුන්ටත්, ගහකොල වලටත් අහිතකරයි. නමුත් නුතන තාක්ෂණය අපි ඉගෙනගත යුතුයි. (නි)
අපේ රටේ පොඩි ළමයින්ටත් දැන් කුඩු පොවනවා. ඉතින් අපි කුඩු ගහන පළමු රටවල් 10 අතරේ ඉන්නේ. කාටද ආඩම්බර? (නි)
ඉතින් අපිට තාක්ෂණ ඇමති කෙනෙක් ඉන්නවනේ? (නි)
පිස්සුද? හැමෝටම ඕනෑ දොස්තරලා වෙලා පොඩ්ඩ බැරී වෙද්දී ස්ට්‍රයික් කරන්නනේ (නි)
තාක්ෂණ දැනුම මොකටද ලිංගික දැනුම සියට දෙසීයක් තියනකොට. කියන්න දේවල් තියෙනවා, කියලා වැඩක් නැහැ. (නි)
සෞදිය නම් ලංකාව ඉන්නේ පළවෙනි තැනට. ඉනිදියාව රට ලොකු වුනත් ඉන්නේ දෙවැනි තැනට.(නදී)
දකුණු ආසියාවෙන්ම පළමු වන සිය දෙනා අතරේ ඉන්නේ අපි සහ ඉන්දියාව පමණයි. (නි)
තාක්ෂණ දැනුමෙන් පස්සට. නමුත් දූෂණයෙන් වංචාවෙන් ගසාකෑමෙන්, හොරකම් කිරීමෙන් මහජන ඉඩම් දේශපාලුවෝ විසින් තමන්ගේ බූදලේ විදිහට ලියාගනීමෙන් ඉදිරියට .... මේක තමා අද රටේ තත්වය. (නි)
ලංකාව දැන් පිරිහීමට ලක්වෙලා තියෙන්නේ. ජාතියක් සමගියෙන් ඉන්නකොටයි රටක දියුණුවක් ඇති වෙන්නේ. මේක ඔය ජාතිවාදීන්ට,මෝඩයන්ට කවදා තේරෙයිද දන්නේ නැහැ. (නි)
ඒ වුණාට අපි යන්නේ ධර්ම රාජ්‍ය පැත්තටනේ... (නි)
මොන පැත්තෙන්ද අපි උඩින් ඉන්නේ? (නි)
ලංකාව තාක්ෂණය අංශයෙන් ඒ තරම් දියුණු තත්වයක් නොතිබීමට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපානවා 1. රට දුප්පත් වීම 2. ලංකාව පිට රටවලින් ණය අරගෙන තාක්ෂණය දියුණු කරන්න උත්සහ කළත් ඒ වෙනුවෙන් යොමු කළ මුදල නිසියාකාරව ඒ වෙනුවෙන් එයට නොයෙදවීම 3. ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය පහල මට්ටමක තිබීම 4. නිසි ක්‍රම වේදයක් නොතිබීම (නි)
අපේ රටේ මිනිස්සුනුගේ තියෙන්නේ පුහු උඩගු කම විතරයි.ඒ අතින් අපි ලෝකෙන්ම එක වෙන්න ඕනෑ. (නි)
තාක්ෂණ ඇමතිතුමා මේ ගැන අවධානය යොමු කළ යුතුයි නේද? (නි)
නමුත් ආදී තාක්ෂණ වලින් නම් පළවැනිම තැන මෙහාට. (නි)
තාක්ෂණේ දේශපාලනඥයන්ගේ සාක්කුවේ... (නි)
නරක ඒවට මෙහෙම වුණාට අනෙක් දේවලින් නම් 1,2,3,... (නි)
ලංකාවේ දරුවන්ට ඉංග්‍රීසි බැරි කරන්න උගන්වනවා වාගේ සමහරු කරන්නේ තොරතුරු තාක්‍ෂණය බැරි කරන එකද? (නි)
අපේ රටේ බිහිවන තාක්ෂණ දැනුමින් පිරිපුන් උදවිය තමන්ගේ රටේ ඉඳන් සේවයක් කිරීමට යොමු නොවීමද එක් හේතුවක් විය හැකියි නේද ? (ස)
මම හිතන්නේ හොරකම් තාක්ෂණය මේ ලිස්ට් එකට අඩංගු නැහැ කියලා. එහෙම නැත්නම් ලංකාව පළවෙනියට පත්වෙනවනේ. (නි)
රජයෙන් අධ්‍යාපනයට දෙන තැන මදි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
තාක්ෂණ දැනුමක් ගන්න කෝස් එකක් කරන්නවත් දැන් සාමාන්‍ය මිනිහෙක්ට වත්කමක් තියෙනවද? (නි)
අර පහුගිය කාලෙ කතාවක් ආවනෙ වෑඩියෙන්ම අහවල් දේවල් බලන කට්ටිය ඉන්නෙ ලංකාවෙ කියල, ඉතින් මිනිස්සු ඕව අහනවට වඩා හොඳයි තාක්ශණය අතහෑරල දානව කියල හිතන්න ඈති. (ස)
සුභ පැතුම්! (නි)