පියා සමග අමනාපවී හක්මන සිට තංගල්ලට ගිය බාලවයස්කාර දැරියක කෙළෙසී යැයි කියන තංගල්ල හිටපු නාගරික මන්තී‍්‍ර අංජන ලියනගේ සහ හෝටල හිමිකරු නිලූපුල් ජයවික‍්‍රම ඇතුළු 21 දෙනාට තංගල්ල මහේස්ත‍්‍රාත් කේ.යූ.ටී. ද සිල්වා මෙනෙවිය අද චෝදනා භාරදුන්නාය. දැරිය කෙළෙසී යැයි ඇප මත සිටින බාලවයස්කරු නිදහස් කරන්නැයි ඉල්ලා සිටිවිට ඒ ගැන ලබන අගෝස්තු තුන්වැනිදා තීරණයක් ගන්නා බව මහේස්ත‍්‍රාත්වරිය කීවාය. සෙසු සැකකරුවන්ට ඇප ඉල්ලූවිට පැමිණිල්ල විරුද්ධ විය. අංජන ලියනගේ තනතුරින්ද ශ්‍රීලනිප සාමාජිත්වයෙන්ද නෙරපා හරිනු ලැබ සිටී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුරුලක් දෙන්නම එපා (දී)
අපේ ආගම ගැන කථාකරන අය කෝහේද ඉන්නේ මොනවද කරන්නේ ??(නු)
මේ දැරිවිය හරිම පව්.එයාට දැන් කාගේ පිහිටක්ද.????????? (ස)
තේරුම් ගන්න මේ වැඩේ කරලා තියෙන්නේ තාත්තා කෙනෙක්. (ස)
පව් අසරණ ළමයා.. (ස)
මේ දැරියගේ ජීවිතය විනාශ නොකර නිසි වියට එළඹෙන තුරු සිට ඇයව විවාහ කරගැනීමට තිබුණා නේද?ඇයට කැමති නම්, ඇගේ දෙමව්පියන් කැමති නම් ඇය කැමති නම් ඇයව නිසි වයසට එළඹුනාම විවාහ කරගෙන සතුටින් ඇයත් එක්ක හොඳ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න තිබුණා. එහෙම නම් ඇගේ ජීවිතයක් ඒ පුද්ගලයගේ ජීවිතයත් ආලෝකමත් වෙනවා නමුත් මේ වගේ වැඩ වලින් වෙන්නේ සේරගේම ජීවිත අවුල් වෙන එකයි. (දී)
හැමදාටම අච්චු කලානම් හරි (දී)
මේ වගේ අය ජීවිත වලිනුත් නෙරපන්න ඕනෑ (දී)
ලාල් යූ.එන්.පී. කියලා ආරංචියි අපටත්. (නි)
දූෂකයන් ආරක්ෂා කරන්න එපා...!! වහාම එල්ලුම්ගහ ක්‍රියාත්මක කළ යුතුයි.. නැතිනම් පය ගහලා ඉන්න රටක්වත් නැතිවේවි..!!(නු)
ඉතින් සබරමුවට ගිහින් පළාත්සභාවට ඉල්ලන්න...(ස)
දෙමාපියනි, දරු දැරියන් කීකරුව හදා ගන්න...දැරිය පියා සමඟ අමනාපව නිවසින් පිටවීම කොතරම් අවාසනාවන්තද ??? (ස)
තනතුරින් සහ පක්ෂ සාමාජිතක්තයෙන් නෙරපීම ලොකු දෙයක්.. මේ වගේම අකුරැස්සෙ සහ අනෙකුත් කට්ටියත් පක්ෂයෙන් නෙරපා පක්ෂයේ ගෞරවය රැක ගන්න...!!(නු)
හොඳ වැඩක්....(ස)
පක්ෂයෙන් නෙරපිය යුතුයි. (නි)
අර බාලවයස්කාරයා කොහොමත් නිදහස් කරන්න හොද නැහැ.. පරිවාසෙට දාලා දැඩි නීති රීති සමග මකවලා හරි හදන්න ඕන.. නැත්නම් එයා කවදාහරි දවසක අප්පට එහා යයි.. (නු)
කර වැඩේනම් ගොඩක් හොදයි....(ස)
මෙවන් අපරාධ කරුවන්ට උපරිම දඩුවම් ලබදිය යුතුයි.....අපේ රටේ අනාගතය කෙලෙසන මෙවන් නොමිනිසුන් පක්ෂයෙන් පමණක් නොව රටෙන්ද පිටුවහල් කලයුතුයි......(ස)
අපිත් ජීවිතය පරදුවට තියලා දේශපාලනය කර රැකගත් පක්ෂයට ගිය කල,ආසන 9 ට බැහැලත් හැරනොගොස් කිසිම අකට යුතුකම් වලට යොමු නොවී හිටි අපට දුකයි.(ස)