යකඩ ගැහැණිය හෙවත් හිටපු බ්‍රිතාන්‍ය අගමැතිණි මාග්‍රට් තැචර් මහත්මියගේ අවමංගල්‍යය කටයුතු සඳහා බ්‍රිතාන්‍ය රජය පවුම් ලක්ෂ හැටක (රුපියල් ලක්ෂ 11520) මුදලක් වෙන් කැර ඇති බව බ්‍රිතාන්‍ය රජය කියයි.
බ්‍රිතාන්‍ය මහ රැජින සහ පිලිප් කුමරු මෙම අවමංගල්‍යයට සහභාගී වීමට නියමිතය.
යුද, නාවික හා ගුවන් හමුදාවේ 755ක පමණ භට පිරිසක් හමුදා ගෞරවාචාර මැද පෙලපාලියට සම්බන්ධ කර ඇති අතර සුදු අශ්වයන් හයක් බැඳි කාලතුවක්කු ගැලක තැන්පත් කරන තැචර් දේහය වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ සිට ශාන්ත පෝල් දේවස්ථානයට රැගෙන යාමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මොකද? මිනීමරු ජාතිවාදී කෙනෙක්ගේ අවමංගල්‍යයකටත් කෝටි ගණනක් වියදම් කොරපු සිංහලයෝ ටිකක්නේ මෙහේ ඉන්නෙත්. (නි)
කෝටි 115 අපේ ලංකාවේ අයට ලොකු මුදලක් වුනාට ඒ රටේ එච්චර ලොකු ගානක් නෙමෙයි. මේ අවමගුල චාම් විදියට තමයි කරන්නේ. මේක රාංජ්‍ය අවමගුලක් නෙමෙයි. අද අප්‍රියෙල් 17 තමයි ලංඩන් වල අවසන් කටයුතු. අද ලංඩන් වලට රාජ්‍ය නායකයෝ 200 ක් විතර එනවා. ඒ අයගේ ආරක්ෂාවට තමයි මෙචිචර මුදලක් වියදමි වෙන්නේ.(නදී)
අනේ අපේ රටෙත් ආදර්ශවත් නායකයෙක් බිහිවේවා! ඔබට නිවන් සුව!(නදී)
තැචර් තද බල ලෙස වර්ණභේද වාදය ඇදහූ අයෙකි. ඇය බ්‍රිතාන්‍යයේ සහ වෙනත් රටවල රාජ්‍යසේවා පෞද්ගලිකකරණය ආරම්භ කිරීමට මූලිකව කටයුතු කළාය . මෙම තීරණ බොහොමයක් අසාර්ථක බව බ්‍රිතාන්‍යය අද වන විට තේරුම් ගෙන ඇත. (නි)
සෝමාලි වගේ රටවල් විදින දුක් මුළු ලෝකයම දන්නවා. ආදර්ශයක් වශයෙන් චාමෙට මේ අවමගුලේ වැඩ කරලා එවැනි දුප්පත් රටකට වැයකලා නම් මේ ධනස්කනද්ය යකඩ නූනත් තවිතිසා දෙවි ලොවේ උපදින්නට තිබුනා. දැන කොහෙද මන්දා.(නදී)
අමිලගේ අදහස පංකාදුයි මොන ඉස්කෝලෙටද ගියේ ?(නදී)
අපේ අයත් පටන ගනීවිද දන්නේ නැත. මරණයට ඔහොම වියදම කරන්න වටිනා කෙනෙක් තාම අපේ රටේ ඉපදී නැත .(නදී)
ආඩම්බරකම ලොවට ප්‍රදර්ශනය කිරීම... (නි)
අපේ රටේ ප්‍රභූ අවමගුල් වලටත් ඔය විදියට වියදම් කරලා ඇති. ඒ වුණාට කවුද හරියට ගණන් කිව්වේ? (නි)
අපරාදේ සල්ලි...මේ දුප්පත් අපිටත් කීයක් හරි දෙන්නකෝ. (නි)
දාන්න එපා මේ වගේ ප්‍රවෘත්ති. අපෙත් ළඟදි මැරෙන්න ඉන්න දේශපාලකයෝ ආදර්ශයට ගනී මේවා. (නි)
වියදම් කළත් රට තුල නිසා අත දිගඇර වියදම් කරනවා. නමුත් තැචර් පාලන සමයේ රජය සතු රෝහල් බොහොමයක් වැසීගොස් ඇත. ඒවා දන්නා සුද්දෝ ෂැම්පේන් බිබී ඇයගේ මරණයට ප්‍රීතිය ප්‍රකාශ කළේ ඒ නිසායි. (නි)
යකඩ නෝනා නෙව. අපි ඒ නෝනට නිවන් සුව පතමු! (නි)
හොද නායකයන්ට ජනතාව ආදරෙයි. ජන ගංගාව ගලා එනවා. නිවන් සුව ලැබේවා! (නි)
යකඩ වුනත් මළාට පසු වටිනාකම බින්දුවයි.(නදී)
ලංකාවේ එහෙම හිටපු කායකයෙකුට මෙහෙම මරණෙට වියදමි කලා කමි මෙලහට කටිටිය ගිරිව පුප්පගෙන කෑ ගහගෙන පාර පුරා. (නදී)
එයාගේ කලේ වැඩ වර්ජනයක යෙදුන කම්කරුවන්ට හොදට සලකල ගෙවල්වලට යවපු නිසා කාලගුණ සලකනවා වෙන්න ඇති .(නදී)
අතීතයේ වක්තෘවරුන් පැවසු සත්‍යය... අවසාන කාලයේ පෙරනිමිති සිදුවීම නොවැලැක්විය හැකිය. (නි)
අවමංගල කටයුතු චාම් අන්දමින් කරනවානම් ලොවටම ආදර්ශයක්.(නදී)
මිනියක් වළලන්න මෙච්චරට වියදම් කරන මේ මුදල, ලෝකයේ කන්න නැති මිනිස්සුන්ට දුන්නා නම් කොතරම් හොදද. (නි)