යකඩ ගැහැණිය හෙවත් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිණිය වු මාග්‍රට් තැචර්ගේ අභාවය පිළීබදව ලෝක නායකයින් ඇතුළු බ්‍රිතාන්‍යය වැසියන් ශෝකය පළ කරද්දී ඊයේ (09) දකුණු ලන්ඩනයේ බ්‍රික්ස්ටන්හිදී 500 ක පමණ පිරිසක් සටන් පාඨ කියමින් ෂැන්පේන් බොමින් තැචර්ගේ මරණය සතුටටුදායක පුවතක් යැයි කියමින් ප්‍රීතී ඝෝෂා පැවැත් වුහ.
‘‘ ජීවිත විනාශවීම් වල කිව යුත්තේ ඇයයි ‘‘ යනුවෙන් සදහන් පුවරුද අතැතිව ඔවුහු නැටුමි ද ඉදිරිපත් කරමින් ගීත ගායනා කළහ.
පොලිසිය කිසිවකුත් අතුඅඩංගුවට නොගත් අතර කිසිවකුටතු තුවාල සිදුවීමක්ද නොවු බව ලන්ඩන් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී ඔබ හරි. ලෝකයේ හැම රටකම මය වගේ අමනුස්සයෝ ඉන්නවා. (නි)
තැචර් මහත්මිය තමාගේ රටට සේවය කරපු කාන්තාවක්. අපේ රටේ එහෙම අය බෙහෙතකටවත් ඉන්නවද. සේරම තමන්ගේ බඩ කට පුරවාගෙන නෑදෑයෝ එක්ක පවුල එක්ක රට කන අයයි ඉන්නේ. (නි)
බට පිටට ඇලුනත් අමතක නොවන යුග අපි පසු කර ඇත. දෙමළ සොයුරාටත් මෙයම සිතෙනු ඇත (නි)
සතුරෙකු වූවත් මියගිය පසු ගරු කිරීම හෙළ බොදුනුවන්ගේ සිරිතයි. එම සිරිත් කිළිටු වූයේ දේශපාලන ඝාතන නිසයි. වෙහෙර විහාර සිය ගණනක් හැදුවත් පලක් නැහැ, මිනිසුන්ගේ සිත් හදන්නේ නැතුව. අසහනයෙන් හා දිළිඳුකමින් ගෙවන ජීවිත මිනිසුන් වරදට පෙළඹවීමට පහසු කරනවා. 88 හා 89 අවදියේ අපි අත් දුටුවේ එයයි. ලෝකය මිනිස්වාසයට නුසුදුසු තැනක් බවට පත්කරන ලෝක නායකයින් ජනතාව විසින් ඝාතනය කරනු ඇත. ජන ඝාතක නායකයින්ට ස්වභාව ධර්මයෙන්ම දඬුවම් කුමන අයුරකින් හෝ ලබා දෙනු ඇත. (නි)
ගාමිණී, ඔබ වැරදියි. මාතලේ, සූරිය කන්ද හා තවත් දිවයිනේ සමූහ මිනීවළවල් හා ටයර්සෑය උඩ, දරසෑය වල ප්‍රේමදාස රජයේ හමුදාව විසින් වෙඩි තබා, බෙලිකපා තරුණයන් මරා දැමීම සාධාරණද? මරා දැමූ වැඩි දෙනා ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට සම්බන්ධ නැති අහිංසක දුප්පත් දෙමාපියන්ගේ දුවා දරුවන්. තාප්ප, බිත්ති, වහළ කොපමණ හැදුවත් එම මහා කැළල ප්‍රේමදාසගේ නාමයේ සදා රැඳේ.(නදී)
71 එකේ මොකද උනේ ?(නදී)
ෆස්රුල් මම බෞධයෙක්, ඔබගේ කීම ඉතා අගය කරමි. (ස)
ඔයිට වැඩිය අපරාද කරපු මිනිස්සු මේ රටේ මේ ලෝකේ ඉනනව තවම යහතින් (ස)
කුඩු විකුණන, කසිප්පු විකුණන, මීනිමරන තක්කඩි පෝයදාට පන්සල් ගිහින් ලොකු පරිත්‍යාගයක් කළහම ලෝකෙට පේන්නේ උපාසක වගේ. ගෙවල් ලක්ෂ කීයක් හැදුවත් වැඩක් තියේවිද? ඒ තරමටම තව පවුල් ගානක් අනාථ වෙනකොට, ගෙදර ප්‍රධානියා මැරිලා. (නි)
කෙනෙක් මරුනහම එයාගෙන් තෑගි ලබපු අය දුක්වෙනවා . ගුටිකාපු අය සතුටු වෙනවා. (ස)
ෆස්රුල් ඔබ හරි කිසිම කෙනකුට.කරදරයක් නැතුව අපි ජිවත් වන්න ඕනේ (ස)
ගාම්ණිගේ නිවාස දසලක්ෂයේ කෙහේද තියෙන්නේ. ගණන් බැරිද? (ස)
සිල්වා මහතාගේ කියමන බලා සත්‍ය දැනගනූ! ඒකයි ඇත්ත (නි)
මෙයාගේ රටේ බඩු මිළ ගැන පොඩ්ඩක් අන්තර්ජායෙන් දැනගන්න.... (නි)
ප්‍රේමදාස ජනාධිපතිතුමා කොටි බෝම්බයෙන් මියගිය වෙලාවේ මමත් සතුටු වුණා...! (නි)
මෙහෙත් ඔහොම දෙයක් වුණා. හැබැයි පස්සේ ඒ අයම මැරුණු පුද්ගලයාව වර්ණනා කරනවා. (නි)
මේ අය පමනක් නොව ලොව පීඞිත දුප්පත් සෑම කෙනෙකුම ප්‍රීති ඝෝෂා කළ යුතුයි. හේතුව තැචර් සහ රේගන් එකතුව නිර්මාණය කළ ලිබරල් ධනවාදය නිසා අද ලොව අස්ථාවර හා යුධබිය දනවන තෝතැන්නකි (නි)
නලින්,චතුල-වෙරෝන, මදූ, මුතුකුඩ, කුරුවිටමල්ලී, මේවට උත්තර දෙන්න එසැණ ඉඩ මදි! (නි)
ගාමිණීගේ කතාව සහතික ඇත්ත.(නදී)
අපි මැරුණම කෙනෙක් එයට සතුටු වුනා නම් එයින් පැහැදිලි වන්නේ අපි මේ ලෝකේ ජීවත් වුනු කාලය පුරාම අනුන්ට හොඳක් නොකර අනුන්ව පීඩාවට පත් කළා කියන දෙයයි. එවැනි මරණයක් සතුන්ටවත් නොවේව කියා ප්‍රර්ථනා කරමි. (අ)
ගාමිණී ටයර් කරේ දාගෙන හංදියක් ගානේ මිනී අළු තිබුනේ ඒ කාලෙද?(නදී)
චැතර් නෝනා සහ ප්‍රේමදාස මහතා අතර සමිබන්ධය මොකක්ද? (නදී)
ලංකාවේ මෙහෙම දෙයක් වුනා ප්‍රේමදාස මහත්මයා මිය ගියාම. සෑම නගරයකම පාහේ කිරිබත් කමින් ප්‍රීති ගෝෂා පැවැත්වුවා.(නදී)
ගෙවල් ලක්ෂයක් හදලා ලක්ෂ ගණන් මිනි මරපු නායකයෝ අප රටෙත් ඉන්නවා.(නදී)
ගාමිණී ඔයාල කිරිබත් උයන්නෙ සහල් වලින්ද කෙලින්ම වී වලින්ද.(නදී)
ඔබ හරි ගාමිණී. ඒක නිසා තමා අද කාලෙ කිරිබත් කැල්ලක්වත් කන්න නැති කට්ටියක් ඉන්නවා, ඉස්සරහට තව තේරෙයි. (නි)
ගාමිණී, බොරුවට කියවන්නේ ඇත්ත දැනගෙනද? (නි)
කිරිබත් එහෙම තිබුනේ නැද්ද? (නි)
මෙහෙමත් මිනිස්සු ! (නි)
තැචර්ගේ මරණය ස්වභාවික එකක්. නිවාස දස ලක්ෂයක් ඉදිකරලා ත්‍රස්තවාදී බෝම්බයෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමා මිගිය වෙලාවේ- රබන් ගහලා කැවුම්,කිරිබත් කාපු මිනිස්සු කොටසක් අපේ රටෙත් ඉන්නවා (නි)