පලාගල හිඟුරුවැව ඩී ඇම් අජිත් බණ්ඩාර ගොවි මහතාගේ නිවසේ අඩි තිහක් උසැති කොහොඹ ගසේ කඳෙන් දෙපැයකට වරක් ලොකු මුට්ටියක් පිරෙන තරමට රා වැනි දියරයක් දින දහයක දොළහක සිට වෑස්සෙයි.
පැණිරසයෙන් හා තිත්ත රසයෙන් යුත් මෙම දියරය රා මෙන් පෙණ දමයි.
එහෙත් කිසිවෙක් නොබොති.
ප්‍රාදේශීය ලේකම් සමන් කළුආරච්චි මහතා ගැමිනට උපදස් දී ඇත්තේ දරුවන් ඇතුළු සියලු දෙනා එම දියර නොබිය යුතු බවයි.
එහෙත් ඔවුහු ඒවා මුට්ටි හා බෝතල්වලට එකතු කරති.
ඇතැම් ගැමියන් කියනුයේ මෙය බීමට නොගත්තත් හොඳ පලිබෝධ නාශකයක් විය හැකි බවයි.
කොහොඹ ඇට, කොළ, මල් ආදිය ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පළිබෝධ නාශකයකි.
කොහොඹ ගසෙන් වෑස්සෙන සුදු පැහැති දියරය කලාතුරකින් කොහොඹ ගස්වල දක්නට ලැබෙන තත්ත්වයක් බව පරීසරවේදීහු කියති.
මේ පිළිබඳ අප කළ විමසීමකට පිළිතුරු දුන් පරිසරවේදියකු වන නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ මෙවැනි අවස්ථා කිහිපයක්ම තමන් නිරීක්ෂණය කැර ඇති බවයි.
කොහොඹ ගසේ පත්‍ර සහ නටු ආදිය තිත්ත රසයකින් යුතු වුව ද මෙලෙස වෑස්සෙන දියරය තරමක් පැණි රසයකින් යුක්ත බව ද හෙතෙම පවසයි.
ගුණවර්ධන මහතා මෙසේ ද කීවේය.
‘මෙය ඉතාමත්ම කලාතුරකින් දැකිය හැකි තත්ත්වයක්. සාමාන්‍යයෙන් ශාකයක ආහාර පරිවහනය කරන්නේ ප්ලොයම මගින්. වියළි කලාපයේ දැඩි උෂ්ණත්වය හේතුවෙන් කොහොඹ ගස්වල කඳ පැලී යන අවස්ථා තිඛෙනවා. එවැනි විටෙක දී ශාඛයේ ප්ලොයොම මගින් ගෙනයන ආහාර එළියට පැමිණිය හැකියි. කොහොඹ ගසේ සියළු දේ තිත්ත වුනත් ශාකයේ ආහාරය ග්ලුකෝස් බවට පත්වී තමයි මේ ආකාරයෙන් එළියට එන්නේ. මෙය පැණිරසයි. ‘
ගුණවර්ධන මහතා පවසන්නේ විශාල කොහොඹ ගසක මෙය ඉතා වේගයෙන් සිදුවිය හැකි බවයි.
මෙම දියරය බීමට හෝ වෙනද් දෙයකට සුදුසු ද නැද්ද යන්න ගැන මෙතෙක් ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක පරීක්ෂණයක් කර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිව යුත්තන් දැන්වත් විද්‍යාත්මක පරීක්ෂනයක් කරන්න. තෙපර බබා ඉන්නේ නැතිව.(නදී)
කරුණාකර උතුරේ ආයුර්වේද වේදමහතෙකුගෙන් විමසන්න.මෙය ඉතාවටිනා ඔසුවක්..(ස)
ගිහින්ම බලන්න වටින වැඩක් තමා. .(ස)
ශාකයක කුමන කොටසක් වුවද ෙඖෂදයක් නම් මෙයින්ද ඵල ප්‍රයෝජනයක් ගත හැකිවනු ඇත. ..(ස)
මෙය හොද 'වාජීකරණයක්' කිව්වනම් තිත්ත පැත්තකට දාල හොරෙන්ම බීලා දායි.(නදී)
ශරීරයට ගුණදායක, ඉතා හොඳ කොහොඹ අරිෂ්ඨයක්ම වේවා.. ! (ස)
මේක හොද උදාහරණයක් හොද පුද්ගලයින්ට රජරජ දෙවියන් උදවු කරන බවට. (නි)
මේ ගැන කරන පර්යේෂණයක වැදගත් තොරතුරු අපිටත් පවසන්න.(නදී)
උතුරු,රජරට,දකුණ, කොහොඹ ගස් වලට තෙරුවන් සරණයි.(නදී)
මේ කොහොඹ ගහ ගේ ඇතුලේ නෙමයිනේ තියෙන්නේ, වත්තේ(ඉඩමේ) නේද තියෙන්නේ? අනේ අපොයි ! (නි)
අනිවාර්යෙන්ම මේවා ගෙනගොස් රා හදනවා.(නදී).
විවිධ ශාක වලින් වෑහෙන මෙවැනි අධි ඝනත්වයෙන් යුතු ඉටි සහිත දියරයන් ඉතාලියේ සහ ප්‍රංශයේ අධික මිලැති සුවද විලවුන් සැදීමට යොදාගන්නවා. (නි)
ඇල්ලෝරා,රා!
රබර් ගහේ කිරි.... කොස් නැට්ටේ කිරි..... කෙසෙල් පැලේ කිරි.... මලේ පැණි... කිතුලේ කඳුළු.... අරුමම නොවේ. කොහොඹ ගහත් ඒ වගේ තමයි. මගේ දුකට උඹ නාඩන් කොහොඹ ලතා..... (නි)
දියරයේ සීනි නිසා යීස්ට් වලින් රා බවට පත් කරලා. නරකද කොහොඹ හකුරු හැදුවොත් මේ දියරයෙන්? (නි)
කලකට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවැනි සිදුවීමක් වුණා. ඒවා මිනිස්සු බිව්ව බවත් රා වලට සමාන වූ බවත් මතකයි (නි)
මේක ලෝක විනාශය ගෑන පෙර දැනුම් දීමක් වෙන්න බැරිද? (නි)
ලංකාවේ බේබද්දෝ ටික ලැහැස්තිවෙලා ඉන්නවා ඇති රා බොන්න (නි)
තහනම් ගහේත් ගෙඩි තිත්තයිලු. ඒත් කනකොට පැණි රහයිලු (නි)