IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


තිත්තයි පැණි රසයි

පලාගල හිඟුරුවැව ඩී ඇම් අජිත් බණ්ඩාර ගොවි මහතාගේ නිවසේ අඩි තිහක් උසැති කොහොඹ ගසේ කඳෙන් දෙපැයකට වරක් ලොකු මුට්ටියක් පිරෙන තරමට රා වැනි දියරයක් දින දහයක දොළහක සිට වෑස්සෙයි.

පැණිරසයෙන් හා තිත්ත රසයෙන් යුත් මෙම දියරය රා මෙන් පෙණ දමයි.

එහෙත් කිසිවෙක් නොබොති.

ප්‍රාදේශීය ලේකම් සමන් කළුආරච්චි මහතා ගැමිනට උපදස් දී ඇත්තේ දරුවන් ඇතුළු සියලු දෙනා එම දියර නොබිය යුතු බවයි.

එහෙත් ඔවුහු ඒවා මුට්ටි හා බෝතල්වලට එකතු කරති.

ඇතැම් ගැමියන් කියනුයේ මෙය බීමට නොගත්තත් හොඳ පලිබෝධ නාශකයක් විය හැකි බවයි.

කොහොඹ ඇට, කොළ, මල් ආදිය ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පළිබෝධ නාශකයකි.

කොහොඹ ගසෙන් වෑස්සෙන සුදු පැහැති දියරය කලාතුරකින් කොහොඹ ගස්වල දක්නට ලැබෙන තත්ත්වයක් බව පරීසරවේදීහු කියති.

මේ පිළිබඳ අප කළ විමසීමකට පිළිතුරු දුන් පරිසරවේදියකු වන නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ මෙවැනි අවස්ථා කිහිපයක්ම තමන් නිරීක්ෂණය කැර ඇති බවයි.

කොහොඹ ගසේ පත්‍ර සහ නටු ආදිය තිත්ත රසයකින් යුතු වුව ද මෙලෙස වෑස්සෙන දියරය තරමක් පැණි රසයකින් යුක්ත බව ද හෙතෙම පවසයි.

 ගුණවර්ධන මහතා  මෙසේ ද කීවේය.

‘මෙය ඉතාමත්ම කලාතුරකින් දැකිය හැකි තත්ත්වයක්. සාමාන්‍යයෙන් ශාකයක ආහාර පරිවහනය කරන්නේ ප්ලොයම මගින්. වියළි කලාපයේ දැඩි උෂ්ණත්වය හේතුවෙන් කොහොඹ ගස්වල කඳ පැලී යන අවස්ථා තිඛෙනවා. එවැනි විටෙක දී ශාඛයේ ප්ලොයොම මගින් ගෙනයන ආහාර එළියට පැමිණිය හැකියි. කොහොඹ ගසේ සියළු දේ තිත්ත වුනත් ශාකයේ ආහාරය ග්ලුකෝස් බවට පත්වී තමයි මේ ආකාරයෙන් එළියට එන්නේ. මෙය පැණිරසයි. ‘

ගුණවර්ධන මහතා පවසන්නේ විශාල කොහොඹ ගසක මෙය ඉතා වේගයෙන් සිදුවිය හැකි බවයි.

මෙම දියරය බීමට හෝ වෙනද් දෙයකට සුදුසු ද නැද්ද යන්න ගැන මෙතෙක් ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක පරීක්ෂණයක් කර නැත.



අදහස් (0)

තිත්තයි පැණි රසයි

දයා අලහාකොන් Saturday, 04 May 2013 10:56 AM

ශරීරයට ගුණදායක, ඉතා හොඳ කොහොඹ අරිෂ්ඨයක්ම වේවා.. ! (ස)

:       0       0

පිටිගල මිලානෝ Friday, 03 May 2013 07:51 PM

විවිධ ශාක වලින් වෑහෙන මෙවැනි අධි ඝනත්වයෙන් යුතු ඉටි සහිත දියරයන් ඉතාලියේ සහ ප්‍රංශයේ අධික මිලැති සුවද විලවුන් සැදීමට යොදාගන්නවා. (නි)

:       0       0

චන්ද්‍රා - ඇමරිකාව Friday, 03 May 2013 08:41 PM

වගකිව යුත්තන් දැන්වත් විද්‍යාත්මක පරීක්ෂනයක් කරන්න. තෙපර බබා ඉන්නේ නැතිව.(නදී)

:       0       0

ඩෑම් Friday, 03 May 2013 08:55 PM

මේ කොහොඹ ගහ ගේ ඇතුලේ නෙමයිනේ තියෙන්නේ, වත්තේ(ඉඩමේ) නේද තියෙන්නේ? අනේ අපොයි ! (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 03 May 2013 09:11 PM

උතුරු,රජරට,දකුණ, කොහොඹ ගස් වලට තෙරුවන් සරණයි.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 04 May 2013 01:34 PM

මෙය හොද 'වාජීකරණයක්' කිව්වනම් තිත්ත පැත්තකට දාල හොරෙන්ම බීලා දායි.(නදී)

:       0       0

පද්මිණී Friday, 03 May 2013 10:46 PM

මේ ගැන කරන පර්යේෂණයක වැදගත් තොරතුරු අපිටත් පවසන්න.(නදී)

:       0       0

ක්‍රිෂ් Saturday, 04 May 2013 02:36 PM

ශාකයක ‍කුමන කොටසක් වුවද ‍ෙඖෂදයක් නම් මෙයින්ද ඵල ප්‍රයෝජනයක් ගත හැකිවනු ඇත. ..(ස)

:       0       0

චමිල Saturday, 04 May 2013 02:38 PM

ගිහින්ම බලන්න වටින වැඩක් තමා. .(ස)

:       0       0

නිශ්ශංක Saturday, 04 May 2013 02:39 PM

කරුණාකර උතුරේ ආයුර්වේද වේදමහතෙකුගෙන් විමසන්න.මෙය ඉතාවටිනා ඔසුවක්..(ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 03 May 2013 05:16 PM

අනිවාර්යෙන්ම මේවා ගෙනගොස් රා හදනවා.(නදී).

:       0       0

බන්දුල Saturday, 04 May 2013 05:12 AM

මේක හොද උදාහරණයක් හොද පුද්ගලයින්ට රජරජ දෙවියන් උදවු කරන බවට. (නි)

:       0       0

ප්‍රියා Friday, 03 May 2013 06:03 PM

තහනම් ගහේත් ගෙඩි තිත්තයිලු. ඒත් කනකොට පැණි රහයිලු (නි)

:       0       0

චතුරිකා Friday, 03 May 2013 06:26 PM

ලංකාවේ බේබද්දෝ ටික ලැහැස්තිවෙලා ඉන්නවා ඇති රා බොන්න (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 03 May 2013 06:27 PM

මේක ලෝක විනාශය ගෑන පෙර දැනුම් දීමක් වෙන්න බැරිද? (නි)

:       0       0

සාදි Friday, 03 May 2013 06:39 PM

කලකට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවැනි සිදුවීමක් වුණා. ඒවා මිනිස්සු බිව්ව බවත් රා වලට සමාන වූ බවත් මතකයි (නි)

:       0       0

සෙනරත් Friday, 03 May 2013 06:41 PM

දියරයේ සීනි නිසා යීස්ට් වලින් රා බවට පත් කරලා. නරකද කොහොඹ හකුරු හැදුවොත් මේ දියරයෙන්? (නි)

:       0       0

හේරත් Friday, 03 May 2013 07:01 PM

රබර් ගහේ කිරි.... කොස් නැට්ටේ කිරි..... කෙසෙල් පැලේ කිරි.... මලේ පැණි... කිතුලේ කඳුළු.... අරුමම නොවේ. කොහොඹ ගහත් ඒ වගේ තමයි. මගේ දුකට උඹ නාඩන් කොහොඹ ලතා..... (නි)

:       0       0

මැක්ෂි Friday, 03 May 2013 07:07 PM

ඇල්ලෝරා,රා!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 2 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 12 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 27 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 45 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 91 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 110 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site