96 ලෝක ක‍්‍රිකට් කිරුළ දිනූ කණ්ඩායම නැවත ක‍්‍රීඩා කළ ක‍්‍රිකට් තරගය ගැන විස්තර පසුගිය සතියේ අපි ගෙන ආවෙමු. එම තරගය නැරඹීම සඳහා මේ ක‍්‍රිකට් තරුවල දරුමල්ලෝ ද පැමිණ සිටියහ. මේ ක‍්‍රිකට් තරු මෙලෙස ඒකරාශී වීම දුර්ලභ අවස්ථාවකි. එනිසාම එදා ලද විරාමයක දී අප මේ දරු මල්ලන් කීප දෙනෙකු සමග ද විස්තර කතා කළෙමු.
කුෂ්ලානි ගුරුසිංහ
එදා ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ සිටි මහා පවුර වූ අසංක ගුරුසිංහ හෙවත් ගුරාගේ බිරිඳ කුෂ්ලානි ගුරුසිංහ ය. එදා ලෝක කුසලාන තරගාවලිය අවසන් වී ටික කාලයකට පසු ගුරුසිංහ බිරිඳ සහ දරු දෙදෙනා සමග ඕස්ටේ‍්‍රලියාවට ගියහ.
ඇත්තටම අපි ඕස්ටේ‍්‍රලියාවට ගිහින් අවුරුදු 16ක් විතර වෙනවා. ඒ අතර වාරයේ දී විටින් විට ලංකාවට ආවා. මෙවර මම ආවේ අවුරුදු 4කට විතර පස්සෙයි.
|
| ප‍්‍රමෝද්‍යගේ බිරිඳ සහ දියණිය |
දරු දෙන්නා කුඩා කාලයේ දී වෙන වෙන රටවලටත් අපි සංචාරය කළා. ඒත් දැන් ඒ දෙන්නා ලොකුයි. දැන් තමයි එයාලට තාත්තා කළ දේවල්වල වටිනාකම තේරෙන්නේ. ඒ නිසා ඒ දෙන්නත් මෙවර ආවා. පුතා දැන් රැකියාවක් කරනවා. දුව මොනෑෂ් සරසවියේ විද්‍යා උපාධිය සඳහා ඉගෙන ගන්නවා. පුතා ක‍්‍රිකට් ක‍්‍රීඩාවටත් ළැදියි. තාත්තා එදා කළ දේවල් සහ තාත්තගෙ වීරත්වය දැකලා එයාලා අද හරියට සතුටු වෙනවා. ලංකාවේ දී අසංකට ලැබෙන පිළිගැනීම ඉහළයි.
අද ඔවුන් ගෙවන ජීවිත හරි නිදහස් මෙන්ම සැහැල්ලූ බවක් දැනෙන බව ඇය පවසන්නීය.
මෙතරම් තරුණ වයසේ දී ලොකු දරු දෙදෙනකු සිටීම ඊට හේතුවය. මෙවර ශ්‍රී ලංකාවට පැමිණි ගමනේ දී රටේ බොහෝ තැන්වල සංචාරයට යාමට ද ඔවුන් අමතක නොකළහ. ගුරා වනයේ සංචාරයට බෙහෙවින් ප‍්‍රිය කරන චරිතයකි. එදා 96 කට්ටිය එක්ක ගුරාගේ සහෝදර බැඳීම මොන වගේද කියා අපි කුෂ්ලානිගෙන් විමසීමු.
එදා වගේම 96 ටීම් එකේ හිටපු ඔක්කොමලා එක්ක අදටත් හරි එකමුතුයි. එයාගේ පාසලේ මිතුරා වූ රොෂාන් එක්ක වැඩිපුර මිතුරුයි. අර්ජුනලා එහෙම ඕස්ටේ‍්‍රලියා ආවාම අනිවාර්යයෙන්ම අපේ ගෙදරටත් එනවා. මෙයාලා ඒ විදියට එකතු වුණාම සරම් ඇඳගෙන නිදහසේ ගත කරමින් එදා වෙච්ච දේවල් කතා කරමින් කාලය ගත කරනවා.
මීළඟට අප සමග එක් වූයේ ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අමිල මෙහෙයක් කළ ප‍්‍රවීණ ක‍්‍රීඩක හැඩකාර සිදත් වෙත්තමුණිගේ දියණිය වූ සුමාරා වෙත්තමුණි ය.
එදා ලෝඞ්ස් හි වීරයා වූ සිදත් ක‍්‍රීඩා කරන අයුරු සුමාරා මීට පෙර දැක නැත. ඇය උපදින සමයේ තාත්තා ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගෙන සිටීම ඊට හේතුවය. එනිසාම මෙවර යළි පිටියට ආ මොහොතේ එය නැරඹීම සඳහාම ඇය මෙලෙස පැමිණ සිටියාය. ඇය මේ වන විට සිටින්නේ ලන්ඩනයේ වන අතර ජාත්‍යන්තර සබඳතා සහ ඉතිහාසය පිළිබඳ වූ උපාධිය ලබාගැනීමේ අරමුණින් සුමාරා එහි සිට අධ්‍යාපනය ලබන්නීය. ඇය පැමිණ සිටියේ තනිවම නම් නොවේ. මව ෂාමිණි වෙත්තමුණි සහ සුමාරාගෙ එකම අයියා වන සංජය වෙත්තමුණි සමග ය. සිදත්ගේ පුතු සංජය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකි. තාරුණ්‍ය පැරදවිය හැකි තාරුණ්‍යයේ පෙනුමින් යුතු සිදත් ගැන මේ දියණිය අපට කීවේ මෙලෙසිනි.
අවුරුදු පනහ සීමාව පසුවී සිටියත් තාත්තා වෙතින් දකින්න ලැබෙන ක‍්‍රියාශීලි බව සහ කඩවසම් පෙනුම සැබැවින්ම සතුටට දෙයක්. තාත්ති ඒ කාලයේ ක‍්‍රිකට් පිටියට කොතරම් චමත්කාරයක් ගෙන දෙන්න ඇති ද කියලා අපට හිතාගන්න පුළුවනි.
හැබැයි සුමාරා සිදත් ගැන එලෙස ප‍්‍රකාශ කළත් ඇයගේ ප‍්‍රියතම ක‍්‍රිකට් තරු වන්නේ සනත් සහ මුරලි යැයි සඳහන් කළාය.
එදා ක‍්‍රිකට් පිටියට දඟකාර හැඩකාර රිද්මය ගෙනා රොෂාන් මහානාමගේ බිරිඳ ජීවා සහ දියණියන් තිදෙනා ද පැමිණ සිටියහ. රොෂාන්, ජීවා යුවළගේ ලොකු දියණිය රශ්නිකාය. ඇයගේ වයස අවුරුදු විසි එකකි. සජ්නිට වයස දාහතක් වන අතර රුවින්‍යාට වයස දාහතරකි. මේ දෙදෙනා තවම අධ්‍යාපනය ලබමින් සිටිති.
|
| ගුරාගේ පවුලේ අය |
|
| වාස් සහ ගුරා |
|
| ගුරා - පුතු |
|
| අරවින්ද සහ පුතා |
|
| රෝෂාන් මහනාමගේ පවුල |
|
| සිදත්ගේ පුතා සහ දියණිය |
|
|
|
| සිදත් - දියනිය සමග |
|
| දුලිප් මෙන්ඩිස්ගේ බිරිඳ |
සබැඳි පුවත් >>>
පිත්තෙන් පන්දුවෙන් හරඹ කළ අනූහයේ වීරයෝ සහ ශ්‍රී ලංකා ප‍්‍රවීණයෝ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පින්තූරයක්. (ත)
හරිම සතුටුයි (ස)
මාර ලස්සනයිනේ.(නදී)
මාර ලස්සනයි.(නදී)
ලංකාවේ ඉන්නවට වඩා බයක් නැතුව හිත සැහැල්ලුවෙන් පිටරට වල ජීවත් වෙන්න පුලුවන්. (නි)
අපේ ආදරණීය රටට කීර්තියක් ගෙනෙන ඔබට අපි හිස නමා ආචාර කරනවා. (නි)
අපි හැමවිටම 96 අපේ ක්‍රිකට් වීරයින්ට ආදරෙයි. කැප්ටන් කූල් ශ්‍රීලංකාවේ ක්‍රිකට් වලට ඔබ උසස් නායකයෙක්. අර්ජුන ඔබ සහ අරවින්ද ඔබ දෙදෙනා ලෝකේ ඉන්න හොදම නායකයා සහ පිතිකරුයි.(නදී)
ලියනගේ බලාගෙන, බෙල්ල උලුක්කු වෙයි. (නි)
පිටිගල එහෙම කියන්න එපා (ස)
මේ සියල්ලන්ම වාගේ අධ්‍යාපනයෙන් හොද ස්ථාවරත්වයකට පත් වුණාට පස්සේ රට හැර යන එක තමයි අභාග්‍යයට කරුණ. (නි)
නියමයි, සුබ පැතුම් .(ස)
ඇත්තටම අතීතය මතක් කිරීමක් (ස)
ගොඩක් අමරණීයයි.(නදී)
අපිට ඔබ ගැන ආඩම්බරයි (නි)
මම බැලුවේ අරා ගේ කොළු පැටියා අම්මා වගේ ද තාත්තා වගේ ද කියලා (ස)
හතුරුසිංහ මෙයාලට රෙද්ද හැට්ටෙ අන්දන්න ලෑස්තියි.(නදී)
මෙයාලා හැමෝම වීරයෝ දකින්න ලැබීම සතුටක්... (ස)
අර්ජුන, අරවින්ද ඔබේ දැනුම, දක්ෂතාවය තරුණ ක්‍රීඩකයන්ගේ ඔළුවට දාන්න.(නදී)
ගොඩක් සතුටුයි . මේ අයට දකින්න ලැබීම ගැන (ස)
හරිම සන්තෝසයි මේ අයව දකින්න ලැබීම ගැන (ස)
හරිම ලස්සනයි. (නි)
ඔබ දැකීමත් ආඩම්බරයක්!
අපිටත් ඔබ ආඩම්බරයක්. (නි)
ඔය සම්පත් ටිකත් අපේ රටේම තිබුණනම් කියලා හිතෙනවා (ස)
ලංකාවෙදි ඔයාලට ලැබෙන පිළිගැනීම ලෝකේ වෙන කොහොදිවත් ලැබෙන්නේ නෑ (ස)
ගුරු ඔයා පාසල් යන කාලේ වගේමයි ඔයාලේ පුතත් දැන් . මෙහෙම හරි දකින්න ලැබීම ගැන සතුටුයි (ස)
මේ සියළු දෙනාටම අපේ රටේ පුරවැසියන්ගේ ආදරය හිමි වෙනවා සහතිකයි..!(නු)
හරිම වැදගත් ඡායාරූප ටිකක්. (නි)
අමිලයි.... සදාතනිකයි.... (නි)
පරණ අයගේ ඡායරූප දැකීමත් සතුටුයි (ස)
කාලෙකින් දකින්න ලැබුණු හොද පින්තුර ටිකක්. (දී)
මොකද්ද මේ වෙලා තියෙන වෙනස?? අපේ කම කියලා දෙයක් දැන් රටේ නෑ (ස)
ඔබ තමයි ලංකාවේ සැබෑ දක්ෂයෝ. (නි)
ඔබලා දැකීමමත් හරිම සතුටක්. (නි)
මේ අපේ විරුවෝ.. අපේ රටේ නම ලෝකෙට කිව්වේ මේ අය.. ඒ යගේ තවත් විස්තර දැනගන්න ආසයි.. ඔක්කෝටම සුභ පැතුම්..!(නු)