දරුවාගේ කුසලතා හඳුනාගෙන ඇය කරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසට රිජ්වේ ආර්යා ළමා රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥවරියක නිර්දේශ කළ අවුරුදු අටක පාසල් දැරියකට අධ්‍යාපනය ලබා දීම ප්‍රතික්ෂේප කළ බව කියන කොල්ලුපිටියේ ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ විදුහල්පතිනිය ගැන විමර්ශනයක් ආරඹා ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.
මෙම දැරිය අධි ක්‍රියාකාරී දැරියක හෙයින් පාසලේ විවිධ ක්‍රියාකාරකම් සඳහා ඉදිරිපත් කරන ලෙසත්, දැරිය පන්තියේ ඉදිරිපෙළ වාඩි කර අධ්‍යාපනය ලබා දෙන ලෙසත් විශේෂඥ මනෝ වෛද්‍ය ජී එස් විජේතුංග මහත්මිය නිර්දේශ කර තිබේ.
තම දියණිය දෙවැනි ශ්‍රේණියේ සිටියදී වාර විභාගයට හොඳින් ලකුණු ගත් බවත්, දියණිය ‘මන්ද බුද්ධික‘ යැයි පාසලේ බලධාරීන් වරින් වර ප්‍රකාශ කරන බවත්, දැරිය එවැනි තත්ත්වයක නොමැති බව වෛද්‍යවරුන් කී බවත් දැරියගේ මව කළ පැමිණිල්ලේ සඳහන් වේ.
පාසල නිම වී නිවසට පැමිණි දිනයක මෙම දැරිය ‘අම්මේ මට යාළුවන් නෑ. මිසුත් කිව්වා පැත්තකට වෙලා ඉන්න කියලා. අම්මේ මම යකෙක්ද?‘ කියා විමසූ බව ද, දැරිය මානසිකව ඇද වැටී ඇතැයි ද පැමිණිල්ල මගින් මව කියන්නීය.
මෙම දැරියට සැලකිය යුතු ආකාරය ගැන රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් අත් පත්‍රිකාවක් ද පාසලට එවා තිබේ.
මේ ගැන කළ විමසීමක දී විදුහල්පතිනිය යොනාලි කන්‍යා සොයුරිය කීවේ අද (22) කලාප අධ්‍යාපන කාර්යාලයයෙන් පැමිණ තමාට ලබා දුන් උපදෙස් අනුව ඉදිරියේ දී දරුවා සම්බන්ධයෙන් කටයුතු කරන බවයි. ‘දැන් ඒ ප්‍රශ්නය ඉවරයි.‘ යැයි ද ඇය කීවාය.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක ශ්‍රීලාල් නෝනිස් මහතා කීවේ මෙම සිදුවීම ගැන පැමිණිල්ල ලද වහාම විමර්ශනයක් කරන ලෙස උපදෙස් දුන් බවයි. නිලධාරියකු අද (22) පාසලට ගිය බවත්, එම විමර්ශන වාර්තාව ලැබුණු වහාම පියවර ගන්නා බවත් නෝනිස් මහතා කීවේය. මෙම විදුහල්පතිවරිය සම්බන්ධයෙන් ලැබුණු තවත් පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇතැයි ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදුහල්පතිනිය විතරක් නොවෙයි තවත් ගොඩක් විදුහල්පතිනියන් ඉන්නවා ඔය වගේ අය. හෙළිවන්නේ ටික දෙනයි. (නි)
සුවච කීකරු දරුවන් විතර ද මේ ලෝකේ ඉන්නේ, දුවේ කවද හරි ඔයත් ලෝකෙට පෙන්නන්න මමත් දක්ෂයෙක් කියල (ම)
විදුහල්පතිනියක් කියන්නේ මානව දයාවෙන් හෙබි උතුම් අම්මා කෙනෙක්. අනෙක කන්‍යා සොහොයුරියක් කියන්නේ සියලු මානව ප්‍රජාව කෙරෙහි දයාන්විත හදවතක් තිබිය යුතු කෙනෙක්. (ම)
මේ වගේ දෙයක් මීගොඩ පැත්තේ පාසලක විදුහල්පතිනියෙකුත් කළා. මේ ගොල්ලො තමන්ගේ පහසුව ගැන විතරයි හිතන්නෙ. (නි)
මේ කන්‍යා සොහොයුරියට ඔය තනතුරට ඒමට උපකාරී වුණෙත් ඇගේ ආගමෙහි ශක්තියයි. එහෙත් ඒ ආගමේ ශාස්තෘවරයා වූ යේසුස් වහන්සේ කුඩා දරුවනුත් ඇතුළුව සකල මනුෂ්‍ය සංහතියටම තම ජීවිතය හා සමානවම ප්‍රේම කළා. මට තිබෙන ප්‍රශ්නය මේ කන්‍යා සොහොයුරියට ඒ මානව ප්‍රේමයෙන් බිඳක්වත් නොලැබුණේ කාගේ වරදින්ද කියන එකයි. (නි)
යම්තාක් දුරකටවත් මනෝ විද්‍යාව හදාරා නැති ගුරුවරු නිසා විපතට පත්වන ළමයි අනන්තයි (නි)
ඔන්න අරාබි දඬුවම් දියයුතු ගුරුවරු (නි)
මට ඇතිවෙච්ච කේන්තිය විස්තර කරන්න බැහැ. මගේ දරුවෙකුට වුණා නම් මම අද හිරේ. මගේ දරුවෙක් නොවුණත් ඔය ගුරුවරිය වහාම උසාවි දාන්න (නි)
මොන හිතකින්ද මේ කිරි දරුවන්ට මෙහෙම කරන්නේ? (නි)
අනේ හැබෑට මෙහෙමත් ගුරුවරු!
හිතක් පපුවක් නැති හැටි? අනේ දෙවියනේ! (නි)
මේ වගේ අය මේ වගේ සංවේදී රැකියාවන්ට නුසුදුසුයි (නි)
විදුහල්පතිවරියගේ වැඩ තහනම් කර විනය පරීක්ෂණයක් කලයුතුයි .දරුවාට සිදුකල අපරාධයට ජාතික ළමාරක්ෂක අධිකාරිය ඇයට විරුද්ධව නඩු පැවරිය යුතුයි .(හේ)
මෙම ළමයාට වෙනත් පාසලක් දෙන්න. මොන නිර්දේශ අාවත් වැඩේ කෙරෙන්නෙ නැහැ. මොකද, ලොකු අය පොඩිඑකාට වෙෙර බැඳලා ඉවරයි. (නි)
පව්! මට අදහාගන්න බැරුව ගියා. විදුහල්පතිනියක් කියන්නේ යකෙක් විය හැකි කෙනෙක්ද? පව් ඒ දැරියට සාධාරණය ඉෂ්ටවේවා.!! (නි)
මේ වගේ විදුහල්පතිනියක් ඉන්නවා අපේ පැත්තෙත් (නි)
මේවා ජාතික අපරාධ.... (නි)
මේවා කරන අයට සුදුසු දඬුවමක් වහාම ලබාදෙන්න (නි)
මගේ දරුවත් මේ වයසේමයි. එයාලා හොදින් තේරුම් අරගෙන වැඩ කරනවා. බොහෝවිට මෙයාල පසුවට අති දක්ෂයන් වෙනවා (නි)
දරුවන්ගේ ආත්මය මේ විදියට කන්න එපා ..(හේ)
ළමයින්ට විදුහල්පතිනියක් මේ වගේ සලකනවානම් තව කවර කතාද?(හේ)
මේ වගේ අයට පත්වීම් දෙන්න එපා.(හේ)
මෙවෙනි වැඩවලට ලක්ෂ දහයක දඩයක් හා අවුරුදු දෙකක හිරදඩුවම් දියහැකි බව මම අහල තියෙනවා (බ)
ඇයි මේ වගේ දේවල් පොඩි ළමයින්ට කරන්නේ.(හේ)