සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් දිගින් දිගටම අසාර්ථක වීම නිසා ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත යුතු යයි ඉන්දියාවේ හිටපු ප‍්‍රවීණ කී‍්‍රඩකයෝ පවසති. ඇතැමුන් පවසන්නේ තෙන්ඩුල්කාර් එක්දින පිටියෙන් සමුගෙන ටෙස්ට් තරග සඳහා පමණක් සහභාගි විය යුතු බවයි. තෙන්ඩුල්කාර්ගේ සමකාලීනයකු වන ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිං ඕස්ටේ‍්‍රලියානු තේරීම් කමිටු නිලධාරීන්ගේ බලපෑම මත, එක්දින තරග බිමෙන් සමුගෙන ටෙස්ට් තරග සඳහා පමණක් කී‍්‍රඩා කිරීමට තීරණය කිරීමත් සමගින් තෙන්ඩුල්කාර්ගේ කි‍්‍රකට් අනාගතය පිළිබඳ ප‍්‍රශ්නය වඩාත් උත්සන්න වී තිබේ. කොමන්වෙල්ත් බැංකු තුන්කොන් තරගාවලියේදී අසාර්ථක වීම නිසා කණ්ඩායමෙන් ඉවත් කරන ලද පොන්ටිං එක්දින තරග බිමෙන් සමුගත්තේය. මෙම තත්ත්වය විශ්ලේෂණය කරන හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත පවසන්නේ ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීන්ගේ එඩිතර තීරණයෙන් ඉන්දියානුවන් පාඩමක් ඉගෙන ගත යුතු බවයි. සමහරවිට ඔහුගේ කාලය හරි ඇති. සෑම කී‍්‍රඩකයෙක්ටම ඔහුගේ කාලයක් තිබෙනවා. දැන් වයස ඔහුගේ පැත්තේ නොවෙයි” යයි ලෝක කුසලානය පළමුවෙන්ම ඉන්දියාවට දිනා දුන් කපිල් දේව් පැවසීය. 1989 දී පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ සචින් තෙන්ඩුල්කාර් අපේ‍්‍රල් මාසයේදී 39 වැනි වියට පාතබයි. ටෙස්ට් ශතක 51 ක සහ එක්දින ශතක 48 ක හිමිකරුවකු වුවද තමාගේ 100 වැනි අන්තර්ජාතික ශතකය ලබාගැනීමට තෙන්ඩුල්කාර් දැඩි උත්සාහයක නිරතව සිටී. දැන් පැවැත්වෙන කොමන්වෙල්ත් බැංකු කුසලාන එක්දින තරගාවලියේ තරග 5 කදී තෙන්ඩුල්කාර් මෙතෙක් රැස්කර ඇත්තේ ලකුණු 90 ක් පමණි. තමන් ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටින්නේ එක්දින තරග වලටද නැත්නම් ටෙස්ට් තරග වලටද කියා සචින් තීරණය කළ යුතුයි” යයි හිටපු නායක සව්රව් ගංගුලි පැවසීය. කෙසේ වෙතත් ඉන්දීය තේරීම් කමිටුව මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු යයි තමන් නොසිතන බව සව්රව් ගංගුලි කියයි. ඒක නම් සිද්ධවෙන දෙයක් නෙමෙයි. ඔවුන් කිසිවෙක් සචින් ඉදිරියේ කෙළින් හිටගෙන ‘මේ බලන්න පුංචි වීරයෝ, දැන් නම් ඔබ යායුතුයි’ කියන්නේ නෑ. ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නෑ” යයි ගංගුලි පැවසීය. මේ අතර ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් පත විසින් පවත්වන ලද මත විමසුමකදී ඊට සහභාගි වූ 47,000 දෙනා අතුරින් 57% පවසා ඇත්තේ සචින් එක්දින තරග බිමෙන් සමුගත යුතු බවයි. තවත් 41% දෙනෙක් සචින් දිගටම එක්දින තරග බිමේ රැඳී සිටිය යුතු යයි කීහ. සචින්ගේ මීලග තරගය ලබන ඉරිදා ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සිඞ්නි පිටියේදී පැවැත්වෙයි. ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර තරගය 28 වැනිදා හොබාර්ට්හිදී පැවැත්වෙයි.
පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර බදුල්ල දුම්රිය ධාවනයට තව දින කීපයක් ගතවන බව දුම්රිය බළධාරීන් අද (28) පස්වරුවේ පැව
සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පෙරේදා(27)වන දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28
මහවැලි ගඟ පිටාට ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතීය පුදබිම 28 වෙනිදා සවස වන විටත් අඩි හතරක් පමණ ජලයෙන් යට වීමත් සමග හි ස්වාමීන් වහන්සේලා තුන්නමක් ශ්‍රී ලං
දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තෙන්ඩුල්කාර් සමුගත යුතුයයි
අපරණා Friday, 24 February 2012 10:28 AM
විශිෂ්ටයෝ සමු ගන්නේ තවත් විශිෂ්ට ජයග්‍රහණ ලබාගන්න තියෙද්දී, එක තම විශිස්ටකම කියන්නේ
faru Friday, 24 February 2012 10:29 AM
මම සචින් ගැන ආඩම්බර වෙනවා..