IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


තුනෙන් දෙකට මාරුවී බරට දඩ කයි

සාගරිකා කාර්යාල දුම්රියේ තුන්වැනි පංතියේ ටිකට්පත්වලින් දෙවැනි පංතියේ මැදිරිවල ගමන් ගත් මගීන් 67 දෙනකු අද (22) පෙරවරුවේ අල්ලා ගැනීමට දුම්රිය ආරක්ෂක හමුදාවට හැකි වී තිබේ.

මොරටුවේ සිට කොටුව දක්වා සිදුකළ විශේෂ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවකදී මෙම මගීන් අල්ලාගෙන ඇත.

මගින්ට රුපියල් 2500 බැගින් හා ගමන් ගාස්තුවෙන් දෙගුණයක් දඩ නියම කිරීම යටතේ මගීන් 32 දෙනකු එම අවස්ථාවේම රුපියල් 84180ක් ගෙවූහ.

ඉතිරි 35 දෙනා පසුව දඩ ගෙවීමේ පොරොන්දු මත ඇප වශයෙන් භාණ්ඩ තබා ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව කියයි.



අදහස් (0)

තුනෙන් දෙකට මාරුවී බරට දඩ කයි

ඒ. ද සිල්වා Friday, 22 March 2013 09:56 PM

හැමදාම චෙක් කරන්න ඕනේ. රටේ නිතිය එක එකාට අතට ගන්න දෙන්න හොඳ නැහැ.දඩ මුදල වැඩි කරලා තිබියදීත් වැරදි වැඩේ කලේ එවුන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වන්නනේ. හරිනම් නඩු පවරලා හිරේ දාන්න අවස්ථාවාදී විදියට හිතල කටයුතු කරන පිරිසක් තමයි අද දඩ කාල තියෙන්නේ. ඔය අයට වාසියට පමණයි වරදින්නේ.දෙවෙනි පන්තියේ ටිකට් ගත්තු අය කොහෙද යන්නේ තුන්වෙනි පතියේ අය රිංග ගත්තම.රිංග ගත්ත මදිවට වාඩිත් වෙලා යනවා.2 පන්තියේ යන්න අසහනයක් තියේ නම් වැදගත් විදියට ටිකට් එකක් අරන් යන්නකෝ. (ස)

:       0       0

නිල්මිණී Friday, 22 March 2013 02:39 PM

මිනිස්සුන්ට සල්ලි නැත්තෙමත් නෑනේ , ඔය ගෙවලා තියෙන්නේ එක පාරම (ස)

:       0       0

නිමල් Friday, 22 March 2013 02:57 PM

දැන් දඩය 2500 ක් නේද (දී)

:       0       0

චාමර Friday, 22 March 2013 03:08 PM

දෙවන පන්තිවෙය් ගිහින් තියෙන්නේ හොරකමට නෙමෙයි. හොරකමට යනවනම් 3 වෙනි පන්තියේ ටිකට් ගන්නෙත් නැතිව යනවනේ. පානදුර, මොරටුව හරියෙදි ඔය කෝච්චියේ සෙනග වැඩියි. ඒකයි පන්ති මාරුවෙන්නේ.(නදී)

:       0       0

තරංග Friday, 22 March 2013 03:12 PM

ඒ උනාට අද මේක කරපු එක වැරදි . පානදුරේ ඉදල මොරටුවට සිග්නල් වැඩ කලේ නෑ . අද ගොඩක් පරක්කු වෙලා ගියේ . ඉතින් මිනිස්සු ඉඩ තියෙන පෙට්ටිවල හරි නැගල යන්න බලන්නේ රතු ඉර ගහන්න කලින්. මේක හරිම අසාධාරණයි . (ස)

:       0       0

බන්ඩාර Friday, 22 March 2013 03:25 PM

නීතියක් ඇත්නම් හැමෝම එයට ගරු කල යුතුයි. නොකඩවා මෙය ක්‍රියාත්මක කල යුතුයි (ස)

:       0       0

ගිහාන් Friday, 22 March 2013 03:30 PM

ඕකේ ඇති හොදේ මොකක්ද? තුන්වෙනි පන්තියේ මිනිස්සු තැලිලා පොඩිවෙලා යනවා. දෙවැනි පන්තියේ පිනට සීසන් එක අරන් වාඩි වෙලා යනවා. සෙනග වැඩිවුනාමයි මිනිස්සු දෙවන පන්තියේ යන්නේ. දැන් රජය දඩ වලින්මයි ආදායම් හොයන්නේ.(නදී)

:       0       0

වරුණ Friday, 22 March 2013 03:35 PM

කෙවින්ලා කියෙවව්ට වැඩක් නැහැ. දුමිරිය වල දෙවන පන්තියේ පෙට්ටි වැඩි කළාම කුන්වෙනි පන්තියේ පෙට්ටි අඩුවෙනවා. සාමාන්‍ය මිනිස්සු එතකොට යන්න ඕනේ මරණ වරෙන්තුව අතේ අරන්. හරි විසදුමක් නොදී බොරුවට දැගලුවට වැඩක් නැහැ.(නදී)

:       0       0

වන්නි Friday, 22 March 2013 04:39 PM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

වරුණ Friday, 22 March 2013 04:46 PM

දුම්රිය ගැන ලියනවා නම් පොතක් ලියන්න පුළුවන්. ඉස්සර උදේ මේල් එකේ සෙනග අඩුයි. දැන් එකේ කට කපලා සෙනග. ඒ මදිවට ඒකට දෙවන පක්තියේ පෙට්ටියක් අමුණලා.(නදී)

:       0       0

හේවාවිතාරණ Saturday, 23 March 2013 02:45 AM

දෙකෙන් තුනට මාරු වුනොත් දඩ කන්න වෙනවානේ.(නදී)

:       0       0

නුවන් Friday, 22 March 2013 04:52 PM

කරන්න තියන හොදම වැඩේ උදේට තව ඔෆීස් කොචිචියක් දමන එක අඩුම ගානේ කළුතර ඉදලවත්.(නදී)

:       0       0

අසේල Friday, 22 March 2013 05:43 PM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

කමල් Friday, 22 March 2013 06:02 PM

ඉතාම හොද වැඩක්. මම දැන් විදේශ රටක සේවය කරන්නේ. මමත් කාලයක් ලංකාවේ දුම්රියෙන් තමයි රාජකාරි වලට ගියේ. එත් එක හරිම අප්‍රසන්න ගමනක්. මම 2 පන්තියේ ප්‍රවේශපත්‍රයක් ගත්තත් ඉඩගන්ඩ ආසන නැ. රජයේ සේවකයන්ට මාසෙකටම දෙවෙනි පන්තියේ වාර ප්‍රවේශපත්‍රය රුපියල 600ක් විතර වෙන්නේ. මම පෞද්ගලික අංශයේ සේවය කලේ. පෞද්ගලික අංශයේ අයගේ 3 වෙනි වාර ප්‍රවේශපත්‍රයත් 1600 විතර වෙනවා. 2 පන්තියේ 3000ක් විතර වෙනවා. මම 3000ක් දීල 2 පන්තියේ ප්‍රවේශපත්‍රයක් ගත්තත් ඉදගන්ඩ ආසනයක් නැ. මාසෙකට 2 පන්තියෙ අයගෙනුත් 600ක් විතරක් අරගෙන කොහොමද ඉතින් දුම්රියෙන් හොද සේවයක් බලපොරෝහ්තුවෙන්නේ. රාජ්ය සේවකයන්ට අඩු මිලට වරප්‍රවෙෂපත්රයක් දෙනවනම් 3 වෙනි පන්තියට විතරක් එක සීමා කරන්ඩ ඕනේ. නැත්තන් 600ට හැමකෙනාම 2 පන්තිය අරගන්නවා. 3000ක් දීල 2 පන්තියේ ප්‍රවේශපත්‍ර ගන්න අය‍ට ඉඩගන්ඩ ආසන නැ. හොරෙන් යන අයගේ දඩ මුදල 20000ක් වත් කරන්ඩ ඕනේ. එහෙම නැතුව ඕව දියුණු කරන්ඩ බැ.(නදී)

:       0       0

නලින්ද Friday, 22 March 2013 06:55 PM

ලංකාවේ කොහොමත් පන්ති භේදය තියෙනවානේ. (නි)

:       0       0

කුමාර Friday, 22 March 2013 01:42 PM

ඉතාම හොඳයි . රටක නීතියක් තියෙන්න ඕන. දැන් නීතිය වල් වැදිලා. මේ වගේ නීතිය හරියට ක්‍රියාත්මක කලොත් රට හැදෙයි (ස)

:       0       0

කෙවින් Saturday, 23 March 2013 10:36 AM

වරුණ, ඔබ වැන්නන් සිටින තාක්කල් රටක් දියුණු කළ නොහැකියි (නි)

:       0       0

කිවිනි Friday, 22 March 2013 02:00 PM

ඉතාම හොඳ වැඩක් . මිනිහෙක් වැඩිපුර ගෙවල ටිකට් එකක් ගන්නේ පහසුවෙන් යන්න. ඒවට බලෙන් රිංගලා යන අයට හොඳ වැඩේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 263 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 2309 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 794 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 520 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 792 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 526 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38687 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25420 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 282 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 960 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site