ඉතාලි රජයේ නව නීති අනුව එරට රැඳී සිටීමේ බලපත‍්‍රය ගැනීම සඳහා වන ලියවිලි සකසා ගැනීමට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මිලානෝ නුවරින් ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් හිස් අතින් ආපසු යෑමට සැරසෙද්දී තානාපති අසිත පෙරේරා මහතාද පැමිණ ඔවුන්ගේ වැඩ කර දුන්නේය. කිලෝමීටර් 450 දුර ගෙවා 65 දෙනෙක් එහි ගියහ. උදේ 9-4.30 අතර 34 දෙනෙකුගේ වැඩ වසන් කැර තිබිණි. ඉතිරි අය ගැන කතා කළ මිහිරි පුංචිහේවා මහතා හා එහි නිලධාරීන් අතර බහින්බස් වීම කෙළවර වූයේ පොලිසිය ගෙන්වා මිහිරි පුංචිහේවා මහතා එළියට දැමීමෙනි. මේ සිද්ධියෙන් පසු කවුළුවද මිනිත්තු 20කට වසා තැබිණි. තානාපති පැමිණ කාර්ය මණ්ඩලය සමග වැඩ කරමින් පැය එකහමාරකින් සියලූ දෙනාගේ අවශ්‍යතා ඉටුකැර දුන්නේය. මේ ගැන විමසීමට තානාපති හෝ ප‍්‍රධාන නිලධාරිනිය දුරකථනයෙන් සම්බන්ධ කැරගත නොහැකි විය. ලේකම්වරිය පැවසුයේ ඒ ගැන තමාට කිසිත් කිව නොහැකි බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීපයට මගේ සුභ පැතුම්! (නි)
හොරු තමයි සෑම තැනම (දී)
හැමතැනම ඉන්නේ හොරු. (නි)
හොරු තමයි . වෙඩක් කරන අය අඩුයි (දී)
වැඩක් කරන අයට වැඩිය කොහොමත් හොරු තමයි වැඩි. (නි)
මෙවැනි මානසික ගුණාංග වලින් පිරිපුන් නිලධාරීන් ගැන කලාතුරකින් හෝ අසන්න ලැබීම සතුටුයි. (නි)
අයියෝ ඒකට කටාර් එම්බසිය! (නි)
ඔබ ඉතාම හොදයි..!! එලෙස අත්තනෝමතික නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ගයක් ගන්න..!!(නු)
හිත හොදනම් පත කුඩාද? (නි)
පසු ගිය සතියේ රෝමයේ ලංකා තානාපති කර්යාලයට ගිය ඉතාලියේ නගර කීපයක මාපිය වරුන්ට තමකුඩා දරුවාගේ ගමන් බලපත්‍රය ලබා ගැනීමේ ඉල්ලම් පත්‍රයට අලවන දරුවාගේ ජයාරූපයේ බෙල්ල කෙලින් නොමැති බවත්,දෙකන් නොපෙනන බව නිසා,පවසා ඉලලුම් පත් ආපසු දී ඇති අතර...මේ වන විට ඉතාලියේ රැකියා ප්‍රශ්න තුලින්ද පීඩාවට පත්ව සිටින අවස්ථාවක මෙවැනි සිද්ධීන් ගෙන් පීඩාවට පත්වීම තුලින්...කෝප සහගතවීම සාධාරනය...අවු.30 යුද්ය අවසන් කලද නිළධාරි වාදය තුල රජය අපහසුවට පත් කිරීමේ හා කඩාකප්පල් කිරීමේ නිලධාරි ඉවත්කිරීම දැඩි අවශ්‍යතාවයකි....තානාපති කාර්යාල තුළ සැමියා හා බිරිද ද රැකියාව කිරීම ද පවුල් ප්‍රශ්න හා රාජකාරී ප්‍රශ්න ද නිසා අනිකුත් නිළධාරීන්ටද රාජකාරි කිරීමේ අපහසු තත්වයන් දැනටත් උද්ගත වී ඇත....ඉතාලියේ සියලුම ලංකිකයින් මේ සදහා එක්සත්ව කටයුතු කල යුතුය...... (ස)
හොඳ වැඩක්.ඒකට සෞදිවල තිබෙන අපේ තානාපති කාර්යාලය. කිසිම වැඩක් නැහැ. තිබෙන දුරකථන සියල්ල නාද වෙනවා. එක පුද්ගලයෙක්වත් ගන්නේ නැහැ. තානාපති කාර්යාල තිබෙන්නේ අපගේත් අවශ්‍යතා නිසා. මේ අය සෞදි කට්ටියගේ සල්ලි වලට වැඩ කරන්නේ. මේක කරුණාකර පල කරන්න. (දී)
එම්බසි වල ඉන්න කම්මැලි හොරු ටික එළවලා දාලා සේවය යහපත් කරන්න (නි)
හොද වැඩක් නේද? (නි)
දැන් කොහොමද දන්නේ නැහැ. කලින් නම් තත්ත්වය අන්තිමයි. (නි)
ගරු ඇමතිතුමාගේ විශේෂ අවධානයට යොමුවිය යුතු කරුණකි. (නි)
ඇත්තමට මමත් අගයකරනවා ලංකාවේ තානාපතිකාර්යාල කයිරෝ ඊජිප්තුව ඉතාම හොදයි.. (නු)
මම ඉන්නේ මැලේසියාවේ. මේ රටේ තියෙන තානාපති කාර්යාලයත් කිසිම වැඩක් නැහැ.. මනුෂ්‍යන්ට කතා කරන්නවත් දන්නේ නහැ.. වැඩක් කරගන්න ගියාම දවස් දෙක තුනක් රස්තියාදු වෙන්න වෙනවා.. අලුතින් ආපු කිසිම කෙනෙක් වැඩක් නැහැ.. අපිට හිටිය හොදම කෙනා තමයි රෝසි සේනානායක. අපටත් හොද තානාපති කෙනෙක් හිටියනම් හොදයි..!!(නු)
අසාධාරණය වෙනුවෙන් කථා කරන්න මෙහෙම බය නැතුව ඉස්සරහට පැමිණි මිහිරි පුංචිහේවා මහතා හැමෝටම හොඳ අදර්ශයක්. (නි)
හර්මන් කියන දේ හරි (නි)
සතුටුයි (නි)
කොහේ ගියත් හොද මිනිස්සු ඉන්නවා (දී)
පුදුමයි (දී)
අපේ රටේ තානාපති කාර්යාල කිසි කමකට නෑ. මම ඉන්නෙ ඩුබායි වල. (දී)
අපේ රටේ තානාපති කාර්යාල කිසි කමකට නැහැ. මම ඉන්නෙ ඩුබායි වල. වැඩක් කරගන්න ගියහම ඒ අයට වදින්න ඕනෑ.ලංකාවෙ නම් රණරුවො කියලා මහ ලොකුවට කතා කරනවා. ඒත් සලසන කිසිම සේවයක් නැහැ. අපි අසරණයි. ඒ වුණාට ලංකාවෙන් එනකොට අපෙන් හැමදාම බියුරො එක සල්ලි නම් ගන්නවා.මට දුක අපි අමාරුවෙන් හම්බකරන සල්ලි මේ අයට නිරපරාදේ දෙන්න වෙන එක. මේවා තමයි අපේ රටේ මහ දවාලෙ සිද්ධ වෙන අපරාධ. ඒත් ඒවා ගැන කතා කරන්න කවුරුත් නැහැ. (නි)
අසන්න ලැබීමත් සතුටක් (දී)
නිලධාරිවාදය මෙහෙත් එහෙමනෙ. මෙහෙ පුරුද්දට එහෙ ගිහිනුත් වැඩ එහෙම තමා. තානාපතිතුමා ඇවිත් වාඩි උනාම කොහොමද අමුතුවෙන් වැඩ ඉක්මන් උනේ? (දී)
ලංකාදීපෙට ස්තුති මේක දැම්මට (දී)
අපේ රටේ තානාපති සේවය අන්තිමයි. ගරු ඩිලාන් පෙරේරා ඇමතිතුමනි, පිටරට වල සේවය කරන අහිංසක මිනිසුන් ගැන ඇත්තටම සොයලා බැලුවොත් නරකද? එහෙම බැරිනම් ඒ මිනිස්සුන්ගෙන් බියුරෝ එක සල්ලි ගන්න එක නවත්තන්න. මේව මහා අපරාධ. (නි)
ස්තුති ඔබට (දී)
දැන් හැමතැනම නිලධාරිවාදය (නි)
හොද වැඩක් නේද (දී)
ඔබ හොද මනුස්සයෙක් (දී)
අහන්නත් සතුටුයි. මෙහෙ ඉන්න ශ්‍රමිකයන් විදින කරදර දිහා බලපුවහම ඔබට ස්තූතියි. (නි)
මිනිසුන්ගේ සිත හදුනා ගත අසිත මිනි පහනක් (දී)
මැදපෙරදිග තානාපති කාර්යාල වලට සරණ සොයා එන අයට සිදුවෙන කතා එක්ක බැලුවම මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි (නි)
තානාපති තුමා කොච්චර මහන්සි ගත්තත් ඉතාලියේ රැදී සිටින ලන්කිකයන්ට සෙවයක් කරන්න, ඇතුලේ ඉන්න කම්මැලි, නිලධාරින් කියාගන්නා අයට කිසිම වුවමනාවක් නෑ මහජනයාට සේවයක් කරන්න.., තානාපති තුමා ඇවිත් පැය එකහමාරෙන් කරපු වැඩෙ කරන්න ඔය කියන නිලධාරින්ට දවසක් ගියා. වැඩක් නොකර පිනට පඩි ගන්න අයද කොහෙද...,.... (දී)
කෙළින් කතා කරපු මිහිරි පුංචිහේවා මහතාට අපේ ලාංකිකයන්ගේ සුභ පැතුම්! (නි)
ගිය 65 දෙනාගෙන් 34 දෙනෙකුගේ වැඩට පැය 7යි විනාඩි 30 ක් ගතවෙලා. තනාපති තුමා අවට පස්සේ ඉතුරු 31 දෙනාගේ වැඩට ගතඋන කාලය පැය 1 විනාඩි 30 අනේ මෙහෙමත් නිලධාරීන් (දී)
අසිත මහත්මා හොද කෙනෙක් .ඔබට සුබ පැතුම් !!! (දී)