ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ විවාහයක් ලියාපදිංචි කිරීම නිසා අද එහි රාජකාරි පැය එක හමාරක් පමා විය. රෝමයේ සිටින ශ්‍රි ලාංකික ව්‍යාපාරිකයකගේ නෑයකුගේ විවාහයක් එහි කොන්සියුලර් අංශයේ අද ලියාපදිංචි කැරිණි. තානාපති කාර්යලයය පෙරවරු 9.30ට මහජන කටයුතු විවෘත කළ යුතු නමුත් අඟහරුවාදා විවෘත කැරුණේ පෙරවරු 11ටය එහි ආ ශ්‍රී ලාංකිකයනට එතෙක් රස්තියාදු වීමට සිදුවිය. මේ ගැන විමසීමට තානාපති අසිත පෙරේරා මහතා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. නම හෙළි නොකළ නිළධාරිනියක පැවැසුයේ විවාහයක් සිදු වූ නමුත් වැඩකරවා ගැනීමට ආ සියලු දෙනාගෙම වැඩ කැරදුන් බවයි. කිසිවකුටත් හිස් අතින් ආපසු යෑමට සිදු නොවු බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවාහයක් සිදුකරලා. ඒක නිසා තමයි පමාවෙලා තියෙන්නේ. (නි)
මීට වඩා කාලෝචිත කරුණු නැද්ද? (නි)
මෙවැනි සුළු අතපසුවීම් ගනන් ගන්න එපා.. ඔවුන් සමහර වෙලාවට වැඩියෙන් වැඩ කරනවා.. (නු)
අයියෝ සල්ලි
ඇයි මේ තරම් කාලයක් ගත කළේ විවාහ ලියාපදිංචියට..!(නු)
මංගල්‍යයට සුභ පැතුම්..!(නු)
මේවා ඔක්කොම බෙරු වැඩ..!(නු)
මල්පොකුරක් ගෙ තානාපිත කාර්යාලය අද්දර ඔබ නෙතු අගින් ඉගි මරනු පෙනේ..!(නු)
ඉතාලියේ වගේ නෙමෙයි, මෙහේ කරන්නේ අංක එකේ සුපිරි වැඩ. (නි)
ඔය සියල්ලටම හේතුව තානාපතිගේ වැඩ.(නදී);
ඇයි මේ තරම් වෙලාවක් ගත්තේ විවාහය ලියා පදිංචි කරන්න..(නු)
මගෙත් යාළුවෙක් කිව්වා මේ කතාව ගැන .. ඒක ඇත්තක්..!(නු)
මේ විවාහයත් තානාපතිකාර්යාලයේ එක්තරා රාජකාරියක්..!(නු)
හොදයි..!(නු)
මංගල්‍යයට සුභ පතනවාද? නැත්නම් වැඩ පරක්කු කිරීමට බනිනවාද කියලා හිතාගන්න බැහැ..!(නු)
ඉතාලි තානාපති කාර්යාලයෙන් දැං දැං අහන්න ලැබෙන්නේ එතරම් හොද දේවල් නෙමෙයි.. වගකිවයුතු නිලධාරීන්ගේ අවධානය මේ පිළිබදව යොමු උනොත් හොදයි..!(නු)
මේ තානාපති කාර්යාලයේ නීති ප්‍රකාරව නිලධාරී කට්ටියම දොරවල් වහගෙන මංගල්‍යයට අනුමැතිය දෙන්න පෙර පරීක්ෂා කිරීම් කරන්න ඇති..!(නු)
ඉතාලියෙ තානාපති කාර්යාලය හරියට ගමේ කෝපි කඩේ වගේ හැමදාම ලෙඩක්.. තානාපති කවදාවත් සම්බන්ධ කරගන්න බැහැ.. නියම විහිළු මේවා..!(නු)
ඒකනේ. කවුද කියන්නේ ප්‍රමාදයි කියලා. (නි)