දඹදිව වන්දනාවේ යන හිමිවරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයනට තමිල්නාඩුවේ චෙන්නායි, තන්ජවූර් ඇළු නගරවලදී සිදුවන පහරදීම් හා හිංසාවලට විරෝධය දක්වමින් සිංහල රාවයේ භික්සූහු ද, සාමාජිකයෝ ද කොළඹ ගාලු මුවදොර ඉන්නියා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධයක් පවත්වති.
ගාලු පාරේ එක් මංතීරුවක් අහුරාගෙන මේ විරෝධය පළ කරන පිරිස් කියා සිටිනුයේ බැනර් හා පෝස්ටර් අතැතිව කියා සිටිනුයේ බුදුන් උපන් රටේ දී බෞද්ධයනට මෙසේ හිරිහැර කිරීම නතර කිරීමට ඉන්දියා රජය වහා පියවර ගත යුතු බවයි.
සංහල රාවගේ නියෝජිත පිරිසක් මින් මද වේලාවකට කලින් සංදේශයක් භාර දී සාකච්ඡා කිරීමට තානාපති කාර්යාලට ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමිල්නාඩුවේ ඉන්න මිනිස්සුන්ට මේවා කියලා වැඩක් නැහැ. (නි)
ඔහොම කරලා මදි. අපි ඉන්දියාවටම ගිහින් පාඩමක් උගන්වන්න ඕනෑ. (නි)
මතක නැද්ද රජීව් ගාන්දිටත් අපේ කෙනෙක් ගැහුවා. (දී)
අපි සමස්ත ලාංකිකයෝ එකතු වෙලා ඉන්දියාව මේ කල නරුම වැඩේට එරෙහිව පාරට බහින්න ඕනේ. ලෝකෙටම ඇහෙන්න ලෝකෙම අවධානයට ලක් කරන්න ඕනේ (දී)
ඇයි මේවට ජිනීවා සද්දයක් නැත්තේ? (නි)
ලක්ෂ සංඛ්‍යාත ලාංකික වන්දනාකරුවන්ගෙන් ලැබෙන ආදායම මේ අයට තේරෙන්නෙ නැහැ.!(නු)
දන්නෙ නැද්ද තමිල්නාඩුවෙ ඉන්නේ මොන වගේ මිනිස්සුද කියලා? (නි)
ඇය අපේ අය තමිල්නාඩු යන්නේ? (නි)
ශ්රී ලංකාව හා තමිල්නාඩුව අතරත් මදුරාසිය අතරත් ගුවන් ගමන් වහාම නතර කළයුතුයි. ඉතාම කුණුකොල්ලෙට ඉන්දියාවේ මිනිස්සු ලංකාව හරහා සාර්ජා , ඩුබායි වලට යනවා. මේ සියල්ල නතර කරන්න බැරි නම් ඒ ටිකට්පත් වල මිළ වහාම වැඩි කරන්න. ඒ මිනිස්සුන්ට ලංකාව හරහා යන්න හොඳයි.අපිට එහෙ යන්න බැහැ. (නි)
අපි නොගිහින් නිකන් ඉමු. ප්‍රශ්නේ ඉවරනේ. (නි)
අපි ඔක්කොටම කලින් අපේ රට ඇතුළත තිබෙන ගැටුම් නවතා ගනිමු. (නි)
හාමුදුරුවෝ පන්සල් නොයා මොනවට දේවාල ගානේ යනවද මන්දා? (නි)
රොෂාන්ගෙ කතාව හරි. හොදම දේ එකට එකක් මිළ වැඩිකරන එක. (නි)
ඉන්දියාවෙන් ගේන මෝටර්බයික් ත්‍රීවීල් සතියකට වර්ජණය කරානම් කට්ටියට තේරෙනවා.!(නු)
ආ... දැන් ඔන්න තමිල්නාඩුවේ ඉන්න කට්ටිය බයවෙලා මේ පහරදීම් නැවැත්තුවලු. (නි)
හාමුදුරුවන්ට ගහපු එක තරයේ හෙලා දකිනවා.. කොටි සම්පූර්ණයෙන්ම නැති කරන්න ඕන..!(නු)
රොෂාන්ගෙ කතාව හරි. තමිල්නාඩු මිනිස්සු ලංකාව හරහා සාර්ජා, ඩුබායි වලට යනවා. (නි)
සිංහලයෝ එකට එකතු වෙන්න ඕනේ (දී)
අපි ජාතියක් වශයෙන් මේ දේවල් හෙලා දකින්න ඕනේ (දී)
සමගිය බලය වේ කියලා කට්ටියම එකතු වෙමු (දී)
අපි කොච්චර කියුවත් වැඩක් වෙන එකක් නැහැ නමුහ් මතක තියා ගන්න හොදින් ලාංකිකයෝ කවදාවත් නිවට ජාතියක් නොවන වග (දී)
ත්‍රස්තවාදය නිසා සිංහල ජනතාව විදපු දුක් ඉන්දියාව දන්නේ නැහැ (දී)
අපි බල කරනවා ඉන්දීය රජයට (දී)
අපේ විරෝධය රාජ්‍ය ත්‍රාන්තිකව කළ යුතුයි.. කරන්න පුළුවං දේ උපරිමයෙක් කළ යුතුයි.. ඒ වගේම අපි ආදර්මත් විය යුතුයි.. ඉන්දියානුවෙක් කළ පලියට ඒ දේම අපිත් නොකළ යුතුයි..!(නු)
මෝඩ වෙන්න එපා.. මේ අයට ඕන ජිනීවා වලට කලිං ලංකාවෙ සිටින ද්‍රවිඩ ජනතාවට සිංහලයන්ගෙන් ප්‍රහාරයක් එල්ලකරවාගන්නයි..!(නු)
ඉන්දියන් භාණ්ඩ වර්ජනය කරමු. (නි)
දේශපාලන මැදිහත් වීමක් අවශ්‍යයි (දී)
හාමුදුරුවන්ට ගැහුවෙ ඉන්දියන් දෙමළ මනුස්සයෙක් මිසක් ඉන්දියානු රජය නෙමෙයි.. (නු)
ලෝකෙටම කියමු අපිට වූ පහරදීම (දී)
අපිත් බල කරනවා එලෙසම කියලා (දී)
මේවා මහා බියගුළු පහරදීම් (දී)
ඉන්දියාව කියන්නේ අපේ අල්ලපු රට, අපි හිතුවේ නැහැ කවදාවත්ම අපිට මෙහෙම දෙයක් කරයි කියලා (දී)
අමිල, ඔය නොදැන කථාකරන එක ගැන කණගාටුයි. ඔයා මේ ලිපිය කියවලා නැති පාටයි. මේ බුද්ධගයා වන්දනාවේ යන පිරිසක්. දැනට මිනිස්සුන්ට තියෙන වියදම් අඩුම ක්‍රමය මේකයි. මදුරාසියට ගිහින් එතන ඉඳගෙන කොච්චියේ යන එක. සල්ලි ටිකක් යහමින් තියෙන වන්දනා නඩ, බුද්ධගයාවට කෙලින්ම යනවා. මේ හාමුදුරුවො ඔය දේශපාලකයෝ වගේ ඉන්දියාවේ දේවාලවල ගිහින් නැහැ. ගිහිල්ලා තියෙන්නෙ බුද්ධගයා වන්දනාවේ. (නි)
රොෂාන් සමග මම එකඟයි (දී)
සල්ලි වියදම් කරගෙන මොනදේකට යනවද? (නි)
ලංකාව අස්ථාවර කරන්න කල වැඩක් (දී)
දෙමල මිනිස්සුයි සිංහල මිනිස්සුයි අතරේ ප්‍රශ්න නැහැ (දී)
නිවට වැඩ නවත්වන්න (දී)
නවත්වනු (දී)
මෙවන් වැඩ කරලා ලෝකයා හමුවේ විරයන්න් වෙන්න හැදුවාට වෙන්න බැහැ (දී)
හමුදුරුවරු මෙහෙම කෑගහනකොට අපිට බුද්ධාගම එපා වෙනවා. කරුණාකරලා සිවුර ගලවලා කරන දෙයක් කරන්න. සිවුරක් අදින්නේ ඉල්ලීම් ඉල්ලලා කෑගහන්න නෙමෙයි. සසර ගමන කෙටි කර ගන්න. (නි)
ලෝකේ ඉන්න සියලුම ලාංකිකයෝ මේ සිද්දිය වටා එකතුවෙන්න ඕනේ (දී)
නවත්වන්න..... ඔය කැත වැඩ (දී)
අපේ ලංකාවට ජයවේවා (දී)
ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්න වෙයි (දී
සමස්ථ ඉන්දියාවටම බනින්න එපා. අනිත් ප්‍රාන්ත වල ඉන්න ජනතාවත් ඔය මෝඩ විදියට දඟලන උදවිය ඉන්න පැත්ත දිහා බලන්නේ ටිකක් අමුතු විදියට. ඒ අයටත් මේ අය ප්‍රශ්ණයක්. (නි)
අමිල ගොඩක් දුකෙන් වගේ හාමුදුරුවෝ පන්සලට වෙලා ඉන්නෙ නැති එකට. අපිත් ගොඩක් දුක් වෙනවා ඔයා වගේ අය ලංකාවෙ ඉපදිච්ච එකට. (නි)
වැඩක් නැහැ..වැඩක් නැහැ.. කතා කර කර ඉදලා වැඩක් නැහැ, සැවොම එකතු වෙමු (දී)
මේ වෙනුවෙන් හඩක් නගන එක අපෙත් යුතුකමක් (දී)
අපිත් පාරට බහින්න ඕනේ (දී)
අර බ්‍රිතානයයේ පළකරන සංදේශයේ වෙබ් පිටුවෙත් මේක ගැන නැහැ. තියෙන්නේ ලංකා විරෝධී ඒවාම තමයි. වෙනසක මහිම... (නි)
බෞධයන්ට ගහන්නේ ලංකාවේ ජාති වාදය නැවත ඇති කරන්න (දී)
ස්වාමීන් වහන්සේලාට සිල්වත් ලෙස විරෝධය දැක්වීම අකැපයිද? (නි)
ලංකාව මේ වැඩේ ඉතා පිළිකුල් සිතින් හෙලා දකිනවා (දී)
නිවට වැඩ මේවා (දී)
අමිල, සිසු හාමුදුරුවෝ දේවාලයට වැඩ තිබෙන්නේ "රිසර්ච්" එකකට. (නි)
කැත වැඩ කරන්න එපා (දී)
අපේ පොඩි හාමුදුරුවෝ ටික පවු! (නි)
කතාව ඇත්ත (දී)
දේශපාලන වශයෙන් විසදුමක් අවශ්‍යයි (දී)
මටත් කියන්න තියෙන්නේ නිවට වැඩක් කියලා තමයි (දී)
ඉන්දියානු රජය වග කියන්න ඕනේ (දී)
ඉන්දියාව කියන්නේ අපේ අල්ලපු රට වෙලත් මොකද අපිට ඔහොම කරන්නේ (දී)
මමත් එකඟයි ඒ කතාවත් එක්ක(දී)
අමිල, දන්නේ නැතුව ලියන්න එපා (දී)
අමිල, මෝඩකම තිබුණට ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
මහා සංඝ රත්නයට මේ එල්ල වූ ප්‍රහාරයට අපේ විරෝධය (දී)
නිවට වැඩ නොකර ඉන්න මිනිසුනේ (දී)
අපි ලෝකයේ අනෙක් රටවල බෞද්ධයොත් එකතුකරගෙන ඉන්දියානු තානාපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක් කරමු. (නි)
මම තරයේ හෙලා දකිනවා ( දී)
කරුණාකර අපේ වියදමින් අපි ඔවුන්ට වැසිකිළි පහසුකම් ලබා දෙමු. (නි)
මේ වගේ ක්‍රියා නැවත නොවේවා (දී)
මෝඩ අමිල, ඒ ගියේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්, පර්යේෂණ චාරිකාවක්.... (නි)
මේ පුංචි හාමුදුරුවො මේ ගැන මුකුත් දන්නෙ නැහැ නේද? (නි)
අපි අයි.ඕ.සී. වර්ජනය කරමු. (නි)
දර්ශන හරි. මුලින්ම අපි කරන මෝඩවැඩ නවත්වන්න ඕනෑ. (නි)
අමිල කටුනායක බල මාළු ජිවිතේටම කාලම නැහැ වගේ. (නි)
රටවල් දෙක අතරේ තියෙන හොද හිත නැති වෙන්නයි යන්නේ (දී)
මේ පොඩි උන්නාන්සේලා ඔය වැඩ වලට සම්බන්ධ කරගන්න එපා කියලයි මම නම් කියන්නේ. (නි)
අපි දැන ගන්න ඕනේ නොගිහින් ඉන්න (දී)
හොදට මතක තියාගන්න කවදාහරි තමන්ට තමන් විතරමයි. (නි)
කෝ අපේ සේනාව? (නි)
අපේ ධීවරයෝ එහේ හිරබත් කද්දී, එහේ අය මෙහෙන් නිදහස් කරලා යවන අපිට මේක හොද පාඩමක්. (නි)
රත්නපාල මමත් එන්නම් ඔයා එක්ක ඉන්දියාවට ගිහින් එයාලට පාඩමක් උගන්නන්න. (නි)
අපි බල කරනවා (දී)
ලංකාවම එකා වගේ එක මතයක් ගොඩ නගමු (දී)
ඔන්න බොදු බල සේනාවට විරුද්ධත්වය දක්වන්න හොද වෙලාවක් (නි)
ඉන්දියන් රජයට බල කරමු (දී)
දෙමල මුස්ලිම් සිංහල කියුවත් ඔක්කොම අපි මිනිස්සු (දී)
කෝ අපේ විනය? සංවරය? (නි)
විරෝධය හොදයි. එය කළ යුතුයි. නමුත් කුඩා සාමණේර හිමිවරු මෙසේ යොදා ගැනීම තරමත් ගැටළු සහගතයි. (නි)
ගහපු අයට අපේ මිනිස්සු දකිනකොට හිතට අමාරුයි. (නි)
කොහොම වෙතත් අපේ කුඩා සාමණේර හිමිවරු මෙහෙම උද්වේගකරව පෙළගස්සවන්න හොද නැහැ. (නි)
කෝ අපේ ලොකු හාමුදුරුවරු? (නි)
මෙහෙම පොඩි හාමුදුරුවන් ගෙන්නා ගත්තහම ඒ හාමුදුරුවන් වැඩිහිටි කාලයට එන විට ඔළුවල මෙත් සිතිවිලි නැහැ (නි)
මේකට විරෝධය දැක්වීම පිළිබදව මම එකගයි. මාත් එනවා කිට්ටුව හිටියා නම්. ඒත් මේ විදිහට පුංචි හාමුදුරුවරු මේවට යොමුකරන එක හොද නැහැ. ඒ අයට තේරෙන්නේ නැහැ කොහොමද මේවගේ තැනකදි හැසිරෙන්න ඕනෑ කියලා. අනෙක් අය කෑගහන නිසා ආවේගයෙන් කෑගහනවා. ඒ වගේම වගකිව යුතු විදිහට සංවිධානය කරලා බොහෝදෙනෙක් එකතුවෙලා කළානම් අගෙයි. හැබැහි චූටි හාමුදුරුවරු මේ විදිහට පාරට දාලා අසංවර ලෙස හැසිරවීම වැරදියි. (නි)
අපිට ඉන්න පරමම,පරම හතුරා බවට ඉන්දියාව පත්වේවිද? (නි)
තමිල්නාඩුවේ අය මෙච්චර මෝඩද? (නි)
තමිල්නාඩුවේ අයට මේවා කියලා වැඩක් නැහැ. (නි)
මගේ නම් අදහස රටවල් දෙක මේ පිළිබදව හරි තීරණයකට එනතුරු ඉන්දියන් භාණ්ඩ වර්ජනය කළයුතුය යන්නයි. (නි)
මේවා පිටරටවල දැනගත්තාම අපේ ආගම්වලටයි හොද නැත්තෙ..!(නු)
මගෙ අදහස නම් මේ ගැන හරි තීරණයක් එනකම් ඉන්දියානු බඩු වර්ජනය කිරීමයි..!(නු)
ලංකාවෙ ඉන්න තමිල්නාඩු අය මේවාට මොකද කියන්නේ..!(නු)
තමිල්නාඩුවේ ඉන්නේ මොලේ නැති දේශපාලුවන්ගේ අතකොලු බවට පත්වෙච්ච උද්දච්ච කට්ටියක්. එයාලට කියාදෙන්න හාමුදුරුවෝ පාරට බැහැලා කෑගැහුවට වැඩක් නැහැ. ඔය මෝඩනාඩුවට යන්න එපා. එච්චරයි! (නි)
බුුදන් උපන් දේශයේදීම බුද්ධ පුත්‍රයින්ට ගුටි කන්නට ලැබීම මොනතරම් ඛේදනීයද? (නි)
බුදුන් උපන් දේශය ඉන්දියාව නොව නේපාලයයි. (නි)
බොදු බල සේනාව ඉන්දියාවට යැවුවා නම් හරි. (නි)
කොටින් කල දේවල් අපිට නම් මතකයි (දී)
මේ වෙලාව තමයි බොදු බල සේනාව තමන්ගේ එඩිතරකම පෙන්වලා බුද්ධාගමේ එක පවුරක් වූ බුද්ධ සාසනය රැකගන්න හැටි පෙන්වන්න ඕනෑ. (නි)
මේ උද්ගෝෂණ කරන්න ඕනෑ තමිල්නාඩුවටම ගිහිල්ලා. ඔය පොඩි හාමුදුරුවන්වත් එක්කරගෙන යන්න අමතක කරන්න හොඳ නැහැ. (නි)
ප්‍රශ්නේ දුර දිග යන්න කලින් ඉක්මන් පියවර ගන්න (දී)
එතකොට තමිල්නාඩුවේ ඉන්න ලංකාවේ අයට වෙන්නෙ මොකක්ද? (නි)
ඇයි මේ ආගම් බේදයක් ඇති කරන්න හදන්නේ? (දී)
බල්ලෙක් අපිව කෑවට අපි බල්ලව කන්නෙ නැහැනේ. (නි)
කවුද මේ විරෝධය සංවිධානය කළේ? (නි)
ඉක්මනට පියවරක් ගන්න (දී)
මෙම පහරදීම් හෙලා දකිනවා (දී)
සෑම ඉන්දියානු භාණ්ඩයක්ම අපි විසින් වර්ජනය කළ යුතුයි. (නි)
අපි අපි නිවැරදි නම් කිසිවෙකුටවත් අපිට පහරදිය නොහැකියි. (නි)
ශාන්ති පාරමිතාව පුරලා කට්ටියම එකට එකතුවෙලා සාමකාමී විරෝධයක් පෙන්නුවා නම් අපේ දර්ශනයට එකගයි. (නි)
ඉස්සරහට මිනිසූන්ට වඳින්ට වෙන්නේ ගස ගල් වලට. (නි)
අපි පොඩ්ඩක් ඉවසලා ඉදිමු. (නි)
ලජ්ජා නැද්ද අපේ මිනිස්සුන්ට ගහන්න
ඉන්දියාවට දෙවි පිහිටයි! (නි)
මොකද්ද මේ කරදර කරන්නේ අපිට
අපේ පොඩි හාමුදුරුවරු පවු! දැක්කහම දුක හිතෙනවා. (නි)
ලොකු හාමුදුරුවරු මෙහෙම ජාතික වැඩවලට එන්නේ නැති නිසානේ පොඩි හාමුදුරුවරුන්ට හරි ඒ වගකීම ඉටු කරන්න වෙලා තියෙන්නේ. (නි)
මේ සංවාදය හොදයි. (නි)
බෞද්ධාගම වෙනුවෙන් හඩනගන හාමුදුරුවරුන්ට අපේ ජාතියේ ප්‍රණාමය! (නි)
වහාම .......වහාම .......වහාම ....... (දී)
ජාතියට අනාගතයට මහ යතිවරයන් වහන්සේලා ගොඩනගන පෙරහුරුවක් සේ මම දකිමි. පොඩි ස්වාමීන් වහන්සේලාට ප්‍රණාමය. (ස)
අපි ඉන්දියානු රජයට බල කරන්න ඕනේ (දී)
හිමියන්ට පහරදීපු එක වැරදියි. මේක අපිත් හෙලා දකිනවා. රටක් හැටියට එකතු වෙන්නත් ඕනෑ. තමිල්නාඩුවේ පිරිසක් මෙහෙම ගහපු එකත් වැරදියි. මේ සේරම පිළි ගන්නා අතරේ මේ පුංචි හාමුදුරුවරු ටික ඉස්සරහට දාගෙන මේ විදියට කැගහපුවාම ඇත්තටම අප්‍රසන්නතාවයක් ඇතිවෙනවා. (අප්පසන්නානං පසාදාය පසන්නානංභීයෝ භාවාය) (නි)
වහාම නවත්වනු (දී)
වහාම නවත්වන්න ඉන්දියානු රජයේ වගකීමක් ඒක (දී)
රජයේ වහා අවධානය යොමු කරන්න (දී)
අපේ රටට පුදුම විදියට ඉන්දියාවේ අය ඊර්ෂ්‍යාවයි. (නි)
මහා නොමනා වැඩැක් මේ කරන්නේ (දී)
හර්ෂ. හොද කතාවක් (දී)
නිවට වැඩ කරන්න එපා (දී)
ලාංකික අපි ඉන්දියාවට එරෙහිව නැගී සිටිනවා (දී)
අනගාරික ධර්මපාල චරිත බිහි වේවා (දී)
මෙය සදාචාරයට සහ ධර්මයටත් පටහැනි ක්‍රියාවකි.අද මෙවැනි කුඩා සාමණේර භික්ෂූන් විශ්ව විද්‍යාලවල දරුවන් මෙන් හැසිරීම අනුමත කිරීමට නොහැකි ක්‍රියාවකි. (නි)
මේක නිකම් එල්.ටී.ටී එක ළමා සොල්දාදුවෝ පාවිචිචි කරනවා වගේ වැඩක් මටනම් පේන්නේ.(නදී)
වහාම නවත්වන්න (දී)
අපි ලංකාවේ (දී)
තවත් ගහන්නකෝ මොකද වෙන්නේ කියලා බලන්න (දී)
ලංකාවට අත තියන්න එන්න එපා (දී)
මේකේ අදහස්දාපු අයගෙන් හොදම අදහස තමයි ගයාන් ඉදිරිපත් කරපු අදහස. ජිනිවාට මේකම ඇති. (නි)
අපිට ඉන්දියාව වර්ජනය කරන්න වෙයිද (දී)
අතීතයේ සිටම අපේ රට විදේශිකයින් ආක්‍රමණය කල අවස්ථා වලදී මහා සංඝ රතනය විමුක්ති අරගල වල නායකත්වය ගෙන ඇති බව කෘතවේදීව සිහිපත් කලයුතුය (දී)
ලොකු හාමුදුරුවරු භාවනා කරනවා ඇති. ඒකයි දකින්නවත් නැත්තෙ, මම හිතන්නේ. (නි)
කෝ අපේ බොදු බල සේනාව? (නි)
කුමාර. ඒ ඉස්සර හිටිය සංඝයා වහන්සේලා. අද එන්න ප්‍රාඩෝ වලින් . ඉන්ටර්කූලර් වලට රටත් ආගමත් පාවා දෙනවා.(නදී)
රටේ අසරණයන්ට පොවන්න මධ්‍යසාර ස්ප්‍රීතු කන්ටේනර් දෙකක් ගෙනාවේ නියම අයියලනේ කියලත් මේ වගේ උද්ඝෝෂනයක් කරන්නකෝ.(නදී)
අපිත් කියනවා ඒ කතාවනම් (දී)