දඹදිව වන්දනාව ඇතුළු ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයත් චෙන්නායි නුවර නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයයත් ඉන්දියා බලධරයන් සමග හදිසි සාකච්ඡා ඇරඹීය.
තමින්නාඩුවේදී දෙවැනි දිනටත් ශ්‍රී ලංකා භික්ෂූන් දෙනමකට කොටි හිතවාදීන් විසින් අමානුෂික ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මේ පියවර ගෙන ඇත.
ඉන්දියාවට යන එන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව සැළසීමේ අවශ්‍යතාව විදේශ අමාත්‍යංශය ද පෙන්වා දෙයි.
පහරදීමේ ප්‍රවණතා වැඩියෙන් පවත්නා තමිල්නාඩුවට ශ්‍රී ලාංකිකයන් යා යුතුද නැද්ද යන්න ගැන උපදේශනයක් හෙවත් අනතුරු ඇඟවීමක් නිකුත් කරන්නේ ද, නැද්ද යන්න ගැන විදේශ ඇමැති හා විදේශ ලේකම් හම්බන්තොටදී හෝ කොළඹදී අද තීරණයක් ගැනීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ විදේශීය අමාත්‍යංශයේ ඉන්න බුද්ධිමත් තීරණය ගන්න බැරි කොටසක් කිලය ඒ අය සැමවිටම ඔප්පු කරලා තියණවා (අ)
තව ටික දවසක් යනකල් යන්න එපා (දී)
මත්තල ඉදලා කෙලින්ම බුද්ධගයා යන්න. චෙන්නායි නොයන්න. දකුණු ඉන්දීය භාණ්ඩ මිලදී නොගන්න. (නි)
ඉක්මන් තීරණයක් දෙන්න (දී)
ඉන්දියාව තුලදි වීදෙස් සංචාරකයන්ට සිදුවන අමානුෂික පහරදීම් කාන්තාවන් දුෂණය කර මරාදැමීම ළමා අපචාර මන්කොල්ලකැම සහ සංචාරකයින් ආරෂාව නොමැතිවීම මත ඉන්දීයාව තුල සංචාරමෙන් කිරීමෙන් වළකින්න (අ)
මමනම් කියන්නේ ටික කාලයකට නවත්වමු (දී)
මොකටද ඉන්දියාවේ යන්නේ... ලංකාවෙනෙ බුදුහාමුදුරුවන්ගේ දර්මය තියෙන්නේ. දර්මය දැක්කොත් තමයි නියම බුදුන් දැකියහැක්කේ "යෝ දම්මන් පස්සති, සෝ මන් පස්සති" - යමෙක් ධර්මය දකීද. ඔහු මා දකී - බුදුහාමුදුරුවෝ. දැන්වත් හරියට බුදුසරණ යන ක්‍රමය අවබෝද කරගෙන ධර්මය සහ විනය අතනොහැර පුරුදු කරන්ඩ, හොද තමාට අවංක ධර්මිස්ටයෙක් වෙනඩ . බොරු වැඩ කර කර නිකන් වයසට යන්ඩ එපා. මමේ ක හමොටයි මතක්කරල දුන්නේ තවවතාවක්. (අ)
ඉතා වැදගත් සාකච්චාවක් (දී)
අපි තමිල්නාඩු යන එක වර්ජනය කරන්න ඕනෑ. අපෙන්ම කාලා අපටම ගහනවනෙ. කිසිම තමිල්නාඩු ධීවරයෙකුට අපේ මුහුදු සීමාවට ඇතුල් වෙන්න දෙන්න හොද නැහැ. මේවා චැනල්4 වල දාන්නෙ නැද්ද දන්නෙ නැහැ. (නි)
ආරක්ෂාව තියෙනවා නම් විතරයි එන්නේ (දී)
දුන්නත් යන්නේ නැත (දී)
අපේ අයට යන එක තහනම් කරන්න. එයාලටත් ලංකාවට එන්න එපා කියන්න. (නි)
තව කාලයක් යනතුරු යන්න එපා මම කියන්නේ (දී)
ශ්‍රී ලාංකිකයන්ගේ ආත්ම ගෞරවය මේ අන්දමට කෙළෙසෙන්න ඉඩ දෙන්න එපා. වගකිවයුත්තන් කසාය බීපු ගොලුවන්සේ තව දුරටත් මුනිවත රැකීම නිවට කමකි. ශ්‍රී ලාංකිකයින්ට තමිල්නාඩුව වහාම ක්‍රියාත්මක වනසේ තහනම් කලාපයක්සේ ප්‍රකාශ කලයුතුයි. වන්දනාවේයන්නන් කෙලින්ම නවදිල්ලියට හෝ බුද්ධගයාවට යාම අනිවාර්ය කල යුතුයි. (අ)
ලංකාවට පැමිණි තමිල්නාඩුවෙක් අල්ලගෙන ඔය විදියටම ප්‍රති උත්තර දෙන එකයි එකම පිළියම. (නි)
ඇයි යන්න වෙන රටවල් නැද්ද අපේ මිනිස්සුන්ට? (නි)
අහමඩ් හරි. කෙලින්ම බුද්ධගයා යන්න. චෙන්නායි නොයන්න. දකුණු ඉන්දීය භාණ්ඩ මිලදී නොගන්න. (නි)
ආත්ම ගෞරවය රැකීම නිවටකමක් නොවේ. තමිල්නාඩුව තහනම් කලාපයක් සේ ප්‍රකාශ කළයුතුයි. (නි)
රේල් පාර හැදීම, තෙල් ගවේෂණ සහ අයි.ඕ.සී වැනි ඉන්දියාව සමග එළඹ ඇති කොන්ත්‍රාත් ගිවිසුම් සියල්ල අවලංගු කළ යුතුයි. ඉන්දියාවෙන් වාහන ගෙන්වීමද නවතා දැමිය යුතුයි. (නි)
ලංකාවේ අපිව මේ තරම් එපාද (දී)
දුන්නත් යන්නේර නැහැ, මෙහෙට එන්න හිතන්නවත් එපා (දී)
කන්න දීපු අත සපාකන්න නරකයි. (නි)
පැහැදිලිවම නොයා යුතුයි. කවුරු හරි මරලා පුච්චනකම් ද බලා ඉන්නේ (අ)
යන්න කියලා ගුටි කෑවොත් අපේ විදේශ අමාත්‍යාංශය වගකිව යුතුයි. (අ)
ඉන්දියාව 100% වග කියන්න ඕනේ මේ වැඩේට (දී)
ජිනීවා, දැක්කාද මේවා ! (දී)
පාලකයින්ට පෙර ජනතාව සංවිධානය වී සියළු ඉන්දියන් බඩු සහ සේවා වර්ජනය කරමු. (නි)
දැන් දඹදිව වන්දනා නඩ කරුවන්ට තමයි ප්‍රශ්නය වෙන්නේ (දී)
ශ්‍රී ලාංකකයනට ගුටිකන්න ඉඩ නොතියා ඉන්දියාවට යන එක තහනම් කරන්න (අ)
මම නම් කියන්නේ ඉන්දියාවට යන එක සම්පූර්ණයෙන්ම නවත්තමු කියල (අ)
මම හිටියනම් අපේ ස්වාමීන් වහන්සේට පහරදෙනකන් නිවටවෙලා බලන් ඉන්නේ නෑ. මගේ ඇස් තෙත්වුණා මේක දැකලා (අ)
තමිල්නාඩුවට යාම බෞද්ධයන්ට හා ක්‍රිස්තියානි භක්තිකයන්ට ජාතිවාදි නිසා භයානකයි කියල තහනම් කරමු. (අ)
ටික කාලයකට නැවැත්තුවානම් තමයි හොඳ (අ)
ජනපතිතුමණි වහාම නවත්වන්න. පින් සිද්ධ වෙයි (අ)
ඉන්දියන් ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි.(නදී)
ආරක්ෂාව සහතික කරන තුරු වහාම තමිල්නාඩුවට යාම නවත්වන්න. දකුනු ඉන්දියාවෙන් ගේන භාන්ඩ පිළිබදවත් අපි අවදියෙන් සිටිය යුතුයි.(නදී)
බුද්ධ ගයාවට කෙලින්ම යන්න. චෙන්නායි ගුවන් මාර්ගය අවලංගු කරන්න. (අ)
භික්ෂූන්ට ලෝකෙ රටක පාරේ බැහැලා යන්ට බැරිවෙන තැනකට එන එක වළක්වන්න නම් අප හැම බොදු බණ අනුව ප්‍රශ්න විසදිය යුතුයි. මා ලංකාදීපයට ස්තූති කරමි කිසි දිනක රට අවුලට වැඩ නොකරන නිසා, (අ)
පහර දුන් අය ශ්‍රී ලංකාවෙන් තමිල්නාඩුවට ගිය කොටින්දැයි පරික්ෂා කර බැලිය යුතුයි .එසේනම් ඔවුන්ට දඬුවම් කිරීම සඳහා අපේ රටට බාර දීමට ඉන්දියානු රජයට බල කල යුතුයි. (දී)
ඇස් නෙමේ තෙත් වෙන්නෙ. මේවා දක්කාම ඇගේ ලේ තමා රත්වෙන්නෙ. ඔය මිනිස්සු ඉන්න තැන් වලට යන එක වහාම නවත්වමු. අපේ බුදුන් අපි මෙහේ ඉදන් වදිමු. අපට දැන් බලාගන්න පුලුවන් මේවට කත කරන දේශමාමක දේශපාලකයො කවුද කියලා. (නි)
තව ටික දවසක් යනකල් නොගිහින් ඉන්න එක අපි කාටත් හොදයි (දී)
දුන්නත් අපි නම් යන්නේ නැහැ (දී)
සාකච්චා ඉක්මන් කරන්න (දී)