
බටහිර තුර්කියේ ඉස්මීර් වරාය නගරය ආසන්නයේ පිහිටි යකඩ සහ වානේ කර්මාන්තශාලාවක සිදු වූ පිපිරීමකින් 17 දෙනකු මියගිය බවත් තුවාල ලැබූ 12 දෙනකු රෝහල්ගත කළ බවත් විදෙස් මාධ්‍ය පැවැසීය.
මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනා රටේ ප්‍රමුඛ පෙළේ වානේ නිෂ්පාදකයකු වන අලියාගා පිහිටි 'හබාස් ඩෙමීර් චෙලික් කර්මාන්තශාලාවේ සේවකයන් බව තුර්කි බලධාරීහු පවසති.
බොයිලේරුවක් රැගෙන යමින් තිබූ ක්‍රේන් යන්ත්‍රයක් අනතුරට පත්වීමෙන් මෙම පිපිරීම සිදුවිය. පිපිරුමෙන් පසු හටගත් ගින්න නිවා දැමීමට මහත් පරිශ්‍රයක් දැරීමට සිදුවිය. එම අවස්ථාවේ, කර්මාන්තශාලාවේ ඇති විදුලි චාප උදුනක නඩත්තුවක් සිදුවෙමින් පැවැතිණි.
කර්මාන්ත ශාලාවේ පිපිරුම හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සොව පළ කර ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd