උතුරු මැද පළාතේ පාසල් කථික තරඟවලින් ප්‍රථමස්ථානය දිනූ අත්තරගල්ලෑවේ ඉෂාරා මධුෂානි පෙරේරා දැරියට සමස්ත ලංකා තරගයට සහභාගී වන ලෙස දන්වන ලිපිය තරගය පවත්වා දින හතකට පසු ලැබී ඇත.
පසුගිය තුන්වැනිදා කොළඹ ආනන්ද විදුහලේදී තරඟය පැවැත්විණි. ලිපිය ලැබුනේ 10වැනිදාය.
එම ලිපියට අත්සන් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච් යූ ප්‍රේමතිලක මහතාය.
2012.10.19 වැනි දින තැපැල් කළ එම ලිපිය ඇයට නිසි වේලාවට ලැබී නැත්තේ ලිපිනය වැරදීම නිසා යැයි පාසල් ආරංචි කියයි.
අතරගල්ලෑව පිහිටියේ බකමූණේය. එහෙත් ලිපිය යවා ඇත්තේ හිඟුරග්ගොඩටය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට කියන්න දේවල් නම් තියෙනවා.කියලා වැඩක් නැති නිසා හිතේ තියාගෙන ඉන්නවා. (නි)
මේක ලෝකේ හැටි උගත් අය කොයි තරම් රටේ නිකරුනේ මැරෙණවද ඒ වගේම වසර හතරකට ආසන්න කාලයනක් විශ්ව විද්‍යාලයේ ඉඳලා ආදරයෙන් පැරදිලා දිවි නහගන්න අය ඉන්න රටක මේකත් තවත් පුවතක් විතරයි මොකටද කළබල ? (වි)
මෙයින් ගම්‍ය වන්නේ අධූරදර්ශී නිලධාරීන් නිසා අසරණ දරුවන්ට වන්දි ගෙවීමට සිදුවන බව නොවේද? (නි)
මේවා දැං නිරන්තරයෙන් සිදුවෙනවා.. මගේ බිරිදගේ ගුරු පත්වීමේ ලිපිය ලැබුණෙත් ප්‍රමාධ වෙලා. සතියක්.. (නු)
දැරිය එක්ක මොකක්හරි තරහක් තියෙනවද දන්නෙ නැහැ. (නි)
මේවා කාට කියන්නද? උඩ බලගෙන හූල්ලන්න තමයි ඉතුරුවෙලා තියෙන්නේ. (නි)
මේ වගේම දෙයක් මටත් උනා 2002 සිංහල භාෂා සමස්ථ ලංකා තරගයේදී නාලන්දා විද්‍යාලයේ පැවැති.. මම දිස්ත්‍රික්කයේ පළමුවැනියා උනා බස්නාහිර පලාතේ. නමුත් ලිපි ප්‍රමාධයකින් මට එම අවස්ථාව අහිමි උනා.. මම ඒකාලෙ උසස් පෙළ ලියමින් හිටියෙ. දින දෙකකට පසුව මට පණිවිඩයක් ලැබුණා පාසලට.. මේක තමයි යන විදිය.. මට ගොඩක් කණගාටුයි..! මෙම නැගනියට සාධාරණයක් වෙයි කියා හිතනවා..!(නු)
ආදරණීය සොයුරිය, ඔබ දක්ෂ ශිෂ්‍යාවක්. මෙයින් අධෛර්යයට පත්නොවන්න. (නි)
පවු. (නි)
ආදරණීය දුවේ,මේ ලෝකය ඔහොම තමයි. ඔබ ඉදිරියටම යන්න. (නි)
දුවේ,මේ පුවත දකින දකින වාරයක් පාසා මට එන්නේ පුදුම තරමේ කේන්තියක්. ඔයා අධෛර්යමත් නොවී ඉදිරියටම යන්න. (නි)
මේ දැරියට සාධාරණයක් ඉටු කර දී රටට වැඩදායක දරුවන් දිරිමත් කරන්න. (නි)
දයා, මෙවන් අපරාධකරුවන් පිළිබද හෙළිදරවු කිරීම තමන් තමන්ගේම ජීවිත අවදානමකට ලක්කර ගැනීමක් යැයි මට හැගේ. (නි)
බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු කරුණක්.. මෙවන් පුවත් පළකිරීම ගැන ලංකාදීපයට තුති..!(නු)
ඇමෙරිකාවේ සිද්ධියක්ද?ලංකාවේ මෙහෙම වෙනවා කියලා මට නම් හිතා ගන්න අමාරුයි. (නි)
දයාබර පොඩි දුවේ, ඔබට ලොකු අසාධාරණයක් කරලා තියෙන්නෙ. ඔවැනි දේවල් බොහෝ සිදුවෙනවා. මොනවා වුණත් ඔබ අධෛර්යයට පත්නොවී ඉගෙනීමෙහි යෙදෙන්න. ලොකු අතු නැති නිසා ඔබට ඔහොම වුණාට ඔබේ දිරියට යමක් කරන්න ඒ අසරණ මිනිසුන්ට බැරි බව පමණක් හිතට ගන්න. (නි)
මේ ලිපිනය ලියපු කෙනා ලංකාවෙ කෙනෙක් නෙමෙයිද? මෙහෙම මිනිස්සුද ලංකාවෙ ඉන්නේ? (නි)
අනේ නංගි අපේ තාත්තලා අම්මලා නම් සෙරෙප්පු දාගෙන වත්තේ පිටියෙ වැඩ කරන්න දුන්නෙ නැහැ.. ආරක්ෂාවට හොදයි තමයි.. ඒ උනත් එයාලා කියන්නේ අපේ පය මහ පොලොවෙ ගැටෙන තරමට හැදෙන ගහ කොල නිරෝගිමත්ලු...!(නු)
පවු පුංචි දුව. ලංකාවෙ කවදාද හරියට වැඩක් කළේ? (නි)
අනේ මගේ දරුවෙකුට මෙහෙම වුණා නම් මට මොනතරම් නම් දුකක් දැනෙයිද? ඔබට ජය නියතයි ුදවේ. (නි)
මෙහෙම කරනවා ගොඩක් නිලධාරියො, මොකද ඒ අයගෙ හිතවත් අයට චාන්ස් එක දෙන්න එපායැ. (නි)
හිත කලබල කරගන්නෙ නැතුව මේ වුණු දෙයින් තව තවත් දිරිමත් වෙන්න. (නි)
චමින්ද මහත්තයෝ, ඔයා ජීවත් වෙන්නේ ලංකාවේද? අනේ කරුණාකරලා සතියක් විතර ලංකාවේ ජීවත් වෙලා බලන්නකෝ. (නි)
ඔබට ජය ලැබෙනවා දුවෙ ඉදිරියටම යන්න... (නු)
දුවේ ඔයදේවල් වලින් තමා තවත් දිරිමත් වෙන්න ඔනි..(නු)
ආසියාවේ ආශ්චර්යයට යන ගමනේ..!(නු)
මෙන්න මෙහෙමයි ආශ්චර්ය කරා යන රටේ තැපැල් සේවය..!(නු)
ආශ්චර්යයනේ..!(නු)
ආසියාවේ ආශ්චර්යය..!(නු)
දුවේ ඔයාට මේ උන දේ ගැන තැවෙන්න එපා.. මීට වඩා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මොනතරම් අසාධාරණයක් වෙනවාද කියලා උඩ ඉන්න දෙයියෝ තමයි දන්නේ.. දැංවත් මෙ සිදුවුණ අසාධාරණයට සාධාරනයක් ඉටු කිරීමට බලන්න..!(නු)
දුවේ ඔබට ජය නියතයි..!(නු)
ලලිත් කටාර්.. යන්නේ කොහෙද මල්ලෙ පොල්..? අනේ ළමයෙකුට හිත හැදෙන්න ධෛර්යය දෙන්න.. දෙන්නෙම පස්සට යන්න...(නු)
අගනුවර සහ ඉන් එපිට ගැටුම් එදත් තිබුණා අදත් තියෙනවා. හෙටත් තියෙනවා..!(නු)
දුවේ, ඔබ ඉගෙන ගන්නා පාසැලේ තවමත් ඔබලාට උගන්වන්නේ "ශ්‍රීලංකාව පෙරදිග මුතු ඇටය" කියලද? ඔබ ඔවුන්ට උගන්වන්න "නැහැ ශ්‍රීලංකාව ආසියාවේ (අ)මුතු ඇටයක් කියාලා.........(නු)
දුප්පත් කමට නිසාම ඔහොම කරන්නේ පෝසත් නම් ගෙදරට ගෙනත් හරි දේවි මොනවා කරන්නද දුවේ.. කලකිරෙන්න එපා ඔයාට ජයනියතයි දෙවි පිහිටයි..!(නු)
මේ දරුවට කවුරු කවුරුත් එකතුවෙලා උදව් කරමු.. ඉගෙන ගන්නයි ගෙදර හදාගන්නයි..!(නු)
මෙවැනි ආශ්චර්ශය මත් රටක මෙහෙම වෙන්න කිසිම විදිහක් නැහැ.. දවස් හතරක් පහුවෙලා හරි ලියුම ලැබුණු එක ලොකු දෙයක්..!(නු)
පව් පුංචි හිතට කොතරම් දුක හිතෙන්න ඇතිද?(නු)
එතකොට වැරදි ලිපිනයක් දුන්නේ කවුද?(නු)
ලලිත් අංගොඩ යනකොට වැරදිලාද කොහෙද දැං ඉන්න තැනට ගිහිං තියෙන්නේ.. ගහෙන් වැටුණු මිනිහාට ලලිත් අනින්න යන්න එපා හොද නැහැනේ.. අපිත් හොදට මහන්සියෙන් වගාකරලා කන මිනිස්සු..!(නු)
කවුද වග කියන්නේ
නංගී, නොසැලී ඉදිරියටම යන්න. පරිස්සමෙන්. දැන් තේරෙනවා නේද අපේ රටේ තත්වය
කාට කලා වුණත් මෝකද, රජයේ සේවකයන්ට වෙලාවට පඩිය ලැබෙනවානේ. ඔහොම යන් නංගී (අ)
රට තව ටිකක් ලොකු වුනානම් එහෙම ලිවුන් යවල හමාරයි...(නු)
හිතන්න එපා දුවේ මේක ආශ්චර්යය..!(නු)
හරිම අසාධාරණයි.. වරද කාගෙද කොතනද? වගකිවයුත්තන් නැවත මේවැනි වැරදීම් නොවන්නට වගබලා ගන්න...!(නු)
මේවා වැරදීම් නෙවෙයි. බරපතල අපරාධ. (නු)
කලකට පෙර තැපැල් සංකේත ක්‍රමයක් (Post code) හඳුන්වා දුන්න නේ ද? දැන් මොකක්ද එකේ තත්වේ ?(නු)
දුවේ පසු බසින්න එපා.. මුළු රටම දැං යන්නේ වැරදි පැත්තට.. මෙය වෙනස්වන දවසක් එනවා.. නුඹට ජයම පතනවා.. මේ සාපයෙන් කවුරු හෝ රට බේරාගනීවි.. නුඹට දලදා සමිදු පිහිටයි..!(නු)
@ලලිත් කටාර්: යන්නේ කොහෙද, මල්ලේ පොල්. මොකද ඔයා කටාර් ගියේ, තාත්තලා අම්මලා කිව්වේ නැද්ද අපේ රටේ මහ පොලොවෙ ගැටී ගැටී ඉන්න කියල ?(නු)
පුතේ අපි ඔබ ලගම ඉන්නවා බය වෙන්න එපා ශක්තිය ගන්න දරුවෝ.. කට හයියනම් හොදයි..!(නු)
මේ වගේ දේවල් නමගිය පාසලක දරුවෙක්ට වුණා නම් බලන්න තිබුණා වැඞ ටික. (නි)
අපි මේ දරුවට උදව් කරමු . හැමෝම එකතු වෙන්න (ස)
පුතේ, ඔයා තනිවෙලා නැහැ. අපි ඔබ සමගයි. (නි)
පාලිත මාලදිවයින, හොද අදහසක්. අපි උදව් කරමු. දක්ෂ ශිෂ්‍යාවක්.... (නි)
පව් ඒ ළමය
මේක කාගේ හරි සැළසමක්. (නි)
කියනවනම් කියන්න දේ එමටයි. නිකං ලේ රත්වෙන වැඩ.. අධූරදර්ශී නිළධාරීන්ගේ වෘෂභ ක්‍රියා කලාපයකි. (නි)
අධ්‍යාපන පරිපාලනයත් වළ පල්ලට ගිහින්ද? (නි)
මේවා නම් ලංකාවේ තියෙන ලොකු දුරුවල කම් (දී)
මේවා හිතාමතා කරන වැඩ. (නි)
නිමල් විජේසිරි මහතාගේ නවකතාව කියවන්න කියලා මම මේ දරුවාට යෝජනා කරනවා. (නි)
දුවේ, මෙහෙම දේවල් මේ රටට සාමාන්‍යයයි. අපි මොකද දරුවෝ ඉතිං කරන්නේ? (නි)
කාටද කියන්නේ
පව් ඒ ළමයා
ලොකු ලොක්කන්ට ගමේ අපි වටින්නේ නෑ දුවේ....හිත තවත් දිරිමත් කර ගන්න..ඔබට වරදින්නේ නෑ..(ස)
මගේ දුවේ මේ දේ හයියක් කරගෙන තව ඉදිරියට යන්න. දුප්පත් අපිට ඔට වගේ දේවල් එමටයි. බුදු සරණයි (ස)
මේ දරුවගේ තොරතුරු , ලිපිනය ආදිය ඉදිරිපත් කරන්න ....උදව් අවශ්‍ය දුවෙක් බව පේනවා (ස)
ලංකාවේ හැටි තමයි
නා ඩන් පුතේ ඉහිරුන කිරට ඒන වසෙර්දි ඒන්නෙකා ඔබ පෙරමුණට (ස)
හිතා මතා කළ දෙයක් වෙන්න බැහැ, අත් වැරදීමක් වෙන්න ඕනෑ ... අහිංසක අපටම තමයි ඕව වෙන්නේ (ස)
මිනිස්සු රට අත්හැරලා යන්නෙ සල්ලි නිසාම නෙමෙයි. මෙහෙම අසාධාරණ නිසා කළකිරිලා. (නි)
අයියෝ සල්ලි
කවදාවත් උත්තර නොලැබෙන නිමක් නැති මෙවන් ප්‍රශ්න නිසයි මිනිස්සු බෝට්ටු වල එල්ලිලා හරි පිටරටවලට යන්නේ. (නි)
ආදැරණිය දුවේ. දුක්වෙන්න එපා. තරගය අහිමිඋනාට ඔයාගේ හැකියාව අහිමිකරන්න කාටවත් බෑ. හොඳට කථිකත්වය දියුණු කරගන්න ගමන් හොඳින් ඉගනගන්න. බාහිර පොතපත කියවන්න. ඔබට යහපතක්ම වේවා.(ස)
ඔහොම තමයි පුංචි අපිට තමයි හැම නඩුවක්ම .ඔතනින් නතර වෙන්න එපා ඉදිරියට යන්න (ස)
මේවා අද එච්චර පුදුම වෙන්න දේවල් නෙමෙයි. (නි)
අපි මේ දරුවට උදව් කරමු ඉදිරියට යන්න (ස)
ආදරණීය දුවේ, හොදින් ඉගෙනගෙන වෙනත් රටකට යන්න. ධර්මද්වීපය අත්හරින්න. (නි)
මේ වගේ නිලධාරීන් එලවන්න ඕනි .රට කනවා මෙයාලා (ස)
කරුණාකර මෙම දියණියට උදවු වෙන විදියක් ගැන කතාකරමුද? (නි)
ඔයා ඕවට යන්නේ නැතුව තාත්තට උදව් කරගෙන ඉන්න (ස)
ධෛර්‍යවන්ත දරුවෙකුට අසාධාරණයක් වෙලා. අනේ පව්...නොසැලී ඉදිරියටම යන්න ජය නියතයි..බුදු සරණයි (ස)
මේ කාලය අපතේ හරින වැඩ පැහැර හරින නිලධාරීන්ට සොබාදහමෙන් දඩුවම් ලැබේවි (ස)
මේ මොන කතාවකින්වත් වැඩක් නෑ.ඒ ළමයට වන්දියක් ගෙවිය යුතුයි..පාසලේ ලිපිනයට හරි එවන්න අදාල බලධාරීන් දන්නේ නැද්ද ?? මේවට දඩුවම් නොකලොත් ඉදිරියටත් මේ දේවල් සිදු වේවි (ස)
හැමදේම වෙන්න යහපතටයි...ඔබට ජය නියතයි (ස)
පුතේ ඔයා සමස්ථ ලංකා තරඟාවලියටත් තේරේවි ...... වෙලාවට ලිපියත් ලැබේවි ලබන අවුරුද්දෙදි ඔබ දිනාවි..(ස)
මට මේ දුව ගැන ඇත්තටම කණගාටුයි. (නි)
මේ වගේ වැඩපැහැර හරින්නන් ඉන්න රටක ජීවත්වන අපියි පව්කාර (ස)
ඉලග පාර e-mail ඒකක් ඒවන්න කියන්න (ස)
මේ ගෙදරට යන පාර කාපට් කරමුද ? (ස)
මටත් මීට සමාන සිද්ධියක් වුණා. (නි)
ගිය දේ ගිය බව ඇත්ත. ඒ වුණාට මෙහෙම දේවල් නැවත ඇති නොවීමට වගබලා ගන්න එකයි වියයුත්තේ. (නි)
සිරිපාල කියනදේ හරි. හැකි ඉක්මණින් වෙන රටකට යන්න. (නි)
ලංකාවේ ආශ්චර්ය(ස)
මේ රටේ අධ්‍යාපනය විනාශ කරනව.. හරිනම් කළ වැරද්ද නිවැරදි කරන්න බලධාරින් කටයුතු කළ යුතුයි.. එහෙම කරලා දරුවන්ගෙන් පලි ගන්න යන්න හොද නැහැ. අහිංසක දරුවන්ගේ ජීවිත බලධාරින්ගෙන් රුක ගැනීමට දෙමව්පියන් නිතර සෙවිල්ලෙන් ඉන්න...(නු)
පුංචි දුවේ ඔයා නොසැලි ඉදිරියට යන්න. ජය වේවා (ස)
මොනවා වුණත් රටේ ඇත්ත තත්ත්වය ඒ ළමයා තේරුම්ගත්ත එක ගැන මට ගොඩක් සන්තෝෂයි. (නි)
දුක්වෙන්න එපා නංගි. කවදාහරි ඔයාට හරියයි. (නි)
වාසනාවන්ත අනාගතයක් (ස)
ලලිත්, නංගිගේ සහතික ටික දැක්කේ නැද්ද? (නි)
දුවේ, ඔයා ජනාධිපතිතුමාට මේ අසාධාරණය දන්වන්න. එතුමා කුමක් හෝ දෙයක් කරාවි මේ වෙනුවෙන්. (නි)
ඉන්දි, ෂාන්, වැදගත්කමක් ඇති අදහස් දාන්න. (නි)
ඇයි ජනතාව හිතන තරම්වත් මේ දේශපාලකයින් හිතන්නේ නැත්තේ? (නි)
වරදක් කරත් සිතකින් නොවේ ............... (ස)
ඕවා ගණන් ගන්න එපා දුවේ. ඔයාට සුභ අනාගතයක්. (නි)
ලොක්කෙක්ගෙ දරුවෙකුට වුණා නම් මෙලහකට මෙනවා වෙලාද දන්නෙ නැහැ. (නි)
ගරු මහත්මයාණෙනි, මට පුලුවන් නම් මේ දුවගෙ ගෙදර ලිපිනය හෝ දුරකතන අංකයක් ලබාදෙන්න. (නි)
දුවේ, මෙහේ වැඩ ඔහොම තමයි. දූට හොද අනාගතයක් තියෙනවා. හොදට ඉගෙනගන්න. (නි)
ඇයගේ නිවසේ ලිපිනය හෝ දුරකථන අංකය දන්වන්න (ස)
නුඹට ජය! (නි)