වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයෙහි වෙසක් තොරණ රැසක්ම ප්‍රදර්ශනය කෙරෙන අතර ඉන් සමහරක් ඉදි කිරිම් දැනටම නිමවී ඇති අයුරු දැක ගත හැකි විය.
දෙමටගොඩ,පෑලියගොඩ,පිටකොටුව සහ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ තොරණ මෙසේ නිමා වී ඇත.
කොළඹ කොස්ගස් හන්දියේ තොරණද අද (21) සවස වන විට නිමවා අවසන් කරන බවත් ඒ සදහා රුපියල් ලක්ෂ 25 ක් පමණ වැය වී ඇත.
තොරණ ප්‍රදර්ශනය කිරීම කිරීමට දිනකට විදුලි බිල රුපියල් පහළොස්දාහක් පමණ වැය වන බවත් ,විදුලිය ලබා දීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් හැත්තෑඅට දහසක් ගෙවීමට සිදු වන බවත් තොරණ සංවිධායකයෝ කියති. තමන්ට කිසියම් හෝ සහනයක් ලබා දෙන්නේ නම් කෘතඥ වන බව තොරණ ඉදිකරන්නෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ අදහස් දාලා ඉන්න නෝනලා මහත්වරු දැක්කම ඇගේ මාලු නටනවා. තොරණ කියෙන්නේ බෞද්දයගේ සලකුණක්. අපි කුඩා කල අසාවෙන් බලපුවා අපේ දරුවන්ටත් බලන්ඩ ඕනේ. මේ කුහකයෝටත් පේන්නේ තොරණේ වියදම. බලා පල්ලා රටේ වෙන අනිත් නාස්තිය.(නදී)
චතුල වෙරෝනා, බල්ලෝ නාවන්න ගිය මිනිස්සුන්ට ආගම දහම ගැන අවබෝධයක් නැහැ. ආගමේ විනය හදන්න මෙහෙම සේනාවක් ඉන්න එක හරි හොදයි. තමුන්ගේ නුගත්කම ප්‍රදර්ශනය කරන්න එපා.(නදී)
අපේ හිටිවන කවි,චිත්‍ර කලාව,නව නිර්මාණ,ජාතක කතාවෙන් දෙන උපහැරණ....මේ ඔක්කොම තියෙන තොරණ තව බොහෝ කල් වැජබේවා.(නදී)
සඳුන්ගේ අදහස හරියටම හරි. මහජන බදුමුදල් කෝටි ගණන් නාස්තිකරන අර උත්සවේ මේ උත්සවේ ගැන නැති කැක්කුමක් කොම්පැනියක් තමන්ගේ මුදලින් හෝ තරුණ පිරිසක් ආධාර එකතු කරල හෝ ඉදිකරන තොරණක් ගැන දක්වනවා. මිනිස්සු යට ඇඳුමක් විතරක් ඇඳලා පාරේ යන්නේ නැත්තේ ඇයි? එකෙන් මුලික අවශ්‍යතාවය පිරිමහෙනවනේ? ඒත් එහෙම කරන්නේ සභ්‍යත්වය නිසයි. සියලුම බෞද්ධයෝ දාන සීල භාවනා විතරක් කරනවානම් ඒ ඇති. නමුත් ඇයි ආගමික උත්සව, පෙරහැර පවත්වන්නේ? මිනිහෙක් මැරුණාම වලට ගිහින් දාන්නේ නැතුව ඇයි අවමංගල උත්සවයක් තියන්නේ? හැම දෙයක්ම ආර්ථික දෘෂ්ටියකින්ම මනින එකද අපි කලයුත්තේ? (නදී)
අරහන්( තේරුම:-බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළසේක.සියලු ලෝ වැසියාගේ ආමිස පුජා, ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වනසේක.)එබැවින් දවස් 365 වරක් කරන මෙම ආමිස පූජාවට අවමන් නොකරන්න. කට තිබුනට හරයක් නොමැති දේවල් නොකියන්න. ඔය ගරහන එකෙක් දන්සැලකට තොරනකට එක සත පහක් දෙනවද? (නි)
කුමාර් වගේ මෝඩයන් ආගම ගැන ඉගෙන නොගෙන මෝඩ අදහස් දානවා.ඔලුව අතගාල බලනවා අං දෙක පිටවෙලා ඇති. (නි)
ජීවන්,හොඳට නරකට, දෙකට කටමය. දන්නවද? අහල තියෙනවද?(නදී)
දැන් අපේ රටේ සල්ලි නාස්ති කරන්නේ, රට මේ තරම් අමාරුවේ වැටිලා ඉන්නේ වෙසක් එකට හදන මේ තොරන් ටික නිසාද? හෙට අනිද්දා කියාවි පොසොන් එකට දන්සල් දෙන්න ඕනෑද, ගෙවල් වල කෑම උයනවනේ, ඒවා කාලා පින් කරගෙන ගියාවේ කියලා. මේවා බොදු චින්තනයට, චරියාවට නොගැලපෙන කුහක මිත්‍යාදෘෂ්ටික අදහස්. වෙසක් සිරියෙ අසිරි පහන් සිතින් බැතිබරව විද ගන්න. තමන්ට හැකි හැකි පමණින් ආමිස ප්‍රතිපති පුජා කරන්න. බෞද්ධ අබෞද්ධ සැමට සුබ වෙසක් අසිරි! (නි)
මිනිසුන්ගේ සිත් තුල කරුණාව, මෛත්‍රීය පවතීනම් තමන්ට හැකි අයුරින් පමණක් ආගමික සංකේතාත්මක කරයුතු සිදුකලාට එයින ආගමට හානියක් නැහැ. මේ හැමදේම භෞතිකයි තාවකාලිකයි. අවශ්‍ය වනුයේ පුද්ගල ආධ්‍යාත්මයේ දියුණුවයි (නි)
කුඩා කල මගේ පියා මා කර මත තබාගෙන කොළඹ තොරන් පෙන්නුවා. තොරණේ විරිදු රබන් හඩ මගේ පුංචි හිතට කාවැදිලා තියනවා. දවස් ගානක් ඒ තාලය මුමුණනවා. මේක අපි ගොඩනැගුන පරිසරය. කල්ප කියලා තියන දේ හරි. අපි පහන් කුඩු හදන්නේ බොදු ගී අසමින්. වෙසක් කියන්නේ අපට මහා ලොකු මංගල්ලයක්. අපි වෙසක් එකට හාත්පස ආලෝකවත් කරලා සරසන්නේ ආමිස පුජාවක් විදියට බැති සිතින් මිසක් කාගේවත් බල කිරීමකට නොවේ. බුදු දහමේ කිසි දෙයක් බල කරලා කියන්නේ නැහැ. අවබෝද කරගැනීම වුණත් තම තම නැණ පමණින් වෙන දෙයක්. වියදම් කිරීම හැකි හැකි පමණින් කෙරෙන දෙයක්. (නි)
චතුල , මතක තියාගන්න. කුලී වැඩ කළත් හොඳ බුද්ධිමත් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියලා. ඔබල වගේ අය ඉන්නේ අන්තිම පහත් තත්වෙක... (නි)
ඕනෙම රටක ආගමික සංස්කෘතික උත්සව තියෙනවා. ඒවාට වියදම් කරනවා. වෙසක් එකත් තොරණ හැදිමත් අපේ කම අපේ ආගමික පුනරුදය වගේම අපේ එකමුතුකම ලොවට කියාපාන මංගල්‍යක් . වෙසක් තොරණකින් කරන්නේ සමාජය නිවැරදී මගට ගන්න බුදු දහමේ නිර්මල කථාවස්තුවක් ගෙන කලාත්මක අයුරින් ගෙනහැර දැක්වීමයි. අනේ ඉතින් මේ වගේ උත්සාහයකට උරදෙන අපේ මිනිසුන්ව අධෛර්යට පත් නොකර කටවල් වහගෙන ඉන්නවද කට්ටියම ? (නි)
ධර්මසේන ඔයා ආඩම්බර වෙවී ඉන්න. ඔයාගේ ආඩම්බර පෙන්වන්නේ කාටද කියලත් කියනවද. පිටරට සුද්දන්ටද? ලංකාවේ මැට්ටන්ටද? සමාවෙන්න දන්නේ නැති නිසයි අහන්නේ. (නදී)
වෙසක් මාසෙට තෝරන් ඉඳිකිරීම, දන්සල් දීම, සැරසිලි කිරීම, නිවෙස්වල වෙසක් කුඩු එල්ලීම යනාදී පුරාණයේ පටන් අපේ රටේ පැවත එන්නක්. එදා අපි ඒ දෙය කලේ ශ්‍රද්ධාවෙන්. නමුත් අද එහෙම නැහැ. වැඩියෙන් ඇසීමට ලැබෙන්නේ තොරන් ළඟ, දන්සල් ලග විකාර වෙස් මුනවල් දාගෙන පාරෙ යන කෙල්ලන්ට හිරිහැර කරගෙන විහිළු කරගෙන, විලාසිතා මෝස්‌තර විරූපී මෝස්‌තර පැළඳගෙන, පාරදිගේ විශාල කණ්ඩායම් සංගීත දාගෙන නටනටා විනෝද වෙනවා. එදා ජාතක කතා කොතරම් භක්තියෙන්, ආසාවෙන් හා උනන්දුවෙන් අසාගෙන හිටියද? අපි පාරේ ඉඳ ගෙන එළිවෙනකම් බෞද්ධ චිත්‍රපට නැරඹුවා. අපි පාරේ වාහන වලට කරදරකලේ නැහැ, එදා අපි බලපු ජාතක කතා අදටත් මාතකයි. අපි කවදාවත් හිතුවේ නැහැ සිංහල අය දෙමල අය මුස්ලිම් අය කියලා. අපි පන්සල් ගියා කැළණි විහාරේ,අනුරපුරය, සීගිරිය,දබුලු විහාරය කෙතරම් භක්තියකින් වන්දනාමාන කලාද? සද්ධර්ම රත්නාවලිය, සුබාෂිතය, සැළලිහිණි සංදේශය වගේම ලංකාවේ ශ්‍රේෂ්ට ඉතිහාසයම දැඩි භාක්තියකින්. අද අපේ ළමියින්ට ඒ ලස්සන සුන්දර ලංකාව හා සමාජය නැතිවීමට වගකියන්නේ කවුද? මින් ඉදිරියටත් අපිට අසන්නට ලැබේයිද ?(නදී)
බෞද්ධ අපිට මේවයේ වටිනාකමක් තිබෙනවා (නි)
නැනෝ තාක්ෂණය යොදා ගන්න සොයා බැලුවොත් ඔය කියන මුදල හුගක් අඩු කර ගත හැකියි. (නි)
ඔය කවුරු මොනවා කිවත් අපේ කියන හැගීමක් මේ අපේ දේ මේ අපේ රට. තව ටික දවසකින් දන්සල් දෙන්නත් ඕනෑ නැහැ කියලාත් කියාවි. කවුරු මොනවා කිවුවත් මේවා වෙන්න ඕනෑ (නි)
තොරණ් වල විදුලි බිල වගේම රටේ ඇමතිවරුන්ගේ විදුලි බිලත් මහජනතාව සම්මාදන් වෙලා ගෙව්වා නම් ඒක මොනතරම් පිනක්ද? (නි)
අපි දෙන්නම් ආධාර. කවදාවත් බල්ලෝ බිරුවට අපේ දේවල් නවත්වන්න එපා. සමහර අයට මේ තොරණ නයාට අදු කොළ වගේ. (නදී)
වෙසක් දවසට අපිත් යනවා තෝරන්, වෙසක් කුඩු බලන්න. මේවා හැමදාම අපේ රටේ තියෙන්න ඕනා.(නදී)
අනේ මන්දා අපේ සමහර මිනිස්සුන්ට මොනවා වෙළාද මන්දා සමහර මිනිස්සු මහා කාලකන්නි අදහස් දාලා තියෙන්නේ..හරිම දුකයි.(නදී)
මේකේ වැඩිහරියක් ප්‍රතිචාර දාලා තියෙන්නේ බෞද්ධ නොවන අය බව පේනවා. උන්ට සංස්කෘතියක් නැතිවුනාට මේ රටේ වැඩිදෙනෙකුට තාම තියෙනවා.(නදී)
ගයාන්, ඔබ හිතන්නේ සංස්කෘතියක් තියෙන එකම ආගම බෞද්ධ කියලාද? තොරණක් වෙනුවෙන් එක එක මිනිස්සු දාපු විවිධ ප්‍රතිචාර හේතුවෙන් ආගම් විවේචනය කිරීමට මොන හැකියාවක්ද ඔයාට? ඔබ ඔය කියන සංස්කෘතියට අනුව හැදිලා තියෙන බව පේනවා (නි)
කරුණාකර අබෞද්ධ පිරිස මෙතනදී බෞද්ධ අයගේ කටයුතු විවේචනය නොකරන්න. ඔවුන්ට එය කරන්න ශක්තියක් පවතිනවා නම් ඔවුන් කරාවි. මේවායින් පෙනෙන්නේ අණක් ගුණක් නැතුව අණුවන විදිහට සමහරු මේ අදහස් දැක තියෙන වෛරය නිකරුනේ ආගම් පිටින් යවනවා. ඒ මදිවට තම සංස්කෘතියත් පාවාදෙනවා (නි)
කෝ අපේ වේවැල් සේනාව? (නි)
ඔය තොරන්වලට යන මුදල්වලින් දුෂ්කර පළාතක පහසුකම් අඩු පන්සලක් දියුණුවකට වියදම් කලානම් නේද හොඳ?(නදී)
නමුත් ඔබතුමන්ලා මේ පින් කම කරනවා
තොරන් වෙනුවට වෙන විකල්පයක් හොයමු. නැති බැරි රෝගී අයට මේ මුදල් දෙමු.(නදී)
මේවා නම් බොරු වැඩ. ලක්ෂ ගණනක් වියදම් කරළා තොරණක් ගසලා. ලොකු විදුලි බිලකුත් ගෙවලා සුමාන 2 කට. ඔය මුදලින් අපේ රටේ තිබෙන පන්සල් කීයක් ගොඩ ගන්න තිබුනද? අනික් අද ඕවයේ පිටුපස සිදු වන දේවල් නිසා අපේ උතුම් බුද්ධ දර්ශනයට හානියක් නිගාවක් වෙනවා. අද අපේ රට පවතින හැටියට මේවා බොරු වැඩ. දුප්පත් මිනිසුන්ට කන්න දෙන්න තිබුනා මේ සා විසල මුදලින්.(නදී)
ගම්බද පළාත්වල දුප්පත් මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා හරියට කන්න,අදින්නවත් නැති.ඔය බොරු සෝබන වලට වියදම් කරන මුදලින් ඒ වගේ අයට පිහිටක් වෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක් වේවි. (නි)
බුද්ධ ධර්මයේ තියෙන නිෂ්පල මෝඩකම ප්‍රදර්ශනයට මේ මුදල් කාබාසිනියා කරන තොරණම ඇති. (නි)
බෞද්ධයෝ ඔය කියන තරම්ම දුප්පත් නැහැ කියලා ලෝකයේ වසන අන්‍ය ආගමිකයන් දැනගනීවි. (නි)
මේවා නම් බොරු වියදම් තමයි (නි)
මෙහෙමත් අනුවන, පව් කාරයෝ ටිකක්.(නදී)
කාලයක් තිස්සේ පවතින දෙයක් එකපාරට අපිට වෙනස් කරන්න බැහැ. තොරණ් දවස් 3-4 කට සීමා කරනවා නම් හොඳයි. (නි)
මේ පාර වෙසක් තොරණේ විදුලි බිල ඩබල්.(නදී)
ඇත්තටම මේ වගේ දේවල් ඕනෑමද? බෞද්ධයන් හැටියට මීට වඩා වැදගත් දේවල් නැද්ද කරන්න? (නි)
බුදු රදුන් වදාලේ "සෝ මන් පස්සති සෝ ධම්මං පස්සති"මා දකින්න නම් මාගේ ධර්මය දකින්න කියා. පිරිසුදු බුද්ධ ධර්මය සොයන්න දකින්න. එවිට දැන් ඔබ කරන විකාර වැඩ ගැන ලැජ්ජාවට සහ කලකිරීමට පත්වෙයි. බුද්ධ ධර්මය යනු බුද්ධියේ ධර්මයයි!!! (නි)
පොල් ගස් ,පුවක් ගස් කපන එක නම් ජාතික අපරාධයක්. වානේ යොදා ගත්තා නම් නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් (නි)
තොරණ් ඔය විදියට වෙසක් එකට හදන්නේ ලංකාවේ විතරයි. ඒක අපිට ආඩම්බරයක්.වෙසක් සැරසිලි බෞද්ධන්ගේ සතුට ප්‍රබෝධය ඇතිකරවන දෙයක්. (නි)
චතූල වෙරෝනා ,වේවැල් සේනාව මේකට මොකද ගාව ගත්තේ ?මෝඩයා වගේ හැමදේටම ප්‍රතිචාර දාන්නට එපා (නි)
ඔය කතා කියලා තියෙන අය කීදෙනෙක් ඔය තොරණ් බල්ලන්න යනවද ? බලන් ඉන්න බැරි නම් නොබලා ඉන්න. (නි)
මම විශේස දෙයක් කියන්න ඕනේ නැහැ ගොඩක් දෙනෙක් කෙරෙන්න ඕනේ දේවල් කියල තියනවා. (අ)
මට හරි ආසයි ඔය ජාතක කතා අහන්න. පාසලේදී වැඩියෙන්ම මගේ අවධානය දිනා ගත්තේ සිංහල සාහිත්‍යය. මට්ටකුණ්ඩලි වස්තුව ප්‍රධාන තැනක් හිමි වෙනවා. මහෞෂද පණ්ඩිතයන්ගේ ජාතක කතා එහෙම තිබෙන තොරන් අපිට නරඹන්න පුලුවන්ද? (නි)
බුදුරදුන් කාලයේත් නාට්‍ය තිබුණා. අගසවු දෙනමත් සසර කළකිරුනේ ගිරග්ග සම්ජ්ජ නාට්‍යය බලලා. හැමදාමත් පවු කරන මිනිහත් නිරායාසයෙන්ම මේවා බලන්න පෙළඹෙනවා. ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා! (නි)
මේ මහත්වරු බෞද්ධ තොරණට දක්වන විරෝදය. කෝටි ගනනක් වියදම් කරලා බදු නොගෙවා රණ විරුවන් ලවා වැලි කොට්ට ගොඩ ගසමින් කොලඹයි රට වටෙයි පවත්වන කාර් රේස් ගැනවත් නැහැනේ. ගොඩක් අය නොදන්නවට පහුගිය දවස්වල පවත්වපු රගර් මැච් එකට ඉන්දියාවෙන් නිලියන් ගෙන්වන්න කෝටි 5 ක් සහ හොටෙල් බිල් ගෙවුව අපේ මුදල් වලින්. තව අනවශ්‍ය වැඩ ඕන තරම් තියනවා. අනික ඔහොම හිතනවානම් නුවර පෙරහැරත් වැරදියිනේ. රුවන්වැලි සැය හදපු එකත් වැරදියි. දුප්පතුන්ටත් උදවු කරමු බුධුන්ට වසරකට වරක් සද්ධාවෙන් කරන ආලෝක පුජාව නවත්වන්නේ නැතුව. තෙරුවන් සරණයි.(නදී)
අන්‍ය ආගම් නම් මේසා විශාල මුදල් ආගම් සැණකෙලි සඳහා වියදම් නොකරති. එහෙත් පැවත ආ බෞද්ධ සිරිත් මතු පරපුරටද දැකීමට සැලැස්වීම කල යුතුයි.(නදී)
මෙයට අදහස් දක්වා ඇති බොහොමයක් ආගමක් ධර්මයක් නොදත් බඩ වියත ගැන පමනක් සිතනා මෝඩයෝයි. කොපමණ ආර්ථික අපහසුතා මැද උවත් බුදුන්ගේ තෙමගුල වෙනුවෙන් තම දායකත්වය නන් අයුරින් ලබා දෙන දිලින්දෝ සිටීද? තොරණ දන්සැල් වැනිදේ ලොව කොහෙත් නැති බව වටහා ගන්න. මුදල් මත යැපෙන ඉතා සුලු පිරිසක් මෙවැනි අපගේ අගනාදේවල් හාස්සයට ලක්කරයි. මෙවන් උතුම්දේ නැතිකිරීම ඔවුන්ගේ පරමාර්ථයයි.(නදී)