ගම්පහ සිට වෙසක් බලන්නට ආ 19 හැවිරිදි තරුණියකට කොළඹ කොටුවේදී අඩන්තේට්ටම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෝ දස දෙනෙක් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තුරු ලබන සඳුදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබූහ. මොවුන් බීමතින් සිටි බව ද කියති. පැමිණිල්ල විභාගවූයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂික විජේරත්න මහතා හමුවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි....හිරේ දාන්නම ඕනි. නැත්නම් හැදෙන්නේ නෑ....
ප්‍රීති වෙසක්....
අහෝ ධර්ම රාජ්‍යය.
මේ කලිසම් ඇදගත්ත සුනඛයෝද ???
අනේ අපේ තරුණ පිරිමි දරුවන්ගේ හැසිරීම මේ වගේ උතුම් දවසකත් මේ තරම් ප්‍රපාතයට පිරිහුනේ ඇයි.මෝඩ දරුවනේ වෙසක් දිනය කියන්නේ සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ උපත, බුද්ධත්වය, පිරිනිවන්පෑම යන සිදුවීම් තුන සැමරීම පිණිස සමස්ත බෞද්ධ ජනතාවම ආගමික උත්සව පවත්වන දිනයක්.ඉතින් ඒ වගේ වැදගත් දිනයක පන්සිල් පද වලින් සිල් පද තුන හතරක් කඩලා නම්බුවක්ද දෙන්න හදන්නේ.. කේන්ති ගන්න හොඳ නැහැ තමයි.එත් මම ළඟ හිටියා නම් කෙන්ති නොගෙනම අත දිග ඇරලා හොඳ කණේ පාරවල් දෙක ගානේ දෙන්න තිබුණා..ඊට අදාළ රැකියාවක නිරත වෙලා හිටපු තරුණ කාලේ නම් මම එහෙම කරලත් තියෙනවා..නමුත් ඒ කාගේ මේ වගේ ආචාර්ය උපාධි කරලා තිබ්බේ නැහැ. දැන් උගත්කම තිබෙන නිසා වැඩ කරන්නේ ශරිරයෙන් නෙවෙයි මොළේ කල්පනා කරලා.නීතිය අතට ගන්න හදනවා නෙවෙයි. නමුත් සමහර වෙලාවට මිනිස්සු සත්තු වගේ හැසිරෙනකොට සත්තුන්ට වගේ සලකන්නත් සිද්ධ වෙනවා.
හොඳ වැඩේ....අනිවාර්‍යයෙන්ම දඩුවම් දිය යුතුයි....