පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) සිවුවැනි සතියේ තරග අවසන් වන විට මහනුවර ත‍්‍රිත්ව විදුහල අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.
ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ සිවුවැනි සතියේ තරගයේදී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි ශාන්ත පීතර විදුහල ලකුණු 35_25 ලෙස පාරජය කළහ. ත‍්‍රිත්ව විදුහල මේ වන විට ප‍්‍රසාද ලකුණු 19.5 ක් ලබා සිටියි.
මහනුවර ධර්මරාජ විදුහල අපරාජිතව ප‍්‍රසාද ලකුණු 18.5 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු වෙයි.
පාසල් රග්බි පිටියේ ප‍්‍රබලතම පාසල් දෙකක් වන ඉසිපතන විදුහල සහ කිංග්ස්වුඞ් විදුහල සහභාගි වූ තරග හතරම පරාජයට පත්ව අවසන් ස්ථානවල පසු වෙති.
ප‍්‍රසාද ලකුණු සටහන - පළමු කොටස ‘ඒ’ කාණ්ඩය
| පාසල | තරග | ජය | පරාජ | වි/තො | ලැ/ල | දු/ල | අ/ප‍්‍ර | ප‍්‍ර/ල | සාමා. |
| ත‍්‍රිත්ව | 4 | 3 | - | 1 | 125 | 91 | 2.0 | 19.5 | 4.88 |
| ධර්මරාජ | 4 | 3 | - | 1 | 123 | 86 | 1.0 | 18.5 | 4.63 |
| ශා. පීතර | 4 | 3 | 1 | - | 149 | 81 | 1.5 | 17.5 | 4.38 |
| වෙස්ලි | 4 | 3 | 1 | - | 107 | 95 | 1.5 | 17.5 | 4.38 |
| විද්‍යා | 4 | 2 | 2 | - | 92 | 74 | 2.0 | 14.0 | 3.50 |
| රාජකීය | 4 | 2 | 2 | - | 82 | 93 | 0.5 | 12.5 | 3.13 |
| ශා. ජෝශප් | 4 | 1 | 2 | 1 | 73 | 109 | 0.5 | 10.0 | 2.50 |
| ශා. අන්තෝනි | 4 | 1 | 2 | 1 | 68 | 111 | 0.5 | 10.0 | 2.50 |
| කිංග්ස්වුඞ් | 4 | - | 4 | - | 73 | 111 | 2.0 | 6.0 | 1.50 |
| ඉසිපතන | 4 | - | 4 | - | 69 | 116 | 0.5 | 4.5 | 1.23 |
කෙටි යෙදුම්: වි/තො - විසඳුමකින් තොර, ලැ/ල - ලැබු ලකුණු, දු/ල - දුන් ලකුණු, අ/ප‍්‍ර - අතිරේක ප‍්‍රසාද ලකුණු, ප‍්‍ර/ල - ප‍්‍රසාද ලකුණු, සාමා. - සාමාන්‍ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් පීටර්ස්! (නි)
කමක් නැහැ ඉසිපතන ,කින්ස්වූඩ්...අනිත් කට්ටියටත් වාරයක් දෙමු. (නි)
නියමයි (නි)
කන්ද උඩරට කොල්ලෝ වසයි,යකඩ කුරු දෙකට නැමී,පෙරමුණටම යමු. ජයවේවා! (නි)
මෙවර ජය රාජන්ස්ලට..... (නි)
වෙස්ලි කොල්ලෝ මේ සැරේ ගහනවා. (ස)
03/05 තියෙන මැච් එක වෙස්ලිලා අනිවාර්යයෙන් දිනනවා (නි)
කිංග්ස්වුඩ් ආඩම්බර කමට හොඳ පාඩම්.. (ස)
විද්‍යා කොල්ලෝ මේපාරත් ලොක්කෝ දෙතුන් දෙනෙක්ගේ කට වැහුවා.....නියමයි (ස)
රාජන්ස් කොල්ලනේ කප් එක කන්ද උඩරට මහනුවරට ගේන්න. (ස)
පිස්සු හැදෙයි. පීටර්ස් ගේ තැන ගන්න ආයේ ලේසි වෙන්නෑ (ස)
රාජන්ස් කොල්ලෝ - නුවර අභිමානය.(ස)
මේ පාරත් ට්‍රිනිට් තමා. (නි)
මොනවා වුණත් කිංග්ස්වූඩ් පිට-පිටම චැම්පියන්ස් වුණානේ, ඉතින් අනිත් ඉස්කෝල වලටත් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි චාන්ස් එකක් දෙන එක කිංග්ස්වූඩ් මහත්වරුන්ගේ යුතුකමක් කියලා මම විශ්වාස කරනවා. කමෝන් කිංග්ස්වූඩ්!!! මගෙන් උණුසුම් සුබපැතුම්!!! (නි)
රගර් ක්‍රීඩාවේ අපි ලෝකේ ඉන්නේ හතලිස් ගානක විතර.වෙලාවට ක්‍රිකට්වලට රටවල් දහයක් තිබ්බේ ඔලිම්පික් පදක්කම් ගත්තු දිවිල්ලට කොල්ලෝ කෙල්ලෝ ටිකක් පුහුණු කරානම් සල්ලිත් ඉතුරුයි ලෝකෙම හොල්ලයි(නු)
ඉර්ෂාඩ්, ගහන්න බැරිවුණාම ඔය විදියටවත් කියමුකෝ. (නි)