ශ්‍රී ලංකා පොලිසිය වෙසක් සතිය සැමරිම සදහා ත්‍රිරෝද රථ පන්සීයක් බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කිරීම පොලිස්පති එන්. කේ ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් බෞද්ධාලෝක මාවතේ ධර්මායතනය ඉදිරිපිට අවුකන බුදුපිළිරුව අභියසදී අද (23) සිදු විණි.
ඇල්ලේ ගුණවංශ හිමි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඊට සහය වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමල් ඔබගේ බුද්ධිමත් අදහස් දැක්වීම් ගැන මගේ සතුට සහ සහයෝගය ඔබට. (නි)
ආනන්ද කියනවා වගේ මම මේ ඔලුව කහ කහ කල්පනා කලේ මේ දෙගොල්ලන්ගෙන් වැඩිය මනුස්සකම තියෙන්නේ කා ලඟද කියලා. (නි)
ආනන්ද, උදාහරණයක් පමණයි. හැම ත්‍රිවිල් රියදුරෙක්ම එකම මිම්මෙන් මනින්න එපා. මම දන්නා ලංගම රියදුරන් රැකියාවෙන් විශ්‍රාම ගොස් ත්‍රිවිල් අරගෙන හයර් දුවනවා. අතුරු පාරකින් මහා මාර්ගයට පිවිසන ඉවසිලිකම හා විනීතකම හරිම අගෙයි. (නි)
කොඩිය කොහේ ගැහුවත් අද රටේ සිදුවෙන අපරාද, දූෂණ වළක්වන්න අමාරුයි (නි)
ලෝකයේ පොලීසි අතර තරගයක් තිබ්බාලු, හාවෙක් කැලයට නිදහස් කර ඌ ඇල්ලීමට, ඇමරිකන් පොලීසිය විනාඩි 10 ක් තුල කැලයට උඩින් ගොඩින් ප්‍රහාර එල්ල කර කැලය විනාශ කර හාවාගෙන් තර්ජනයක් නොමැති බවට සහතික කලාලු, බ්‍රිතාන්‍ය පොලීසිය පරීක්‍ෂණ පවත්වා පැය 2 කට පසු හාවා වෙනත් කැලයකට ගොස් ඇති බව ප්‍රකාශ කලාලු. ලංකාවේ පොලීසිය වේගයෙන් කැලයට ඇතුලුවී විනාඩියක් ඇතුලත තඩි වලසෙකු අල්ලාගෙන තඩි බාමින් පැමිණියාලු. එම වලසා අඬමින් කිව්වාලු "හරි හරි රාළහාමි මම කියන්ම මම තමා හාවා කියලා" - තෙරුවණ් සරණයි - මේ ක්‍රමය නවත්වන්න කියලා මම කියනවා.(නදී)
අපේ පොලිසිය හරි හොදයි. මහත්වරු ඔය ගමන්ම කැලණිය පැත්තට ගිහිල්ලා අර සබාපතිතුමාට ගහපු අයවත් අල්ලලා දෙන්නකෝ. (නි)
ත්‍රිරෝද රියදුරන්ගෙන් කීයෙන් කී දෙනෙකුටද බෞද්ධකම තියා මනුස්සකමවත් තියෙන්නේ. ත්‍රිරෝද රියදුරන්ගේ නොමනා ක්‍රියා නිසා ඔය වාහනයත් අවමානයට නිගරුවට ලක් වෙලා තියෙන්නේ. (නි)
හොද වැඩක්
සමන් ඔලුව හොද නැද්ද? උසාවිය ලග පොලු අරගෙන හිටපු උපාසක මහත්වරු කළේ කොඩි වලට කණු අරගෙන ආපු එක වෙන්න ඇති. එහෙම නෙමෙයි නම් නොඅල්ලා ඉඳීවියැ. (නි)
පොලිසිය බෞද්ධ කොඩි අලවනවාට මම නම් කියන්නෙ බුදු සරනයි කියලා ගහගෙන හොර හරක් අදිනවා වගේ වැඩක් කියලයි (අ)
බුදුන්වහසේ උපන් නේපාලෙවත් ළඟ පාත ඉන්දියාවෙන් ත්‍රී රෝද රථ අරගෙන සිය රට කැත කරගන්නේ නැහැ. අපේ විදේශ විනිමය ඔක්කොම වගේ හුරගන්නේ ඉන්දියාවේ ගෘහ කර්මාන්තයක් ලෙස කරන ජරා වාහන මෙහෙට පටවලා. (නි)
වෙසක් සතියට පසු එක සතියක හරියටම ගුණගරුකව නීතිය ක්‍රියාත්මක කරන සතියක් නම් කරමුද පොලිස්පතිතුමනි? (නි)
ප්‍රසිද්ධ වරෙන්තු කාරයෝ ප්‍රසිද්ධියේ පොලිස් නිලධාරීන් සමග ඡයාරූප ගනිද්දී මේ අය මහජනයාට තොරන් පෙන්නනවා. අනේ පොලිස්.(නදී)
කෝ උසාවිය ලග පොලු අරගෙන හිටිය මැරවරයෝ ටික තාම ඇරෙස්ට් කළේ නැහැ නේද? ඕවා කරලා නම් හරියන්නේ නැහැ හොදේ (නි)
ඒක තමා අද ලොකු ට්‍රැෆික් එකක් තිබුනේ. ත්‍රී වීල් මල්ලිලාට අද වරුවක් වැඩ නැහැ. (නි)
හරිම හොඳ වැඩක්. තෙරුවන් සරණයි.....! (නි)
හොරු මංකොල කාරයෝ නැති වෙසගක් වේවා! (නි)
පොලිසිය පාට් දාන්නෙත් අහිංසක ත්‍රීවිල් කාරයටමයි. ඔක්කොම අලවන්නෙත් ත්‍රීවිල් වලම තමා (නි)