IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


තරුෂිගේ ‍'තරු බ්‍රයිඩ්ල්'

සිය රංගන ප්‍රතිභාව තුළින් ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප වූ රංගන ශිල්පිනියක් ලෙස තරුෂි සුරම්‍යා හැඳින්විය හැකිය. කලින් කලට වෙන වෙනස් චරිත හරහා ඔබට සමීප වන ඇය සිය දිවියේ සුවිශේෂී කඩඉමක් වෙත පසුගියදා ගමන් කරනු ලැබුවාය. අලුතෙන් පටන් ගත්ත වැඩේ ගැන මුලින්ම කතා කළොත්? මම රූපලාවන්‍ය ගැන මීට වසර 8 කට පමන පෙර හැදෑරීමක් කළා. ඒ කාලේ සිටම සැලූන් එකක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව මට තිබුණා. නමුත් ඒ කාලේ මට හොඳ නිර්මාණ රැසකටම දායක වෙන්න අවස්ථාව උදාවුණා. ඒ තුළ මම රංගන ක්ෂේත්‍රයේ වැඩි වශයෙන් නිරත වුණා. නමුත් මේ වන විට අපේ ටෙලි නාට්‍ය කලාව ක්‍රමයෙන් වෙනස් වෙමින් යනවා. මේ නිසා මම හොඳ යැයි කියා සිතන නිර්මාණ පමණක් තෝරා බේරාගෙන දායක වන පසුබිමක් තුළ මට හැකියාවක් දැනුමක් තිබෙන රූපලාවන්‍ය ක්ෂේත්‍රයට යොමු විය යුතුය කියන අදහසින් තමයි තලවතුගොඩ පන්නිපිටිය පාරේ ‍'තරු බ්‍රයිඩ්ල් ඇන්ඩ් බියුටි' නමින් සැලූන්  එකක් ආරම්භ කළේ.   අද ඕනෑතරම් සැලූන් දකින්න තිබෙනවා. මේකත් ඒ අතර තවත් එකක් ද? නැත්නම් මෙහි සුවිශේෂීභාවයක් තිබෙනවාද? කෙනෙකුට දක්ෂතාවල හැකියාව තිබෙනවා නම් කොතරම් තරගකාරීත්වයක් තිබුණත් ඊට සාර්ථකව මුහුණදිය හැකියි. නමුත් එවැනි දැනුමක්, හැකියාවක් නැතිව මේ ක්ෂේත්‍රයට යොමු වුණොත් ඒක ගැටලුවක්. හැබැයි මම කොයි වෙලේවත් කියන්නෙ නැහැ මගේ සැලූන් එක තමයි ලංකාවේ හොඳම සැලූන් එක කියලා. එහෙම හීන මගේ කලා ජීවිතේ තිබුණෙත් නැහැ. නමුත් මම යන ගමන අඩියෙන් අඩිය ඉදිරියට යනවා. රූපලාවන්‍ය ගැන මට තිබෙන දැනුම නිසා මගේ සියලු .පලාවන්‍ය කටයුතු මම විසින්ම තමයි කරගන්නෙ. ඒ වගේම ප්‍රසිද්ධියක් නොවුණත් මීට පෙර සියලු හැඩගැන්වීම් කටයුතු සිදු කළා. ඒ අත්දැකීම් එක්ක තමයි මම මේ සැලූන් එක ආරම්භ කළේ. මේක රැල්ලේ සැලූන් එකක් නොවන බව කාලයක් මේ ක්ෂේත්‍රයේ රුඳී සිට තමයි පෙන්වන්නට වෙන්නේ.   නිළියක විසින් පවත්වාගෙන යන සැලූන් එකක් ලෙස වැඩි ආකර්ෂණයක් ලබා ගැනීමටද ඔබ මේ ආයතනය ආරම්භ කළේ? මාව බොහෝ දෙනා අඳුනනවා. ඒ නිසා මගෙන් පොඩි හෝ වැරුද්දක් සිදුවුණොත් තරුෂිගෙන් මේ වැරුද්ද වුණා කියන එකත් ඉක්මනින්ම ප්‍රචාරය වෙනවා. ජනප්‍රිය කෙනෙක් සැලූන් එකක් කරන විට ඉතාමත්ම පරිස්සම් වෙන්න ඕනි. මේ නිසා ජනප්‍රිය වූ පමණින් යමක් ලේසියෙන් කරන්න බැහැ. ඉතා හොඳින්ම එය සිදු කළ යුතුයි. හැබැයි ඉන් අදහස් වන්නේ නැහැ මහා පරිමාණයෙන් සිදු කළ යුතුයි කියලා. මගේ ළඟට එන අයට හොඳ සේවාවක් ලබා දිය යුතුයි කියන තැනයි මම ඉන්නෙ.   පසුගිය කාලේ බොහෝ රංගන ශිල්පීන් රූපලාවන්‍යාගාර පටන් ගත්තත් බහුතරයට වෙච්ච දෙයක් නැතිවුණා නේද? එහෙම වෙන්න විවිධ හේතු බලපාන්න ඇති. මම හිතන දෙයක් තමයි රංගන ශිල්පීන් ලෙසට අපට හෙට දවස ගැන ස්ථීරවම කියලා යන්න පුළුවන් ගමනක් නැහැ. මම කාලයක් රූපලාවන්‍ය ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිට යළි මට එතනටම එන්න වුණේ මගේ ඉරණම නිසයි. ඒ නිසා මම කරන දේ හරියට කරනවා.   මේ දවස්වල දායක වන නිර්මාණයන් ගැනත් සඳහන් කළොත්? මේ දිනවල විකාශය වන ‍රන් සමනළයෝ, නිල් දිය රළල මං ආසයි පියාඹන්න, සිරිවාසල කියන නාට්‍යවලට මම රංගනයෙන් දායක වනවා. මීට අමතරව ‍'යශෝධරා' කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට මේ දිනවල සම්බන්ධ වෙලා සිටිනවා. විශේෂයෙන්ම මට ලැබුණු ටෙලි නාට්‍ය ගණනාවක්ම අත් හැරියා. ඒ එම නාට්‍යවල චරිතය ගලාගෙන යන්නෙ කොහොමද කියන දේ ගැන පැහැදිලි අදහසක් එම නිර්මාණකරුන්ටවත් නොතිබීම තුළයි, එම ප්‍රතික්ෂේප කිරීම කළේ.   ඔබ මේ දවස්වල රංගනයෙන් දායක වන මෙගා නාට්‍යවල චරිත තුළත් කරන්න දෙයක් තිබෙනවාද? මගේ හිතේ හැටියට නම් 100% ක් ඒ චරිත තුළ රංගනයේ යෙදෙන්න බැහැ. කොහොම වුණත් යමක් කරන්න පුළුවන් ටෙලි නාට්‍ය කෙරෙනවා නම් හොඳයි. මම ක්ෂේත්‍රයට එන විට තිබුණු නිර්මාණ ඉතා ඉහළ තලයක ප්‍රමිතියක් සහිත ඒවායි. නමුත්  අද ටෙලි නාට්‍ය යම් වෙනසකට බඳුන්ව තිබෙන බව  නම් පැහැදිලිව කිව යුතුයි. කොහොම වුණත් මට එකඟ වෙන්න පුළුවන් නිර්මාණයකට මට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ ගයා රම්‍ය  අල්විස් මහතාගේ ටෙලි නාට්‍යයි.   නවක රංගන ශිල්පීන් අති විශාල ලෙස ක්ෂේත්‍රයට මේ වන විට ප්‍රවිශ්ට වීම තුළ ඔබ ඇතුළු ඔබගේ පසුකාලීනයන්ට තරගකාරී බවක් ඇතිවී තිබෙනවාද? කිසිම තරගයක් නැහැ. ඔය කියන අය රඟපාන විදිහට ඕනම කෙනෙකුට රඟපාන්න පුළුවන්. හැබැයි ඔය අතරින් අතළොස්සක් නළු නිළියන් හොඳ දක්ෂයින්.   ඇත්තටම රංගන ක්ෂේත්‍රයට බහුතර ශිල්පිනියන් එන්නෙ තමන්ගේ ගාන වැඩි කරගත්ත හොත් කවුරු හරි සල්ලිකාරයෙක් අල්ලගෙන ගොඩයාම අරමුණු කරගෙනද? නිළියො විතරක් නෙමෙයි. මේකට විවිධාකාර පුද්ගලයො බැහැලා ඉන්නවා. අනික කිහිපදෙනෙක් කරන දේවල් වලට ‍"නිළියො" කියන නම යෙදෙනවා. එසේම යම් කෙනෙකුට මඩ ගහන්න අවශ්‍ය වුණාම එයත් එක්ක තිබෙන තරහට නිළියො මෙන්න මෙහෙයි කියන චෝදනාව සමස්ත නිළියන්ටම එල්ල කරන්න ඇතැමුන් උත්සාහ කරනවා.   ඔබ කියන විදිහට නවක ශිල්පිනියන්ට ඇතැම් අධ්‍යක්ෂකවරුන්ගේ නිෂ්පාදකයන්ගේ තිර රචකයන්ගේ ආදී ලෙස  බලපෑම්ලයෝජනා ආදිය එල්ල වන්නේ නැහැ කියලද? මට නම් අද වනතෙක් කිසිදු බලපෑමක් එල්ල වෙලා නැහැ. ඕනම කෙනෙකුට නිදහස තියෙනවා කැමති නම් ක්ෂේත්‍රයේ රුඳී සිටින්න හෝ අකමැති නම් ඉවත් වෙන්න. බලෙන් හෝ රවට්ට ගෙන රංගන ක්ෂේත්‍රයේ රදවා ගන්න උත්සාහ කරන අය මේ ක්ෂේත්‍රයේ නැහැ. මම මේ ක්ෂේත්‍රයට පිවිසි පසු මුලින්ම ටෙලි නාට්‍යයක රඟපාන්න ලැබුණෙ ලලිත් රත්නායක අයියගෙ. ඉන් පස්සෙ ජයලත් මනෝරත්න මහතා, සුසිරන් ද සිල්වා අයියා යන හොඳ පුද්ගලයන් සමගයි. මම ඒ හැමෝටම ගරු කරනවා. ඒ වගේම ගරු කළ හැකි නළු නිළි පිරිසක් එක්ක රඟපාන්න ලැබුණා.  අපි හොඳ නරක අවබෝධ කරගෙන මේ ගමන යනවා විනා යම් දේකට එල්බ ගෙන හිටියොත් ඕනෑම ක්ෂේත්‍රයක අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් මිනිසුන් සිටිනවා.   තරුෂි කියන රංගන ශිල්පිනිය ටෙලි නාට්‍යවලට පමණක් සීමා වූයේ ඇයි? මට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ යම් ස්ථාවරයක් ගොඩනගා ගන්න හැකි වුණේ හොඳ නිර්මාණ ලැබුණු නිසයි. එතැන් සිටම මට ලොකු හීන තිබුණේ නැහැ. නමුත් මගේ සහජ හැකියාවන් සහ රංගනයේ යම් වෙනසක් තිබෙනවාය යන්න මම විශ්වාස කරනවා. කොහොම වුණත් මට වේදිකා නාට්‍යයක රඟපාන්න ඕනමයි කියලා ඒ පස්සේ හඹා ගියේ නැහැ. නමුත් එවන් පසුබිමක මට සහන් රන්වලගේ ‍'වෙලාව කීයද' වේදිකා නාට්‍යයේ රඟපාන්න ලැබුණා. එතනදි සහන්ට වේදිකාවේ රඟපා නැති නමුත් ස්වාභාවික රංගනයක යෙදිය හැකි නිළියක් අවශ්‍ය වෙලා තිබුණා. මම ඒ තුළින් වේදිකාවට ගියා. මම සිනමාව දකින්නෙ මහා දැවැන්ත දෙයක්  ලෙසටයි. ඒ දැවැන්ත භාවය රුඳුණු සිනමා නිර්මාණ අඩුයි. මට සුදුසු චරිතයක් ඒ නිර්මාණයක් තුළ ලැබුණොත් මම අනිවාර්යෙන්ම භාර ගන්නවා 0117905020

සටහන - නිරෝෂන් ප්‍රේමරත්න / ඡායාරූප - මිහිර බණ්ඩාර
 



අදහස් (0)

තරුෂිගේ ‍'තරු බ්‍රයිඩ්ල්'

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි
2025 අප්‍රේල් මස 25 331 0

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 25 304 0

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී


ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 3469 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 606 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 1079 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1648 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 740 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 360 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 511 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site