IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


තෙල් සංස්ථාවට ණය දීම බැංකුවලට තහනම්

(සුජිත් හේවාජුලිගේ )

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සියලුම බැංකුවලට විශේෂ නියෝගයක් ලබාදී ඇතැයි එම බැංකු ආරංචි මාර්ග මාර්ග කියයි.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ ආකාරයට දිගින් දිගටම විශාල වශයෙන් ණය මුදල් ලබා දුනහොත් බැංකු පද්ධතිය වැඩිකල් නොගොස් සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකි බව මහ බැංකු අධිපතිවරයා රජයට දැනටමත් අනතුරු අඟවා ඇතැයි දැනගන්නට ඇත.

මේ ආකාරයට ණයදී බැංකු පද්ධතිය කඩා වැටුණහොත් එහි වගකීම තමාට බාරගත නොහැකි බවද කබ්රාල් මහතා රජයට වැඩිදුරටත් දැනුම්දී ඇත.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය මුදල් ලබාදීම දිගටම කරන්නැයි රාජ්‍ය බැංකුවලට ඇතැම් පාර්ශව කාලයක සිට විවිධ බලපෑම් කරන බව බැංකු ප්‍රධානීහු පවසති.

" ඒ බලපෑම්වලට යටවී කටයුතු කළ කාලය දැන් ඉවරයි. මින් ඉදිරියට නම් ණය දෙන්නම බැහැ. තවදුරටත් ණය දුන්නොත් බැංකු පද්ධතිය කඩා වැටෙනවා. ලෝකයේ බොහෝ රටවල එවැනි අත්දැකීම් තියෙනවා" යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මේ සම්බන්ධයෙන් අප බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ ඛනිජ තෙල් සංස්ථාව ණය ගැනීමේ උපරිම සීමාවට පැමිණ ඇති බවයි.

මේ විදියට ගියොත් ඉදිරියේදී තෙල් හිඟයක් ඇති විය හැකි බවත් තෙල් මත පනවා ඇති බදු ඉවත් කිරීම ප්‍රශ්නයට දැනට තිබෙන එකම විසඳුම බවත් ඔහු සඳහන් කළේ‍ය.

තෙල් මත පනවා ඇති බදු ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලීම් කර ඇතත් මෙතෙක් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැතැයි උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (23)

තෙල් සංස්ථාවට ණය දීම බැංකුවලට තහනම්

WCA Monday, 21 February 2022 06:49 AM

අපි පිනට තෙල් ගහලා වගේ...!

:       2       33

BamunuarachchiWednesday, 23 February 2022 07:10 PM

ඔව් පිනට තමයි තෙල් ගහලා තියෙන්නේ. කැනඩාවේ තෙල් ලීටර් එකක් 14 පෙබරවාරි 22 රුපියල් වලින් 277 යි. ඒ ඔක්ටේන් 91, ඔක්ටේන් 95 හොයන්න රට පුරාම යන්න ඕනේ... ඇමරිකාවේ තෙල් ලීටර් එකක් 14 පෙබරවාරි 22 රුපියල් වලින් 257 යි. ලන්ඩන් වල තෙල් ලීටර් එකක් රුපියල් වලින් 382 යි. ඉතින් ලංකාවේ පිනට නේද තෙල් ගහලා තිබෙන්නේ...?

:       1       2

gamunu Monday, 21 February 2022 07:22 AM

තෙල් මත පනවා ඇති බදු ඉවත් කළහොත් රජයේ වියදම පියවා ගන්න මුදල් සොයා ගනු ලබන්නේ කෙසේද? පාසල්, රෝහල්, පොලිසි සහ ආරක්ෂක අංශ සහ විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවන්නේ කෙසේද? රජයේ වැටුප් වැඩිවීම් කෙසේවෙතත් ඉතිහාසයේ පළමු වතාවට වැටුප් අඩුවීමක් සිදුවන්නට හැකියාවක් පවතියි.

:       2       26

Dewa Monday, 21 February 2022 08:08 AM

නුඹලා ඔක්කොම අනලා මුළු රටම විනාශ කරලා... අපිවත් විනාශ කරලා ඉවරයි.

:       2       54

ලුම්බිණි Monday, 21 February 2022 09:22 AM

මෙය කළයුතුව තිබුණේ බොහෝ කලකට පෙර...

:       1       23

Demuni Uduwara Monday, 21 February 2022 09:28 AM

කවුද රට නීතියට අනුව පාලනය කරන්නේ?

:       1       22

Prase Monday, 21 February 2022 09:34 AM

මහබැංකුවේ අධිපතිට තෙල් දීම නැවැත්තුවා නම් හොඳයි. මෙයාට කරත්තේ යන්න පුළුවන්. ජනතාවට ප්‍රාඩෝ තිබ්බට කමක් නෑ.

:       1       30

කිරි පුතා Monday, 21 February 2022 09:54 AM

තෙල්වත්, විදුලියවත් ජනතාවට නොමිලේ දෙනවා නෙවෙයිනේ. එහෙම නම් පාඩු පිටම දුවන්නේ ඇයි? අධික සේවක සංඛ්‍යාව, පොඩි එකාගේ සිට ඉහළට දක්වාම සිදුවන්නේ හොරකම්. ගෙදර ඉඳන් අතිකාල ගන්නා තත්ත්වයක සේවකයින් ඉන්නේ. මේ ගැන හොයලා දීර්ඝ කාලීන පිළිතුරු හොයනවා වෙනුවට එනඑන ඇමැති කරන්නේ ඔය තියෙන විදිහටම දුවලා එයත් කීයක් හරි සාක්කුවට දාගෙන යන එක...

:       1       47

uk ran Monday, 21 February 2022 10:21 AM

ඔය කියන්නේ වැඩකරන අයට ගෙදරින් ගෙනත් තෙල් ගේන්න කියලද? මේ විනාසෙට ඔයත් එක් හවුල් කරුවෙක්...!

:       4       23

dhamneth Monday, 21 February 2022 10:55 AM

ඉන්ධන පිරවුම් හලකින් අඩුම ඉන්ධන ප්‍රමාණයක් ලබාගන්න යතුරුපැදි කරුවෙකුට, හෝ ත්‍රි රෝද කරුවෙකුට ණයට ඉන්ධන දෙනවද?

:       7       39

PereraMonday, 21 February 2022 12:01 PM

ඇයි ලොකු වාහනවලට ඉන්ධන ණයට දෙනවා කියලද හිතන් ඉන්නේ?

:       10       16

GundaMonday, 21 February 2022 12:25 PM

කොහේද යන්නේ මල්ලේ පොල්... යතුරුපැදිකරුවන්ට අවශ්‍ය නම් බැංකුවකින් ණයක් අරගෙන තෙල් ගහගන්න පුළුවන්. මෙතැන වෙලා තියෙන්නේ ශෙඩ් එකට ණයක් ගන්න බෑ වගේ වැඩක්...

:       1       14

kapila Monday, 21 February 2022 11:30 AM

තෙල් සංස්ථාව වසර ගණනාවක සිට දිව්වේ පාඩු පිට. ඒකට හේතු හොයලා පිළියමක් කිසිම රජයකින් දුන්නේ නෑ. ඉන්ධන කියන්නේ ලබාගත හැකි රාජ්‍ය ව්‍යවසායකයක්... පළමුවෙන්ම කළයුත්තේ තෙල් සංස්ථාවට අයවියයුතු ණය (CEB සහ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන එම මුදල් තෙල් මිලදී ගැනීමට යෙදවීමයි. පැහැදිලිව පෙනෙනවා අජිත් කබ්රාල් ගම්මන්පිලව හිර කරනවා. මේක බැසිල්ගේ කුමන්ත්‍රණයක් විය හැකියි. ඔන්න කට්ටිය පොදු අරමුණකට යන හැටි...!

:       4       33

sisira Monday, 21 February 2022 02:40 PM

දුම්රිය දෙපාර්තමේන්තුව ඇති ණයක් නැහැ. තෙල් අදින ඒවාට දෙපාර්තමේන්තුවට ණය මිසක්... අනික ඒ තෙල් ගන්නෙත් සාමාන්‍ය මිනිසුන්ට අඩුමිලට ප්‍රවේශ පත් දෙන්න.. 5% 10%..ට සීසන් දෙන්න ධනපතියන්ට කාර් පදින්න හෝ ගුවන් ගමන් යන්න නොවේ.

:       4       7

අගුපිලගේ Monday, 21 February 2022 11:51 AM

තෙල් ගේන්න ණයට ගන්නවා. ආදායම් ලබාගෙන පක්ෂයේ ගැත්තෝ පෝෂණය කරනවා. ණය ගෙවීම් පැහැර හරිනවා. කබරාල්ගේ අදහස හරි. අහිංසක මිනිහෙක් ණයට අරගෙන නොගෙව්වොත් මෙහෙම කරනවාද? වහාම ක්‍රියාත්මක කරන්න ගත්තු ණය ගෙවීමට කියන්න මේ සෙල්ලම් කරන්නේ අසරණ ජනතා මුදල්...

:       4       14

fairoos Monday, 21 February 2022 12:18 PM

මූණ දැක්කාම කැඳත් ලැබෙන්නේ නැහැ. රට බංකොළොත් කරලයි පස්ස බලන්නේ...!

:       8       42

sharm warn Monday, 21 February 2022 12:39 PM

මේ සූකිරි මූණ දැක්කාම හොම්බ කට සමතලා කරන්න හිතෙන අය මේ පෝලිමට එන්න කරුණාකරලා...

:       6       48

MISHAL-MATARA Monday, 21 February 2022 02:58 PM

වැඩකරන අපේ විරුවා සිංදුව මතක් වුණා.. එයා තාම නිදි. දැන් මෙයාගේ පැන්ෂන් එකත් හරිනේ.. ඕකට තමයි ආණ්ඩුවක් පිහිටුවන්න දැඟලුවේ..!

:       0       24

beau Monday, 21 February 2022 03:09 PM

රාජපක්ෂලා ණය ගන්න බැරිවෙයි කියලා බය වුණාද?

:       0       9

de silva Monday, 21 February 2022 03:33 PM

වැඩකරන විරුවා අපිට වැඩේ දුන්නා.

:       0       17

Gunasinghe Monday, 21 February 2022 04:03 PM

IOC ලාභ ලබන්නේ කොහොමද එහෙනම්..? ගානෙ ලොකු වෙනසක් නැහැනේ..!

:       0       19

Soma dubayi Monday, 21 February 2022 04:19 PM

අපි පිටරටක සිටියත් රට දියුණුවට පත්වෙන බව දකිනකොට හරිම සතුටක් ඇතිවෙනවා.

:       4       9

Pitigala milano Monday, 21 February 2022 06:52 PM

මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ රුපියල්වලින් තෙල් ගන්නවා නම්...!

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 25 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 222 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 336 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1215 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1556 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 2000 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 738 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2061 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site