IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


තිලංගගෙන් සය අවුරුදු කි‍්‍රකට් සැලැස්මක්

ටෙස්ට් සහ එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ මේ වන විටත් පහළ වැටී සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ තත්ත්වය ඉහළ දැමීම සඳහා සය අවුරුදු සැලැස්මක් ඇතිව තමන් මෙවර නිලවරණයට ඉදිරිපත් වූ බව තිලංග සුමතිපාල මහතා පවසයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වසර 2013-2015 පාලන සමය වෙනුවෙන් සභාපති තනතුර සඳහා තිලංග සුමතිපාල මහතා අද (27 වැනිදා) පෙරවරුවේදී සිය නාමයෝජනා පත‍්‍රබාර දුන්නේය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපතිවරයකුද වන සුමතිපාල මහතා පවසන්නේ කලකට ඉහතදී පරිපාලනමය වශයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ආසියාවේ ඉදිරියෙන්ම තිබූ නමුත් පසුගිය වසර කිහිපයක කාලයේදී ආසියාවේ සෙසු රටවල් ශී‍්‍ර ලංකාව අභිබවා ඉදිරියට ගොස් ඇති බවයි.

”අප මෙවර නිලවරණයට එන්නේ ‘දෙදහස් විස්සේ (2020) සැලැස්ම’ නම් වූ විශේෂ වැඩසටහනක් සූදානම් කරගෙනයි... ඉදිරියේදී කුමක් වුණත් ඒ සැලැස්ම පවත්වාගෙන යනවා නම් හොඳයි”

”අන්තර්ජාතික කි‍්‍රකට් තරග වලදී අත්පත් කරගන්නා සාර්ථකත්වයට සමාන්තරව, පරිපාලනමය වශයෙනුත්, දේශීය තරගාවලියේ තරගකාරීත්වය මෙන්ම මූල්‍ය ස්ථාවරත්වයත් ඉදිරියට යා යුතුයි.... අප ‘දෙදහස් විස්සේ (2020) සැලැස්ම’ කි‍්‍රයාත්මක කරන්න සූදානම් වන්නේ ඒ අනුවයි” යයි සභාපති තනතුර සඳහා සිය නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුමතිපාල මහතා ලංකාදීපට පැවසීය.

ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායම මේවන විට අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ 6 වැනි ස්ථානය (ප‍්‍රසාද ලකුණු 92) දක්වා පහළ වැටී තිබෙන අතර එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 5 වැනි ස්ථානයට (ප‍්‍රසාද ලකුණු 110) ඇද වැටී තිබේ. කෙසේ වෙතත් විස්සයි/20 කි‍්‍රකට් කී‍්‍රඩාවේදී තවමත් ශ්‍රේණිගත අංක 1 ස්ථානය ආරක්‍ෂා කරගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව ඇත.

”ආසියාවේ පළමු වැනි විස්සයි/20 දේශීය තරගාවලිය සංවිධානය කළේ අපියි. ඒ 2004 දී. ඒත් ඒක ඉදිරියට ගෙනියන්න එක එක ආකාරයේ බාධා ඇතිවුණා......අයි. පී. එල්. තරගාවලිය එන්නේ ඊට වසර 4 කට පස්සේ 2008 දී”

”වත්මන් එස්. එල්. පී. එල්. තරගාවලියත් අපේ දැන් තිබෙන දේශීය තරගාවලියට පෑහෙන්නේ නෑ. ඒකත් අපේ දේශීය තරගාවලියට සරිලන ආකාරයෙන් නැවත සකස් කළ යුතුයි” යයි කී සුමතිපාල මහතා..... ”ඒ සේරටම වඩා වයස අවුරුදු 21 න් පහළ තරගාවලියක් ආරම්භ කළ යුතුයි.. පාසල් වල වයස 19 න් පහළ කි‍්‍රකට් කී‍්‍රඩා කරලා ඉස්කෝලෙන් එළියට එන කි‍්‍රකට් කී‍්‍රඩකයා අතරමං වෙළයි ඉන්නේ.....ඔහුගේ කී‍්‍රඩාවේ රිද්මය දිගටම පවත්වාගෙන යන්න තරගාවලියක් සකස් කරලා දෙන්න  ඕනේ” යයිද පැවසීය.

පසුගිය වසරේදී (2012) ජනවාරි මාසයේදීත් සභාපති තනතුරට ඉදිරිපත්වීමට සූදානම් වුවත් අවසන් මොහොතේදී ඊට ඉදිරිපත් නොවූ සුමතිපාල මහතාගෙන් මෙවර ඉදිරිපත් වීමට හේතුව විමසා සිටි කල්හි ඒ මහතා මෙසේ පැවසීය.

”ඇත්තම කියනවා නම් මා පසුගිය වසරේදී සභාපති තනතුරට ඉදිරිපත් වෙන්න සූදානම් වුණේ නෑ. මගේ උත්සාහය වුණේ ‘ඉන්ටෙරිම් යක්‍ෂයාගෙන්’ (කි‍්‍රකට් අතුරු කමිටු) මිදෙන්න වසර ගණනාවකට පස්සේ ආපු අවස්ථාවෙන් ප‍්‍රයෝජන අරන් හොඳ කණ්ඩායමක් එක්ක එකතු වෙලා වැඩ කරන්නයි”

”ඒ වෙලාවේ ආනා පුංචිහේවා, මොහාන් ද සිල්වා වගේ අයත් අපිත් එක්ක හිටියා. ඒත් අවසන් මොහොතේදී ඒ සකච්ඡ කඩා කප්පල් වුණ නිසා උපාලි ධර්මදාස මහතා සභාපති වුණා”

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය මාර්තු මස 30 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඡයාරූපය : ශාන්ත රත්නායක



අදහස් (0)

තිලංගගෙන් සය අවුරුදු කි‍්‍රකට් සැලැස්මක්

දිසානායක Friday, 01 March 2013 09:45 AM

මතක තියා ගනිල්ලා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අවුරුදු ගානකට පස්සට යන එක යනවාමයි. මේ දෙන්නම හරියන්නේ නැහැ.(නදී)

:       0       0

අසන්ක Thursday, 28 February 2013 08:20 AM

ජය වේවා! ඒ කියන්නේ 2015 ලෝක කුසලානය ගැන අපිට බලාපොරොත්තු තියන්න පුලුවන්. (නි)

:       0       0

තුෂාර Wednesday, 27 February 2013 08:48 PM

2020ට පෙර 2015 ගැන සිතිය යුතුයි. (නි)

:       0       0

ජෝර්ජ් Wednesday, 27 February 2013 09:09 PM

ඔබට ජය! (නි)

:       0       0

උපුල් Thursday, 28 February 2013 11:02 AM

සුළු සුළු ප්‍රශ්න තියෙන්න ඇති. නමුත් ඔහු ක්‍රීඩාවට යමක් කළ හොද පරිපාලකයෙක් .

:       0       0

සදුන් Wednesday, 27 February 2013 09:26 PM

තිලංග දක්ෂයෙක් තමයි. ඒත් ‍ලෝක කුසලානයේදී දක්වපු දායකත්වය ගැන නම් සතුටු වෙන්න බැහැ. (නි)

:       0       0

ගාමිණී Wednesday, 27 February 2013 10:29 PM

නම්බු නාමයට, ප්‍රසිද්ධියට ක්‍රිකට් පාලක මන්ඩලයේ සභාපතිකම දීලා වැඩක් නැහැ. නගර බද පාසැල් වල අයත් ඉහළ නංවමින්, ගම්බද පාසැල් වල අයත් උඩට ගනිම්න් වියදම් කළ හැකි මෙවැනි මෝරුන් පත් කිරීම තමයි සුබ.(නදී)

:       0       0

සිල්වා Thursday, 28 February 2013 04:59 PM

ඔබ ඔය තනතුරට ගැළපෙනවා. මමත් එය පිළිගන්නවා. (නි)

:       0       0

අජිත් Thursday, 28 February 2013 06:56 AM

ඒ කාලේ නම් මේ මහත්තයා ගැනත් එක එක කතා තිබුනා.(නදී)

:       0       0

වරුණ Thursday, 28 February 2013 07:46 AM

ඔබ තුමාට ක්‍රිකට් බෝඩ් එක නිසා මැඩම්ගේ කාලේ හිරේ යන්නත් වුනා. මේ පාරෙත් පරිස්සමින් හොදේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 8 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 27 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 924 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1369 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2047 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 505 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site