නියඟය නිසා ආහාර හා වතුර සොයා ආ ඇතින්නියෝ දෙදෙනෙක් ද ඔවුන්ගේ මාස තුනේ පැටවු දෙදෙනෙක් ද, හම්බන්තොට බඳගිරියේ වගා ළිඳකට වැටී සිටිය දී බේරා කැලයට යවනු ලැබූහ. පැටැවුන් ළිඳට වැටුණු පසු ඇතින්නියන් දෙදෙනා එහි පැන ඇත්තේ පැටවුන් බේරා ගැනීමටය. හම්බන්තොට වනජිවි නිළධරයන් ක්ෂණිකව ක්‍රියා නොකෙළේ නම් පැටවුන් දෙන්නා මිය යෑමට ඉඩ තිබූ බව කියති. අම්පාරේ ලාහුගල හුළංනුගේ කැලයේ අතරමංවූ පැටවකු උඩවළව ඇත් අතුරු සෙවනට යැවීමට නියමිතය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමාකාර මිනිස්සු. සුභ පැතුම්! (නි)
හොඳ වැඩක් . අපේ අනිත් අලි ටිකනම් මේ පාරත් ගොඩ ගන්න බෑ වගේ..(ස)
දරුවන් ගේදුක දන්නේ අම්මලානේ . ඒකයි ළිදට පනින්න ඇත්තේ... කොහොම හරි පැටවු දෙන්නා බේරා ගත් සෑම දෙනාම විශාල පිනක් ලැබේවි .(ස)
තමන්ගෙ ජීවිතේ බේර ගත්ත නිසා වෙන්න ඇති මේ මහත්වරුන්ට තමන්ගෙ පැටව් ළඟට කිට්ටු වෙන්න දෙන්න ඇත්තෙ මේ අලි ඇම්මලා.නැත්නම් ඉතින් මෙහෙම පැටව් අතගානවා බොරු. (ස)
ඉතාම හොඳ වැඩක් ගොඩක් පින් උදව්වට. අනේ ඒ සතුන්‍ට කියලා කැලයක් නැහැනේ..කවුද ඒවා නැති කරේ..?? (ස)
නොදන්න දේවල් කියන්න එපා..(ස)
මෝඩ කියන්න එපා මනෝහරන් බෞද්ධකමට ඒ මිනිස්සු වඳින්න යන්නේ , හැම මනුස්සයටම සල්ලි නැහැ ඉන්දියාවට යන්න. අලි බේරගත්ත එක ලොකු පිනක් එක එයාලට මේ අත්මේම සෙතක් වේවි..(ස)
ගහ කොළ, සතා සිවුපාවුන්ට අභියෝගයක් වුණු මෙවන් කාල පරිච්ඡේදයක් ඉතිහාසයේ කිසිම කාලයක අහලා, දැකලා නැහැ. (නි)
අහිංසක සත්තු (දී)
මේ පැටවු දෙන්නව උඩවලවට ගෙනිහින් දාවිද ? . ඇයි ඒ දෙන්නා ඒ අයගේ අම්මලට දෙන්නේ නැත්තේ..(ස)
මනෝහරන්, ඔබ පෙන්වන්නේ මෝඩකම සහ නොහික්මුණුකමයි. (නි)
මනෝහරන් ගේ කතාවට 200% එකගයි. ගොඩක් පින් (ස)
පව් අහිංසක සත්තු (දී)
මනෝහරන් හා තීක්ෂණ , මම ඔයාලා දෙන්නත් එක්ක එකඟයි..ලොකුම ලොකු පින්කමක් තමයි..(ස)
මේ වගේ පුවත් වලට අපි කැමතියි..(ස)
"මනෝහරන් 2012-09-06 23:40:45 මේක පෝළිමේ ගිහින් සර්වඥතා ධාතු වැද ගන්නවාට වැඩිය පිනක්. (නි)"තීක්ෂණ 2012-09-07 10:09:53 මනෝහරන් ගේ කතාවට 200% එකගයි. ගොඩක් පින්" දෙවියන්ට බිලිපූජා තියන කට්ටිය දන්නවද කොයි පිනද ලොකු කොයි පිනද පොඩි කියල . කොහොමුනත් මේ සත්තු ටික බේරපු එක ලොකු දෙයක් ... (දී)
මොනවා කලත් දෙවි වරු වගේ මිනිස්සුත් ඉන්නවා (දී)
ඇයි පැටවු අම්මාට බාරදුන්නේ නැත්තේ? එහෙමත් නැත්නම් පැටවුන් එක්ක අම්මලත් තියාගෙන ඔය කියන 'ඇත් අතුරු සෙවනට' නිදහස් කළා නම් ඔයකරපු වැඩේ තවත් ලස්සන වෙනවා නේද? (නි)
දැන්වත් පරිසරය රකිමුද? (ස)
රටේ සංවර්ධනයේ අතුරුඵලයක් තමයි මේක..(ස)
අපේ රටේ මිනිස්සු කොතරම් කරුනාවන්තද?. ඔබ සැමට පින්. (ස)
මේ අලි නම් දැන් ගොඩ. (නි)
මාස තුනක් කියලා කිවුවේ උප්පැන්න බලලද? (නි)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. (නි)
මිනිසු්න ස්වභාව ධර්මයට කරන හානි වලට අසරණ සතුන් වන්දි ගෙවනවා. (ස)
කොහොම හරි අලි අම්මාව හොයලා දෙමු. (නි)
ලොකු පිනක්. (නි)
ඇයි දන්නේ නැද්ද? අලි අම්මලා බබාලා හම්බවෙන්න කලින් පින්නවල ගිහිල්ලා ලියාපදිංචි වෙන්න ඕනෑ කියලා. අලි අම්මගේ තාත්තාගේ විස්තර ඔයාට ඕනෑ නම් එහෙන් ඉල්ලා ගන්න පුළුවන්. හරක් පැටියෙක් වගේ නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)
සන්තෝස හිතෙන දෙයක් ගොඩ කාලෙකින් දැක්කේ..!(නු)
මේ සතුන්ටට හරිම අපලයි මේ කාලය... හරිම පව්..!!(නු)
සත්ත්ව කරුණාව ලක්දිව පැතිරේවා! (නි)
අසිත වගේ අය හොයන්නේ වැරදි විතරමයි. (නි)
ඔයාලට ගොඩක් පින්. (නි)
මේ පින් ඔබට මතුවට පල දෙනු ඇත. (නි)
අසිත මෝඩයෙක්. මේ ප්‍රවෘත්තිය ගැන කතා නොකර කියවන්නේ වෙන දේවල්. (නි)
මවකගේ සෙනෙහසක මහිමය. (නි)
කරුණාවන්ත හදවත් ඇති මිනිසුන් අපේ දෙරණට වාසනාවන්. (නි)
මේක පෝළිමේ ගිහින් සර්වඥතා ධාතු වැද ගන්නවාට වැඩිය පිනක්. (නි)
මේ වගේ සිත්ගන්නා ප්‍රවෘත්ති පළ කරන ලංකාදීපයට ස්තූතියි. (නි)
හොද සත්ක්‍රියාවක්. (නි)
මේ සතුන් වෙනුවෙන් කරපු සේවයට අපේ ප්‍රණාමය! (නි)
ප්‍රමෝද්, නියමයි.හරක් පැටියෙක්ම තමයි. (නි)