කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මරාදැමූ බව සඳහන් වීඩියෝ පටය සත්‍ය බව බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය කියයි. ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් ගැන ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල සහායෙන් යෝජනාවක් සම්මත කැර ගැනීමට යද්දී නිකුත් කළ මේ දෙවැනි වීඩියෝව බොරුවකියි ශ්‍රී ලංකාව කියයි. චැනල් 4 රූපවාහිනිය කියනුයේ අධිකරණ වෛද්‍ය විද්‍යාඥයකු වන මහාචාර්ය ඩෙරික් පවුන්ඩර් එම වීඩියෝව පිරික්සා එය සැබෑ වීඩියෝවක් බව පැවැසූ බවයි. මිනිත්තු පනහක මේ වීඩියෝවෙන් යුද අපරාධ ගැන අලූතින් සාක්කි ඉදිරිපත් කරන බව එහි නිෂ්පාදක මැක්රේ පවසයි. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා මෙසේ කියයි. මානුෂීය මෙහෙයුම අවසන් සමයේ ලංකා රජය බාරයට පත්වූ ප‍්‍රභාකරන්ගේ මව සහ පියාට අප රැකවරණය දුන්නා. කොටි නායකයන් වන සුසෙයිගේ සහ තමිල් සෙල්වන්ගේ දරු පවුල් වලට ලක් රජය දැනටත් රැකවරණය ලබා දෙනවා. චැනල් 4 රූපවාහිනිය පෙරදී කළ අයුරින්ම නැවතත් පදනම් විරහිත චෝදනාවක් කර තිබෙනවා. කොටි නායකයන්ගේ දරු පවුල් වලට තවමත් රැකවරණය දෙන අප ප‍්‍රභාකරන්නේ බාල පුතා මරා දැමීමට ඇති පදනම කුමක්ද? එය යුද්ධයේදී වු දෙයක් මිස හිතා මතා කළ දෙයක් නොවේ. මෙම වීඩියෝවේ අලූත් දෙයක් නැහැ. හෝද හෝදා මඬේ දැමීමක් පමණයි.
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
එප්පාවල ශ්රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ
කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තව වීඩියෝවකින් ලංකාවට ලෙඩ දමයි