හත් වැනිදා මුහුදු ගොස් අතුරුදන්වූ ධීවරයකුගේ සිරුරක් අද බම්බලපිටිය මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ බව පොලිසිය කියයි.
ඔහු දෙහිවල ඕබන් පෙදෙසේ සිල්ලප්පෙරුමගේ අජිත් සිල්වා බව ඔහුගේ ඥාතීහු කියති.
එදින මුහුදු ගිය ධීවරයන් 42 දෙනකු මිය ගොස් තිස් දෙනකු පමණ ආගිය අතක් නැතැයි ආපදා නිලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි දැන් ඕකට කරන්න ඕනෑ දෙයක් ගැන කියන්නනකෝ. ඒ මිනිස්සුන්ගේ පවුල් වලට සාධාරණ විදිහට යමක් සහ වැරදි කරපු ධීවර අමාත්‍යංශ නිලධාරීන් හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අයට හොඳ පාඩමක් උගන්නමුද? මේ වගේ දේවල් ඉස්සරහට නොවෙන විදිහට දරුණු නීති ගෙන්න ඕනෑ. (නි)
මියගිය මිනිස්සු වළ දාවී. නමුත් වැරදි කරපු නිලදාරීන්ට දෙන දඩුවම් මොකක්ද? (නි)
කාලගුණ නිලධාරීන්ටම වැරැද්ද පටවලා හරියන්නේ නැහැ. අපේ ධීවරයන්ට ජීවිත ආරක්ෂක මෙවලම් පාවිච්චි කරන්න නිසි උපදෙස් දෙන්න අවශ්‍යයි. එයින් මෙවැනි නිරපරාදේ ජිවිත හානි වලක්වා ගන්න පුළුවන්, බලධාරීන්ගේ අවධානයට යොමු වේවා කියා හිතනවා (නි)
සුනිල් ඔබ කියන දේ හරි අපේ මිනිසුන් ආරක්ෂා කාරී පිළිවෙලවල් අනුගමනය කිරීමෙන් ඉන්නේ ඉතාම පහල මට්ටමේ. එම නිසා විඳවන ප්‍රමාණය ඉහලයි. මෙය හරි හැටි පිළිපදිනවානම් අනතුරු අවම කර ගන්න පුළුවන්. බලන්න මේ මල මිනිසුන් ආරක්ෂිත කබා ඇඳලා හිටියනම් මෙහෙම දියේ ගිලිලා මෙරෙන්නේ නැහැ. . එවිට සහන සේවකයන්ට පසුව මොවුන්ව බේරා ගන්න හොඳටම ඉඩ කඩ තිබෙනවා. (ස)
සාමාන්යෙන් රටක් උනාම වෙරදී හදාගෙන ඉදිරියට යන්න ඕන. එත් පුදුමය නම් අපේ උන්දෙලා යන්නේ වැරදි පැත්තටමනේ. මේ වගේ කිසි සම්බන්දිකරණයක් නැති වැඩ නිසා ජීවිත කියක් විනාස උනාද? මේ මැරෙන මිනිස්සු අපට තව එක කෙනෙක් වෙන්න පුළුවන් එත් මේ මැරුණේ තවත් පවුලක් ජීවත් කරන්න ඕන. මහා පුරුකක් කියල අමතක කරන්න හොඳ නෑ.මේවා කොයිකාටත් හොඳ පාඩම්.(ස)
අපේ හාමුදුරුවරු හෝටලයක බුදුපිලිමයක් තිබුනොත් දහසක් පමණ පිරිසක් පිරිවරාගෙන ගිහින් උද්ඝෝෂණ කරනවා. දැන් 40 වැඩි පිරිසක් මැරිලා මේ ගොල්ල කලේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගිහින් සන්දේශයක් භාර දීපු එක පමණයි. කරුණාකර රාජකාරිය හරියට නොකිරීම නිසා අනියම් ආකාරයෙන් මේ මිනීමැරුම් වලට සම්බන්ධ මේ පුද්ගලයන්ට විරුද්ධව නඩු පවරන්න.(නදී)