තිස් අවුරුදු කොටි ත්‍රස්තවාදය පිටුදැක රටට සාමය උදා කිරීමේ විජයග්‍රහණයේ තුන්වැනි සැමැරුම ත්‍රිවිධ හමුදා සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනපති සහභාගීත්වයෙන් සෙනසුරාදා (19) ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිතය. මේ දිනවල ත්‍රිවිධ හමුදාව හා පොලිසිය පෙරහුරුවලට එක්වෙයි. දැනට සිරදඬුවම් විදින හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා එදින වන විට නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදවතින් අපි යුධ බිමේ ඔබ තනිකරේ නැත කිසිදිනේ.....!!
මැතිණිය. කියු සැනින් මතකයට එන්නේ... සිරිමාවෝ බණ්ඩාරනායක... නමි ඡෙනරාල්.. කියු සැනින් ඹබෙ මතකයට එන්නේ කවුද?....... ලියන්න
ඔබලාට යොධ ශක්තිය ලැබේවා.
කොටි ත්‍රස්තවාදීන් පුනරුත්තාපනය කරනව වගේම අපේ හමුදා සහෝදරයින්ගෙ මානසික ඒකාග්‍රතාවය වැඩි දියුණු වෙන වැඩ පිළිවලක් අවශ්‍යයයි.
ජය වේවා !
ජාතියේ වීරයා 19 පස්සෙම නිදහස්කරාවි....
ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව?
රන් මලක් ලෙස දෙව් ඹබුන් දොතින් පිදු මෙ පින්බිමේ පස් පිඩක් ගිලිහි නොයන්නට රන්වැටක් ඇත සිවුකොනේ.... රට වෙනුවෙන් දිවිපිදු රණවිරුන්ට නිවන් සුව පතමු.....!
ෆොන්සේකා මහත්තයාව නිදහස් කළොත් ආඩම්බරයෙන් සමරන්න පුළුවන්
මිනිස්සු මැරුණහම හොඳයි කියන්න හොඳනෑ
ප්‍රශ්නෙකට තියෙන්නේ ගෝල්ෆේස් පාර වහපු නිසා වැඩට යන්න අපි ටිකක් දුක් විදින එක තමයි.....
අනුවන කමක්ද මන්ද?
ජගත් වගේ මනුස්සයන්ට මොකද වෙන්න ඕනි......?
අපේ හමුදාව වීර හමුදාවක්. යුද්ධය දිනුවේ ඒ නිසා. ඒ වුණත් දේශපාලනයො ඒ වාසිය ගන්නවනම් හරිද?
දේශපාලන මත පැත්තක තියලා, අද අපි සහ අපේ දරුවන් බුක්ති විඳින නිදහස ලබා දීම වෙනුවෙන් කැප වුන ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, අහිගරු ජනාධිපති තුමන්ට, එවකට හමුදාපති සරත් ෆෝන්සේකා මහතාට සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මුලු ජාතියේම ප්‍රණාමය ලබා දිය යුතුයි.
මේවා කවුරුත් අගය කරන්න ඕන. හැම දේම දිහා වැරදියට බලන එක වැරදියි.
මැතිණිය, කියු සැනින් මතකයට එන්නේ... සිරිමාවෝ බණ්ඩාරනායක... නමි ඡෙනරාල්.. කියු සැනින් ඔබේ මතකයට එන්නේ කවුද?....... ලියන්න ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව... ?
දේශපාලන මත පැත්තක තියලා, අද අපි සහ අපේ දරුවන් බුක්ති විඳින නිදහස ලබා දීම වෙනුවෙන් කැප වුන ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, අහිගරු ජනාධිපති තුමන්ට, එවකට හමුදාපති සරත් ෆෝන්සේකා මහතාට සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මුලු ජාතියේම ප්‍රණාමය ලබා දිය යුතුයි ..
බන්දුල, ජෙනරාල් ෆොන්සේකා සිරගත කළාම මොකද හිතුනෙ?
ජනරාල් කිව්වම මතකයට එන්නේ ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව... මේකට යන මුදල් අපරාධයක් නෙමෙයි ... ජගත් කියන කතාව නියම ශ්‍රී ලංකිකයෙක්ට කියන්න වත් පුළුවන් ද? මේකේ ප්‍රතිචාර දාන සමහර අයට රට පසුගිය කාලයේ තිබ්බ හැටි අමතක වෙලා මැරිලා ඉපදිච අය වෙන්න ඕන .....
ගුණ මකුචෙක් චෙන්න එපා
ජය වේවා.........තම ජාතියේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පුජා කළ අපේ වීරෝධාර රණවිරුවනට නිවන් සෑපද, ඈස්, ඉස්, මස්, ලේ, නහර පූජා කර ආබාධිත තත්වයේ සිටින රණවිරුවනට ඉක්මන් සුවය ලෑබේවා...... විජයග්‍රහණය කියන්නේ මොකක්ද, මේ පෙරහුරුව මොකටද කියලා මතක නැති මේ රටේ මිනිස්සු ගොඩක් ඉන්නව. අපේ සිංහ කොඩියක් ගෙදර, තම ආයතනයේ දාන්න කියල කිව්වොත් අපේ කට්ටිය දාවි. ඒක නිසා මාධය ආයතන වලින් ලොකු ප්‍රචාරයක් දෙන්න මෙන්න මේ දිනයට මෙන්න මේ දෙය යෙදිල තියෙනව එක නිසා ජාතික කොඩියක් තමන්ගෙ ගෙදර, තමන්ගේ ආයතනයේ දාන්න කියල අපේ රණවිරුවන්ට උපහාරයක් විදියට....එහෙම පෙන්නුවොත්, කිව්වොත් නම් අපේ කට්ටිය ඒ දේ කරයි....
මේ වගේ සංදර්ශන හැමදාම තියන්න ඕන අපේ ප්‍රශ්න අමතක වෙන්න..
ජයග්‍රහණය සැමරීම වරදක් නෙවෙයි. ඒත් ඒක සමරන විදිහත් වැදගත්. යුද ගුවන් යානා යවලා, හමුදා වාහන විශාල ගනනක් යොදවලා මිලියන ගානක් මුදල් වැය කරලා මේ වගේ ජයග්‍රහණයක් සැමරිය යුතුද? රටක හැම ක්ෂෙත්‍රයක්ම කඩා වැටෙද්දි, බඩු මිල නහුතෙට නගිද්දි, ජයග්‍රහණ සමරන්නත් මීට වඩා සුදුසු විදියක් හොයගන්න වෙනවා නේද?
ලංකාව ගැන ඔයතරම් කතා කරන්න තියෙන හේතුව. එම අනාගතයට අපි ශක්තිමත්ව මුහුණ දිය යුතුයි. හොදම උදාහරණය පුංචි සිංගප්පුරුව, ලංකාවෙන් පහෙන් එකක් තරම් කුඩා රටක්, වටේටම අග්නිදිග ආසියාවේ දැවැන්ත තරගකාරී රටවල්. නමුත් පුංචි සිංගප්පුරුවේ හමුදා ශක්තියට අභියෝග කරන්න ඒ කාටවත් බෑ, ඉතා දියුණු මට්ටමකින් හා ඉහල තාක්ෂණයකින් කුඩා හමුදාවක් උනාට ඇතිකරගෙන තියෙනවා. ඒකනිසා ලබා අති ඉහල ආර්ථික දියුණුව ආරක්ෂා කරගන්න ඒ යට හැකිවෙලා තිබෙනවා. වටේ කව්රුත් පුංචි සිංගප්පුරුවට කෙනෙහිලි කම් කොරන්නේ නෑ, වඩා වරද්දගන්න බැරි නිසා. මැදපෙරදිග ගත්තොත් ඊශ්‍රායලය ලංකාවෙන් බාගයක්වත් නැති කුඩා රටක්, නමුත් යොදා යුද බලයක් තිබෙනවා, සය දින යුද්දයේදී විශාල දකුණෙන් ඊජිප්තුව, උතුරින් සිරියාව, නැගෙනහිරින් ජෝර්දානය එකවිට පහරදෙමින් මේ රට අතුගා දමන්න යුද්දයක් පටන් ගත්ත. නමුත් දින 6 කින් මේ විසල හමුදා තුනම එකවර පරද්දල ඒ රටවලට දුවන්න ගහන්න ඉශ්‍රයලයට හැකිඋන, ශක්තිය උනේ සුපිරි ගුවන් හමුදාව, හා යුද ටැංකි තාක්ෂනය. මේවා අපිටත් හොද පාඩම්. අපේ ප්‍රශ්නේ ජෙනරාල් අද එයද හෙට එයිද , හොදද නරකද වලින් ගෙබි අදහස් නොවෙයි, අපේ හෙට පරපුරේ පැවැත්ම උදෙසා වේගයෙන් දියුණු වීමයි. දැන්වත් උගත් විද්වත් යට මුල්තැන දීල, දේශපාලනය කරන අය උගතුන්ට උදව් කරොත් මේ සිහින සැබෑ කරගන්න පුළුවන්. වෙන රටවල ආර්ථික සංවර්දන තීරණ ගන්නේ ආර්ථික විද්වතුන්, නගර සැලසුම් කරන්නේ නගර සැලසුම් විදුදරුන්, සමාජ කටයුතු සමාජ විද්වතුන්, දේශපාලනයන් මේවට අවශ්‍ය මුදල්, සහ පහසුකම් සපයනවා. එසේ නොකරන තැන ඔව්න්ව ඉවත් කරන්න මහජනතාව කටයුතු කරනවා. ලංකාවේ මේ ඔක්කොම සැලසුම් කරන්නේ නීතිය ගැන පමණක් උගත් දේශපාලනය කරන අය. ඉතින් විද්වතුන්ට තැනක් නෑ, අපෙතේ යාමක් , ඔව්න් පිටරට යනවා, ඒ රටවල් ඔව්න්ගෙන් වැඩ ගන්නවා. මෙය වෙනස්විය යුතුයි. ජාතික ප්‍රතිපත්ති ඕන කරනවා.
ණයට ගත්ත සල්ලි ටික අපිම ගෙවන්න එපැයි.
මම මගේ ජීවිතය උනත් ඔට්ටු අල්ලනවා මෙම සංවත්සරයට සරත් ෆොන්සේකා නිදහස් කරන්නේ නෑ කියල. ඕකනේ මහ එකට තියෙන ලොකුම ප්‍රශ්නේ.
දැන් වෙනවැඩකුත් නෑනේ මේ අයට..
කටින්ද කිව්වෙ දැන් මෙයාලට වැඩ නෑ කියල.?
කලින් දෙපාරම අප්පච්චි නැතිවයි මඟුල් කෑවේ. මේ වතාවේ එහෙම නොවේවායි කියා අපි පතන්නෙමු.
ලස්සනට තියෙයි නේද?
ජය වේවා.........තම ජාතියේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පුජා කල අපේ වීරෝධාර රණවිරුවනට නිවන් සෑපද, ඈස්, ඉස්, මස්, ලේ, නහර පූජා කර ආබාධිත තත්වයේ සිටින රණවිරුවනට ඉක්මන් සුවය ලෑබේවා......ජාතියට, ආගමට, රටට විනකරන්නන් විනාශ වේවා..... විජයග්‍රහනය කියන්නේ මොකක්ද, මේ පෙරහුරුව මොකටද කියලා මතක නෑති මේ රටේ මිනිස්සු ගොඩක් ඉන්නව. අපේ සිංහ කොඩියක් ගෙදර, තම ආයතනයේ දාන්න කියල කිව්වොත් අපේ කට්ටිය දාවි. ඒක නිසා මාධය ආයතන වලින් ලොකු ප්‍රචාරයක් දෙන්න මෙන්න මේ දිනයට මෙන්න මේ දෙය යෙදිල තියෙනව එක නිසා ජාතික කොඩියක් තමන්ගෙ ගෙදර, තමන්ගේ ආයතනයේ දාන්න කියල අපේ රණවිරුවන්ට උපහාරයක් විදියට....එහෙම පෙන්නුවොත්, කිව්වොත් නම් අපේ කට්ටිය ඒ දේ කරයි........
අනේ ජගත්, මේ මිනිස්සුන්ට මතක නෑ අද ඔය කිව්ව කතාව කියන්නවත් බෙරිලා තියෙන්නේ ඒ අය හින්ද කියලා. කම්මැලියො වගේ, බය ගුල්ලො වගේ ගෙදරට වෙලා කාලේ කාලේ කකා ඉද්දී මේ මිනිස්සු තමයි තමන්ගෙ ජීවිතය ගෑනවත් නොහිතා ඉදිරියට ගිහින් බෝම්බ වලට ගොදුරු වෙන්න නොදී බේරගත්තේ.ඔයා වගේ කෙලෙහි ගුණ නොදන්න මිනිස්සු තමයි වෑඩියෙන් මේ රටේ ඉන්නේ...
කෙලෙහි ගුණ නොදන්න මිනිස්සු තමයි වෑඩියෙන් ඉන්නේ...
යුද්ධෙ දිනපු අපේ කොල්ලන්ගේ ඡායාරූපයක් දැක්කත් ආඩම්බර හිතෙනවා
මට හිතෙන විදියට ජගත්.......................වගේයි.
ජාතියේ උදාර පුතුන් දේශයේ උදාර පුතුන් .................
ළමයිනේ රන්ඩු නොවී බලන් ඉන්න 19 වෙනිදට අපේ වීරවරයට මොකක් වෙයිද කියලා....
ඔබ වැනි පුතුන් දැයට පිනක්. ඔබ සමට පින්. ලබා දුන්නු නිදහසට
ෆොන්සේකා නිදහස් කරයිද????????????????????????????????????????????????????????
ජය . . . ජය වේවා.........
මල් මිටක් නෙළාගෙන අගිස්සෙන්...................... දොවා පිරිසිදු පිනි දියෙන්........................ ඔබේ පාමුල පුද කරන්නම් ........................ මව් බිමේ නිදහස පතා .................. අදැවස තුරුණු විය දන් දුන් නුඹ.....මෛමා...
හමුදාවෙ අයට වැඩක් නෑ කියපු එකම ලොකු වරදක්.............
මේ මොනව කලත් අපේ අයට සතියක් යද්දි ඕව මතක නෑ.ඒනිසා මානුශික මෙහෙයුමේ ජයග්‍රහන සතියක් විතර රූපවාහිනියේ පෙන්වන්න ඕන.එතකොට අපේ අයට නැවත ශක්තිය එයි.
අනිවාර්යේම සමරන්න ඕනේ , එත් ණයට ගත්ත සල්ලි මෙහෙම වියදන් කරන එක හරිද ?
මෝඩ කතා නොකියනවනම් තමයි හොඳ....
මෙයාල ලොකුවට සැමරුම් උත්සව තිබ්බට,මිය ගිය රණ විරුවන්,ආබාදිත අයගේ පව්ල් වල උදවිය ජිවිතය ගැට ගහ ගන්නේ හරිම අමාරුවෙන්,කල යුත්තේ ඔය මුදල් එම පවුල් අතර දීමනාවක් ලෙස බෙදාදීම.එක් ගුවන් යානයක් පියාසර කාලය පැයක් සදහා යන වියදම කොතරම්ද කියා ඔබ දන්නවද?.
සල්ලි කොහොම උනත් අපි අපේ වීර කොල්ලන්ව සමරන්න ඕන....
හමුදාවෙ අයට කෙසේ වෙතත් ඔයාටනම් වැඩක් නැති පාටයි.....
රටේ සියලු මිනිසුන්ට නිදහස ලබාදුන් එකම එක්කෙනෙක් නිදහස නොලබා ඉන්නවා. ෆොන්සේකා මැතිදුන්ටත් නිදහස ලැබෙනකම් අපි බලා සිටිමු. එවිට අපේ සහෝදරත්වය ලොවට පෙන්නන්න පුළුවන්.
ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර යලිත් සමාජයෙන් එකට එක්ව, රටට එරෙහි බලවේගවලට සාර්තකව මුහුණ දෙන්න අවස්ථාව ලැබේවා.