IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


තවුහිත් ජමාත් තවත් කඳවුරක් නුවරඑළියේ

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි සහ රංජිත් රාජපක්ෂ )

තව්හිත් ජමාත් සංවිධානය විසින් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු  කදවුරක් සොයාගත් බව පොලීසිය කියයි.

මරාගෙන මැරෙන කල්ලියට සම්බන්ධ සහරාන්ගේ අනුගාමිකයින් අතර සිටි බෝම්බ සෑදීම හා ඒ පිළිබඳ තාක්‍ෂණික උපදෙස් ලබාදුන් පුද්ගලයා ලෙස සැලකෙන මෙම සැකකරු කාන්තාන්කුඩි පදිංචි 24 වියැති සැකකරු ගෙන් රාජ්‍ය බුද්ධි අංශයෙන් ලබාගත් තොරතුරු මත ඊයේ දිනයේදී මෙම නිවස සොයාගන්නා ලදී. 

දින ගණනාවක් සිට මෙම නිවස පිළිබඳව ආරක්‍ෂක අංශ විසින් පරීක්‍ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෙම නිවස සොයාගෙන තිබේ.

මෙම නිවස සොයා ගැනීමට සහය දැක්වූ 24 වියැති මෙම සැකකරු සහරාන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති පන්තියකට මෙම දෙමහල් නිවසේදී සහභාගී වූ බවත්, ඒ සඳහා 35 දෙනෙකු පමණ සහභාගී වූ බවද සඳහන් කර ඇත. 

පාස්කු දින ජීවිත හානි සිදුකොට මරාගෙන මැරුණු ත‍්‍රස්තවාදීන්ද මෙම පුහුණුවට සහභාගී වූ බව අදාළ සැකකරු විසින් ප‍්‍රකාශ කර ඇත. සුදු පැහැති දෙමහල් නිවසක මෙම පන්ති පැවැත්වූ බවත්, මෙම පන්තිය සඳහා අලුයම 4.30ට පමණ නුවරඑළියට පැමිණි සාමාජිකයින් වෑන් රථ 2 කින් අදාළ දෙමහල් නිවසට කැඳවාගෙන ගොස් ඔවුනොවුන් කිසිවෙකුට කතා කිරීම තහනම් කොට අවි පුහුණුවක්ද ලබා දුන්බවට තොරතුරු අනාවරණය  වී ඇත.

මෙම නිවසේ තිබී නුවරඑළියේ සිතියම් 03ක් ද බුද්ධි අංශය විසින් සොයා ගත් අතර  රාජ්‍ය බුද්ධි අංශය විසින් අදාල සැකකරු නුවරඑළියට රැගෙන පැමිණීමෙන් පසු මෙම නිවස සොයා ගැනීමට ආරක්‍ෂක අංශ වලට හැකි වී ඇත. අප්‍රේල් මාසයේදී මෙම නිවසේදී ත‍්‍රස්තවාදීන් විසින් පන්ති පවත්වා ඇති බවටද තොරතුරු අනාවරණය වේ. 

සහරාන් ඇතුළු කණ්ඩායමට පන්ති පැවැත්වීමට වක‍්‍ර ආකාරයෙන් දායකත්වය දුන් සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන වැඩිදුර ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇත.

ගම්පොල ප‍්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මෙම නිවස බදු මත මාස ගණනාවක් සිට පවත්වාගෙන යන්නක් බවට වාර්ථා වෙන අතර, එම බදුකරුගෙන්ද ප‍්‍රශ්න කිරීමට පොලිසිය පරීක්‍ෂණ කටයුතු මෙහෙයවයි. 

(ඡායාරූප රංජිත් රාජපක්ෂ )

 ( ඡායාරූප  ෂෙල්ටන් හෙට්ටිආරච්චි) 



අදහස් (29)

තවුහිත් ජමාත් තවත් කඳවුරක් නුවරඑළියේ

Kalpa Monday, 06 May 2019 10:10 AM

අනේ මගේ රටට මොකද මේ වෙන්නේ?

:       53       462

palithaMonday, 06 May 2019 10:32 AM

ජනවාරි 8 මතකද?

:       1268       1416

Madawa PereraMonday, 06 May 2019 01:16 PM

ඊට ඉස්සෙල්ලා මතක නැතුව ඇති නේද?

:       463       1119

Chanak los angelesMonday, 06 May 2019 03:42 PM

පාලිත.. මම මුස්ලිම් පල්ලි 200ක් හදවලා දුන්නා කියලා අන්තර්ජාලයේ සැරිසරන බැසිල් කියන යූ ටියුබ් වීඩියෝව හොයාගෙන බලලා කමෙන්ට් එකක් දමන්න.

:       365       380

chinthakaTuesday, 07 May 2019 03:01 AM

ඔව්, මතකයි, ජනවාරි 8 ට ඉස්සෙල්ල අපි තිස් අවුරුදු යුද්ධයක් අවසන් කරලා සතුටින් හිටියා. අර සිංහල රජුරුවන්ව සුද්දට පාවාදුන්නා වගේ 62 ලක්ෂයක් රටේ රජුරුවන්ව පාවාදුන්නා. අද රටම ලේ විලක පින පීනා ඒ පව ගෙවනවා

:       16       204

Chanak los angelesMonday, 06 May 2019 09:23 PM

මේ කුමන්ත්‍රණ ඔක්කොම ගොඨාභලගේ සැලසුම් කියා නොබෝ දිනකින් පෙනේවි

:       241       209

සපුමලීTuesday, 07 May 2019 01:24 AM

මුස්ලිම් පල්ලි හදවලා දීම වරදක් ද ..? වරද එය නොවේ. වරද නම් අන්තවාදය හිස ඔසවනවිට සංහිඳියාවේ නාමයෙන් කට පියාගෙන සිටීම ඊට උඩගෙඩි දීමයි.

:       6       143

Chanak los angelesTuesday, 07 May 2019 10:39 PM

ඔව් හදලා දුන්නට වරදක් නැහැ .. හැබැයි අර ඡන්දෙ ගන්න ඕවා අල්ලස් නොවුවානම් ..

:       3       4

ගල්කටස් Monday, 06 May 2019 10:17 AM

අැල්ලුවට වැඩක් නැහැ අැප ෂුවර්.. දැන් නම් අාණ්ඩුව කරන කියන කිසිම දෙයක් විශ්වාස නැහැ. අරලියගහ මන්දිරයෙත් තියෙනවද දන්නේ නැහැ කදවුරු?

:       1851       3537

original galkatas Monday, 06 May 2019 12:36 PM

මගේ නම පාවිච්චි කර මෙයා මක්කයි මේ ලියන්නේ

:       149       3

Original galkatas Monday, 06 May 2019 01:32 PM

දැන් මොකද කියන්නේ..?

:       11       1

athuraTuesday, 07 May 2019 03:53 AM

ගල්කටස් මයා, මට ඔය ආණ්ඩුවෙන් ඇප දෙනවා කියන එක ටිකක් තේරුම් කරලා දෙන්න.

:       109       2

ase Monday, 06 May 2019 10:32 AM

පදිංචි හෝ අලුතින් පදිංචියට හෝ කුලියට හෝ බද්දට එන සියලුදෙනා ග්‍රාම නිලධාරි ළඟ ලියාපදිංචිවීම අනිවාර්ය කරන්න. සතියක් ඇතුළත ග්‍රාම නිලධාරීන් ශක්තිමත් කරන්න. අතිරේක නිලධාරීන් යොදවන්න. පදිංචිකරුවන් සියලු දෙනා වගේම තමන් පාවිච්චි කරන රථ වාහන, ජාතික හැඳුනුම් පතේ ලිපිනය, රියදුරු බලපත්‍රයේ ලිපිනය, සියල්ල සතියක් ඇතුළත මාරු කරන්න පහසුකම කොට්ඨාශයෙන්ම කරගන්න පහසුකම ලබාදෙන්න. ඒ මාර්ගයෙන් අනවසරයෙන් රැඳී සිටින පුද්ගලයන්, වාහන පහසුවෙන් හඳුනාගැනීමට හැකියාව ලැබේ. කරයි ලැබුණු ඔත්තුව අනුව ක්‍රියා කරන්න බැරි අයට නම්...

:       3       376

original galkatas Monday, 06 May 2019 12:37 PM

ඔයාගේ නමේම ලියලා ලියාපදිංචි කරවන්නම්කො

:       90       12

aseTuesday, 07 May 2019 06:52 AM

කරුණාකර වැඩකට නැති දේවල් ලිවීමෙන් වලකින්න !! දැන් වත් දැන්වත් !!

:       0       12

palit Monday, 06 May 2019 10:39 AM

ගඩාෆි පෙරළා දැමීමට, ඇමෙරිකාව ප්‍රංශය ආදී බටහිර රටවල් එරට කැරැලි කණ්ඩායම්වලට අවි ආයුධ පමණක් නොව, අවි පුහුණවක්ද ලබා දුන්නේය. ගඩාෆි මරා දැමීමෙන් පසු, එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී, ලිබියාවේ නව රජයක් පිහිටුවීය. ගඩාෆි පාලනය පෙරළන්න එකමුතු වී අවි අතට ගෙන සටන් වැදුණු කැරැලිකාර කණ්ඩායම් මෙහිදී බෙදී වෙන්විය. රජයට පක්ෂ කණ්ඩායම් රජයේ හමුදාව බවට පත් විය. සෙසු කණ්ඩායම් අවි බිම තැබීම අතහැර නව රජයට විරෝධය දක්වන්නට විය. ඇමෙරිකාවට අනුව, ලිබියාව යනු යළි කිසිදාක ‘ගොඩ ගැනීමට නොහැකි’ අස්ථාවර වූ රාජ්‍යයකි. ලිබියානු සිවිල් වැසියෝ සැමවිටම මරණ බයෙන් ජීවත්වෙති. දරුවන්ට නිසි පාසල් අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත. ලිබියාව අස්ථාවර වෙද්දී, ඉරාකයෙන් සහ සිරියාවෙන් ආ අයි.එස්. ත්‍රස්තවාදීන් ලිබියාවේ පළාත් රැසක ඔවුන්ගේ පුහුණු කඳවුරු පිහිටුවා ගත්හ. තවමත් එම කඳවුරු එලෙසම පවතින බව විදෙස් බුද්ධි වාර්තා පෙන්වා දෙයි.

:       1       826

ImranMonday, 06 May 2019 03:30 PM

ඔබතුමා වගේ බුද්ධිමත් ජනතාවක් තමා ලංකාවට අවශ්‍ය වන්නේ.. හුදෙක් මෝඩ අදහස් සහ කිසිම තේරුමක් නොමැති සමාජජාලා වීරයින් ලංකාවෙන් තුරන් කළ යුතුයි..

:       1       441

AmilaMonday, 06 May 2019 05:06 PM

අනිවාර්යයෙන්ම. ඇමරිකාවට ඕන වුනා මැද පෙරෙදිග අස්තාවර කරන්න. ඒකෙන් ඔවුන් බොහෝ දුරට සාර්තකයි. දැන් ඔවුන්ගේ මීලග ඉලක්කය ආසියාව වෙන්න ඕන.

:       0       29

මවුබිමේ අනාතයා Monday, 06 May 2019 10:52 AM

අපි පොල් ගොඩක් ගගා හිටියේ... ඒකයි මේකට හේතුව..

:       0       36

sirimal Monday, 06 May 2019 10:56 AM

ඔය ළඟපාත කිසිම කෙනෙකුට අද වෙන කල් මේවා ගැන දැනගන්න ලැබුනේ නැද්ද? නැත්නම් දැනගෙන කට වහගෙන හිටියද?

:       0       79

Anura Monday, 06 May 2019 10:56 AM

ගල් කටස්, ඔබ අපේ විරෝධාර හමුදාව මේ වෙලාවේ අධෛර්යයට පත් නොකළ යුතුයි. කරුණාකර ධනාත්මකව හිතන්න. බලන්න අපේ ශ්‍රී ලාංකික ජනතාව කලබල නොකර මේ වෙලාවේදී හමුදාවට සහයෝගය දෙන ආකාරය...

:       0       61

Ranjith Monday, 06 May 2019 10:57 AM

අනේ ග්‍රාම නිලධාරි කෙනෙක් ශක්තිමත් කරලා රටට වුණු විපත්තිය ඇතිනේ...

:       0       280

Samathasena Aluthgamage. Monday, 06 May 2019 11:08 AM

මෙම ත්‍රස්තයන්ට අයත් රැස්වීමක් දැනට වසර කහිපයකට පෙරදී දර්ගා නගරයේ සීනවත්ත ප්‍රදේශයේ පැවැත්වෙනු දුටු එක්තරා මුස්ලිම් මිනිසෙකු එයට පහරදී ශබ්ද විකාශන යන්ත්‍රද පොඩිකර දමනු ලැබීය.එහෙත් අවාසනාවකට අදාළ පොලීසිය විසින් එම නිවැරදි මිනිසා අත්අඩංගුවට ගෙන හොඳ හැටි පහරදී රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.මේ ගැන සොයා බැලීම රටේ යහපත පිණිස වන්නේය.වරදකරුවන්ව හඳුනාගෙන මේ නිවැරදි මිනිසාට ත්‍යාගයක් පිරිනැමිය යුතුය.

:       0       107

Rasika Monday, 06 May 2019 01:39 PM

මේ අවස්ථාවේ ඌරන්ගෙන් සහයෝගය පරීක්ෂා කිරීම්වලට ගමු.

:       0       139

anuraMonday, 06 May 2019 03:23 PM

එම සතාගේ වාසනාවට ඒ ගොල්ලන්ට අප්පිරියා වුනේ... නැතිනම් ඌට දෙන වද ගැනත් සිතාගන්නටවත් අමාරුයි.

:       1       97

PA - RA Monday, 06 May 2019 02:49 PM

කිනම් හෝ දෙපළක් අන්තවාදීන්ට දී ඇති නම් එය රාජසන්තක කර, එය හමුදා ආරක්ෂක කටයුතු වලට යොදා ගැනීමෙන් රට බේරාගත හැකිය.

:       0       51

Amila Monday, 06 May 2019 05:01 PM

බලන් ගියහම අපි ඉදලා තියෙන්නේ ත්‍රස්තවාදීන් කඳවුරු බැදගත්ත රටකනේ !

:       0       56

mara Monday, 06 May 2019 05:57 PM

රිෂාඩ් ගේ වත්කම් සොයා බැලුවාද ?

:       0       83

Grama SevakaTuesday, 07 May 2019 01:17 AM

එව රනිල් ලොක්ක දන්නවා…. ඒකනේ රට යැව්වේ.

:       1       256

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 858 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 886 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 520 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 316 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 430 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 594 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site