IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය එයි

(තරිදු ජයවර්ධන)

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණි.

මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව මෙම සංවිධාන තුන තහනම් කර තිබේ.

එම සංවිධාන තුන පහත දැක්වේ.

1. නැෂනල් තවුහීත් ජමාත් (එන් ටී ජේ)
2. ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් (ජේ එම් අයි)
3. විලයාත් අස් සෙයිලානි

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයෙන් දින 22කට පසුවය.

එම ගැසට් නිවේදනයේ ඉංග්‍රීසි පිටපත පහත දැක්වේ. සිංහල පිටපත තවම මුදාහැර නැත.   



අදහස් (18)

තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය එයි

සමන් - ඕමානය Tuesday, 14 May 2019 04:27 AM

දෙයියනේ දවස් 22ක්.. !!! මම හිතුවා ආණ්ඩු කරන උදවිය කිව්ව විදිහට මේ කාරණයට ප්‍රමුඛත්වය දෙනවා කියලා !!! මේකේ ඉන්නේ ගොලුබෙල්ලොද, ඉබ්බොද?

:       0       0

Amarabandu Tuesday, 14 May 2019 04:37 AM

දැන් මේ සංවිධාන වල අය වෙන නමකින් පටන් ගත්තොත් මේ ගැසට් වල ඇති වැඩේ මොකද්ද? අවශ්‍ය මෙවන් අන්තවාදීන්ට අවශ්‍ය වන දේවල් ඉටු නොවන පරිදි දැඩි නීති ගෙනඒමයි. ජනවර්ග පදනම් කරගෙන සාදාඇති නීති අහෝසි කිරීමයි. පුරවැසිබවට අගයක් ලබාදීම සහ ජන කණ්ඩායම් පදනම් වන නීති සියල්ල අහෝසි කිරීම මගින් මෙරට කිසිදු අන්තගාමී දෙයක් ඉටු කර නොගැනීමට කටයුතු කිරීම අදම කළයුතුයි.

:       0       0

Shiraz Tuesday, 14 May 2019 04:38 AM

කෝ එතකොට SLTJ-Srilanka තව්හිද් ජමාත් මුදුන් මුල කඩන්නේ නැතුව අතු ටික කපලා ඔය ප්‍රශ්නය ඉවර කරන්න බැහැ.

:       0       0

Amila Tuesday, 14 May 2019 04:41 AM

මේ දියාරු පාලනය තමයි මේ ඔක්කෝටම මුල... ඉක්මනින් ගන්න ඕනෑතීරණ එන්නේ සති 3කට පස්සේ.

:       0       0

Namal Tuesday, 14 May 2019 04:42 AM

ඇති යන්තන්

:       0       0

ajith Tuesday, 14 May 2019 04:43 AM

විනාඩි 10 වැඩේට සති 4ක් ගත්ත ආණ්ඩුවක්...

:       0       0

prasa Tuesday, 14 May 2019 05:17 AM

මේක සමාජවාදී විප්ලවකාරී දේශපාලන කැරල්ලක් උනානම් බලාගන්න තිබුණා ඔය කවුරු කවුරුත් එකතුවෙලා සංවිධාන තහනම් කරන්න කොච්චර ඉක්මන් වෙනවද කියල

:       1       484

සේන Tuesday, 14 May 2019 05:18 AM

පුදුම පාහර ආණ්ඩුවක් මේක. සාමාන්‍ය ජනයාට කිසිම විශ්වාසක් නෑ ත්‍රස්තවාදීන්ට එරෙහිව ගන්න ක්‍රියා ගැන. ලොකු නයි ටික ඔඩොක්කුවේ. රට ගිනි ගන්නකොට තමා ගැසට් එක එන්නේ. මේ තරම් අවධානම් වෙලාවක රටට ආදරේ රජෙක් රටෙන් යයි ද ?

:       49       1606

Gamini Tuesday, 14 May 2019 05:45 AM

රජයේ මෙම තීන්දු තීරණ වල පමාවද රටේ ඇතිවී ඇති නොසන්සුන්තාවට හේතු විනයි සිතමි. පාලකයින් ඔවුන්ගේ වාසියට පරස්පර අදහස් පවසමින් ඡන්දගොඩ වැඩි කර ගැනීමට උත්සාහ කරමින් කල් මැරීම තුළ, නොපමාව නිවැරදි තීන්දු තීරණ නොගැනීම රටේ ජනතාවගේ ඉවසීම නැති වී සාමය බිඳ වැටීමට හේතු වී ඇත..

:       0       183

ලුම්බිණි Tuesday, 14 May 2019 05:45 AM

රෝමය ගිනි ගනිද්දී නීරෝ විනා වාදනය කලාලු.

:       0       124

Chamindapriyadarshana Tuesday, 14 May 2019 05:49 AM

මෙම අවස්තාවේ හිජාබය පමණක් නීතිගත කොට අනෙක් සියලු මුස්ලිම් කාන්තාවන් පලදින මුහුණ සහ ඇඟ ආවරණය කරන ඇදුම් තහනම් කල යුතුයි. නැතිනම් අප හට විශාල බියක් ඇතිවෙනවා.

:       0       21

ravi Tuesday, 14 May 2019 05:50 AM

මේ ගැසට් කිරීම .. ශ්‍රී ලංකා ඉතිහාසයේ " ත්‍රස්ත මර්දනයට " ලොකු ජයග්‍රහණයක් ! එත් මෙවෙනි දේවල් එවැනි මුස්ලිම් පල්ලිවල ලියාපදිංචි නොකළ අන්දමට සංවිධානාත්මකව සිද්ද වෙනවා නොඅනුමානයි ...!!!

:       0       12

Rohana Tuesday, 14 May 2019 05:58 AM

රටට හිතැති නව දේශපාලන නායකත්වයක් ඊළඟ මැතිවරණයෙන් පත්කරගනිමු. නමුත් මෙහෙම නායකත්වයක් පේනතෙක් මානයක නැති බවයි මගේ අදහස...

:       0       0

ajtih Tuesday, 14 May 2019 06:05 AM

දැන්නම් අල්ලපු අයට ඇප දීලත් ඉවර ඇති.. ගැසට් එක එනකොට..

:       0       0

Samare Tuesday, 14 May 2019 06:15 AM

මෙච්චර කල් අරගෙන තියෙන්නේ මේ සංවිධනවල අය එකවුන්ට් වල සල්ලි වෙන ඒවට දාගන්නකම් හිටපු නිසයි. නීතියෙන් තහනම් කළාට පස්සේ වත්කම් රාජසන්තක වෙනවනේ. තඹ ෆැක්ටරියෙත් තඹ ටික පන්නලා තිබුනේ.

:       0       0

JAYATH Tuesday, 14 May 2019 06:59 AM

දවස් 22 කට පස්සේ තමයි මේක මතක් උනේ මොනවා කරන්නද කොන්ද පන තියන නායකයෙක් (නායකයෝ ) ඉන්න රටක් නෙවි නෙව මේක "කවදා පායිද අප දිනිසුරානෝ "

:       7       144

Perakum Tuesday, 14 May 2019 07:39 AM

එහෙම පුලුවන්ද. එතකොට අපේ ඡන්ද ගොඩ පුංචි වෙනවා නේ. ඒ උනාට අපේ ගොන් රැල අනිත් සැරෙත් මේ වගේම රැලක් පත් කර ගනීවි.

:       0       23

prasad liyanage Tuesday, 14 May 2019 08:17 AM

ආණ්ඩුවේ මැදිහත්ම්වීම බොහොම මදි .

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 868 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 896 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 524 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 320 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 433 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 596 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site