තිස්සමහාරාම බෝගහපෑලැස්ස ළමා නිවාසයේ දරුවෝ ජාතික ළමා ආරක‍්ෂක අධිකාරියේ යටතට පවරාගෙන කොළඔටරැගෙන එනු ලැබුහ.
මෙම අසරණ වු දරුවන් ළමා නිවාස ගාල් නොකර හොද පුරවැසියන් පිරිසක් කිරිමට කටයුතු කරන ලෙසත් මෙම දරුවන් සදහා නව නිවාස දෙකක් රජයෙන් ලබා දෙන බවත් මෙම දරුවන් ගේ රැකවරණය නිසි අයුරින් සළසාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මහතා තමාට උපදෙස් දුන් බවත්ජාතික ළමා ආරක‍්ෂ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය කීවාය.
බ්‍රහස්පතින්දා රාත්‍රි9 ට පමණ මෙම දරුවන් ජාතික ළමා ආරක‍්ෂක අධීකාරිය මේ දරුවන් රැගෙන යද්දී දැඩි උනුසුමිකාරී තත්වයක් ඇති විය.
මෙම දරුවන් ළමා නිවාසයක මෙන් පාලනය නොකර ගෙදරක පරිසරය දැනෙන පරිදි හොදින් රැක ගැණිම පිණිස කටයුතු කරන ලෙසජනාධිපතිවරයා උපදෙස් දුන් බව දිසානායක මහත්මිය කීවාය. මෙම දරුවන් අතර බොහෝ පිරිසකට මව්පියන් සිටින බවත් රජයෙන් මාසයකට රුපියල් පහළොස් දහක් පමණ වැටුප් ලබන හම්බන්තොට නගර සේවිකාවක සිටින බවත් ළමා ආරකෂ නිළධරයෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ්, සම්පත්.. පාස්ටර්ලා කතෝලික ආගමට අයත් අය නෙවෙයි. ආගමේ මුවාවෙන් ආගම විකුණගෙන කන අය. ඔවුන්ට බිෂොප් කෙනෙක් නැහැ. (නදී)
තව ඔය වගේ අපායවල් කීයක ලිංගික ක්‍රියා වල යොදවමින් වද හිංසා කරමින් අපේ රටේ ළමයි කොතරම් ඉන්නවද? තවත් පත්‍රයක පල කරනකම් ළමාරක්ෂණ අධිකාරිය නිහඩව ඉන්නවා.පත්තරවල දැම්මොත් විතරක් දුවලා යනවා. ඔය තරම් ප්‍රසිද්ධ වෙලත් පාස්ටර්ගේ නංගිට ළමා නිවාසය බාරදෙන්න හැදුවා.මිනිස්සු හඩ නගපු හින්දා ඒකත් බේරුනා.ඒකෙන් තේරෙනවා මේ අය කොතරම් අමන විදිහටද වැඩකරන්නේ කියලා.පුදුම කණගාටුවක්,වේදනාවක්,අප්‍රසන්නතාවයක්,කෝපයක් ඇතිවෙනවා.අපේ රට ගොඩ එන්නම බැරි තරමට වැරදි පාරේ ගිහින්.මේකට දේශපාලකයෝ විතරක්ම වැරදිකාරයෝ කියලා ඔවුන්ටම බැනීමත් එක හේතුවක්.හැම දෙයකටම දේශපාලකයට බනිනකොට මිනිස්සුනට දැනෙනවා අපි වැරදි නැහැ කියලා. තමනුත් මේවට වගකිව යුතුයි කියලා දැනුනොත් ටිකක් හරි නිවැරදි වෙන්න බලනවා. (නි)
නුවන් කතෝලික ආගමේ පියතුමෙක් නෙවෙයිනේ ඕක කලේ . ඒ නිසා කතෝලික පල්ලියට මේ සිද්ධිය අපහාසයක් නෙවෙයි. (ස)
මොන මොන නිකායවල් තිබුණත් බලාගෙන ගියහම ඔක්කොම එකයි (නි)
කදිනෙල් කෙනෙක් ඉන්න රටක ඔය වගේ දේ කරන එක මොනතරම් අපහාසයක්ද පල්ලියට..(ස)
පැහැදිලිව කියන්න ඕනෑ, පාස්ටර් කියන තනතුර අයත් වෙන්නේ කතෝලික සභාවට නෙමෙයි. කතෝලික සභාව කියන්නේ දෙවියන් වහන්සේ පිහිට වූ සභාවක්. අනෙක් නම් වලින් හැදින්වෙන ආගම් හදාගත්තේ තමන්ට වාසිවෙන විදියට. අද ලෝකයේ එවැනි මූලධර්මවාදි කණ්ඩායම් 36000 ක් පමණ තියෙනවා. එම නිසා ඔවුන් කතෝලික සභාවට අයත් වන්නේ නැහැ. (නි)
ඇයි මහා රෑ ළමයි අරන් යන්නේ? ගෙදරක පරිසරය දැනෙනනවා නං හොඳයි. ඒක දැනෙන්නේ ඉතින් දෙමාපියන් ළඟ ඉන්නකොටනේ වැඩියෙන්ම. ඉතින් මේ ළමයි කොළඹ අරන් නොයා තිස්සමහාරාමේම නිවාස දෙක ඉදිකරලා දුන්නොත් නේද හොඳ? මොන උනත් ඒ හිතේ දුක පුරවන් ඉන්න පුංචි ළමයි කියන එක අමතක කරන්න එපා.(ස)
ඇයි මහා රෑ ළමයි අරන් යන්නේ? ගෙදරක පරිසරය දැනෙනවා නම් හොඳයි. ඒක දැනෙන්නේ ඉතින් දෙමාපියන් ළඟ ඉන්නකොටනේ වැඩියෙන්ම. ඉතින් මේ ළමයි කොළඹ අරන් නොයා තිස්සමහාරාමේම නිවාස දෙකක් ඉදිකරලා දුන්නොත් නේද හොඳ? මොනවා වුණත් ඒ හිතේ දුක පුරවගෙන ඉන්න පුංචි ළමයි කියන එක අමතක කරන්න එපා. (නි)
ඔව් ආරියවංස, පාස්ටර්ලා කතෝලික සහ බෞද්ධ ආගමට විරුද්ධ වුණත් ඔවුන්ට ආවඩන බිෂොප්වරු විතරක් නෙමෙයි අවාසනාවට සමහර හාමුදුරුවරුත් ඉන්නවා (නි)
රහසිගතව වීඩීයෝ කරලා නීතියේ ඇස්වලට මෙම සිද්ධිය පෙන්වා දුන් මාධ්‍යකරුවාට සුභ පතමු (නි)
ඒ වුණාට පාස්ටර්ලාව බේරගන්න බිෂොප්ලා ඉන්නවා නේද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මම නීතිපති වුණානනම් කරන දේ දන්නවා. (ත)
මේ හැමදෙයටම වග කිව යුත්තේ දෙමාපියෝ. තමන්ට ළමය හදා ගන්න බැරිනම් මොකටද කුසට ළමයෙක් ජාතක කරන්නේ? (ත)
මේ සියල්ලටම වගකිව යුතු වන්නේ තමන් ගන්නා පඩියටවත් රාජකාරිය නොකරන ළමා රක්ෂක අධිකාරියේ නෝනාවරුන්ය. මොවුන් හට මෙම පවි පඩිසන් දීමට ආත්ම සිය ගණනාවක් ගතවනු ඇත.(නදී)
රටේ සිදුවෙන මොනම වැඩක් උනත් කමක් නැහැ කෙනෙකුට හෝ පිරිසකට යහපතක් වෙනවනම් නේද ශේනල් ?(නදී)
සම්පත් මම දන්නා තරමින් පාස්ටර්ල කියන්නේ කතෝලික නෙමෙයි. එයාලට බිෂොප් තුමාලා හෝ වගකිවයුතු කෙනෙක් නැහැ. මොවුන්ට සමාගම් පනත යටතේ මේ රටේ කටයුතු කරන්න ඉඩ දීමයි වරද?(නදී)
සේනාව දැම්මලා කුණු බිත්තර ටිකක් ගස්සල දැම්මා නම් වැඩේ ඉවරයි.(නදී)
පාස්ටර්ලටත් බිෂොප්ලා ඉන්නවද? දෙමවිපියක් ගැනත් හොයන්න.(නදී)
පාස්ටර් ගැනයි ළමා ආරක්ෂා බලදාරින් ගැනයි ඔය කියන කට්ටිය අන්තිමට ලියල තියෙන ටික කියවල බලල නැහැ වගේ. ටිකක් හිතල බලන්න දෙමාපියෝ ඉන්න ළමයි ඇයි මෙහාට දීලා තියෙන්නෙය් කියලා. (නදී)
ළමා ආරක්ෂාව බාර නිලදාරීන් මේවා දැනගන්නේ පුවත් පත් වලින්ද? මට නම් එහෙමයි හිතෙන්නේ.(නදී)
දැන් වත් පාස්ටර්ට නිතිය හරියට ක්‍රියාත්මක කළොත් හොදයි නේද?(නදී)
මේච්චර කල් ඌරු කොටු රකින්න ළමයි යොදාගැනීම පිළිබදව ළමාරක්ෂණ අධිකාරිය නොදැන සිටීම පිළිබදව විමසිය යුතුයි. වහාම තම රාජකාරිය පැහැර හැරි නිලධාරීන් හා ඒ ළමා නිවාසයෙන් අල්ලස් ලබා ගෙන ඇත්නම් ඒවාත් සොයාබලා දඩුවම් කරන්න. මෙපමණ දෙයක් වෙලත් ජනාධිපති තුමා කියනකම් ඉන්න නම් මේ නිලධාරීන් මොකටද. ලංකාවේ සියලු ළමා නිවාස කොළඹින් ගොස් පරීක්ෂා කළ යුතුයි. මෙය හැමදාම නොකඩවාම කළ යුතු දෙයක්. මහලු නිවාසත් පරීක්ෂා කළ යුතුයි.(නදී)
ඇයි පාස්ටර්?(නදී)
ඇත්තටම ළමයින්ගේ පෙර පිනකට අපායකින් චුත වීමක් තමයි.(නදී)
පාස්ටර්ට මොකද කරන්නේ? බිෂොප් තුමා මොකද කියන්නේ?(නදී)