ශ්රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට අද (10) සුදුසුකම් ලැබුවාය. එංගලන්තයේ ලන්ඩන් නුවරදී මේ මස 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා පිලේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගණන ඒ අනුව 7 දක්වා ඉහළ ගියේය. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වට ක‍්‍රීඩිකාවෝ 46 දෙනෙක් සහභාගිවෙති. එම ක‍්‍රීඩිකාවන් 46 දෙනා අතරින් ක‍්‍රීඩිකාවක් ඉවත්වීම නිසා ඔලිම්පික් බැඞ්මින්ටන් තරගාවලියේ අතිරේක (ක‍්‍රීඩිකාවන්) ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටි තිළිණිට ප‍්‍රධාන කාණ්ඩයට ඇතුළත්වීමේ අවස්ථාව හිමිව තිබේ. අවසන් වරට 2008 වසරේ චීනයේ බීජිං නුවරදී පැවැති ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ද සහභාගි වු තිළිණි, දෙවරක් ඔලිම්පික් වරම් ලබාගත් ප‍්‍රවීණතම ක‍්‍රීඩිකාව ද වේ. මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් එක් ක‍්‍රීඩකයකු සහ ක‍්‍රීඩිකාවක සහභාගිවන පළමු අවස්ථාව ද මෙයවේ. එහිදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න, ඔලිම්පික් උළෙලට සිය දස්කම් අනුව සුදුසුකම් ලබා සහභාගිවීම විශේෂත්වයකි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තිළිණිට ඔලිම්පික් වරම්
කිත්සිරි Wednesday, 11 July 2012 09:15 AM
උණුසුම් සුබ පැතුම්
නිපුන Wednesday, 11 July 2012 09:51 AM
උණුසුම් සුබ පැතුම් ..... !!!!
නිපුන Wednesday, 11 July 2012 09:51 AM
උණුසුම් සුබ පැතුම් ..... !!!!