නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති පළමු දකුණු ආසියානු බර ඉසිලීමේ තරගාවලියේදී රන් පදක්කම් හතක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. ඉන්දියාවට පමණක් දෙවැනි වු ශ්‍රී ලංකා පිල රිදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් පහක් ද දිනා ගනිමින් අන්තර්ජාතික බර ඉසිලීමේ තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව වාර්තා කළේය. කමල් බණ්ඩාර (කි.ග‍්‍රෑ. 56) ස්නැච් ක‍්‍රමයෙන්, සංගීත් විජේසුරිය (කි.ග‍්‍රෑ. 56) ස්නැච් සහ එකතුව මෙන්ම ශෂික ලියනාරච්චි (කි.ග‍්‍රෑ. 62) එකතුවෙන් ද රන් පදක්කම් දිනා ගැනීමට සමත්වුහ. කාන්තා තරගාවලියේ කිලෝග‍්‍රෑම් 75 ට වැඩි බර පංතියෙන් ධම්මිකා හරිස්චන්ද්‍ර එහිදී රන් පදක්කම් තුනක් දිනා ගත්තාය. තරගාවලියට සහභාගිවු රොමේෂ් අමරසේකර (කි.ග‍්‍රෑ. 85), නීල් පෙරේරා (කි.ග‍්‍රෑ. 85), දිනුදා අබේසේකර (කි.ග‍්‍රෑ. 48), චමරි වර්ණකුලසුරිය (කි.ග‍්‍රෑ. 53) සහ නදීෂානී රාජපක්‍ෂ (කි.ග‍්‍රෑ. 58) යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සෙසු පදක්කම් දිනා ගත්හ. නේපාල බර ඉසිලීමේ සංගමය සංවිධානය කළ මෙම තරගාවලියට සත්කාරක නේපාලය, ඉන්දියාව, පාකිස්තානය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින යන රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගිවෙති. සංචාරක ශ්‍රී ලංකා පිල අද (26) දිවයිනට පැමිණියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දක්ෂතාවයක්. මම මෙයට සුබ පතනවා. ඉදිරියටම යමු.
එල එල
අහන්න දෙයක් නෑ අපිට ජීවන බර උහුලන්න හොදට පුරුදුයිනේ.
ලංකාවේ ජීවන බර උසුලන අපිට මීට වඩා බරක් වුනත් උසුලන්න පුලුවන්. මගෙන් සුබපැතුම් !