නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති පළමු දකුණු ආසියානු බර ඉසිලීමේ තරගාවලියේදී රන් පදක්කම් හතක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. ඉන්දියාවට පමණක් දෙවැනි වු ශ්‍රී ලංකා පිල රිදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් පහක් ද දිනා ගනිමින් අන්තර්ජාතික බර ඉසිලීමේ තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව වාර්තා කළේය. කමල් බණ්ඩාර (කි.ග‍්‍රෑ. 56) ස්නැච් ක‍්‍රමයෙන්, සංගීත් විජේසුරිය (කි.ග‍්‍රෑ. 56) ස්නැච් සහ එකතුව මෙන්ම ශෂික ලියනාරච්චි (කි.ග‍්‍රෑ. 62) එකතුවෙන් ද රන් පදක්කම් දිනා ගැනීමට සමත්වුහ. කාන්තා තරගාවලියේ කිලෝග‍්‍රෑම් 75 ට වැඩි බර පංතියෙන් ධම්මිකා හරිස්චන්ද්‍ර එහිදී රන් පදක්කම් තුනක් දිනා ගත්තාය. තරගාවලියට සහභාගිවු රොමේෂ් අමරසේකර (කි.ග‍්‍රෑ. 85), නීල් පෙරේරා (කි.ග‍්‍රෑ. 85), දිනුදා අබේසේකර (කි.ග‍්‍රෑ. 48), චමරි වර්ණකුලසුරිය (කි.ග‍්‍රෑ. 53) සහ නදීෂානී රාජපක්‍ෂ (කි.ග‍්‍රෑ. 58) යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සෙසු පදක්කම් දිනා ගත්හ. නේපාල බර ඉසිලීමේ සංගමය සංවිධානය කළ මෙම තරගාවලියට සත්කාරක නේපාලය, ඉන්දියාව, පාකිස්තානය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින යන රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගිවෙති. සංචාරක ශ්‍රී ලංකා පිල අද (26) දිවයිනට පැමිණියේය.
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ද. ආසියානු බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 7 ක්
අසංක Thursday, 29 March 2012 02:28 PM
ලංකාවේ ජීවන බර උසුලන අපිට මීට වඩා බරක් වුනත් උසුලන්න පුලුවන්. මගෙන් සුබපැතුම් !
රෝහණ Tuesday, 27 March 2012 09:17 AM
හොද දක්ෂතාවයක්. මම මෙයට සුබ පතනවා. ඉදිරියටම යමු.
වෙලගෙදර Tuesday, 27 March 2012 02:38 PM
එල එල
රාවණ Tuesday, 27 March 2012 03:00 PM
අහන්න දෙයක් නෑ අපිට ජීවන බර උහුලන්න හොදට පුරුදුයිනේ.