උතුරු කොරියාව, දකුණු කොරියාවට හා ජපානයට පහරදීමේ තර්ජනය ඇති බවත් මිසයිල නැගෙනහිර වෙරළේ ස්ථාන ගත කර අවසන් බවත් යුරෝපා මාධ්‍ය අද උදෑසන වාර්තා කළේය.
ඒත් සමගම උතුරු කොරියාව කියා සිටියේ දකුණු කොරියාවට පහර දෙන බවයි.
මෙය හුදු වගාඩම්බර කතාවක් විය හැකියැයි නිරීක්ෂකයෝ කියති.
ශ්‍රී ලාංකිකයෝ විසිපන් දහසකට අධික පිරිසක් මේ වනවිට දකුණු කොරියාවේ රැකියා කරති. යුදමය වාතාවරණයක් ඇතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි අප විදේශ ලේකම්ගෙන් විමසීමක් කළෙමු.
විදේශ සේවා නියුක්ති කාර්යංශය ඒ පිළිබඳව ක්‍රියා කරනු ඇති බවත් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් මතුවුවහොත් ජනාධිපති හා විදේශ ඇමැති උපදෙස් පිට තම අමාත්‍යංශය විදේශ සේවා කාර්යංශයට උපරිම සහයෝගය ලබා දෙන බවත් විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.
දකුණු කොරියාවේ සේවයේ නියතු සියලු දෙනාගේ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඇති බව ඔහු කියයි.
මුල් රැකියා ස්ථානයන්ගෙන් පැන ගොස් නීති විරෝදීව එරට තුළ විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සේවය කරති. ඔවුන් පිළිබඳ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නොමැති බව එරට ශ්‍රී ලාංකියෝ පිරිසක් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ රටවල් අල්ලාගෙන තමයි කවදා හරි ලංකාවට ගහන්නෙත්. මෙයාලා ඔක්කොම ඡන්දය දුන්නේ අපට විරුද්ධවනේ. (නි)
දකුණු කොරියාවේ ඉන්න අපි යුද්දෙට බයක් නැහැ කොරියානුවෝ තනි කරන්නෙත් නැහැ.(නදී)
මේ 25000ම අනිවාර්යයෙන්ම සිංහලුන් වෙන්න ඇති. (නි)
සිසිර, නුඹ කියන්නේ යුරෝපය, ඕස්ට්‍රේලියාව වගේ රටවලට නුඹලාගේ සිංහලුන්ව පමණක් යවන්න කියලාද? (නි)
මිනිස්සුන්ගේ අදහස් වලට පුද්ගලිකව පහර ගහන්න එපා.කාටවත් ලෝකේ වෙන දේවල් වෙනස් කරන්න බැහැ. වෙන දේ බලා ඉන්නවා මිසක. (නි)
ඕස්ට්‍රේලියාවට යන්න උඩ ගෙඩි දෙන අයට මේවා පෙනෙන්නේ නැද්ද ? අනේ මෙහෙම මිනිස්සු ! (නි)
එක එක අයගේ අදහස් වෙනස්. ඒත් ඇත්ත නම් කොරියාවේ සේවය කරන අපේ සොයුරු සොයුරියෝ හීන ගොඩක් සැබෑ කරගන්න ගොඩක් දුක් විදිනවා. මෙහෙ ඉන්න අයට ඒ ගැන වැටහීමක් නැහැ. මම නම් ප්‍රාර්ථනා කරන්නේ සියලු දෙනාටම කරදරයක් නැතිව සේවය නිමකර එන්න ලැබේවා කියා යි . තෙරුවන් බෙලෙන් යුද්ධයක් ඇති නොවේවා! (නි)
ඩේලි මිල් එක කියවල බලන්න අර කොරියාවේ ජෝන් මුන් බබා කියනවා පිට රට අයගේ ආරක්ෂාව ගෙන වගකියන්නේ නැහැ කියල .එයා සදාම් කෙනෙක් වෙන්න හදනවා වගේ මට නම් පෙනෙනෙනේ . (ත)
ආසියාකරයේ සැම දෙනා එකා මෙන් ඉන්න ඕනෑ වෙලාවක කරන වැඩේ නම් බරපතල දෙයක්. (නි)
දැනට මම ද කොරියාවේ සේවය කරනවා. මෙහෙ ලොකු යුධ උණුසුමක් පෙනෙන්න නැහැ. සියලු දෙනාම පුරුදු පරිදි එදිනෙදා කටයුතු කරගෙන ඉන්නවා. එහෙත් මුළු ලෝකයම තමන් යටතට ගන්න දගලන ඇමෙරිකාවට, උ.කොරියාව වගේ කෙලින් ඉන්න රටවල් තියන එක හොදයි කියලා මට හිතෙනවා. නැත්නම් ඇමෙරිකාව ලෝකය අල්ලේ නටවාවී. (නි)
අපි උතුරු සහ දකුණු කොරියානුවන්ට උදව් කරමු. (ත)
එහෙම වුණොත් කට්ටියට සෞදි තමයි යන්න වෙන්නේ එහේ එහෙම නැති නිසා. (ත)
කොහොම වුණත් අපි ගැන මීට වඩා ටිකක් වැඩිපුර විදේශ සේවා කාර්යංශය හොයනවා නම් තමයි හොද. හදිසියක් වුණොත් අපි කොහොමද මෙහෙන් පිට වෙන්නේ. (නි)
මමත් දකුණු කොරියාවේ වැඩ කරන්නේ. ඇමෙරිකා, ඉරාන, කොරියා කතා කොහොම කිවුවත් .... මිනිස්සුනේ, මේ ලෝකෙට යුද්ධ නම් එපා (නි)
රටක් හුදකලා කරලා කොන් කිරීමෙන් ඔය තත්ත්වය ඇති වන බව දකුණූ කොරියාව ඇතුළු සියලු බටහිර ගැතිකම් කරන රටවල් තේරුම්ගත යුතුවෙනවා. (නි)
ලෝකේ බොහොමයක් රටවලට ගොස් රැකියා කරලා එවන මුදල් වලින් තමයි ලංකාවේ විදේශ විනිමය පියවා ගන්නේ. යුද්ධයක් වෙනවා නම් අපේ රටට මුදල් එවන අපේ අයගේ ජීවිත ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වෙනවා නේද? අපේ ආණ්ඩුව කඩිනම් පියවරක් ගත යුතුයි. (නි)
මමත් ඉන්නේ දකුණු කොරියාවේ. යුද උණුසුමක් තවම නැතිවුණාට අවදානම ටිකක් වැඩිවෙලා . හැම දෙනාම එක්ව යුද්ධයක් කිසිදිනක ඇති නොවේවා කියා පතමු. (නි)
කොරියාවේ සිටින ලංකාවේ අය බය විය යුතු නැහැ. (නි)
එකට තුබුන මේ රට බෙදන්න ඇමරිකාව වගේම රුසියාවත් හවුල් උනා. අපේ ඇමරිකන් විරෝදින්ට රුසියාව පෙනෙන්නේ නෑ. පුදුමේ කියන්නේ ඇමරිකාවට හේත්තු උනා කොටස දියුණු උනා. රුසියාවට හේත්තු උනා කොටස නන්නත්තාර උනා. මේ ලෑස්ති වෙන්නේ තමන්ගේ ඒකාදිපති වැඩේ රැකගන්ට කරන වෑයම.(නදී)
හොරකම්,වංචා,දුශනේ, නොකර ඇමරිකාවට කඩේ ගිය කිසි රටකට වැරදිලා නෑ. උදාහරණ දකුණු කොරියාව,සින්ගපුරුව,ජපානේ,මැලේසියාව රුසියාවට කඩේ ගිය එක රටක් ගොඩ ගියේත් නෑ. (ස)
දකුණු කොරියාවේ ඉන්න ලංකාවේ අය සමහරක් කියනවා යුද උණුසුම තියනවා අපි දැන් යන්න සුදානම් කියල කියනකොට තව අය කියනවා මුකුත් උණුසුමක් නැහැ කියල . මොකක්ද මේකේ ඇත්ත... (ස)
මේ යුද්දේ කවම දවත් වෙන එකක් නොවේ...ඔය සේරම රටවල් දන්නවා යුද්දයක් උනොත් වෙන්නේ මොකක්ද කියන එක..මේක එහෙම පිටින්ම ඇමෙරිකාව උසි ගන්නල කරන්න හදන නෑදෑකමක්..එත් කොරියා රටවල් දෙකෙන් එකක්වත් මේ කට අහුවෙන්නේ නැහැ...(ස)
සෙන්තිග් ,, නුබට යන්න තියෙන රට ඉතියෝපියව නැත්නම් තමිල්නාඩුව.. (ස)
අපේ රටේ පවතින තත්වය හැම කොරියවකටම වඩා භයානකයි. පිට රටවල් ගැන හිතන්න ඉස්සර වෙලා අපේ රටේ නීතියක් ක්‍රියාත්මක වෙනවද කියල කවුරුත් හිතල බලන්න... අපි හැමෝම අන්දයෝද මන්ද (ස)
මම නම් අපේ රටේ විදේශ සේවා කාර්යංශය ගැන කතාකරන්නවත් කැමති නැහැ. (නි)
මේ රටවල් දෙක බෙදන්න ඇමරිකාව වගේම රුසියාවත් වග කියන්න ඕනෑ. හැබැයි දකුණු ඇමරිකාවට හේත්තු වෙලා දියුණු වුණා. (නි)
බොහොම සාමාන්‍ය විදියට මෙහෙ මිනිස්සු වැඩ කරගෙන යනවා.මම නම් හිතන්නේ උතුරු කොරියාව බොරුවට කෑගහනවා. කවදාවත් යුද්ධයක් ඇති නොවෙන්න ඕනෑ, අපි හම්බ කරගෙන කාපු රට විනාශ වෙනවා දකින්න ගොඩක් අකමැතියි. කවදාවත් එහෙම විනාශයක් වෙන්න නම් එපා. (නි)
එක එක්කෙනා කියන සුන්දර කතා වලට රැවටෙන්නේ නැතුව තමාගේ ආරක්ෂාව තමන් සපයා ගත්තොත් කෝකටත් හොඳා (නි)
යුද්ධයක් ඇති වුණොත් දකුණු කොරියාවේ ඉන්න අපේ මිනිස්සුන්ට වෙන්නේ අනාත කඳවුරුවල දුක්විඳින්න. එහෙම නැත්නම් , මැරුම් කන්න. (නි)
අමතක කරන්න එපා කුවේට් සහ ලෙබනන් යුද්ධ වලදී ලංකාවේ අය මුහුණ දුන්න බිහිසුණු අත්දැකීම්. (නි)
හැකි ඉක්මනින් යුද්ධය පටන් ගන්න. පවිටු මිනිසුන් සිටින මේ ලොව විනාශ විය යුතුයි. (නි)
ලංකාවේ විදේශ සේවා එක ගැන නම් විශ්වාස කරන්න අමාරුයි.(නදී)
මුල් රැකියාවෙන් පැන ගිහින් නීති විරෝධීව ඉන්න අය ගැන වග කියන්නේ කොහොමද? (ස)
මගේ අයියා ඉන්නේ දකුණු කොරියාවේ. මම එයත් එක්ක මේ ගැන කතා කළා. එයාලා කියන විදියට මේ ගැන එහෙ මිනිසුන්ට කිසිම තැකීමක් නැහැ. එයාලගේ වැඩ කටයුතු සාමන්‍ය පරිදි කරගෙන යනවා. උතුරු කොරියාව මිට කලිනුත් කිව්වා දකුණු කොරියාවේ සෝල් නගරේ නැති වෙන්නම යුධ ප්‍රහාර එල්ල කරනවා කියලා. ඒ උනාට කිසිම දෙයක් උනේ නෑ. ඒ කට්ටිය කියන්නේ උතුරු කොරියාව නිකන් බය කරන්න කියන කතා කියලා. කොටින්ම කිව්වොත් ලංකාවේ මිනිස්සු ඔය ගැන දක්වන උනන්දුව තරම්වත් එහෙ මිනිස්සු මේ ගැන දක්වන්නේ නෑ. මිට කලින් සැරයක් දකුණු කොරියාවට අයිති දුපතකට පහර දුන්නා. ඒත් ජන ජීවිතය බිඳ වැටුනේ නෑ.(නදී) එනමුත් මගේ පෞද්ගලික අදහස නම් උතුරු කොරියාව, ඉරානය වගේ අන්තවාදී,ත්‍රස්‌තවාදයට උඩගෙඩි දෙන රටවල් මට්ටු කල යුතුය.
කොල්ලනේ පුළුවන්නම් උඹලා ඕස්ට්‍රේලියාවට පැනපල්ලා සරණාගතයෝ විදියට.(නදී)
මම ඉන්නේ කොරියා වල. පුදුම උණුසුමක් තියෙන්නේ මෙහේ. අපිත් ඉතින් ලංකාවට යන්න බඩු ලෑස්ති කරගෙන ඉන්නේ. (නි)
අපේ කට්ටිය හිරවෙනකල් අන්තිමට දන්නේ නැතිවෙයි (නි)
යුද්ධයක් කිසි කලෙක නොවේවා! එසේ වුණොත් අපේ රටේ ආර්ථිකය මුලුමනින්ම ඉවරයි (නි)
මට පුදුමේ කියන්නේ මෙච්චර අපේ කොල්ලන්ට රස්සා දීපු දකුණු කොරියන් ආණ්ඩුවට ගහනවා කියනකොට ඊනියා ඇමරිකන් විරෝධියෝ සතුට ප්‍රකාශ කරන එක.(ස)
ඇමරිකවටයි,කොරියවටයි ගහනවා කියන කොට අපේ රටේ ඉන්න අය සන්තෝෂ වෙනවා. මේකෙන් අනතුරේ වැටෙන්න් අපේ අය විතරක් නෙමෙයි, අපේ අපනයනෙන් 36% මිලට ගන්නේ ඇමරිකාව. (නි)
හැකි ඉක්මනින් යුද්ධය පටන් ගන්න. උතුරු කොරියාවේ ශක්තිය පෙන්වන්න. (නි)
ලංකාවේ කයිවාරු ගහන අය දෙපයින් ඉන්නේ අපි මේ රටවල හම්බකරලා එවන සල්ලි නිසයි. (නි)
මේ උතුරු කොරියාව ,ඉරානය ,වෙනිසියුලාව වගේ ලෝකෙටම හිසරදයක් වෙච්ච රටවල් ටික මට්ටු කරන්න ඕනි. වල්පිට මහත්තයෝ නිකන් වැඩකට නැති කතා කියන්න එපා .(ස)
අපේ සිංහල මිනිස්සුන්ට යුරෝපීය, ඇමෙරිකා , ඕස්ට්‍රේලියා වැනි රටවලට යන්න දෙනවනම් අපේ රට තවත් දියුණු වේවි. (ස)
මගේ පුතත් ඉන්නේ දකුණු කොරියාවේ, ඉතින් ප්‍රවෘත්ති අහනකොට ගොඩක් බය හිතෙනවා. විදේස සේවා නියුක්ති කාර්යංශයෙන් මම ඉල්ලා සිටින්නේ තත්වය බරපතල නම් හැකි ඉක්මනින් අපේ ලම්යි සියලු දෙනාම ලංකාවට ගෙන්වන්න කියලා. යුද්දයක් ඇති නොවේවායි මම ප්‍රාර්ථනා කරනවා.(නදී)
න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල උනොත් කොහොමද අපේ අයව රැකගන්නේ කියමු බලන්න?(නදී)
තෝරු මෝරුන්ගේ වැඩ වලින් අපටයි පාඩුව මේකෙන්.. (ස)
මට ඕන රටක් මට ඕන හැකි ඉක්මනින් ලෝකය විනාශ වෙන්න. තමන් ගැන විතරක් හිතන මිනිස්සු තමන් පමණයි සැප විදින්න ඕන කියා හිතන මිනිස්සු ඉන්න ලෝකයක් විනාශ විය යුතුයි. එවිට ඔක්ක්කොම එකට ගිලෙනවා එතකොට දෙනේවි.(නදී)
වල්පිටල වගේ අයට කන්න දෙන්නේ මෙරටෙන් කොරියාව වගේ රට වලට ගිහින් වැඩ කරන කොල්ලෝ. කොටින්ම කිවොත් කොරියාවේ ආණ්ඩුව. මේ ලෝකේ දැන් එකට එක සම්බන්ද වෙලා. ලංකාවේ අපනයනෙන් තනිකරම 36%මිලට ගන්නේ ඇමරිකාව.(නදී)
ඉරාකෙට ගහන කොට මේ රටේ හිටපු මුස්ලිම් විරෝදියෝ හුරේ දැම්ම. දැන් ඇමරිකන් විරෝදියෝ හුරේ දානවා. ඇමරිකාවට ගැහුවොත් වැටෙන්නේ අපේ වෙළදාම. නැතිවෙන්නේ අපේ රස්සා. කවදද මේවා ඉගනගන්නේ. යුද්දයක් වෙන්න එපා.(නදී)
න්‍යෂ්ටික යුද්දෙකදී ඉවර වෙන්නේ එක රටක් නෙවේ මුළු පැත්ත පළාතම ඉවර වෙනවා. අනික බල ලෝබියෙක් එක රටක් අල්ලාගෙන නිකන් ඉන්නේ නැහැ. අපේ රටේ ඊනියා ඇමරිකන් විරෝදියෝ කන්නේ බත්ද.(නදී)
මට තේරෙන්නේ නැත්තේ අපේ අය ඇමරිකාවට බැන බැන ඇමරිකාවට හේත්තු වෙලා දියුණු වෙච්ච වෙනත් රටවලට රස්සාවල් වලට බඩගානවා.(නදී)
ඇමරිකාවට බැන බැන ඇමරිකාවට හේත්තුවෙලා දියුණු උන වෙනත් රටවල රැකියාවල් වලට බදවාගනවා වෙනුවට අපිම ඇමරිකාවට හේත්තු උනොත් නරකද.(නදී)
මම දැනට කොරියාවේ 04 වන අවුරුද්ද ගෙවන්නේ .මෙහෙ කිසිම යුද උණුසුමක් නැහැ තවම. කිසිම කෙනෙක් යුද්දයක් එනවා කියල කියන් නෑ. මෙහෙට එන හැමෝගෙන්ම මුල් මාසේ පඩියෙන් රු .60000.00 පමණ මෙහෙ රජයෙන් කපාගන්නවා ආපසු යාමේ ගුවන් ගමන් ගාස්තු සඳහා. .ඒ නිසා අපිට ඕන වෙලාවක අපේ සේවය අවසන් කර නැවත ලංකාවට එන්න පුළුවන්.(නදී)
වල්පිට, මේ වගේ ආර්ථික ක්‍රමයක් ඇතුලේ ඔහේ දැන හෝ නොදැන ඔහේට කන්න අදින්න දෙන්නෙත් කොරියාවේ වැඩ කරන කොල්ලොයි කොරියන් ආණ්ඩුවයි. (නදී)
උතුරු කොරියාවේ අර අවුරුදු 28ක කොලුවා අපේ වල්පිට වගේම මන්ද මානසික දරුවෙක්.(නදී)
වල්පිට වල් කතා කියන්න එපා කට තිබුණු පලියට. මමත් ඉන්නේ දකුණු කොරි යාවේ. අපි එවන සල්ලි වලින් ශ්‍රිලංකාවේ අර්ටිකය ගොඩනැංවෙන බව දන්නේ කැද්ද? දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් යුද්ධයක් නොමවේවා.(නදී)
ඇත්තටම මෙහෙ එහෙම ලොකුවට යුද වාතාවරණයක් තවම නැහැ. මම හිතන්නේ ඇමෙරිකාව ජපානය දකුණු කොරියාව රටවල් තුන සමගම හැප්පෙන එක උතුරු කොරියාවට ලෙහෙසි වෙන්නේ නැහැ, යුද්දයක් ඇති උනොත් එක ලෝකෙටම බලපානවා යුද්දයක් ඇති නොවේවි අපි ප්‍රර්ථනා කරනවා. (නදී)
අපිත් කොරියාවේ ඉන්නේ ජොබ් ටික නැති උනොත් මාසෙකට රු කෝටි 30 කට වඩා පාඩු වෙනවා රටේ ආර්ථිකයට.(නදී)
වල්පිට කියන්නේ සේනාවේ කෙනෙක් වගේ. කියන්නෙම මොංගල් කතා.(නදී)
හදිසියේ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුණොත් එහේ ඉන්න ලාංකිකයන්ට මොකද වෙන්නේ? කොහොමද ලංකා රජය එයාලව බේරගන්නේ? (නි)