දකුණු පළාතේ පන්සල් 48ක් වැසී ඇතැයි පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරවංශ මහතා කියයි. සම්පත් හා මූලික පහසුකම් නොමැති වීම, සුදුසු භික්ෂූන් නොමැතිවීම ආදිය ඊට හේතුව බව ඔහු කියයි.
ගාල්ලේ 18ක්ද, මාතර 13ක් ද, හම්බන්තොට 17ක්ද වශයෙන් වැසී තිබේ.
දකුණු පළාතේ ලියාපදිංචි පන්සල් ගණන 1921 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් මේකටත් අනිත් ආගම්වල අන්තවාදීන්ගේ වැඩක් කියාපල්ලා..(ස)
නිසාර්, අපේ මහා සංඝරත්නයට ඊට වඩා වැදගත් වැඩ තියෙනවා. (නි)
හාමුදුරුවනේ, දෙමල ටිකක් ඉගෙනගෙන මෙහෙ ඉදන්ම ධර්ම ප්‍රචාරේ කරන්න අපේ මිනිස්සුන්ටම. (නි)
ප්‍රධානම ප්‍රශ්නය පැවිද්දට පත්වන පිරිස අඩු වීම. ලංකාවේ පැවිද්දෙකුට සිවුපසය නොඅඩුව ලැබෙනවා. සියළු අනුග්‍රහ ලැබෙනවා. නමුත් පැවිදි කරන්න තමන්ගේ දරුවෙක් ශාසනයට දෙන පිරිස අඩුවෙලා. පවුලේ වෙන අයගෙත් තියෙන්නේ ශාසනික බලාපොරොත්තු වලට වඩා ලාභ අපේක්ෂා. සම්බුද්ධ ශාසනයේ ඉදිරිය ගැන අපි හැමදෙනාම සිතන්න ඕනෑ. (නි)
දැන් අලුත්ම රැල්ල තම අසපු.... දායකයොත් කැමතියි. හාමුදුරුවොත් ජනප්‍රිය වෙනවා. හැබැයි වෙන වැඩක් නැහැ (නි)
අපේ හාමුදුරුවෝ බෙදිලා නිකාය,දේශපාලන වශයෙන්. ප්‍රධාන පන්සල් වලට අනුව උඩරට පහතරට කියලා බෙදිලා. අලුත්ම බෙදිල්ල සේනාවට පක්ෂ විපක්ෂ, රාවයට පක්ෂ විපක්ෂ. ඉතින් මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද? (නි)
මේවට වග කියන්න ඕනෑ දේශපාලනේ කරන, සාස්තර කියන, රස්සා කරන, වෙලදාම් කරන, දඹදිව වන්දනා චාරිකා සංවිධානේ කරමින් මුදල් හොයන, උද්ගෝෂණ කරන, සල් පිල් තියන, ජාතිවාදේ පතුරන, ආගම්වාදේ පතුරන හාමුදුරුවෝ. (නි)
දැන් ලංකාවේ විතරක් නෙමෙයි ඉතාලියේත් ප්‍රශ්න. දැන් ඉතාලි පන්සල් වලිනුත් බලන්නේ සේනාව ගෙන්නලා ජාතිවාදී කතා ටිකක් කියවලා දායකයෝ ගොඩ වැඩි කර ගන්න. මෙහෙ ජාතිවාදේ කතා කිරීමත් හිරේ යන්න තරම් දෙයක්.ඔක්කොම බෙදිලා. (නි)
හර්ෂ සංසාරෙන් එතෙර වන්න මහන වෙච්ච හමුදුරුවොන්ට අල්පේච්ච ජිවිතයක් තමා හරියන්නේ. දැන් හාමුදුරුවොත් රට යනවා. නැතිනම් අසපු හදනවා. අසපු තමා දැන් හොදම රැල්ල. (ස)
සංසාරෙන් එතෙර වෙන්න කියල මහන වෙලා දැන් හාමුදුරුවොත් රට යනවා ධර්ම ප්‍රචාරේට කියලා. හැබැයි යන්නෙම සැප රටවලට. මොකෝ ඉතියෝපියාවට යනවද? ඉතාලියේ පැදුරු ගානේ හාමුදුරුවෝ. (නි)
හර්ෂ, ඒ ක්‍රමේ පන්සල් වල පැවැත්මට අහිතකරයි කියලා ඔයාටත් තේරෙන නිසා මුස්ලිම් අයගේ වැරදි හොයා හොයා හු තියන්නේ නැතුව ඒ ක්‍රමේ වෙනස් කරන්න. හාමුදුරුවෝ ඔක්කොම පිටරට ගිහින් සැප විදිනවා. ඇයි ඒක පෙනෙන්නේ නැද්ද? (නි)
දැන් භික්ෂුන් වහන්සේලා දේශපාලනයටත් ඒ වගේම පිල් වලට බෙදිලා. බෞද්ධ ආගමත් පිරිහීගෙන යන්නේ. මේ අඩුපාඩු තියාගෙන වෙන ආගම් වලට අත දාන්න ගියහම මේවා වෙනවාමයි. (නි)
අනේ නිසාර් ඉස්ලාම් ආගම ආරක්ෂා කරන්න ස්වාමීන් වහන්සේලාට උවමනා නැහැ.. ඇයි ඔයාලට ඉස්ලාම් ආගම ආරක්ෂා කරගන්න අමාරුයිද දැන්? (ස)
පිටරට වල පන්සල් හදගෙන යන එක වාසියි වගේම ලංකාවෙ ආගම් බේද ඈති කර කර ඉන්නවට වඩා සැනසීමයි භික්ෂුන් වහන්සේලාට. (ස)
මොකද, ඔක්කොම ස්වමින් වහන්සේලා අර මොකක්දෝ සේනා දෙකට බැඳිලද? (ස)
හර්ශ, මමත් බුද්ධාගම්කාරයා.සත්‍ය ඇති හැටියෙන් පිලිගන්න. මොහමඩ් කියලා තියන දේ හරියට වටහා ගන්න. ඔයා මොන බොරුද ලියලා තියෙන්නේ. මගේ යාලුවෝ හිටියා මුස්ලිම් අය, අපිට භේද තිබුනේ නැහැ. මට දැන් ඉන්න 90% හාමුදුරුවරු ගැන පැහැදීමක් නැහැ. මම පන්සිල් පුලුවන් තරම් රැකගෙන ඉන්නවා. අනික් අය හදන්න ඉස්සරලා තමුනුත්, වටපිටාවත් හදාගමු. (නි)
මේ ආශ්චර්යය එක්ක භික්ෂූන් වහන්සේලාත් පිරිහිලා පන්සල් වැහෙන එක අහන්න දෙයක්ද? මම ඊයේ ගියා රත්නපුරෙන් එහා පරණ ප්‍රසිද්ධ කන්දක් උඩ තියෙන ප්‍රසිද්ධ පන්සලකට. හාමුදුරුවරු සේරම ජංගම දුරකථන කනේ ගහන් ගස් වලට හේත්තුවෙලා හොදට කතාව. මේවා දකින අන්‍යාගමිකයන් මොකද හිතන්නේ? (නි)
මෙතන තියෙන ප්‍රශ්නය තේරුම් නොගෙන වගෙයි බොහෝ දෙනා කතා කරන්නේ. බොහොම හාමුදුරුවරු අද පන්සලෙන් ඈත් වෙලා. එදා හාමුදුරුවරු පන්සලට සීමා වෙලා තමන්ගේ ගමේ දායකයන්ගේ කටයුතු වලදී අනුශාසනා දෙමින් උන්නා. අද හාමුදුරුවරු ගමෙන් ඈත් වෙමින්යනවා. විශ්ව විද්‍යාල වලට, රක්ෂාවල් වලට විතරක් නොවේ, පාර්ලිමේන්තුවේ ඉඳල පිටරට දක්වා ගිහින්. බොහෝ හාමුදුරුවරු අවිහින්සාව අමතක කරලා සටන් කාමින් වෙලා පන්සල් වලින් ඈත් වෙලා. ඉතින් පන්සල් පාළු නොවී තිබේද?(ස)
පන්සල් වෙනුවට දැන් හැමතැනම අසපු හදනවනේ. (නි)
කෝ අර ගිරිය කඩාගෙන බෙරිහන් දෙන සර්ව ආගමික ලොක්කා? මහනායක හිමිවරු මේවා ගැන නොසොයන්නේ ඇයි? කෝ බොදු බල සේනා? කෝ ඇවිත් මේ පන්සල් බාර අරන් වැඩ කරන්නකෝ. අපිත් උදව් කරන්නම්. (නි)
ඒ උනාට සුද්දන්ට බණ දෙසන්ට පිහිටවපු පන්සල් නම් යුරෝපය පුරාම .. අනේ සාදු ! (ස)
බොරුවට මෙතන අදහස් දාන්නේ නැතුව ගිහින් වෙන්න තියෙන දේ බලන්න. ආගම්වාදී වර්ගවාදී අදහස්වලින් දහම බේරගන්න බැහැ (නි)
මොහොමඩ්, පන්සල් වල ඉන්න හාමුදුරුවරු අනුන්ගෙ ඉඩම් අල්ලනෙ නැහැ. කොහෙන් හරි සල්ලි එකතු කර කර තට්ටු පිට තට්ටු ගහන්නෙ නැහැ. පන්සල් වලට අනිවාර්යෙන් එන්න අනිවාර්යෙන් මේ මුදල දෙන්න කියලා නීති පනවලත් නැහැ. ලැබෙන දෙයක් කාලා මිනිස්සුන්ට ධර්මය කියලා දෙනවා මිසක්. ඒකයි පන්සල් වලට එහෙම වෙලා තියෙන්නෙ (නි)
ස්වාමින් වහන්සේලා ඉස්ලාම් ආගම ආරක්ෂා කරන්නවත් යනවාද දන්නෙ නැහැ (නි)
රත්නවීර, ඒ සේනාව නැත්තම් ඔය පන්සල් ඔක්කොම ටික වැහිලා. නමට බෞද්ධ වුණාට වැඩක් නැහැ. රත්නවිරලාගේ මොලේ තරම කටෙන්ම පේනවා (නි)
මේවා මෙහෙම වුනාම අපිට අපේ උරුමය නැතිවෙනවා. බුද්ඩ සාසනය රැක ගැනීමට සියලුදෙනාම කටයුතු කරන්න. (ස)
කරුණාකර බෞද්ධ සැදැහැවතුන් අදහස් දක්වන්න. එසේම , මෙයත් අන්‍ය ආගම්වලට බැරනොකර අන්‍ය ආගම් කෙසේද ඔවුන්ගේ ආගමික කටයුතුවල යෙදෙන්නේ කියා නිරීක්ෂණය කරන්න. පන්සල්වල භික්ෂුන් එක නමක් සිටියත් හැකියාවක් තිබෙන්න ඕනෑ පන්සල රැකගන්න කටයුතු කරන්න. නිකන් ජාතිවාදී ලෙස දගලන්න කලින් ආගමට යමක් කරන්න (නි)
අපේ බොහෝ ගිහියන් වගේම සමහර හික්ෂූන් වහන්සේලාද දැන් පිටරට පන්සල් හදාගෙන,දායක සභා හදාගෙන,ධර්ම ප්‍රචාරයේ යෙදී සිටිනවා. ගම්වල පන්සල් වැහෙනවා (නි)