දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන සඳුදා (1) සබරගමුවට මාරු කරනු ලැබ සිටියි. සබරගමු නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාතට යවා ඇත. තම මන්ත්‍රීතුමාගේ තරම දැනගත හැකි වෙතියි දකුණු පළාත් මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයකු පසුගිය 25 වැනි දා ජයසිංහ මහතාට ලිපියකින් දන්වා ඇත. එම ලිපිය හා මේ මාරුව අතර සම්බන්ධයක් ඇතැයි බොහෝ දෙනෙක් කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුහුණු, පිහිටි, මායා රටේ කොතැනක උනාම මොකද?(නු)
කෝ පොලිස් කොමිසම? ලංකාව ගැන කියන්නත් ලැජ්ජයි අපිට. (නි)
කොහේට මාරු කළත් කෙළින් වැඩ කරන්න. ඔබට ජය! (නි)
ලලිත් ජයසිංහ මහත්තයා ඉතා හොඳ පොලිස් නිලධාරියෙක්. හොඳ පොලිස් නිලධාරීන්ට අද තැනක් නැහැ. දේශපාලන හෙන්චයියන්ට ඕන විදියට තමයි මේ රටේ අද හැමදෙයක්ම සිද්ධ වෙන්නේ.සබරගමුවට ගියත් ඔබතුමා වෙනදා වගේම සේවය කරන්න. (නි)
"තුවාන් ෂෙරිෆ් 2012-09-29 22:15:45 රුහුණු, පිහිටි, මායා රටේ කොතැනක වුණහම මොකද?" සිදුවීගෙන යන දේවල් වල ඇතුළත ඇති තත්වය දන්නේ නැත්නම් කරුණාකර කට වහගෙන ඉන්න පුරුදුවෙන්න. රටේ හැම පැත්තම එකයි නම්, මේ නිලධාරියා හිටපු විදියටම දකුණේ ඉන්න අරින්න තිබුණනේ? මෙහෙම වෙන්න එකම හේතුව තංගල්ලේ සහ අකුරැස්සේ සිදුවීම් වලදී පොලීසිය කෙළින් කටයුතු කිරීමයි. දේශපාලුවන්ට එදිරිව හරියට රාජකාරි කරන අනෙක් නිලධාරීන්ට දී ඇත්තේ අනතුරු ඇඟවීමක් මිස අනෙකක් නොවේ. (නි)
රාජකාරිය කරන්න කොහේ වුණහම මොකද? (නි)
හොද පොලිස් නිලධාරියෙක්, තංගල්ලේ හෝටලයේ විදේශිකයා මරපු සිද්ධියෙන් පස්සේ මෙවැනි දේවල් ඉදිරියට නොවෙන විදියට කටයුතු සලස්වලා කුඩා හෝටල් හිමියන් දැනුවත් කළා. ඔවුන්ට ආරක්සාව සලසලාා දුන්නා. කවුද මේ මන්ත්‍රී ? දකුණට මේ නිලධාරියා අවශ්‍යයි. හේතුව මෙතුමා විසින් ආරම්භකළ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාම සඳහා. (ස)
මෙන්න විධායක බලයේ අනිටු විපාක. විධායක ව්‍යවස්ථාවට ඡන්දය දෙන අයට ශාප වේවා. ! මේ බලය නිසා කිසිම නිලධාරියකුට කොන්ද කෙලින් තබාගෙන වැඩ කිරීමට හැකියාවක් නැහැ. (ස)
සමහර විට මේක රත්නපුරේ කාන්තා මිනිමැරුම් සිද්ධීන් සම්බන්ධව කෙරෙන පරීක්ෂණ වල පූතිපලයක් ද දන්නෙ නෑ...(නු)
සැළෙන්න එපා මහත්තයෝ. කෙළින් වැඩ කරන්න. (නි)
කෞතුකාගාරයේ හොරකම සීඅයිඩී එක අල්ලා ඒ කට්ටියත් මාරු කලා. (ස)
ඡන්ද බලය ගිය උඩක් කිවුවලු. බලාගෙන සර්.(නි)
මම හිතන්නේ අකුරැස්ස එක්කෙනාගේ වැඩ වෙන්න ඇති.(නු)
මා හිතන්නේ ඔබගේ නිහතමානී කම නිසා මෙම මාරුව දීල ඇති.(නු)
ලලිත් ඔබ කොහේ සිටියත් කොන්ද කෙලින් තියාගෙන වැඩනරන නිලධාරියෙක්.. ඔබ ශ්‍රී ලකා පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය කෙනෙක්මයි.. ඔබට ජය...!(නු)
මේ රටේ මේවගේ දේවල් වැඩිය ගනන් ගන්න ඕන නැහැ..!(නු)
ඔහොම යං ඔහොම යං...!(නු)
අපි බලමු තව කොපමණ කාලයක් මේ විදියට මාරු දායිද කියලා..!(නු)
ඇයි මෙයාව මාරු කළේ..!(නු)
ගනන් ගන්න එපා දකුණ මොකද සබරගමුව මොකද? දෙපැත්තෙම ඉන්නේ අපේ අය.. ඔබතුමාට දැං නිදහසේ ඉන්න පුළුවං.. මොකද දැං සබරගමුවෙ ඡන්දෙත් ඉවරයිනේ..!(නු)
කොහෙ උනත් ලංකාවෙනෙ වැඩ කරන්න තියෙන්නේ.. ඔබතුමා ඔය දේවල් ගනන් ගන්න එපා..!(නු)
වගකිවයුත්තන් මේවා දැකලත් අහක බලාගනෙ ඉන්නවාද?(නු)
පොලිසියත් දේශපාලනීකරණය වෙලා.. පොලිසියත් හරිම අසරණයි..!(නු)