සදර්න් මෝටර් රථ කී‍්‍රඩා සමාජයේ මෙහෙයවීමෙන් කිලෝමීටර 536 ක දුරකින් යුත් දුෂ්කර ගමන් මාර්ගයක පැවැති දකුණු මෝසම් මෝටර් රථ රැළිය (2012) පිට පිට දෙවැනි වරටත් ජය ගැනීමට සංජීව අඹවත්ත සහ රාහුල් උලූවිට සමත්වුහ. මාතර සනත් ජයසුරිය ක‍්‍රීඩාංගණය අසළින් ආරම්භ වු මෙම රැුලිය අදියර තුනකින් සමන්විතවිය. වර්ණ ආරියදාස සහ නාලක ගුණවර්ධන දෙවන ස්ථානය දිනාගත් අතර දිසාන් ගුණසේකර සහ හරිත් සල්වතුර තෙවන ස්ථානය හිමිකර ගත්හ. පළමු අදියර මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගනයෙන් ඇරඹී උඩවලවෙන් අවසන් වූ අතර දෙවැනි අදියර පසුදා අලූයම 2.00ට උඩවලවෙන් ආරම්භ වී හම්බන්තොට නගරයෙන් අවසන් විය. එදිනම පෙරවරු 10.00 ට හම්බන්තොටින් ඇරඹුණු තෙවැනි සහ අවසන් අදියර තංගල්ල නගරයෙන් අවසන්විය. රියැදුරු සංජීව සිය සහායක රියැදුරු රාහුල් සමග තරගය ජය ගත්තේ ලකුණු 335 ක් පමණක් අහිමිකර ගනිමිනි. මෝටර රථ ධාවනය කරන රියැදුරන්ට දෙනු ලබන ලකුණු අනුව අවම ලකුණු සංඛ්‍යාවක් අහිමි කරගන්නා රැුළියේ ජයග‍්‍රාහකයා වෙයි. ජේ. පේ‍්‍රමතුංග සහ සමිත සිරිවර්ධන (ලකුණු 788) ආධුනික ඉසව්ව ජය ලැබුහ. එම ඉසව්වේදී වජිර කුමාර සහ සුරංග බුද්ධික (ලකුණු 812) දෙවැනි ස්ථානය ද, රජිත් උලූවිට සහ අමිල සපුකොතන (ලකුණු 1260) තෙවැනි ස්ථානයට ද පත්වුහ. ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගම ප‍්‍රධාන අනුග‍්‍රහය දැක්වු මෙම රැුලියට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සහ රන්න 212 සම අනුග‍්‍රාහය දැක්වීය. අවසන් තරග ප‍්‍රතිඵල: 1. සංජීව අඹවත්ත (රියැදුරු) සහ රාහුල් උලූවිට (සහායක රියැදුරු) - ලකුණු 335 2. වර්ණ ආරියදාස (රියැදුරු) සහ නාලක ගුණවර්ධන (සහායක රියැදුරු) - ලකුණු 370 3. දිසාන් ගුණසේකර (රියැදුරු) සහ හරිත් සල්වතුර (සහායක රියැදුරු) - ලකුණු 394 4. ප‍්‍රසන්න රණසිංහ (රියැදුරු) සහ ජයන්ත කරුණාසේන (සහායක රියැදුරු) - ලකුණු 632 5. ඩබ්.ජේ.පේ‍්‍රමතුංග (රියැදුරු) සහ සමිත සිරිවර්ධන (සහායක රියැදුරු) - ලකුණු 788 6. එන්. රොද්‍රිගෝ (රියැදුරු) සහ ඇන්ඩි‍්‍රයාස් ඒ. ක්ලූස් (සහායක රියැදුරු) - ලකුණු 794 7. එන්. වජිර කුමාර (රියැදුරු) සහ සුරංග බුද්ධික (සහායක රියැදුරු) - ලකුණු 812 8. එස්x කේx රංජිත් (රියැදුරු) සහ එස්xකේx මිතුන් ශානක (සහායක රියැදුරු) - ලකුණු 987 9. රිස්මින් රසීක් (රියැදුරු) සහ දක්‍ෂිණ අමරසිංහ (සහායක රියැදුරු) - ලකුණු 1087 10. සංජය සෙනරත් (රියැදුරු) සහ චන්දික අමරසිංහ (සහායක රියැදුරු) - ලකුණු 1145
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දකුණු මෝසම් රැළිය - 2012 සංජීව - රාහුල් ශූරතාව දිනති
චන්ද්‍රසිරි Friday, 12 October 2012 03:57 PM
අපිට කියන්නෙත් නැතුව තරග තියලා. අපි නැති නිසා දිනලා. පත්තරෙත් දාලා.... (නි)
ෆාරුක් Friday, 12 October 2012 11:13 AM
සුභපැතුම්