යුග දිවි අරණේ සුවඳ වත්සුණු ජීවිතය මත ගල්වන්ට පටන් ගත්තා පමණි. ඇබින්දෙන් ඇබින්ද දේදුනු පැහැගෙන ජීවිතයේ හදවත මත ස්නේහයේ සිතුවම සිත්තම් කරන්නට පටන් ගත්තා පමණි. පේ‍්‍රමයේ පිණිබිඳ බිඳී ගියේය. යළිදු සැකසිය නොහැකි වීදුරු කැඩපතක් සේ ඔවුන් දෙදෙනා එක්තැන්ව තැනූ ආදරයේ මන්දිරය ඉරිතලා ගියේය. මගේ විවාහය කැඩිලා බිඳිලා ඉහිරිලා ගියා. ඔව් එහෙම වුණා. මාව තේරුම් ගන්න, මාව අවබෝධ කර ගන්න ඔහුට පුළුවන් වුණේ නෑ. ඒ වෙච්ච සිද්ධිය කාටවත් රහසක් වුණේ නෑ. මගේ හිටපු ස්වාමි පුරුෂයා මට පහර දුන්නා. මට අඩන්තේට්ටම් කළා හිරිහැර කළා. තව දුරටත් ඒ විවාහය රැක ගන්න මානසිකත්වයක් මට ඉතුරුවෙලා තිබුණේ නෑ. ඒ විවාහය දික්කසාදයකින් කෙළවර වෙන්න ඉඩදීලා මම හිතහදා ගත්තේ ඒකයි. සැමියාගෙන් විඳින්නට සිදුවූ හිරිහැර අඩන්තේට්ටම් හේතුවෙන් සෑහෙන තරම් කාලයක් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන්නට ඇයට සිදුවූවාය. මගේ විවාහය අවසන් වුණා. ඒත් එසේ වූ පමණින් යළි කවරදාවත් විවාහ වෙන්නේ නෑ කියන තීරණයට මම ආවේ නෑ. මාව අවබෝධ කරගන්න පුළුවන් ආදරය විවාහය කියන දෙය වගකීමෙන් තේරුම් ගන්න කෙනෙක් හම්බ වුණොත් මම විවාහ වෙනවා. තවම නම් මට එහෙම කෙනෙක් මුණ ගැහිලා නෑ. බිරිඳක් විදිහට මවක් විදිහට හොඳ ජීවිතයක් ගත කරන බලාපොරොත්තුව මගේ හිතෙත් තියෙනවා. මම ආසයි ඒ හීනයට. දරුවෙකුට මම ආසයි. මටත් අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වුණොත් ඒක මගේ ජීවිතයේ ලොකු බලාපොරොත්තුවක්. මම දන්නෙ නෑ. ඒත් ඒ වාසනාව මට හිමි වාසනාවක්ද කියලා. ඒක එහෙම නොවුණොත් මම හිතාගෙන ඉන්නේ අම්මා තාත්තා නැතුව අසරණ වෙලා ඉන්න ළමා නිවාසයක දරුවන්ට උදවු වෙන්න. ඒ දරුවන්ගේ අනාගතය ගොඩනංවා ගන්න මගේ දායකත්වය ලබාදෙන්න. එය මට විශාල ආත්ම තෘප්තියක් වෙයි. මටම කියලා දරුවෙක් නැති වුණොත් මේ ලෝකේං හැමදරුවෙකුටම ආදරය කරන්න මට පුළුවන් කොහොමත් මම දරුවන්ට හුඟාක් ආදරෙයි. මම දිගටම දේශපාලනයේ රැඳිලා ඉන්නවද නැත්ද කියන එක මම තවම තීරණය කරලා නෑ. තව අවුරුදු දෙක තුනකින් මම ඒක තීරණය කරනවා. ඒ කොහොම වුණත් මම දිගටම ඉගෙන ගන්නවා කියලා නම් තීරණය කරලයි තියෙන්නේ. දැන් මම නීතිය පිළිබඳව හදාරනවා. නීතිවේදී උපාධිය ලබා ගැනීම මගේ අපේක්ෂාවක්. ජීවිතයට මුහුණ දීමේදී ජීවිතය අවබෝධ කර ගැනීමේදී හොඳ අධ්‍යාපනයක් ලබා තිබීම හුඟාක් වැදගත් කියලා මම හිතනවා. හැම ගැහැනියක් වගේම ලස්සනට අඳින්න පළඳින්න, පිළිවෙළට ජීවත්වෙන්න, හොඳ බිරිඳක් වෙන්න, අම්මා කෙනෙක් වෙන්න මමත් ආසයි. එහෙත් ජීවිතය කියන්නේ අපි අපේක්ෂා කරන අපි ඉල්ලා හිඳින හැමදේම ඒ විදිහටම ලබාදෙන දෙයක් නෙවෙයි. ජීවිතය කියන්නේ ඉල්ලූවත් නොඉල්ලූවත් අපට හිමිවෙන හැමදේමයි. අනාගතයේදී කවර අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුවත් ශක්තිමත් මනසින් මම ඒ හැමදේටම මුහුණ දෙනවා. උපේක්ෂා ස්වර්ණමාලි අද පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක හා කලාකාරිනියක ලෙස ගෙවන ජීවිතය හෙට දවසේදී වෙනත් ඉසව්වක ලැගුම් ගන්නට පුළුවන. එහෙත් ඈ කීවා සේම ජීවිතය යනු නිශ්චයක් තුළ රඳවා තැබිය හැකි නිශ්චල වස්තුවක් නොවේ. එය රළ නගන සංසාරය නම් දියවරේ තෙරක් නැති රළ අතර සරණ යාත‍්‍රාවකි. ඔබ මෙන්ම මා මෙන්ම ඇයද ඈට හිමි රළ අතර ඈට හිමි සයුරු දිය මත ඇගේ ජීවිතය නම් යාත‍්‍රාව පැද යන්නීය.
සටහන - සංජීවිකා සමරතුංග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ඡන්දය දුන්නෙ කවුද??
අලිබබා අයියේ..අද ඔයකොහෙද ඉන්නෙ............ කට පියාගෙන..
ඔබ හරි කිරිමාටිං
ඔවා නම් පබා නංගි අදහන්න වටින චරිතයක්.. ඔයාට ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද??
ගමිපහ මෙචිචර මෝඩයෝ ඉන්නවාද ?
ඒ උනත් නිළියක් විදියට හැමදාම ආදරෙයි...
දැක්කම නියමයි ....හරිම කලාත්මකයි..
මහ රූ ජාමේ ඇයි මේ ඇඹරි ඇඹරි යාමේ!!!!!
කුවේනි වගේ ඉන්නෙ නැතිව තෙල් ටිකක් ගාලා ඔලුව පීරන් ඉන්නකො මෙයා...
මේවගේ අය පාර්ලිමේන්තු යවපු අයට ගහන්ඩ ඕනැ
ඔයා මාරයි.වාසනාවන්තයි
මම කැමතියි එයාව බඳින්න.
කෙනෙකුගේ ජීවීතය වැරදුනහම ඒ කෙනාව තව තව පල්ලෙහා යනු දැකීම අපේ සමාජයේ අරමුනයි .එක්ව ඉන්න බැරි නම් වෙන්ව ජීවත් වීම සහ නිවැරිදි මගක යමින් ජීවීතය නැවත ගොඩ නගා ගැනීමට ගැහැනියක උන ඔබට හිමි දිරිය සහ ජවය අද සමාජයේ බොහෝ අයට නොමැත.ඔබගේ පුද්ගලික ජීවීතය ගැන ප්‍රශ්න කිරීමට සහ අපහස කීරීමට අපට අයිතියක නොමැත.ඔබවන් සුන්දර කෙනෙකුට සුන්දර හෙට දවසක් පතමි .!!!
මෙන්න අපේ කෙල්ල...
ඔයාගෙ පවුල් ජීවිතය ගැන අපිට හරිම දුකයි...
නංගී, පාර්ලිමේන්තුවට ගියේ පබා මිසක් උපේක්ෂා ස්වර්ණමාලි නොවෙයි. මේකට ගෟරවය හිමි වන්න ඕනි මහේෂ් සත්සර මද්දුමාරච්චිට. පබා ටෙලි නාටකයේ අහිංසක, උත්සහවන්ත, බුද්ධිමත් යෟවනියක් ස්වභාවික අයුරින් නිර්මාණය කලේ ඔහුයි. කොටින්ම කියනවා නම් මහජනතාවට අමතක උණා මෙයා පාර්ලිමේන්තුවට තියා සමුපකාර චන්දයකට වත් සුදුසු කමක් තියෙන කෙනෙක් නොවෙන විත්තිය. ඒ ටික ඔයාම තේරුම් අරගත්තොත් හොඳයි. හැබැයි ඔයාට රංගනයට නම් හැකියාවක් තියෙනවා.
ගම්පහ ජනතාවට ගහල මදි...අනේ අපොයි අපේ රට
අනේ දුවේ ඔය කොල්ලො කෙල්ලෝ නොතේරෙන කමට කියන කතානෙ.. දුවේ ඔයා නාට්‍යක් දෙකක් රගපාගෙන හිටිං දුවේ. දියවන්නාවෙ නාන්න යන්නේ නැතිව...
ඔනැම අයෙකුට වරදිනවා .වැරදි කරපු ඒකම ගැහැනිය ඇයම පමනක් නොව ඒනිසා නැවත ඒය නිවරදි කල හැකියි . සමාව දිම දේව ගතියක් ආදරයට ආදරය මිස වෙන කිසිවක් නැත. දේශපාලනය නොමැතිව සිටිනම් ඔබගේ සිතුවිලි හා සමානව කෙනෙකු සිතිය හැක.
ඔබ හොද කෙනෙක් හදුනගන්න පුලුවන්නම් ෙහාදයි
මෙයාට කරන්න පුලුවන් එක දෙයක් විතරයි
'මාව අවබෝධ කරගන්න පුළුවන් ආදරය විවාහය කියන දෙය වගකීමෙන් තේරුම් ගන්න කෙනෙක් හම්බ වුණොත් මම විවාහ වෙනවා. තවම නම් මට එහෙම කෙනෙක් මුණ ගැහිලා නෑ. ඇයි නංගි එහෙම කියන්නේ?
ගැහැණුන්ට කිසිම පෙර පුහුණුවක් නැතුව කරන්න පුළුවන් දේවල් කිබයක් තිබුණත් දේශපාලනය කියන්නේ ඒවායින් එකක් නෙමෙයි නංගියේ
ඔයා කොළඹින් ඉල්ලන්න නංගී.අපි පෝළිමේ ඇවිත් දෙන්නම්
පබා නගා..මට ජිවිතේ කලකිරිලා තියෙන්නේ..ඒ නිසා මම ඔයාව කසාදබදින්න මනාපයි...
පබා ඔයා මොනවගේද කයල මම දන්නේ නැහැ මිනිස්සු වැඩිපුර මඩ ගහන්නේ. ඔයා ඒවා ගනන් ගන්න එපා. ඔයාගෙ හිත ගොඩක් හොදයි.. ඒකයි මිනිස්සු ඊරිසියාව... ගැහැණියකුගෙ ඇද හොයනව ලැජ්ජ නැතිව...
අනේ චම්පා ඔයා මෙයා ගැන දන්නෙ නැති උනාට අපි බොහෝම හොදට අදුනනව මෙයාව...දන්නේ නැත්තන් කොහොමද හිත හොදයි කියල දන්නේ?බොරුනේ චම්පා..
ළමයින්ට ආසයි නේද ඔයා?
'මාව අවබෝධ කරගන්න පුළුවන් ආදරය විවාහය කියන දෙය වගකීමෙන් තේරුම් ගන්න කෙනෙක් හම්බ වුණොත් මම විවාහ වෙනවා. තවම නම් මට එහෙම කෙනෙක් මුණ ගැහිලා නෑ. ඕකෙන් කියන්නේ මෙයාල ඉන්නේ මේ ලෝකේ නෙමෙයි කියලා. ඔය කියන ජාතියේ අය කොහෙන් හොයන්නද ? ඉතින් කොහොමද මේ ගොල්ලෝ දේශපාලනය කරන්නේ....
ඡන්දෙ දෙන්නේ නෑ කියල අපිනම් තීරණය කරල ඉවරයි......;)
දේශපාලනය කියන්නේ මොකක්ද, රගපාන්නේ කොහොමද කියල දන්නවනම් ගොඩක් හොදයි.
පෙරලුන පිට හොඳයි කියලා ජීවිතය ජයගන්න උත්සාහ කරන්න. (නි)
ඔයා හිතන් ඉන්නේ අපි ආයිත් ඔයාට ඡන්දේ දෙයි කියලද? ඔයාට වැරදිලා පබා
අනේ අපොයි අපේ රට ජාතිය.....මෙහෙම ගියොත්
ඔන්න ඔහේ නාට්‍යයක් ෆිල්ම් එක්ක කරටගන ඉන්න.ඔයාට ආයි චන්දෙකින් දිනන්න ලේසි වෙන්නේ නෑ
මෙයාලා පාර්ලිමේන්තුවට ගියොත් දෙයියන්ගෙම පිහිටයි අපේ රටට.ඡන්දේ දෙන උන්ට ගහන්න ඕනි බූවල්ලෙන්
මට මතක් වෙනවා ඔයා ඒ දවස් වල කුවේට් වල හිටිය කාලේ
මේ කෙළිත් මං වගේ. දිගටම එකක් කරගෙන ඉන්න හිතක් නෑ. හැබැයි ඉතින් කෙලී හැඩයි. අම්මාපල්ලා දැන් හිතෙනවා මං ඉපදුනා කල් වැඩයි කියලා. (හාමිනේට හොරෙන් මේක ලිව්වෙ)
මම හිතන්නේ ඔයා හොද නිළියක්
බැන්දොත් බදින කෙනා අනාතයි
දේශපාලනයේදීද පක්ෂ ප්‍රතිපත්තියක් නොතිබුණු ඔබේ පවුල් ජීවිතය ගාන මොන කතාද?
ඔයා ඕව ගැන හිතලා මහන්සි වෙන්න එපා.ඔයා දිගටම දේශපාලනය කරනවද නැද්ද කියලා අපි තීරණය කරන්නම්
ලංකාවට දෙයියන්ගේම පිහිටයි
ඔයා ඔන්න ඔහෙ නිලියක් විදියට ඉන්න මෙයා....
අනේ නංගියේ දේශපාලනයෙන් අයින් වෙනන් නම් එපා....
මෙයාගෙ වරදක් නෑ. වරද තියන්නෙ මිනිසුන්ගෙ.... මෙයාට ඡන්දය දුන්න...
ලෝකයේ හොද තැන ගෙදරද??
අනේ නංගි,රටට විහිඵවක් වුනා දැන් ඇතිනේ,විශ්‍රාම වැටුප දැන් හරිනේ මිනිස්‌සූ කල මෝඩකන් අමතක කරලා,සිංහල කතා කරන්න,සිංහල හරියට ඉගෙන ගන්න. පාර්ලිමේන්තුව ගැන මිනිසුන්ගෙ තියෙන ආකල්ප වෙනස්කරමු ඔයාලගේ සහය දැන් අවශ්‍යමයි,පැත්තකට වෙන්න ඉටු කරන්න මේ ඉල්ලීම ස්‌තුතියි.
අනේ අපොයි අපේ රට ජාතිය...
මේවගේ ජපන් බබ්බුන්ට චන්දෙ දුන්නේ මොන මෝඩයෝද? දැන උගත් අපේ රට ගැන හරියට දන්නා කෙනෙක්ද මෙයා ? ඇත්තටම අපි කණගාටු වෙන්න ඕනේ මේවගේ සුකිරි බබාලා පාර්ලිමේන්තුව වගේ තැනක ඉන්න එක ගැන
මෙයාට ඡන්දය දුන්න අයට ගහල මදි... yako mekita vote kerapu unnta gahala madii
ඔයාට ඡන්දය දුන්න අය ගැන මොකද හිතෙන්නෙ...
ගොනා තණ කයි... එතකොට ගොන්නු...?
ඔයාට ඡන්දේ දුන්න අයට මොළේ කළදක්වත් තිබුන නම් ඒ වගේ ජාතික අපරාධයක් කරන්න හවුල් වෙන්නේ නෑ
ගහන්න බනින්න ඕනි මෙයාට නෙමෙයි.ගම්පහ ජනතාවට
රැකියාවකදි අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කරන රටේ එහෙම කිසිම සුදුසුකමක් නැතිව ගන්න පුළුවන් එකම රැකියාව මන්ත්‍රිකම, ඇමතිකම. කොච්චර ඉන්නවද මුලික අධ්‍යාපනය නැති මන්ත්‍රිවරු. මගේ රටට දළදා හිමි සරණයි.
අනේ පබා හොද බබා වගේ අපේ උතුම් ලංකාවට නින්දා නොකර ගෙදර ඉන්න..
අනේ ඔයා දන්න දේශපාලනේ...නයිට් ක්ලබ් වලට සිංහලෙන් කියන්නේ මොකක්ද දන්නේ නැති ඔයා කොහොමද මෙයා ඔව්වා කරන්නේ.
මෙයාටත් දුන්නනේ මිනිස්සු ඡන්දේ.. හැබැයි ඒ මිනිස්සු ඒ මෝඩකම ආයි කරන එකක් නෑ
නීතිය කරන්නත් මහන්සි වෙන්න ඕනි නෑ බේබි.ඔයා විභාගේ ලියපු කාමරේටම ගිහින් විභාගේ ලියන්න
මෙයාට ඡන්දේ දීපු අයට දෙන්න ඕනි පුන්නක්කු.අනේ අපේ අය මෙච්චර මන්දබුද්ධිකද?
දේශපාලන දක්ෂකම් ගැන මම දන්නේ නෑ.හැබැයි මේ ෆොටෝ දෙක නම් ලස්සනයි
දිගටම කරන්න එපා නංගි.හරහටත් කරලා බලන්න