IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


දඩ කොලයෙන් බේරන්න බනිසයි ප්ලේන්ටියයි ඉල්ලලා

(සුජිත් හේවාජුලිගේ )

රථවාහන වරදකට අල්ලාගත් තීරෝද රථ රියදුරකුට දඩ කොළයක් ලියා නොදීමට අල්ලස් වශයෙන් බනිස් ගෙඩි දෙකක් සහ ප්ලේන්ටි දෙකක් ඉල්ලා ලබා ගැනීමට උත්සාහ දරු අවස්ථාවේදී ත්‍රීරෝද රියේ නීතිඥවරියක සිටීමෙන් කලබලයට පත්වූ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඒ ආහාර පවා ගැනීම ප්‍රතික්ෂේප කර ත්‍රිරෝද රියද වහාම මුදා හැර ඒ ස්ථානයෙන් පිටව යෑමේ සිද්ධියක් මරදාන ප්‍රදේශයෙන් වාර්තා වේ.

වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරියක් කුලී ත්‍රිරෝද රියකින් එම දෙපාර්තමේන්තුවට ගමන් කරමින් සිටියාය.

පොලිස් නිලධාරීන් දෙදෙනකු මරදාන ප්‍රදේශයේදී එම ත්‍රිරෝද රිය නැවැත්තුවේ රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩ කොලයක් ලියා දීමටය.

රියදුරා පොලිස් නිලධාරීන් ඉදිරියේ බැගෑපත් වූයේය.

" හරි එහෙනම් තමුසෙට අපි විසඳුමක් දෙන්නම්. ඔය ළඟ තියෙන කඩේට ගිහිල්ලා බනිස් ගෙඩි දෙකකුයි ප්ලේන්ටි දෙකකුයි අරගෙන එනවා. ඒවා ගෙනත් දුන්නට පස්සේ තමුසෙට යන්න පුළුවන්" පොලිස් නිලධාරියෙක් ත්‍රීරෝද රථ රියදුරාට කීවේය.

ඒ අනුව රියදුරා ළඟ තිබු කඩේකට පයින්ම දිව ගියේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ නියෝගය පිළිපැදීමටය.

රියදුරුගේ ප්‍රමාදය නිසා ත්‍රී රෝද රථයේ සිටි නීතිඥවරිය බිමට බැස්සාය. ත්‍රිරෝද රියෙන් නීතිඥවරියක බිමට බැස සිටින බව ඇඳ සිටි සාරියෙන් හඳුනාගත් පොලිස් නිලධාරියෙක් වහාම ඇය සිටින ස්ථානයට ගොස් ඇය කවුදැයි විමසා සිටියේය.

ඇය තමා කවුදැයි මෙහිදී පොලිස් නිලධාරියාට හඳුන්වාදුන් අතර ඒ ප්‍රකාශයෙන් පොලිස් නිලධාරීන්ගේ ඉහ මොළ රත්වී ගියේය.

මෙහිදී කටහඬ අවදි කළ පොලිස් නිලධාරියෙක් " දැං ඔබතුමිය යන්නේ කොහොමද? අන්න අර මිනිහා අර පැත්තට දුවනවා දැක්කා" යනුවෙන් පැවසුවේ තරමක් කලබලයෙනි. ඒ ප්‍රකාශය කර ලොකු වේලාවක් ගත වූයේ නැත.

තීරෝද රථ රියදුරා බනිස් ගෙඩි දෙකක් සහ ප්ලේන්ටි දෙකක් රැගෙන ඒ ස්ථානයට පැමිණෙමින් සිටියේය. එහිදී කලබලයට පත් පොලිස් නිලධාරියා" "ඕවා මොනවාටද අයිසෙ අපිට. මේ නෝනා අරගෙන යනවා" යනුවෙන් පැවසුවේ ඇති වූ ලැජ්ජාව යටපත් කරගනිමිනි.

" ඇයි සර්... මම මේවා ගෙනාවෙ සර්ලා කිව්ව නිසානේ" ත්‍රී රෝද රථ රියදුරාගේ උත්තරයෙන් පොලිස් නිලධාරීහු තවත් ලැජ්ජාවට පත්වූහ. මේ අවස්ථාවේදී රියැදුරා " " හරි හරි කමක් නෑ මේවා ගන්නකෝ.."යනුවෙන් පවසා බනිස් ගෙඩි දෙක සහ ප්ලේන් ටී දෙක පොලිස් නිලධාරින් පැමිණ මෝටර් රිය ඇතුළට දමා ත්‍රීරෝද රිය පණ ගන්වාගෙන පිටව ගියේ වේගයෙනි. එසේ යන අවස්ථාවේදී සිදු වූ සියල්ල නීතිඥවරියට සැලකර සිටීමටද ත්‍රීරෝද රථ රියදුරා අමතක නොකළේය.

 



අදහස් (21)

දඩ කොලයෙන් බේරන්න බනිසයි ප්ලේන්ටියයි ඉල්ලලා

sugath Sunday, 19 February 2023 12:42 PM

ඔය තමයි ලංකාවේ "නීතිය" ක්‍රියාත්මක වෙන විදිය...

:       1       24

චිරන්ත Sunday, 19 February 2023 12:53 PM

පොලිස් නිලධාරින් වුණත් මනුෂ්‍යයෝය ඔවුන්ටත් බඩගිනි දැනේය. ඇත්තටම මෙතැනදී සිදුවීම ඉතාමත් ශෝචනීයයි.. පොලිස්කාරයින් බඩගින්නේ ඉඳලා කියලා හිතෙනවා.. මුලින්ම නීති නිලධාරිනිය ඉදිරිපත් වුණා නම් ඔහොම වෙන්නේ නැහැ... පොලිසියේ දෙන්නාට කියන්න තිබුණා ඔවුන් අධිකව බඩගින්නේ ඉන්නේ කියලා...

:       4       66

Rata Perata Sunday, 19 February 2023 02:18 PM

කෝටි ගණන්වලින් දේශපාලකයෝ ගන්න අල්ලස් හොයන්න එක්කෙනෙක් නැහැ...

:       4       50

Samitha Senaka Aluthgamage. Sunday, 19 February 2023 02:25 PM

පව් නේද? අපේ පොලීසිය පත්වී ඇති තත්වය. ලැජ්ජාවේ බැහැ...

:       0       43

Bamunuarachchi Sunday, 19 February 2023 03:00 PM

මෙය සිදුවුනේ 1981 කාලේ. පිටකොටුවේ බෝගහ ළඟදී මාව පොලිසියෙන් නැවැත්තුවා.. ක‍ට්ට අව්වේ වේලිවේලි සිටි රාලහාමී කෙනෙක් මගේ මොටර්සයිකලේ නැවැත්තුවා. වාහන බලපත්‍රය ළඟ තිබුණේ නැහැ. මගේ ලයිසන් එක තියාගෙන මට වාහන බලපත්‍රය ගෙනෙන්න කිව්වා. මම ගෙදර ඇවිත් වාහන බලපත්‍රය රැගෙනවිත් ඉදිරිපත් කළා මගේ ලයිෂන් එක ලැබුණා.. අව්වේ වේලිවේලි සිටි රාළහාමි දෙන්නා එක්ක ඔරේන්ජ් බාරලි බෝතලයක් බිව්වා. ඒ කලේ ඔරේන්ජ් බාර්ලි බෝතලයක් මතක හැටියට සත 35, සත 50ක් පමණ ඇති...

:       7       32

podiekaa Monday, 20 February 2023 01:00 AM

ඔය ඔක්කොම බේගල්, පච...!

:       0       3

BamunuarachchiMonday, 20 February 2023 07:19 PM

රුපියල් 100 කට ඔරේන්ජ් බාර්ලි බෝතලයක් බොන පොඩි එකාට සත 35ට ඔරේන්ජ් බාර්ලි බෝතලයක් බිව්වා කිව්වාම විශ්වාස කරන්න බැහැ තමයි කොල්ලෝ... එදා තෝසයක් සත 5 යි, වඩේ එකක් සත 5 යි. අද බොරැල්ලෙන් තෝස 2ක්, වඩේ 2ක් ගත්තා... රු 720. 00 කොල්ලෝ.

:       1       0

Bamunuarachchi Sunday, 19 February 2023 03:04 PM

නීතිඥවරියත් ගාස්තුවට හරියන්න ත්‍රීවීලර් එකේ යන ගමනද දන්නේ නැහැ...

:       15       34

සත්‍ය ගවේෂී.Sunday, 19 February 2023 03:37 PM

මේ මනුස්සයා කිව්වොත් කියන්නේ, ඇනුම් පදයක්... එහෙමත් නැතිනම් අපහාස කිරීමක්... උගත්කමට, වැදගත්කමට කිසිම ගරුත්වයක් දෙන්නේ නැහැ. අනේ මන්දා..?

:       24       28

සත්‍යපාල Sunday, 19 February 2023 06:24 PM

උගත්කමක් තිබුණා නම් මුලින්ම බැහැලා ඉදිරිපත් වෙලා ප්‍රශ්නය නිරාකරණය කරන්න තිබුණා කියලා හිතන්නේ නැද්ද?

:       17       6

සත්‍ය ගවේෂී.Sunday, 19 February 2023 07:39 PM

සත්‍යපාල මහතා නොදන්නවාට නීතිඥවරිය උසාවි ආරම්භවීමට ප්‍රථම උසාවියට යායුතුව ඇතුවයි සිටින්නට ඇත්තේ. අනික නීතිඥවරුන් උසාවියේ වැඩකරනවා මිසක් පාරවල් ගානේ පොලිස් රාජකාරිවලට මැදිහත් වෙන්නේ නැහැ. පොලීසියේ රාජකාරී කටයුතුවලට නීතිඥවරිය මැදිහත් නොවුනේ, පොලීසියේ රාජකාරියට බාධා කිරීම වරදක් නිසා. එය ඔබ නොදන්නවාට දන්නා අය දන්නවා. පොලිසිය වැරැදි නම්, ඒ බවට ත්‍රීවීලර් කරු විසින් පොලීසියට පැමිණිලි කිරීම හෝ නඩුවක් පැවරීම කළහොත්, ඒ ගැන උසාවියේදී නීතීඥවරිය මැදිහත් වෙනවා. එසේ නැතිව, පොලීසිය කරන කරනදේට මැදිහත්වීම කරමින් ඉන්නට ගියොත්, නීතිඥවරුන්ට උසාවි යන්න වෙලාවක් නැහැ. අනික ඔවුන්ට තියෙන නඩු කන්දරාව නිසා ඔවුන් බොහෝ අවිවේකී බවක් තිබෙන අය...

:       0       1

BamunuarachchiTuesday, 21 February 2023 06:59 AM

ගාස්තුවට හරියන්න මාලේ කඩා ගත්ත නීත්ඥයෝ ඉන්න රටේ ගාස්තුවට හරියන්න ත්‍රීවීලර් එකේ යන එක වැඩක්ද ගොයියෝ?

:       0       1

චන්දන Sunday, 19 February 2023 03:29 PM

පොලිසිය පත්වෙලා ඉන්න තත්ත්වය ගැන දුකයි. බෝතලයක් හෝ 500ක් වත් ඉල්ලන්නේ නැතිව බනිස් 2යි ප්ලේන්ටියයි ඉල්ලන්නේ...?

:       0       50

Athula Sunday, 19 February 2023 04:50 PM

පව්.. ඒ මිනිස්සු අපි වගේම දුක්විඳිනවා.. අනුකම්පා කරමු...!

:       0       48

Kumara Sunday, 19 February 2023 06:01 PM

බඩගෝස්තරවාදී පොලීසිය... පොලු අරගෙන කොල්ලන්ට, කෙල්ලන්ට ගහන්න නම් පැනලා එන්නේ...

:       23       11

රෝයි කොළඹ ආරච්චි Sunday, 19 February 2023 06:17 PM

රියදුරු වරදක් කළ නිසා ඔහු ගැනත් සිතා පුංචි පගාවක් ඉල්ලලා තියෙන්නේ... අල්ලසක් ගැනීම කොහෙත්ම අනුමත කරන්න බෑ. නමුත් මේකෙන් පැහැදිලි වන්නේ රටේ හැමෝම අසරණ වෙලා ඉන්න ආකාරය. ඔය පහළ නිලධාරීන් ජොබ් එක දාලා යන්න බැරි නිසා රාජකාරි කරනවා. ඒ මදිවාට ඉහළ නිලධාරීන්ගේ සියලු අවශ්‍යයතා සපුරන්න ඕනේ... බැනුම් අහන්න ඕනේ වෘත්තියේ කිසිඳු ගරුත්වයක් නෑ. අපි කතා කරන්න ඕනේ ප්‍රභූ පංතිය හා දේශපාලකයන් කරන ජඩ වැඩ ගැනයි.

:       0       50

Santhu Sunday, 19 February 2023 06:44 PM

එහෙම අතර මගද ට්‍රැෆික්වලට අහුවෙන කොට මගට ගෙන තමුන් ළඟ ඇති කන බොන දෙයක් ඔෆර් කළාම ඒකත් පිනක්...

:       0       1

Santhu Sunday, 19 February 2023 11:34 PM

රෑ තිස්සේ නිදි මරන්, බඩගින්නේ, වදුලු අස්සේ හැංගිලානෙ ඉන්නෙ. එහම අයට මොනවත් කන්න බොන්න දෙන එක හිඟන්නෙකුට දෙනවට වඩා පින් .එහෙම අතර මගද ට්‍රැෆික් වලට අහුවෙන කොට මගට ගෙන යන, තමුන් ළඟ ඇති කන බොන දෙයක් ඔෆර් කරන්න පටන් ගත්ත්තොත් දඩ ලියන එක ශුවර් නතර වෙයි

:       0       0

santhu Monday, 20 February 2023 12:07 AM

නැහැ සත්‍යපාල.. එවෙලේ නීතිඥවරිය ඒ අවස්ථාව මග හැර නොයා, එතුමිය ප්‍රශ්නය නිරාකරණය කරන්නේ ට්‍රැෆික් නිලධාරීන් නීතියට අසු කර දීලද අල්ලස් ගත් හෝ ඉල්ලූ වරදට... බඩගින්නට යමක් ඉල්ලූ දෙයක්නේ කියලා, මානුෂිකව සිතන්න ඇති කියලයි හිතෙන්නේ අනික ලොකු ප්‍රශ්නයක් වෙලත් නැහැනේ...

:       0       0

කුඩා සාමණේර Monday, 20 February 2023 10:20 AM

මේ නිලධාරීන් දෙදෙනා දැඩි සායෙන් පසුවී ඇති බව පැහැදිලියි. "ජිගච්ඡා පරමා රෝගා" බඩගින්න තරම් අසනීපයක් තවත් නොමැති බවයි.... ශාන්ති නායකයාණෝ දෙසා වදාලේ. මෙහි අවර ගණයේ සටහන් තබා ඇති පුස්සන්ට සහ පිස්සන්ට 100%ක්ම අනුකම්පා කරමු.

:       0       2

CC Monday, 20 February 2023 11:45 AM

අපේ රටේ විතරක් නොවෙයි, රටේ ජනතාවගේ, රාජ්‍ය නිලධාරීන්ගේ අභිමානය මෙරට පාලනය කළ සියලු අයවලුන් විසින් නැතිකර හමාරයි ඉහළ රාජ්‍ය නිලධාරීන්ද මෙම ව්‍යසනයට සෘජුව වගකිව යුතුයි. මොවුන්ට රාජ්‍ය ධනය තම පුද්ගලික ධනය යැයි සිතා නානාවිධ පොරොන්දු වලින් ඡන්ද අල්ලස්වලට රැවටුණු අප රටේ ඡන්ද දායකයාට තවම හරියට පළදුන්නේ මෙම හොර හැත්තව මාරුවෙන් මාරුවට බලයට ගෙනත් කළ කරුමයයි. දේශපාලකයින් වැජඹෙනවා, ජනතාව වැනසෙනවා. මේ අපලය කරගත්තේ අපිමයි. මෙය වෙනස් කළ යුත්තේත් අපිමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2471 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 604 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1196 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


වාර්තා බිඳ විජිත කප් එක ගනී
2024 නොවැම්බර් මස 15 6154 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 841 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5190 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1728 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site