ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 97 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයට දිනේෂ්කාන්තන් තංගරාජ් සහ ඉන්දිය ක‍්‍රීඩක තන්වීර් ආසික් ඊයේ (22) සුදුසුකම් ලැබුහ. කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී අම්රිතා මුත්තයියා සහ ලාබාල ක‍්‍රීඩිකා නෙත්මි වඩුගේ තරග වදිති. පසුගිය වසරේ ශූරයා වු දිනේෂ්කාන්තන් තංගරාජ් අවසන් පුර්ව තරගයේදී ෂාමල් දිසානායක (7/6, 3/6, 7/6, 6/2) පරාජය කිරීමට සමත්විය. තන්වීර් ආසික් සහ නිසංගන් නඩරාජා අතර පැවැති දෙවැනි තරගයෙන් 6/1, 7/6, 5/7, 6/4 ක් ලෙස තන්වීර් ජය ලැබීය. කොළඹ විශාඛා විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙත්මි වඩුගේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනේ. නෙත්මි හමුවේ පරාජයට පත් වුයේ ක‍්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන්ම සිටි සංකරි ත්‍යකරන්ය. එහිදී නෙත්මි 6/4, 6/4 ක් ලෙස තරගය පහසුවෙන් ජය ගත්තාය. පසුගිය වසරේ ශූරිය වු අම්රිතා මුත්තයියා හමුවේ රොෂින්කා ප‍්‍රනාන්දු (4/6, 6/2, 6/0) පරාජය වුවාය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දිනේෂ්කාන්තන් - ආසික් අවසන් තරගයට එති