ගිනිගෙන දැවෙන නිවෙසක ගිණි දැල් මැදින් පැටවුන් බේරා ගත් බැල්ලියකගේ වීර ක‍්‍රියාවක් චිලි සාන්තියාගෝ නුවරින් වාර්තා වෙයි.
ගිනි නිවන භටයින් සිය රාජකාරිය ඉටු කරනා අතරතුර මාතෘත්වය ඉහවහා ගිය මෙම බැල්ලිය ගිනි දැල් මැදට පැන සිය පැටවුන් එකින් එකා රැුගෙන ගිනි නිවන රථයට ගෙනත් දැමුවාය. ඇය පැටවුන් මරණයෙන් බේරා ගත්ත ද එක් පැටවකු ද ඇයද පිළිස්සුම් තුවාල ලදහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දරු සෙනහස නොහදුනන කාන්තාවන්ට මේ තිරිසන් සත්ත්ව ලෝකය හොද ආදර්ශයක් නේද? (නි)
අපිටත් ආදර්ශයක් (දී)
ඇත්තමයි. හොද වීඩියෝ එකක් (දී)
මේ බැල්ලිය අපට දුන් පණිවිඩය විශිෂ්ටයි. කෙනත් අපට දුන් පණිවිඩය අති විශිෂ්ටයි. (නි)
ශ්‍රේෂ්ඨයි. (නි)
අයියෝ සල්ලි
මිනිස්සු බල්ලෝ වෙලා..බල්ලෝ මිනිස්සු වෙලා...(ස)
කෙනත්ගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි. (නි)
කැමරාවලට හසු නොවන තවත් මෙවන් සිද්ධීන් කොපමණ ගණනක් මේ ලෝකයේ සිද්ධ වෙනවා ඇද්ද? (නි)
නියම සතෙක්. (නි)
කෙනත්...ඔබ තෙරුවන් ගුණ ඉතා හොදින් වටහා ගත් කෙනෙක් බව පැහැදිලියි. **** මේ සුණඛ ධෙනුව නම් සැබෑ මව් ගුණ තියෙන සතෙක්.ගොඩක් දෙපා සත්තුන්ට ආදර්ශයක්.ඊලඟ ආත්මයේ සැබෑ මිනිස් මෑණියක් වෙන්න මේ පින් හේතු වේවා!!
හොද වැඩක්. (ත)
කෙනත් ඔබ දුන් පණිවිඩය විශිෂ්ඨයි .(ස)
කෙනත්, මෙවන් සිද්දියක් තුලින් සැගවී ඇති සසර දුක හා එහි භයානක කම පෙන්වා දී , කියවන සැම ( බුද්ධියක් ඇති ) සසර දුකින් මිදීම පිණිස උනන්දු වෙන වචන කීපයක් දැම්ම එකට ඔබට ගොඩක් පින්. ඔබේ සටහන් මම මීට පෙරත් කියව තිබෙනවා, ඇති විශිෂ්ටයි ! මම මීට වසර 2 කට පමණ පෙර කතෝලික ඇදහිල්ල කරපු කෙනෙක් , නමුත් බුදු බන අපට තේරෙන සිංහලෙන් අහන්න ලැබුන ලංකාවේ ඉපදුනු පිනට, අපේ පින්වත් මහමෙව්නා අසපුවේ ස්වාමින් වහන්සේලා මගේ ඇස පෑදුව, දැන් මම මේ ඇදහිලි ඔක්කොම පසෙක දාල , අප මහා භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධ, බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. ඔබේ වචන ටික මාව තවත් උනන්දු කරවනවා. අපේ බෞද්ධ ජනතාවට මේ අසිරිමත් දහමේ සරණ නොලැබෙන්නේ හරියට තිසරණයට එන්නේ නැති නිසා. එකට හේතුව බෞද්ධ ජනතාව 95% ක් ම සරණ ගොහින් ඉන්නේ කේන්දර හා නැකත් නිසා , පින් පව් ගැන විශ්වාසය මේ නිසා බැහැර වෙනවා, මිත්‍යා දෘෂ්ටියේ පිහිටනවා එසැනින්, එතකොට ඒ සමග කරන දේවල් මෝහය මුල් වෙලා කරන්නේ, දුගතිය පිණිස කර්ම සකස් වෙනවා. සුත්‍ර දේශනා කියවනවානම් මේ තත්වය මග හැරෙනවා. (අ)
මෙන්ඩිස්, ඔබ සැබෑ ලෙසම බුදු දහම අවබෝධ කරගත් කෙනෙක්. (නි)
මූ ජිමීද? (නි)
කෝ බැල්ලි පිච්චිලා නැහැනේ. (නි)
කෙනත් ඔයාගේ අදහස් දැක්වීම අතිවිශිෂ්ඨයි... (ස)
කෙනෙත් මල්හතයි.. සේනාධි ඇස් ඇරලා බලන්න.. එතකොට පෙනෙයි..!!(නු)
උපතින් මුස්ලිම් කෙනෙක් වුණාට මමත් බුදුහාමුදුරුවන් වහන්සේගේ ඉගැන්වීම් අහල කියවලා තියෙනවා,. සමහර වෙලාවට මට පුදුම හිතෙනවා එක එක කරුණ ලස්සනට පහදලා තියෙන හැටියට. හරියට තමන්ටම තමන් ගැනම කියන එකක් වගේ. අපේ ආගමේ මේ වගේ අනෙක් ආගම ගැන හොයන්නවත් හිතන්නවත් නිදහසක් නැහැ. බුද්ධාගමේ යට ඉතා නිදහස් හිතන පතන විදිහක් බුදුහාමුදුරුවන් වහන්සේ පෙන්වල දෙනවා කියලයි මට හිතෙන්නේ. මට මේවා ඉගෙන ගන්න ලැබුණේ මම ලංකාවේ ඉපදුන නිසා, උදේ හවස ටී වී එකේ ගුවන් විදුලියේ, බස් එකේ ඇහෙන නිසා මට බුද්ධාගම ඉගෙන ගන්න ආස හිතුණා. භාවනා කරන්නත් මගේ බුද්ධාගම් යාළුවෙකුගෙන් ඉගෙන ගත්තා. අම්මේ හිතට දැනෙන සැහැල්ලුව! අපේ පවුලේ අය මේකට තදින්ම විරුද්ධයි, ඔවුන් බයයි දෙවියන් දඩුවම් කරයි කියලා. මම කියන්නේ දඩුවමට බයේ ආගම අදහන්නේ ඇයි? අපේ සිත නිදහස් කරන සාමය උදා කරන භාවනාවල් තමයි හොද , කියලා. සමාවෙන්න මොනවහරි වැරදි දෙයක් කිව්වා නම්. මම කොහොමහරි මේක දියුණු කරගන්න ඕනෑ, අමාරුයි නමුත් මහන්සි වෙනවා , නැවත ඉපදෙනවා කියලා මම දැන් පිළිගන්නවා. ඉතින් මට අපායට යන්න ඕනෑ නැහැ. යන්න ඕන දිව්‍ය ලෝකේ, නැත්නම් මනුස්ස ලෝකේ. ඒක දෙවියන්ට කියල බැහැනේ, අපිම හිත දියුණු කරගන්න ඕනෑ නේද? නිවන් දකින එක මොන වගේද කියල මට තවම පැහැදිලි නැහැ, නමුත් මේ පාර හරි කියලා මට හිතෙනවා. (නි)
ඊළග ආත්මයේ මිනිස් ආත්මයක් ලබනු නියතයි. (නි)
ඉෂාර, දැන් ඔබ වැටී ඇත්තේ ආර්ය මාර්ගයටයි. ඒ ඔස්සේ ගොස් ආලෝකය සොයා ගන්න. (නි)
රිෂාඩ් අහමෙඩ් (පොල්ගහවෙල) ,ඔබ සැබෑ මුස්ලිම් ජාතිකයෙක්ද? (නි)
මවගේ දරු සෙනෙහස මෙයයි (දී)
මේ අයට 'බල්ලා' කියන නම ගැළපෙන්නේ නැහැ. (නි)
දරුවන් මරණ දරුවන්ගේ දිව පුච්චන දරුවන්ට ගගට තල්ලුකරන සහ දරුවන්ට වදහිංසා කරන දෙමව්පියන්ට මේවා උතුම් ආදර්ශ...(නු)
සතුන්ට කතා කරන්න විතරයි බැරි.. අනිත් හැමදේම හොදට තේරෙනවා.. දියුණු රටවල් ඇස් පේන්නැති අයට උදව් කරන්නෙ බල්ලො තමයි...!(නු)
අම්මා දරුවන්ව වසදී මරණ යුගයක බැල්ලිය පැටවුන් මරණින් බේරා ගනී. (නි)
පිළිස්සුම් තුවාල ලද පැටවාද බැල්ලියද ඉක්මනින්ම සුව වේවා. අනෙකුත් පැටවුන්ටද ඇතුළුව බලු පවුලටම නිදුක් නිරෝගී සුව අත්වේවා ! (නු)
ඊළග ආත්මයේදි මිනිස් ආත්මයක් ලැබේවා! (නි)
දරුවන්ගේ දෙපා පුලුස්සා මිරිස් කුඩු ගසන මවුවරුන්ට මෙන්න නියම පාඩමක්. (නි)
සංසාර පුරුදු වෙන්න ඇති..!!(නු)
නියම මවු සෙනෙහසක්. වාසනාවන්ත පැටවු. (නි)
කුමක් හෝ පිනෙහි අඩුවක් නිසා තිරිසන් භවයක උපත ලද ඔබ, මාතෘත්වයේ උත්තරීතර බව, දරු සෙනෙහසක මහිමය තිරිසන් සතුන්ටද ඇති බව කදිමට ලොවට පෙන්නුවා. ඔබ කරන ලද්දේ අසරණ කුඩා පැටවුන්- කිරිසප්පයන්ගේ ජීවිත රුදුරු මරණයෙන් බේරා ගැනීමේ මහා පුණ්‍ය කර්මයකි. මේ පිනෙන් ඔබ මරණින් මතු සුගතිගාමී වේවා!! සංසාරයේ හැටි මෙහෙම තමා, මේ ආරම්භය හෝ සිදුවෙන එකම සිද්ධිය නොවෙයි. අපිත් මේ වගේ කොපමණ අවස්ථාවලට මේ දිගු තෙරක් නොපෙනෙන සංසාරේ මුහුණ දෙන්න ඇතිද? සමහර විටෙක අපේ දරුවන් අපි ඉදිරියේම පිච්චිලා මැරෙන්න ඇති, විටෙක අපිත් ඒ ගොඩේම පිච්චිලා අගුරු වෙලා යන්න ඇති, මෙසේ වෙච්චි වාර ගණන ගණන් කළ නොහැකියි. නමුත් , මෙය කියවන ඔබත්, ලියන මමත් අද පෙර කරන ලද කුසලයකින් සුගතිගාමී වෙලා, අපිට මනුෂ්‍ය ජීවිත ලැබිලා. කල්ප කෝටි ගණන් නිරයවල් වල දැවී දැවී සිටි, තිරිසන් ආත්ම වල බඩගින්නෙන් මරණ බයෙන් තැතිගෙන සිටි අපට මිනිසත් බවක් ලැබිලා. නමුත් මේක වසර 60-70 ක් තියෙයි වැඩිම වුණොත්, ඊට පස්සේ? ? තථාගත සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සසර සැරිසරන සත්වයා මහගෙදර කරගෙන ඉන්නේ නිරය බව, කලාතුරකින් සුගතියේ ඇවිත් ඉපදෙනවා, එතකොට ඔක්කොම අමතක වෙලා සැපයට ඇලිලා පව් රැස් කර ගන්නවා, ඉන් චුතවෙලා නැවත දුගතියට ගොස් කල්ප ගණන් ඉන්නවා.අපිට මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රමාද නොවී ඉක්මණට කුසල් වඩමු, තෙරුවන් සරණ ගොස් , සසර දුකින් එතෙර වීමට වහ වහා කටයුතු කරමු. වෙලාව නැහැ කියා කියා වයස 60 පනිනකම් හිටියොත්, ධර්මයට වෙලාව මදි වෙයි. අප්‍රමාද වෙන්න! (නි)
සතුන් වගේ හැසිරෙන මිනිසුන් ඉන්නා සමාජයකට මෙය හොද ආදර්ශයක්. (නි)
අපේ රටේ සමහර අම්මලාට මේ තිරිසනා හොද ආදර්ශයක්. (නි)
මිනිසුන් තුලින් ගිලිහි යන කරුණාව , දයාව සතුන් තුළ ඒ විදියටම තිබෙනවා. මිනිස්සු මෙහෙම මිනි මරා ගන්නේ ලෝක විනාශය අතළග නිසා. අද අහන්න දකින ලැබෙන දේවල් ලෝක විනාශයේ ආරම්භයක්. (නි)
කෙනත්ගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි..(ස)
මේ වගේ දේවල් වලින්වත් පුළුවන්නම් දෙයක් තේරුම් ගන්න ,..තවත් ආදර්ශ අනවශ්‍යයි................(ස)
මනුස්සකම නැති සමාජයේ බල්ලව ආදර්ශයට ගත්තනම් හොඳයි කියලා හිතෙනවා.....(ස)
දෑන් මේ හෑමදේම මාරුවෙලා, මිනිස් අම්මලා මේ සතාට කියන නමේ හෑටියට පත් වෙලා, බලු අම්මට ඉස්සර අපේ අම්මලට තිබුන ගති පෑවතුම් ඈවිල්ලා.....(ස)
මහ මග දරුවන් දමා යන්න ඉන්න කාන්තාවන්ට හොඳ පණිවිඩයක්...(ස)
පිළිස්සී මියයන්නට නොදී,පැටවුන් බේරා ගත් බැල්ලියට අපි අම්මා කියමු. දරුවන් පුලුස්සා මිරිස් කුඩු ගසන අම්මලාට කුමක් කියමුද?(ස)
ඇස් දෙකට කදුළුත් එනවා දැක්කම.(ස)
මිනිසාට වඩා සත්තුන්ගේ කළගුණ මතක තබා ගැනීම ඉහලයි,බලන්න එ අහිංසකයා තමන්ගෙ දරුවො වෙනුවෙන් තමන්ගෙ ජීවිතය ගැනවත් නොසිතා වැඩ කළ හැටි. සැබැ මවක්.මතු අත් භවයේ හොද මිනිසුන් අතර මිනිසකු වී ඉපදේවා.(ස)
ඇත්තටම වාසනාවන්ත පැටවු...මේ වගේ අම්ම කෙනෙක් ලැබීම....(ස)
මව් සෙනෙහස තරම් දෙයක් තවත් නෑ....(ස)