සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිගට යන ගෘහසේවිකාවන් මරා දැමීම්, ඇණ ගැසීම්, පහරදීම් ඇතුළු වද හිංසාවලින් බේරා ගැනීමට ඇති එකම මඟ ඔවුන් සඳහා ශ්‍රී ලංකාවේ රස්සා සපයා දී ඔවුන්ගේ දුප්පත්කමට පිළියම් යෙදීම යැයි සෞදි අරාබියේදී හිස ගැසුම් කා මරා දැමූ රිසානා නෆීගේ මව සෙයියදු අහමදු ෆරීනා නෆීක් මහත්මිය කියන්නීය.
මෙවැනි දුපත්පත් කාන්තාවන්ට පිහිටවිය හැකි එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ ජනපති බව ද ඇය පවසන්නීය.
සිය දරුවන් සමග කෙළිදෙලෙන් පසුවූ රිසානා ළමා වියේදීම සෞදියේ මෙහෙකාර කමට ගියේ නංගිලා දෙදෙනට සහ එකම සහෝදරයාට නිසි අධ්‍යාපනයක් ලබා දීම සඳහා මුදල් සෙවීමට බව ද ඇය ප්‍රකාශ කළාය.
අග ගිඟකම් පියවා ගැනීමට ශ්‍රී ලංකාවේ දුප්පත් පවුල්වලට අද ඇති එකම විසැඳුම විදේශ මෙහෙකාර කමට යෑම පමණක් බව කියූ අහමදු ෆරීනා මෙවැනි ඛේදවාචක ඉදිරියේදී සිසු නොවන්නට නම් දිළිඳු පවුල්වල ආර්ථික ශක්තිය නගා සිටුවීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව ද මහින්ද රාජපක්ෂ ජනපති ඊට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි සිතන බව ද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබියේ විතරද කරදර වෙන්නේ? ඇයි යුරෝපයේ වෙනත් රටවල්? (නි)
අත්‍යවශ්‍ය ආහාරපාන වල මිළ අඩුකරන්න පුලුවන් නම් දුප්පත්කම නැතිකරන්න එච්චර අමාරු නැහැ. (නි)
අද දරාගන්න බැරි ජීවන වියදමක් රටේ පවතින්නේ. ඒවට සහන සලාසා දෙනවනම් දුප්පත්කම නැති කිරීම කෙසේ වෙතත් මිනිස්සු කාලා බීලා සතුටින් ජීවත් වේවි (ස)
ජපති තුමනි අපිට පිහිට වෙන්න (දී)
මැද පෙරදිග ශ්‍රී ලංකකික සංක්‍රමිනික කාන්තාවන්ගේ රටට ලැබෙන ආර්ථික ප්‍රතිලාබය ඩොලර් බිලියන ගණනාවක් බව තර්කයක් නොමැත.නමුත් විදේශ රටකදී කාන්තාවට මුහුණ දීමට සිදුවන සිදුවීම් හා එම නිසා කාන්තාව අසරණ වන අකාරය දුටු විට ආර්ථිකය කුමක් වුවත් ගෘහසේවයට කාන්තාව විදේශ ගත කිරීම සපුරාම තහනම් කිරීම රටේ අනාගතයට ඇති ඉහලම ආයෝජනයක් බව ඉතා අවදාරණයෙන් ප්‍රකාශ කලහැකිය.පවුල් ඒකකය විසිරියම , ළමුන් අයලේයාම , සුවාමි පුරුෂයන් සමාජ විරෝධී ක්‍රියාවන් වලට පෙළබිම,විදේශ ගතවන කාන්තාව විදේශ රටවලදී ජිවත් වන උප සංස්කෘතිය ට හැඩගැසීම නිසා ඔවුන්ට නැවත තම පවුල් වලට සම්බන්ද වීමට නොහැකි තරමට මානසිකත්වය වෙනස් වීම ආදී තවත් නොයෙකුත් අර්බුද වලට මේ වනවිට ලක්ෂ ගණනක් වූ කාන්තාවන් ලක්වී තිබේ. (අ)
කතාව ඇත්ත. ලංකාවට දැන් රැකියා වැඩි වැඩියෙන් ලබා දීම කළ යුතුයි. විදේශගත වීම අඩු කළ යුතුයි. මන්ද විදේශ රැකියා වලට යාම තුළුන් දේශීය වැසියන්ට දුක් ගැහැට වලට මුහුණ පෑමට සිදුවන නිසාවෙනි. දේශීය වශයෙන් රැකියා ලබා දී ශක්තිමත් අපනයන ප්‍රතිපත්තියකට යාම තුළින් අපට විදේශ විනිමය උපාය ගත හැකිය. නමුත් වත්මන් රජයේ එවැනි දේ වලට අවධානය යොමු කිරීම මන්දගාමීව පවතී. (නි)
ප්‍රමාද නොවී වැඩේට බහිමු. (නි)
ෆරීනා නෆීක් මහත්මිය කියන කතාව නිවැරදියි. එහෙත් ජනපතිට ඒ ඉලක්කය කරා යාමට වුවමනා කරන දක්ෂ අවංක දේශපාලකයන් හා නිළධාරීන් මේ රටේ සිටිනවාද කියන එකයි ගැටලුව. හරියට අර යුද්දෙ ඉවරම කරලා දැම්ම වෙලාවෙ වගේ. මොකද බොහෝ දෙනා දන්නෙ බොරු කරන්න. (නි)
රත්න කියන දේ හරියටම හරි. මොකද අම්මා නොගියේ? (නි)
ජනාධිපති තුමාට ජයවේවා (දී)
මෙම ප්‍රශ්නය සාක් රටවල් සමගින් සාකච්ඡා කළහොත් හොද නිගමනයකට යාහැක. (නි)
ජනපතිතුමා මේ ගැන බලන බව මට විශ්වාසයි. (නි)
කවුරු කොහොම පැවසුවත් විදේශගතවන කාන්තාවන් සහ විදේශගතවු කාන්තාවන් තමයි මෙයට නිසි පිළියමක් යෙදිය යුත්තේ. යනවාද? නොයනවාද? යන්න. මන්ද මෙයට ජනාධිපති හෝ රජය කුමක් පැවසුවත් ජනතාවගේ වැඩි කැමැත්තට තමයි සියල්ල සිදුවන්නේ. (නි)
දුප්පතුන් නැතිකර පොහොසතුන් බිහිකිරීම ජන නායකයෙකුගේ යුතුකමක් වේ. (නි)
දිළිඳු පවුල්වල ආර්ථික ශක්තිය නගා සිටුවීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව ද මහින්ද රාජපක්ෂ ජනපති ඊට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි සිතන බව මෙම අම්මා පවසයි . ජනාධිපති තුමනි මෙයට එකඟ වේයැයි සිතමි . ලංකාවම ඒ දෙස බලා සිටියි ..(ත)
ලංකාවේ අපරාධ රැල්ල අඩුකළොත් ආයෝජකයන් පැමිණේවි. නැත්නම් ඉන්න අයත් යාවි. (නි)
අර පුංචි ළමයි දෙන්නා දාලා කොහොම යන්නද ඒ අම්මා? මම නම් හිතන්නේ කාන්තාවන් රට යැවීම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි. (නි)
ඔබට සුදුසු පිළිතුරක් ලැබෙයි. ඉවසා බලාසිටින්න. (නි)
රිසානාගේ අම්මේ, ඔයත් ඡන්දය ඉල්ලන්න. දැන් ඒක තමයි එකම ප්‍රතිකර්මය. (නි)
අන්තිමට කොහේ ගියත් අවසානයේ ජනපති තුමා තමයි පිහිට වන්නේ (දී)
දුප්පතුන් නැතිකර පොහොසතුන් බිහිකිරීම ජන නායකයෙකුගේ යුතුකමක් වේ (ස)
ඉල්ලුවට බෙහෙත් ලැබේවිද ??(ස)
අපේ සහෝදර සහෝදරියෝ දුක්විදලා එවන සල්ලි වලින් තමයි ගොඩක් ලොකු ලොකු ඇත්තෝ ඵලක් නැති සෝබන දේවල් කරන්නේ. (නි)
අපිත් වෙනත් රටවල කරනවා වගේ පුහුණු ශ්‍රමිකයින් පමණක් රැකියා සදහා යවමු. (නි)
දුප්පත් කමට බෙහෙත් දෙන්න එයාට බෑ වගේ .....(ස)
අනේ ඔව් ජනපති තුමනි, මේකට විසදුමක් දෙන්න (දී)
විසදුමක් ඉක්මණින් ලැබුණොත් කොච්චර හොදද? (නි)
ලංකාවේ දුප්පත් මිනිස්සු රට යවලා ඒ මිනිස්සු එවන සල්ලි වලින් ලොකු ලොක්කෝ කාර් රේස් පාටි දාන එකනේ කරන්නේ. (නි)
1-රිසානාගේ මවත්, පියාත් මෙයට වගකිවයුතුයි. එවකට අවු.34 ක මවක් වෙලා ඇය නොගිහින් ඇයි අවු.17 ගැහැනු ළමයාව යැවුවේ? දැනගෙන වංචාවක් කරලා දැන් විලාප දෙනවා. 2- අනෙක දැන් ප්‍රධාන ආදායම විදේශ රැකියා. එන ඩොලර් ගැන හිතනවා මිසක් රැකියා නියුක්තිකයින්ගේ රැකවරණය ගැන කවදාවත් බැලුවේවත්, මතුවටත් බලනේවත් නැහැ. මෙහෙන් යනවිට පාස්පෝට් එකේ අර මුද්දරේ ගහලාද බලනවා, එච්චරයි. ඒ රටවල ඉන්න තානාපති, අනෙක් නිලධාරින් අපේ ශ්‍රමිකයින්ව එහෙදිත් හූරගෙන කනවා. (නි)
ජනපතිතුමා නිසි පිළියමක් යොදාවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. (නි)
ඇත්ත. සංවර්ධනය නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් දිළිදුකම තුරන් වෙනවා. (නි)
අම්මේ, ඔබ 100%ක්ම නිවැරදියි. (නි)
ශරියා නීතිය අනුව දරුවාව අවුරුදු දෙකක් තම මව බලාගත යුතුලු? ඉතින් එසේ බලානොගැනීමෙන් තමන් කරන ලද වරදට මියගිය ලදරුවාගේ මවට කිසියම් දඬුවමක් නැද්ද? රිසානට විතරද දඬුවම? මේකත් හොයලා බලන්න අවශ්‍යයි. නීතියේ ක්‍රියාත්මක කරවීමේ නිරුවත ලොවට පෙන්විය යුතුයි. (නි)
ජනපතිතුමනි මේ අම්මාට පිහිට වෙන්න (ස)
ඔවමු, අපි අපේ කාන්තාවන් මැද පෙරදිග මෙහෙකාර සේවය සදහා නොයැවිය යුතුයි. (නි)
බලමුකෝ ඔය ඉල්ලීම් ඉටුවෙන දවස කවදද කියලා (ස)
ඒත් කිසිම ප්‍රාග් ධන වියදමක් නැතුව සල්ලි හොයන වෙන ක්‍රමයක් ලංකාවේ නැහැ. (නි)
ජනාධිපති තුමනි මෙයට එකඟ වේයැයි සිතමි (ස)
මව නිවැරදියි. (නි)
නීතිය නිරුවත් විය යුතු නැහැ. (නි)
රිසානාව බේරාගන්න අපේ ජනාධිපතිතුමා ගත් උත්සාහය අපිට නම් අමතක නැහැ. (නි)
මිනිස් ජීවිතයක් නැතිවෙන තරමට යමක් වුණාට පසුත් තීරණයක් ගැනීම අනිවාර්ය වගකීමක් වී තිබෙනවා. ගැහැනුන් මැදපෙරදිග රැකියාවට යැවීම සම්පුර්ණයෙන්ම අහුරා නැවත වෙනත් ආදායම් මාර්ගයක් සකස් කරයි කියා බලාපොරොතු වෙමි. (නි)
ජනපතිතුමා හොද කෙනෙක්. මේ ගැන එතුමා සළකා බලාවි. (නි)
මම නම් හිතන්නෙ නැහැ ගෘහ සේවිකාවන් යවන එක නවත්වයි කියලා. (නි)
යැවුවට කමක් නැහැ. හැබැයි නිසි දැනුමක් ලබා දී වගකීමක් ඇතුව යැවිය යුතුයි. (නි)
ජනපතිතුමා වැනි නායකයෙක් ලංකාවට ලැබීමම භාග්‍යයක්. (නි)
ඒක හොඳ කතාවක් (ස)
කාන්තාවන් රට යවන්නේ නැතිව රටට සල්ලි හොයන්න බැරිද, නොදන්නා කමට ඇහුවේ (දී)
මොනවා වුණත් අපේ ආර්ථිකය ගැනත් අපි හිතන්න ඕනෑ. (නි)
අපි බලමු ජනපතිතුමාගේ ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා. (නි)
" මෙවැනි දුපත්පත් කාන්තාවන්ට පිහිටවිය හැකි එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ ජනපති බව ද ඇය පවසන්නීය." කතාව ඇත්ත (දී)
දුප්පත් කමට බෙහෙත් නැත (ස)
මට හිතෙන විදිහට, අප කලයුත්තේ ෂරිය නීතියට පහර දීම හෝ කාන්තාවන් රට යැවීම නැවැත්වීම නොව, දුප්පත් කම තුරන් කිරීමයි. තවද සැමට සම අධ්‍යාපන අවස්ථාවන් ද අප විසින් ලබා දිය යුතුය. (ස)
මේ අම්මට තේරෙන දේ අනිත් අයට තේරෙන්නේ නෑ. (ත)
අපේ කාන්තාවන් මැදපෙරදික වහල් සේවය කරන තුරු අපිට ශ්‍රී ලාංකිකයන් ලෙස ආඩම්බර විය හැකිද ? (ස)
අවසානේ ඔබතුමාගේ පිහිට තමටි (දී)