IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දෙබෑ වෙන්න ගිය මූණ සවි කරයි

මුහුණට කඩු පහරක් වැදීමෙන් නාසය, උඩු හනුව සහ යටි හනුව සහ දිව සහ දකුණු ඇසේ ඇසිපිල්ලම කැපී ගිය පයාගල විසි හතර හැවිරිදි තරුණයකුගේ මුහුණ පැය දහයහමාරක ප්ලාස්ටික් ශල්‍යකර්මයකින් ප‍්‍රකෘති තත්ත්වයට පත්කිරීමට කොළඹ ජාතික රෝහලේ

වෛද්‍ය අමිල සිරිවර්ධන

ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු දෙදෙනෙක් සමත්වූහ.
ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ශල්‍ය වෛද්‍ය එහි ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී අමිල සිරිවර්ධන සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහත්වරු මේ විශ්මිත සැත්කම කළහ.
ඉරිදා (27) රාත‍්‍රියේ පටන් ගත් ශල්‍ය කර්මය ඊයේ (28) උදෑසන 8.30 වනවිට සාර්ථකව අවසන් කළ බව ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා පැවැසීය.
කඩු පහරට ලක්වූ තරුණයා බරපතල කැපුම් තුවාල සහිතව කළුතර නාගොඩ රෝහලට ඇතුළු කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට මාරුකර එවා තිබේ.
මෙම සැත්කම පිළිබඳව අදහස් දැක්වූ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා මෙසේ පැවැසීය.
කළුතර නාගොඩ රෝහලෙන් ජාතික රෝහලට මාරුකර එවූ මෙම රෝගියාගේ බරපතල කැපුම් තුවාල සහිතව සිටියා. ඔහුගේ පපුවේ සහ මුහුණේ බරපතල කැපුම් තුවාල තිබුණා. රෝගියාගේ මොළයට හානි වී නැති බව අප කළ වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වුණා.
රෝගියාගේ මුහුණ ප‍්‍රදේශය වම් පසින් ඇලව සිටින ආකාරයට අක්ෂි කුහරය, නාසය, උඩු හනුව, යටි හනුව, දිව දරුණු ලෙස කැපී මස් වැදැල්ලකින් එල්ලී තිබුණා. පපු පෙදෙසේ ඇති වී තිබූ තියුණු කැපුම් තුවාල ශල්‍ය කර්මයකින් යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව මුහුණේ කැපුණු කොටස් යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අප සැත්කම කිරීම ඇරඹුවා.

වෛද්‍ය ගයාන් ඒකනායක


”ටයිටේනියම්” නම් ලෝහයකින් සෑදු පතුරු විශේෂයක් සහ ඇණ ආධාරයෙන් මුහුණේ කැපී ගිය කොටස් බද්ධ කළා. මුහුණේ බිඳී ගිය අක්ෂි කුහරය උකුල් අස්ථි කොටස් ලබාගෙන ප‍්‍රතිනිර්මාණය කළා. සැත්කමට පැය දහයහමාරක් පමණ ගතවුණා.
විශේෂ ශල්‍ය වෛද්‍ය ධම්මික දිසානායක මහතාගේ අධික්ෂණයෙන් මෙම සැත්කම සඳහා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතා සහ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය අලූත්ගේ මහතා ප‍්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ද වෛද්‍ය රාජපක්ෂ, වෛද්‍ය ලකිත් විජේකෝන්, වෛද්‍ය විමල් රාජන් හා ප්ලාස්ටික් ශල්‍යාගාරයේ හෙද නිලධාරීන් කනිටු සේවක පිරිසගේ සහය ලබාගත්තා.

 

 

 

සැත්කමට පෙර

 

 

සැත්කමට පසු 

 

 



අදහස් (0)

දෙබෑ වෙන්න ගිය මූණ සවි කරයි

සඳුනි Tuesday, 29 January 2013 08:27 AM

මේවගේ වටිනා දොස්තරලා ඉන්න රටකද අර ගෑණු ළමයගේ අත කපලා දැම්මේ (ස)

:       0       0

මධූෂා Wednesday, 30 January 2013 12:03 PM

මෙහෙම දොස්තරලා ඉන්න රටේ මොනවද කරන්න බැරි? (නි)

:       0       0

තෙන්නකෝන් Tuesday, 29 January 2013 08:28 AM

මෙවැනි අයගෙන් අපේ දොස්තර දෙවිවරු ලබා ගන්නා පලපුරුද්ද ඉතා වටිනවා (ස)

:       0       0

ගාමිණී Monday, 28 January 2013 09:51 PM

ඔන්න නියම වැඩ.. කියන්නේ මේ වට හරියටම කෙරුණ නිසා වෛද්‍යවරු ගොඩ.. නැත්නම් නැත්නම් කොමිසමක් පත් කරන්න කියලා හෙටම පැමිණිලි පිකටින් වැඩකරන්න දෙන්නෙම නැහැ..!(නු)

:       0       0

අජිත් Tuesday, 29 January 2013 08:45 AM

ගොඩක් පින් මේ කොල්ලව බේරුවට (ස)

:       0       0

කෙවින් Tuesday, 29 January 2013 08:55 AM

ඔබතුමාට මගේ ගෞරව ප්‍රණාමය.. හැම වෛද්‍යවරයෙක්ම මිනිසුන්ට කරුණාවන්ත වෙන්න.. ලෙඩක් හැදුන විට අහිංසක මිනිසුන්ට ඔබයි දෙවිවරු වෙන්නේ.. නොපෙනෙන දෙවිවරුන්ගෙන් වැඩක් නැහැ... (නු)

:       0       0

අමරේ Tuesday, 29 January 2013 08:56 AM

රාජකාරිය නිසි ආකාරයෙන් ඉටු කළ දක්ෂ වෛද්‍යවරු දෙදෙනෙක්ග ඉතා විශිෂ්ඨයි. (ස)

:       0       0

රන් Monday, 28 January 2013 10:10 PM

මෙයට සම්බන්ධවුණ වෛද්‍යවරයන්ට සහ අනෙකුත් සේවක පිරිසට ජාතියේ ප්‍රණාමය..!(නු)

:       0       0

චන්ද්‍රිකා Monday, 28 January 2013 10:11 PM

නීතිය හදාරන ගැහැණු ළමයාගේ අත පව් නේද(නු)

:       0       0

සංජය Tuesday, 29 January 2013 10:35 PM

සුපිරි තරඅවලට මිලියන ගනන් ගෙවන පෙරහැරවල්වල අරගෙන යන අපේ රටේ මෙවැනි දෙවියන් වැනි වෙදදුරන් අගයන්න වැඩ පිළිවෙලක් නැද්ද? මැති ඇමතිතුමනි ජනපති තුමනි මේ මිණි කැට අගයන එක අපේ යුතුකමක්.!(නු)

:       0       0

අරුණ් Tuesday, 29 January 2013 09:17 AM

මතු භවයක නිවන් දකින්නට මේ පින් ඔබ දෙපලට හේතු වාසනා වේවා (ස)

:       0       0

ලලිත් කටාර් Tuesday, 29 January 2013 09:24 AM

කැපවීම හා උගත් කමත් එක්ක ඇතිවන දක්ෂකම තමයි මේ වගේ යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ.. ඒ අතිං අර සහෝදරියගේ අතට උන දේ හරිම කණගාටුදායකයි..!(නු)

:       0       0

විරාජ් Monday, 28 January 2013 10:16 PM

මේකෙන් අත කපපු වැඩේ වහගන්නත් පුළුවං..!(නු)

:       0       0

පාලිත වීරතුංග Tuesday, 29 January 2013 10:48 PM

බොහොම ස්තුතියි මෙයාට පිං ඇයි අර කැඩිච්ච ගැහැණු ළඹයාගේ අත කැපුවෙ පඩියෙන් වැටුන එයාට අත කැපුවාළු..!(නු)

:       0       0

කුමුදු Tuesday, 29 January 2013 09:35 AM

අමිල ඔබ මාතර රාහුලයටත් රටටත් ආඩම්බරයක් (ස)

:       0       0

ලක්මාල් Wednesday, 30 January 2013 12:42 PM

අති දක්ෂ වෛද්‍යවරු දෙන්නෙක් , මගේ සුබ පැතුම් (ස)

:       0       0

ධනුෂ්ක Tuesday, 29 January 2013 10:50 PM

අපේ වෛද්‍යරැන් ගැන අපට ආඩම්බරයි..!(නු)

:       0       0

ඔසන් සලාම් - දෝහා Tuesday, 29 January 2013 09:37 AM

මෙවැනි දක්ෂ වෛද්‍යවරුන් සිටීම අපට ආඩම්බරයක්. මීට පෙරද වෙන්වූ අතක් සහ මනික්කටුවෙන් වෙන්වූ අතක් බද්ද කිරීම ආදී විශ්මිත සැත්කම් කළ එඩිතර වෛද්‍යවරුන් ගැනද අපි මාධ්‍යවල දැක්කෙමු. නමුත් ඊයේ පෙරේදා අපට අහන්න ලැබුණේ ඇසිය නොයුතු කණගාටුදායක පුවතකි. එනම් මේසා දක්ෂ දොස්තරවරුන් සිටින රටක අර අහිංසක නීති විද්‍යාල සිසුවියගේ අතක් වෛද්‍යවරුන්ගේ වරද නිසා කපා දැමීමට සිදුවීම කෙතරම් ඛේදජනකද? එවැනි අදක්ෂ වෛද්‍යවරුන්ගෙන් අපිට බලාපොරොත්තුවිය හැක්කේ කුමක්ද? (ස)

:       0       0

ප්‍රභාත් Tuesday, 29 January 2013 09:40 AM

මෙන්න දෙවිවරු (ස)

:       0       0

නිශා Tuesday, 29 January 2013 09:47 AM

ආඩම්බරයි. ගොඩත් දුර ගමනක් යන්න පුළුවන් කඩවසම් දොස්තරවරු දෙදෙනාට සුබ පැතුම් (ස)

:       0       0

ගයාන් Saturday, 02 February 2013 07:34 AM

කෙනෙකුගේ කැපවීම මත ඕනෑම දෙයක් කරන්න පුලුවන්. (නි)

:       0       0

ගයාන් Saturday, 02 February 2013 07:34 AM

කෙනෙකුගේ කැපවීම මත ඕන දෙයක් කරන්න පුළුවන්, මේ අයියව දේවත්වයෙන් පිදිය යුතුයි(නදී)

:       0       0

පහන් Tuesday, 29 January 2013 03:03 PM

වෛද්‍යවරු රාජකාරිය අකුරට කලා. පොලිසිය මොකද දන්නේ තාම කරන්නේ. (ස)

:       0       0

ගයාන් Saturday, 02 February 2013 07:34 AM

හොද වැඩක්. (නි)

:       0       0

අමිල Monday, 28 January 2013 10:25 PM

මේ වගේ හැකියාවන් තියෙද්දිනෙ අර අහිංසක ලමයෙක්ගේ අත කපන්න සිද්ධ වුනේ...ඒ ලමයා කෙලින්ම කොලඹ ගෙනාවනම් අද කොයි තරම් සතුටින්ද..(නු)

:       0       0

පහන් Tuesday, 29 January 2013 03:06 PM

ලාරා ඔබ හරි . චන්ඩින් තුරන් කලයුතුයි . (ස)

:       0       0

බුද්ධි Monday, 28 January 2013 10:31 PM

මෙන්න මේ අය තමයි සැබෑ දෙවියෝ. (නි)

:       0       0

චාමී Tuesday, 29 January 2013 11:26 PM

විදේශිය අයටත් අමාරුවැඩ අපේ අයකරලා ඒකයි ලංකාව කියන්නේ..!(නු)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 January 2013 10:10 AM

මේ කොල්ලා කඩු හරඹ කරන්න ගියේ කා එක්කද ..ඒ ගැන සද්ධයක්ම නෑ ...(ස)

:       0       0

සුමිත් Tuesday, 29 January 2013 11:26 PM

අනෙක් අයට අමාරු දේවල් තමයි ලංකාවෙ අය කරන්න කැමති..!(නු)

:       0       0

දෝහා Tuesday, 29 January 2013 10:12 AM

හිතක් පපුවක් නැති මේ ලෝක ගයාන හා අමිල යන වෙද මහත්තුරු නිර්මලයි.. සදා වාසනවාන්..!(නු)

:       0       0

ගාමිණී Monday, 28 January 2013 10:50 PM

සැත්කමට පෙර හා පසු ඡායාරූප දකින් විට කර ඇත්තේ ගෞරවාන්විත අසාමාන්‍ය වැඩක්... දොස්තරලා දෙන්ටම ගොඩක් පිං..!(නු)

:       0       0

අරුණ Saturday, 02 February 2013 09:12 AM

මේ වෛද්‍යවරුන්ගේ සේවය අමිලයි.හැකියාව ඇති විශිෂ්ටයි. එහෙත් මේ ලෙඩාව නොමැරී මේ සැත්කම සඳහා එවන්නට කටයුතු කළ ප්‍රාථමික රෝහලේ වෛද්‍යවරුන්ටත් අපේ තුති පිදිය යුතුමයි. මේ ලෙඩා ස්ථාවර නොකළේ නම් මොහු මිය යනවා නියතයි. (නි)

:       0       0

චාමි Monday, 04 February 2013 10:02 AM

විශිෂ්ට වැඩක් මේක(දී)

:       0       0

කුරුවිට Tuesday, 29 January 2013 03:34 PM

වෙදදුරු දෙපලට අපේ හදපිරි ප්‍රණාමය නමුත් මේ රෝගියත් හොද චන්ඩියෙක් වගෙයි.. නියම කෙනෙකුට වැරදිලාවත් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ..!(නු)

:       0       0

සුජී Monday, 28 January 2013 11:04 PM

දොස්තර ගයාන් හරිම කඩවසම් නේද ? (ස)

:       0       0

චාමින්ද Monday, 28 January 2013 11:08 PM

ගොඩක් වෙලාවට වෛද්‍යවරු කියන්නේ දෙවිවරු අපේ ජීවිත වල.. සම්පූර්ණයෙන්ම වෙනස් කතා දෙකක් නීති ශිෂ්‍යාවගේ සහ මෙම පුවතේ..!(නු)

:       0       0

ප්‍රියාල් Monday, 28 January 2013 11:15 PM

මෙපමණ හොද දොස්‌තරමහතුන් ඉදලත් අර මාතර නීති සිසුවියගේ ඇත අහිමි උනේ කගේ වරදින්ද....??? (ස)

:       0       0

ඉර්ෆාන් ධර්මා Monday, 28 January 2013 11:18 PM

අම්මෝ, ඇගත් හිරිවටෙනවා මේක දැක්කම, හැබයි ප්ලාස්ටික් ශල්‍ය කර්මය නම් සුපිරි විදියට කරලා තියෙනවා, ලංකාවේ දොස්තර මහත්තුරු කොයිතරම් දක්ෂද. (ස)

:       0       0

නිශානි Tuesday, 29 January 2013 10:25 AM

මෙවැනි දක්ෂ දොස්තරවරු අපට ආඩම්බරයක් . ඔබ දෙදෙනාට උණුසුම් සුබ පැතුම් (ස)

:       0       0

ෆාරු Tuesday, 29 January 2013 10:31 AM

ආඩම්බරයි (ස)

:       0       0

ජයවීර Monday, 28 January 2013 11:29 PM

රටක් වටින පුත්තු දෙන්නෙක් . ලක් මවට ඔබ වාසනාවන් (ස)

:       0       0

සනත් Tuesday, 29 January 2013 10:38 AM

වෛද්‍ය වෘත්තියට සුදුසු සහ නුසුදුසු දොස්තර වරුන් පිලිබඳව මේ දවස් දෙක තුනේම අහන්නට ලැබුනා.බලන්න මේ සැබෑ ජීවකයො දෙන්නා කරලා තියෙන දක්ෂකම.ඔවුන්ට සහ ඒ කණ්ඩායමට උපහාර වේවා.අතක් බිඳුනාම ප්ලාස්ටර් එකක් දාගන්න බැරුව අන්තිමට අත කපලා ජීවිතය බේරා ගන්න සිදුවෙන තත්වයේ නුසුදුසු "වෛද්‍යවරුන්"කට්ටියකුත් ඉන්නවා.ඉදිරියට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් බෝ වෙන්නෙත් මේ ජාතියෙ ''වෛද්‍ය''වරු තමයි.(ස)

:       0       0

සෝලි Tuesday, 29 January 2013 03:53 PM

දොස්තර - දැන් අපිට හොඳ කියන්න, පොඩ්ඩක් වැරදුනහම බනින්න.....අනේ මෙහෙමත් මිනිස්සු (ස)

:       0       0

සෙනරත් Tuesday, 29 January 2013 10:54 AM

මේ වෛද්‍යරුන්ටත් උසාවි යන්න වෙයිද දන්නේ නැහැ සැත්කම හරියට කළේ නැහැ කියලා.. මොකද මිනිසුන් විවිධාකාරයයි ලෝකය ගොලාකාරයිනේ..!(නු)

:       0       0

ජූඩිත් Tuesday, 29 January 2013 10:56 AM

මගේ පුතාගේ වෙන් වෙච්ච අත බද්ද කළේ අමිල සිරිවර්ධන මහත්තයා ඇතුළු මේ දොස්තර මහත්තුරුමයි.. මගේ පුතාට දැං ගොඩක් හොදයි.. අපේ ආයුෂත් අරගෙන ගොඩක් කල් නිරෝගීව ජීවත් වෙන්න ඔනෙ මේ අය.. අමිල සිරිවර්ධන දොස්තරමහත්තයා මනුෂ්‍යෙයක් නෙමෙයි දෙවි කෙනෙක්.. බුදු සරණයි.!(නු)

:       0       0

ජනක Sunday, 03 February 2013 02:01 PM

මම ‍මෙය අගය කරනවා. නමුත් ලෝකයේ සිදුවන දේවල් සමග බැලූ විට මෙහි විශේෂයක් මට නම් පෙනෙන්නෙ නැහැ. (නි)

:       0       0

අනුර Tuesday, 29 January 2013 10:57 AM

රාවනා පරපුරෙන් පැවතගෙන එන දක්ෂ වීර පුතුන්ට තිරජීවනය.. ශක්තිය ධෛර්යය ලැබේවා..!(නු)

:       0       0

රොෂාන් Tuesday, 29 January 2013 04:16 PM

දොස්තර හොදහිත (නු)

:       0       0

සමන් Monday, 28 January 2013 11:58 PM

මේ වෛද්‍ය වරුන් ඇත්තෙන්ම වීරවරයන් අපේ ලංකාවට. සුබ පැතුම් (ස)

:       0       0

හිල්මි Wednesday, 30 January 2013 02:29 AM

මාතර වෛද්‍යවරයින් ගේ නොසැළකිල්ල නිසා නීති ශිෂ්‍යාවගේ අත කපන්න උනා.. මෙන්න නියම වෛද්‍යවරු..!(නු)

:       0       0

ෂෙරිෆ් Tuesday, 29 January 2013 11:09 AM

දක්ෂ දොස්තරවරුන්ට අපගේ ස්තුතිය. අපේ රටේ ඉන්න සමහර උදවිය කොයිවෙලේද එලිය වැටෙන්නෙ කියල බලාගෙන ඉන්නේ මිනියක් මරන්න, මන්කොල්ලයක් කන්න, අනේ මන්දා කවදා මෙවැනි අපරාද නතර වේවිද. (ස)

:       0       0

ගයාන් Tuesday, 29 January 2013 12:12 AM

ඔබේ කැපවීම හදවතින්ම අගය කරනවා. (නි)

:       0       0

සජීව Tuesday, 29 January 2013 12:14 AM

පින් සිදුවෙනවා ඔබතුමන්ලාට. මේ කැපවීම හදවතින්ම අගය කරනවා. (නි)

:       0       0

ජයී තිසර Tuesday, 29 January 2013 04:33 PM

නොමතිව උපකරණ බහුලව දියුණු රට..... උපතින් ලැබූ හැකියාවන් තම වැඩට..... උත්තම වෛද්‍යවරු කළ මේ සැත්කමට..... පිදුවත් මදී දහසක් වර තුති සැමට..(නු)

:       0       0

රොහාන් Tuesday, 29 January 2013 12:22 AM

වෛද්‍ය වරුණු ඔබ තුමන්ලා දෙවිවරුන්ය (ස)

:       0       0

තරූ Saturday, 02 February 2013 05:30 PM

සරත් කියපු දේ නමි හරියටම හරි(නදී)

:       0       0

පහන් Tuesday, 29 January 2013 12:38 AM

මේවා ප්‍රසිද්ධ කරන්න එපා .අපරාධ වැඩිවෙනවා. දියුණු රටවල් වල හොදදේ අනුගමනය කරන්න . (ස)

:       0       0

තිසල් Tuesday, 29 January 2013 12:42 AM

රට ජාතිය දියුණු වෙන ලකුණු (ස)

:       0       0

ලාරා Tuesday, 29 January 2013 01:12 AM

චන්ඩින් ලංකාවෙන් තුරන් කරමු. අපි ඔක්කොම එකම මවකගේ දරුවන ලෙස සිතමු. (ස)

:       0       0

රුවන් Tuesday, 29 January 2013 11:45 AM

දක්ෂ දොස්තරවරුන්ට ගොඩාක් පින්.මීට පස්සෙවත් තරුණ කම ඉහට අරන් නොහොඹිනා දේවල් රන්ඩු සරුවල් වලට පැටලෙන්නැතිව හිටියොත් හොදා! (ස)

:       0       0

රම්‍යා Tuesday, 29 January 2013 01:18 AM

කියන්න වචන නැත. නියම දොස්තරවරු (ස)

:       0       0

කීර්ති Tuesday, 29 January 2013 01:16 AM

විටෙක වෛද්‍යවරුන් දෙවියන් හා සමානයි. තවත් විටෙක රෝගීන් අනාථ වන්නේ අසරණ වන්නේය . හැම විටම වෛද්‍යවරු රෝගීන්ට දෙවියන් හා සමාන වේවා (ස)

:       0       0

පිටිගල Tuesday, 29 January 2013 01:40 AM

දෙවිවරු වැනි වෛද්‍ය වරුන්ට මාගේ ප්‍රණාමය (ස)

:       0       0

කමල් Tuesday, 29 January 2013 01:47 AM

මෙන්න සැබෑ දෙවිවරු..(නු)

:       0       0

සීලා නන්ද Tuesday, 29 January 2013 02:00 AM

වෛද්‍යවරු කියන්නේ ඒකයි.. සැමට නිරෝගී සැප ලැබේවා..!(නු)

:       0       0

අතුල Thursday, 31 January 2013 04:08 PM

වෛද්‍යවරුන් දෙදෙ‍නාට අපේ සුභ පැතුම්! (ස)

:       0       0

බණ්ඩාර රෝමය Tuesday, 29 January 2013 02:03 AM

සාමදානව ජීවත් වෙන්න එවිට මෙවන් අනවශ්‍ය ගැටලු ඇති නොවනු ඇත..!(නු)

:       0       0

දාස Tuesday, 29 January 2013 02:09 AM

කඩු පහර කන්නෙ නිකම්ම නිකං තරුණයෙක් වෙන්න බැහැ.. (නු)

:       0       0

චානක Tuesday, 29 January 2013 02:18 AM

ස්තුතියි සියළුම වෛද්‍යවරුන්ට..!(නු)

:       0       0

සරත් Wednesday, 30 January 2013 08:04 AM

මේ කඩු පහර ගහපු කෙනා සිර මැදිරියේ නොතියා ශල්‍යකර්මය කරන තැනට එක්ක ඇවිත් එයා‍ටත් පේන්න මේ සැත්කම කරානම් ආයේ මේ වගේ වැඩක් කරන එකක් නෑ ජීවිත ගොඩගන්න දෙවිවරු වගේ වෛද්‍යවරුන් විඳින දුක දැක්කානම්..... (ස)

:       0       0

සෑම් Tuesday, 29 January 2013 05:31 PM

දැං බය නැතිව කඩු හරඹ කරන්න පුළුවං .. සේරම සවි කරනවා අපේ ලංකාවේ..!(නු)

:       0       0

තිවංක Tuesday, 29 January 2013 12:06 PM

මාතර රාහුලයටත් රටටත් ආඩම්බරයක්(නු)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 29 January 2013 03:03 AM

අනිත්‍ය වටහා ගන්නත් එක්ක සම්පූර්ණ රූපරාමු දාන්න තිබ්බේ. කොහොම උනත් වෛද්‍යවරු කියන්නේ දෙවිවරු වගේ කොටසක්.(ස)

:       0       0

ලංකා Wednesday, 30 January 2013 09:03 AM

නිවන් දකින්න මේ පින ඇති ඔබතුමන්ලාට. (නි)

:       0       0

දුලංජන Wednesday, 30 January 2013 09:27 AM

අදහා ගන්න බැහැ(දී)

:       0       0

දුලිප් Wednesday, 30 January 2013 09:27 AM

මෙන්න වැඩ (දී)

:       0       0

තුෂාර Tuesday, 29 January 2013 06:13 PM

තමන්ගෙන් වියයුතු යුතුකම් හරියටම හදුනාගත් වෙදැදුරන් දෙපළක්. (නි)

:       0       0

දුශාන්ත Wednesday, 30 January 2013 09:27 AM

විශ්මිත සැත්කමක්, දෙවිවරු වගේ වෛද්‍ය වරු (දී)

:       0       0

චන්ද්‍රා ඩයස් Tuesday, 29 January 2013 04:23 AM

විශිෂ්ටයි.. අදහන්න අමාරු උනත් ඇත්තයි.. ඔබලා ගේ සේයයට මේ රටේ ඉපදී ඇති අපිට රටක ජීවත් වෙන අපි අපේ මව් රටත් ඔබලා වන් දෙවිවරු ගැනත් කරන මහත් සේවය ගැනත් අති මහත් ආඩම්බරයෙන් ගෞරවනීය ලෙස ඔබලත් සුභ පතනවා. ඉදිරියට මීට වඩා දස්කම් දක්වන්නට ඔබ හැමෝටම හැකි වේවා යි පතමි..!(නු)

:       0       0

කොස්වත්ත Tuesday, 29 January 2013 12:47 PM

ලෙඩේ හොද වෙලා ගිහිං අනිත් කෙනා ව මෙතෙනට එවන්නේ නැහැ නේද? වෛද්‍යවරුන්ට සුභ පතමි..!(නු)

:       0       0

පුබුදු Tuesday, 29 January 2013 04:22 AM

මෙන්න නියම දෙවිවරු (ස)

:       0       0

සාලිය වික්ස් Tuesday, 29 January 2013 04:47 AM

ඉතාම කණගාටුදායක කරුණ නම් නීති ශිෂ්‍යාවගේ අත නැතිවුණ එකයි.. (නු)

:       0       0

සිල්වා Tuesday, 29 January 2013 04:55 AM

මේ කඩු පහර එල්ල කර කෙනාට අරාබි දඩුවම් දිය යුතුයි (ස)

:       0       0

අනුර Wednesday, 30 January 2013 10:11 AM

ඒක හිතා ගන්න බැරි සැත්කමක් (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 29 January 2013 06:10 AM

ඉතා දුෂ්කර ශල්‍යකර්මයක් සාර්ථකව නිමකිරීමගැන මෙම වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලයට අපගේ ගෞරවය හා ප්‍රසංසාව හිමිවිය යුතුයි.(ස)

:       0       0

මන්ජුල Tuesday, 29 January 2013 06:40 AM

අති විශිෂ්ඨයි. මෙන්න නියම වීරයෝ (ස)

:       0       0

කමල් Tuesday, 29 January 2013 01:29 PM

නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගත්ත වෛද්‍යරු ලොකු මුදලකට පිටරට සේවය කරනවා.. ලංකාවේ වෛද්‍යවරු විශිෂ්ඨයි..!(නු)

:       0       0

අජිත් Tuesday, 29 January 2013 06:52 AM

මෙය ඉතා උතුම් පිනක් ලෙස සලකමි . මෙයට ඉදිරිපත්වූ සැමට ආශිර්වාද කරන්නෙමු (ස)

:       0       0

කිවී Tuesday, 29 January 2013 07:01 AM

වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත (ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 01 February 2013 02:50 PM

මිනිසුන් ඇතැම් අවස්ථාවල දී සාරධර්ම ආරක්ෂා කිරීම විෂයෙහි උනන්දු වන්නේත්, තවත් සමහර විටක දී ඒවාට පටහැනි ආකාරයකින් කටයුතු කිරීමටත් හේතුව සාමාන්‍ය මානව සංජානන, ආවේදන හා චර්යා පාලනය කරනු ලබන මෙහෙයුම් ක්‍රියාකාරීත්වයෙහි ඇති වන දෝෂ තත්වයන් විය හැකිය. (නි)

:       0       0

පයාගල Tuesday, 29 January 2013 07:37 PM

දොස්තරලා කරලා තියෙන්නේ විශිෂ්ට කාර්යයක්. (නි)

:       0       0

පනාගොඩ Tuesday, 29 January 2013 07:42 PM

මෙයා සනීප වෙලා ගියහම කඩුවෙන් කොටපු කෙනාට මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ගලබඩ Tuesday, 29 January 2013 07:43 PM

ආයුබෝ වේවා! මහ වෙදාණෙනි.

:       0       0

අමිල Tuesday, 29 January 2013 01:44 PM

ඔබතුමන්ලාට හදපිරි ස්තූතිය..මෙවන් දක්ෂයන් සිටින රටක අහිංසක සොයුරියකගේ අත අහිමි වීම ගැනනම් දුකයි...(නු)

:       0       0

මාලක Tuesday, 29 January 2013 07:21 AM

අති විශිෂ්ඨයි. වෛද්‍යවරු ඇතුළු කණ්ඩායමටම ප්‍රණාමය (ස)

:       0       0

දර්ශන Tuesday, 29 January 2013 07:27 AM

මගෙන් උණුසුම් සුබ පැතුම්. පුංචි ලංකාවට ලොකු ආඩම්බරයක් (ස)

:       0       0

සුසන්ත Tuesday, 29 January 2013 07:53 AM

වෛද්‍යවරුන් කණ්ඩායමට අපේ සුභපැතුම් (ස)

:       0       0

ජනක Wednesday, 30 January 2013 11:39 AM

වෛද්‍යවරුන් දෙදෙ‍නාට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

වරුණ Tuesday, 29 January 2013 08:04 AM

කවුද මේ තිරිසන් විදියට පහර දුන්නේ (ස)

:       0       0

ඉෂාර Tuesday, 29 January 2013 08:07 AM

මෙච්චර දක්ෂ ජීවක වරුන් සිටියදී අර සහෝදරියකුගේ අත කපන්න වුණ එක නම් දුකක්. කෙසේ වෙතත් මෙම තරුණ වෛද්‍ය තුමන්ලා දෙදනට සහ අනෙක් සහයක වෛද්‍ය හා හෙද කණ්ඩායමට ජාතියේ උත්තමාචාරය. (ස)

:       0       0

යූ ශාන්ත Tuesday, 29 January 2013 02:07 PM

දෙවිවරු වැනි වෛද්‍ය වරුන්ට මාගේ ප්‍රණාමය.. මෙම වෛද්‍යවරුන්ගේ ඡායාරූප මාධ්‍යෙය් දැමීම සුදුසු නැහැ කියලයි මම කියන්නේ.. අපිට මේවගෙ සැත්කම් කරන්න පුළුවං කියලා කිව්වාම ඇති කියලයි මට හිතෙන්නෙ...!(නු)

:       0       0

ආනන්ද Tuesday, 29 January 2013 08:33 PM

වෛද්‍යවරුන්ට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

සුජීව එදිරිසිංහ Tuesday, 29 January 2013 02:11 PM

ඔබ දෙදෙනාම හරිම දක්ෂයින්. ලක් මවට ඔබලා වාසනාවන් වෙදදුරාණෙනි..

:       0       0

මංජුල Tuesday, 29 January 2013 08:38 PM

දොස්තර වැඩ කරන්න යන සමහර කොන්දොස්තරලාටත් මේවා හොද පාඩම්. (නි)

:       0       0

ලසන්ත Tuesday, 29 January 2013 08:11 AM

අදහා ගන්න බෑ (ස)

:       0       0

විජිත Tuesday, 29 January 2013 08:42 PM

වෛද්‍යවරුන් දෙදෙ‍නාට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

ලාල් Tuesday, 29 January 2013 08:44 PM

වෛද්‍යවරුන් දෙදෙනාටම අපේ සුභ පැතුම්! (නි)

:       0       0

අන්ජන Tuesday, 29 January 2013 08:14 AM

දෙවියනේ මේ වගේ දොස්තර වරු ඉන්න රටේ අර කෙල්ලගේ අත බේරගන්න බැරි වුණානේ. තම රැකියාව නිවැරදිව කරන ලක් මවගේ පුතුන් දෙදෙනෙක්. (ස)

:       0       0

හිරාන් Wednesday, 30 January 2013 05:13 PM

වෙන රටවල වගේ අපේ රටෙත් ප්ලාස්ටික් ශල්‍යකර්ම වැඩිදියුණු කළා නම් කොච්චර හොදද? (නි)

:       0       0

අන්ජනා කේ. Tuesday, 29 January 2013 08:16 AM

මේ වගේ දක්ෂ වෛද්‍යවරු ඉන්න රටේ අර ගැහැණු ළමයගේ අත බේරගන්න බැරි උනානේ.. තම රුකියාව නිවැරදිව කරන ලක් මවගේ නියයම පුතුන් දෙදෙනෙක්. ඔබට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..!(නු)

:       0       0

සරත් Tuesday, 29 January 2013 08:14 AM

විශිෂ්ඨයි. ප්‍රකෘති තත්වයට ගෙන ඒමට උත්සාහ කර සැමට පින් සිදු වේවා (ස)

:       0       0

ජයවීර Tuesday, 29 January 2013 08:57 PM

අනේ අත කපන්න ඉස්සරවෙලා අර සොයුරියට මේ දොස්තර මහත්තුරුන්ව හමුවුණා නම්? (නි)

:       0       0

අමිල නයිනානායක Tuesday, 29 January 2013 08:17 AM

ඔබ වැනි වෛද්‍යවරු මුළු මහත් රටටත් ජාතියටත් ලෝකයටත් සම්පතකි...(ස)

:       0       0

පයාගල Tuesday, 29 January 2013 09:16 PM

පයාගල ජනතාව ඔහුව දන්නවා.. (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 49 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 842 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2700 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2142 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 2670 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1352 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1034 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site