අයවැය යෝජනා මගින් දුම්කොළ සමාගමෙන් දුම්පානයට එරෙහි ප්‍රචාරක වැඩපිළිවෙලක් සදහා රුපියල් කෝටි 50ක් ජනාධිපති අරමුදලට ප්‍රදානය කිරීම සාදාචාර විරෝධී බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය 2003 වසරේ අත්සන් කළ ප්‍රඥප්තියට අනුව දුම්කොල සමාගමක් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සදහා ගනුදෙනු කිරීම සහ දුම්කොල සමාගමක් ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාගැනීම උචිත නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම ප්‍රඥප්තියට රටවල් 182 ක් අත්සන් කර ඇති අතර ආසියා කලාපයෙන් ප්‍රඥප්තියට අත්සන් කළ පළමු රට ශ්‍රී ලංකාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා වචනයෙන් හරි මේ ගෙනයන වැඩපිළිවෙලට අපගේ ප්‍රණාමය! මීට පෙර කිසිවෙක් වචනයෙන් හෝ මෙවැනි දේවලට විරුද්ධ වුණේ නැහැ. (නි)
දුම් පානය විරෝධී වැඩපිළිවෙලකට දුම්කොළ සමාගමෙන්ම මුදල් ගැනීම හොඳ දෙයක්නේ. නැතිනම් ඒකත් රටේ මිනිස්සු වියදම දරන්න එපැයි. මොලේ කොලොප්පන් වෙච්ච ඇමතියන් වාචාල කතා කිවුවට, උෟරාගෙ මාළු උෟරාගෙ අැඟේම තියල කැපුවට මොකද වැරැද්ද? නැතිනම් ඒ වියදමත් රටේ බදු ගෙවන අහිංසක මිනිස්සු දරන්න එපැයි. (බ)
සුසන්ත, ඔබ හිතන්නේ මේ සමාගම් මේවා ආදරේට දෙනවා කියලද? මේ මුදල අවුරුද්ද අවසානයේ ඔවුන්ගේ ආදායම් බදු ගෙවන අවස්ථාවේදී අඩු කර ගන්නවා. අනිත් එක තමා අපි මෙවැනි දේවල් නොකරන බවට ජාත්‍යන්තර ගිවිසුමකට අත්සන් තබා තිබීම. (හේ)
මේක මාර කතාවක් තමයි.(හේ)