IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


දිමුත් පොලිස් ඇප මත මුදාහරී

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න  පොලිස් ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන පරිදි මෙම අවස්ථාවේදී දිමුත් කරුණාරත්න වාහනය පදවමින් සිට ඇත්තේ මත්පැන් පානය කිරීමෙන් පසුවය.

දිමුත් කරුණාරත්න මේ වසරේ ජුනි, ජූලි මාසවල එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා පත් කිරීමට තේරීම් කමිටුවේ අවධානයට ලක්වූ ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් සිටියෙකි.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (25)

දිමුත් පොලිස් ඇප මත මුදාහරී

Buddika Sunday, 31 March 2019 03:14 AM

බෙහොම හොඳයි... අනිවාර්යෙන් දඩුවම් දියයුතුයි..... ත්‍රීරෝධ රියදුරාට සාධාරණයක් වෙන්න ඕනා.. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ විනයක් තිබිය යුතුයි

:       15       243

ගල්කටස් Sunday, 31 March 2019 03:48 AM

අහෝ ක්‍රිකට් මෙයාලා මෙහෙ මෙහෙම නම් සංචාරය කරන විට කොහොමට ඇද්ද..? වසර කිහිපයකට කලින් මෙහෙම දේවල් ක්‍රීඩකයන්ගෙන් සිදු වුණ බොහොම කලාතුරකින් නේ....... බීම ප්‍රශ්නයක් නොවුනත් රටෙ වගකීමක් දරණ අය මීට වඩා සැලකිලි මත් විය යුතුයි නේද..?

:       12       322

NissankaSunday, 31 March 2019 07:27 AM

ක්‍රීඩාවේ අරමුණ විනය. විනයෙන් තොර ක්‍රීඩාවෙන් ක්‍රීඩකයන්ටත් රටටත් ඇති ඵලය කුමක්ද? ක්‍රීඩාව මෙහෙයවන හා පාලනය කරන පුද්ගලයින් විනයගරුක නැතිනම් ක්‍රීඩකයින්ද අයාලේ යාම වැළැක්විය නොහැකිය...

:       0       104

RaveendraSunday, 31 March 2019 08:01 AM

සහතික ඇත්ත. විනයක් නැත්තේ කොතනද එතන විනාශ වීම වැලැක්විය නොහැක.දිමුත් නොව සක්කරයා උනත් වැරදිනම් වැරදිය. දඩුවම් ලැබිය යුතුමය.

:       0       21

Ajith Sunday, 31 March 2019 03:50 AM

පොඩි ෂොට් එකක් දාලා යන්න ඇති...

:       3       40

Chandana F Sunday, 31 March 2019 04:11 AM

නීතිය කාහටත් පොදුය ..........සාධාරණය ඉටුවිය උතුවේ

:       8       82

සංජීව Sunday, 31 March 2019 04:33 AM

රටකට ආදර්ශයක් දෙන විදිහට වැඩ කරන්න බැරි ක්‍රීඩකයෝ මොකටද ? ක්ලබ් වල ගිහින් බොන්න සල්ලි තියෙනවා හිගන්නුන්ටටැක්සි එකක ගෙදර යන්නසල්ලි නෑ. රිය අනතුරක් උනහම සමහරවිට පවුලක බර කරට අරගෙන ඉන්න පියෙක් හෝ මවක් නැති වෙන්න පුළුවන්. එකෙන් ඒ පවුලම අසරණ වෙනවා. රියදුරු බලපත්‍රය අහෝසි කරන්න ඕනේ.

:       9       202

smn Sunday, 31 March 2019 04:36 AM

බීමත්ව රිය පැදවීම වරදක්….එය සාමාන්‍ය අපි කළත් වරදක්….දේශයක් නියෝජනය කරන ක්‍රීඩකයකු බීමත්ව රිය පැදවීම බරපතල වරදක්… එම වරදම කණ්ඩායමේ නායකයා කළානම් කියන්න දෙයක් නැත.….කණ්ඩායමෙන් ඉවත් කළ යුතුය… විනය ගරුක සමාජයක් ගොඩ නගන්නනම් එවැනි දඬුවම්.අවශ්‍යමයි….

:       5       254

ලුම්බිණි Sunday, 31 March 2019 05:09 AM

කලින් කළා මෙන් මාධ්‍යට සහ මහා ජනයාට උසාවියට එන්නට ඉඩ නොදී නඩුව ඇසිය යුතුයි. නැත්නම් අසාධාරණයක් නේද?

:       0       127

Kalum Sunday, 31 March 2019 05:15 AM

මේවගේ 250 ක්‍රීඩකයන්ට නායකත්වය දෙන්නේ..බීමතින් රිය පැදවීම විශාල වරදක්.රටේ නිතිය ආරක්ෂා කරන්න දන්නැති එක කොකොමද කණ්ඩායමේ නායක කම දෙන්නේ. නායක කම නෙමෙයි කණ්ඩායමෙන් අයින්කරලා දාන්න තියෙන්නේ....

:       20       77

රවින් Sunday, 31 March 2019 05:18 AM

ත්‍රිවිල් එකේ වම් පැත්ත වැදිලා තියෙන්නේ රේන්ජ් රෝවරේ දකුණු පැත්තේ? කාටද උතුර දකුණ මාරුවෙලා තියෙන්නේ? දෙදෙනාගෙන් කවුරුහරි පාර හරහට දාලා නේද?

:       1       21

narth Sunday, 31 March 2019 05:20 AM

ලාල්කාන්තට මේ නීතිය ඉටු නොවුනේ ඇයි. ලංකාවේ ගන්ධ ගහණ අධිකරණය ,නීතිය ?????????????

:       0       183

de silva Sunday, 31 March 2019 05:28 AM

වැඩ බැරි වුනාට යන්නේ නම් කෝටි 3-4 වාහනවල...

:       0       70

yaka mahathaya Sunday, 31 March 2019 05:49 AM

ජයවේවා.. දිමුත් යවමු දියවන්නාවට !!!

:       0       45

de silva Sunday, 31 March 2019 05:56 AM

අර එක්කෙනෙක් කළාවගේ ඉස්සෙල්ලා බීලා ගුවන් යානයේ දොර අරින්න පුරුදු වෙන්න ඕනේ... ඊට පස්සේ බීලා වාහන අනතුරු කරන්නේ...

:       0       30

larry Sunday, 31 March 2019 05:56 AM

මැතිව්ස්ට සිනා...

:       1       23

akila Sunday, 31 March 2019 06:46 AM

බොහෝවිට අනතුරු වෙන්නේ ත්‍රීවිල් කාරයන්ගේ වැරදි නිසා, මේකත් බොහෝවිට එහෙම එකක් වෙන්න ඇති.., දිමුත්ව අත්අඩංගුවට අරන් තියෙන්නේ බීමත්ව වාහනය පදවපු නිසායි...

:       6       28

ShehanSunday, 31 March 2019 08:21 AM

සිග්නල් එකේ රෙඩ් ලයිට් වැටිලා තියෙද්දී නවත්තන්නේ නැතුව ගිහින් ත්‍රී විල් එකේ ඇනලා තියෙන්නේ

:       0       9

perera Sunday, 31 March 2019 08:41 AM

මෙයාට වියදම් කරන සල්ලි අපරාදේ... බීමත්ව සිටියා නම් නීතිය ක්‍රියාත්මක වියයුතුයි. ක්‍රිකට් සංචාර වැදගත් නැහැ විනිසුරුතුමනි...

:       0       7

extra cover Sunday, 31 March 2019 09:33 AM

ක්‍රිකටර්ලට බොන්න තහනම්ද? බීල එලවන්නෙ මේ අය විතරද? අර බස් කාරයො පෑය 24 ම බීලා බස් එලවන්නෙ. උන් කුඩු මතේන් වීල් එක කරකවන්නෙ..පාරෙ ඉන්න එවුන් ඌට පේන්නෙ කූබියො වගේ, කෙලින්ම යට කරන් යන්නෙ..උන්ව පේන්නෙ නෑති එවුන්,දිමුත්ගෙ කේස් එක ගෑන කතා කරනවා. ත්‍රීවීල් කාරයො හෑම ගුලකින්ම බලන්නෙ නෑතුව ඔබනවා. මෙයා වෙනුවට නීතිය හරියට වෑඩ කරානම් එච්චරයි. නීතිය සැමට පොදුයි..මේ ලියන ඔයත් මමත්, මොනාහරි පොලිස් කේස් එකකට මාට්ටු උන ගමන් කරන්නෙ දන්න අදුනන කොච්චියෙක්ට කතා කරන එකනෙ, වෑඩෙන් ගෑලවෙන්න...මෙතන නිකන් බුදු ටෝක් දෙන්න එපා දෙව්දත්ලා.

:       21       8

Sriyal Sunday, 31 March 2019 10:05 AM

මෙහෙම කලේ නිසා තාවකාලිකව හෝ නායකත්වය අහිමි කළ යුතුය. මෙය මහත්වරුන්ගේ ක්‍රියාවකි.

:       0       3

sunila Sunday, 31 March 2019 10:13 AM

මැතිව්ස්ට සිනා... නායකත්වය ගන්න ගහපු ගේම...

:       0       84

banda Sunday, 31 March 2019 10:36 AM

වැඩ බැරි ටාසන්ලා හිරේ දාන්න ඕනෑ. කෝටි ගණන් වාහනවල කනමදයෝ වගේ බිලා ගිහින් අහිංසකයෝ අමාරුවේ දානවා. මේ වගේ අය ඉන්නකම් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අබ සරණයි...!

:       0       2

චමින්ද Sunday, 31 March 2019 01:10 PM

ඉංග්‍රීසීන් සිංහලේ අන්තිම රජුට මත්පැන් පුරුදුකල නිසා එම රජු මත්පැන් බී වියරු වැටී ඇහැලේපොලගේ පවුලම විනාශකළා. රටත් විනාශ කර තමනුත් විනාශවුණා. එවැනිදේ කරන ක්‍රිකට් නායකයෙකුගෙන් ක්‍රිකට් ජයක් ලැබිය හැකිවේද?

:       0       2

nali Monday, 01 April 2019 07:20 PM

ඔය කවුරු කවුරුත් ගැන අපිට එළිවෙන්නේ ටිකයි මලේ . වාහනේ ඇන ගන්නම ඕනේ ඔය ටිකත් එලි වෙන්න . අර කලින් ට්‍රැෆික් රාළහාමි මරල දාපු සෙට් එකම දැන් හොඳට නිදි ඇති . ඒ වාහනෙත් නීති විරෝධිය කියල එලි උනෙත් එදා නේද ? ගැණු ළමයෙකුත් හිටිය කියන්නේ , පවු !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණ වියදම් වාර්තාව පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 26 7 0

පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ගේන්න අනුමැතිය
2024 නොවැම්බර් මස 26 127 1

දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.


අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 26 342 0

2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි


හැඩ ඔය ද්‍රෝණියට අනතුරු ඇඟවීමක්
2024 නොවැම්බර් මස 26 146 0

හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි
2024 නොවැම්බර් මස 26 382 0

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.


අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 226 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 540 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site