වසර එකහමාරකට ආසන්න කාලයක් සිංගප්පූරුවේ හා ශ්‍රී ලංකාවේ රෝහල් ගතව සිටි දුමින්ද සිල්වා සුවය ලබා පිටවී ද්දී පන් දහසක් පමණ ඔහුගේ ආධාරකරුවෝ නවලෝක රෝහල පැත්තේ සිට කොල්ලුපිටිය පිත්තල අංදිය දක්වා පෙළපාලියකින් ගියහ.
දුමින්ද සිල්වාට ජයවේවා යනුවේයි ප්‍රීති ඝෝෂා කරමින් බැනරයක් ද ඔසවාගෙන ගමන් කළහ.
දුමින්ද සිල්වා රෝහලෙන් එළියට එද්දී රෝහල ඉදිරිපිට පත්තුකළ රතිඤ්ඤා හඩ මිනිත්තු 10ක් 12ක් මුළු පෙදෙසම දෝංකාර කළේය.
බොහෝ දෙනකුට මල් මාලා දමන්නට නොහැකි විය. එහි පැමිණි පිරිස වෙනුවෙන් මාළු පාං හා කිරි පැකට් සංග්‍රහයක් ද පැවැත්විණි.
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් අපේ රටේ ඉන්නේ ගොඩක් මීහරක් කියල පේනවා මේවා දැක්කහම .(නදී)
අනේ ඇවිල්ලා රට හදලා දෙන්නකෝ (නි)
ඕව අහලා පන පලයන් ලබන පෙරේදා.(නදී)
රෝහලක් ඉදිරිපිට වෙඩි පත්තු කරන්න තරම් මේ මිනිස්සු නුගත්ද? ගල් යුගයේ අයවත් කරන්නේ නැහැ මේ වගේ වැඩ. ඇඟ තිබ්බට මොළේ නැහැ කියන්නේ ඕකට තමයි. විදේශික මාධ්‍යවේදියෝ එහෙම හිටියා නම්.....අනේ මේ විශිෂ්ඨ ජාතියට ගිය කලක්. (නි)
දැන් ඉතින් මුළු ලංකාවටම ලයිට් බිල වැඩිවීම අමතකයි. (නි)
විදුලි බිල තව දෙගුණයකින් වැඩි කරන්න ඕනෑ (නි)
යුක්තිය රජයන ලොවකට අප රැගෙනයන්න උතුමාණෙනි (නි)
තණකොළ කන රට හරක්.(නදී)
පිළිගන්න ගියේ ඇදුම් ඇදලද දන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න (නි)
මම මේ වගේ දෙයක් දැක්කමයි. දුමින්ද සිල්වා දැන් ඉන්නේ හොදට. (නි)
දුක හිතෙනවා මේ මිනිස්සු දැක්කහම. කවදා යමක් ඉගෙනගනීද ? (නි)
මේ රටෙ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.(නදී)
ශ්රී ලාංකීය ජනතාවගේ අවසානය වැඩි ඈතක නැති බව මතක් කරනු කැමැත්තෙමි. (නි)
ජිනිව නොගිහින් වෙන කොහෙද ඉතින් අපි යන්නේ.... (නි)
අර අපි ලොව උතුම්ම ජාතිය කියා පුරාජේරු කියව කියවා ඉන්න කට්ටිය කෝ.... (නි)
ඔන්න මුහුණුත් එක්කම බලාගන්න බත් කන අර අහවල් ජාතියේ කට්ටිය.... (නි)
ලැජ්ජයි මේ වගේ දේවල් ලංකාවේ වෙනවා කිවුවහම (නි)
මෙහෙම මිනිස්සු ඉන්නකන් ලංකාවට දෙයියන්ගේම පිහිට තමයි ඉතින් ... (නි)
අරගොල්ලන්ට හවුල් පෙළපාලියක් නිසා අවුලක් නැහැ පාර අවහිර වුණාට. එත් අර අහිංසක ධීවරයෝ, නිදහස් වෙළද කලාප සහෝදර /සහෝදරියෝ යන පෙළපාලි නම් ආවම බලන්න පුළුවන් වැඩේ. (නි)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු... (නි)
මාලු පාන් ගෙඩියට කෑදර මිනිස්සු.(නදී)
අනේ ඇත්තට, මේ වගේ මිනිසුන් ගොඩක්. (නි)
මිනිස්සුන්ට කන්න නැහැලු බොන්න නැහැලු ලියිට් බිල වැඩියිලු. ලංකාවේ අයට වැඩ කරන්න වෙලාවක් නැහැනේ. හැමදාම මහපාරේ පෙළපාලි, නැත්නම් උද්ඝෝෂණ. අපි මෙහෙ රටවල් වලට වෙලා දුක් විදිනවා. ලංකාවේ අය පාරට වෙලා ජෝගි නටනවා. අපේ පුණ්‍ය භූමියට තෙරුවන් සරණයි! අන්තිමට ඔය හැමදේකටම ආණ්ඩුව වග කියන්න ඕනෑ කියනවා. කවදා මේ මිනිස්සු හැදෙයිද? (නි)
කුඩු විකුණන කට්ටියයි කුඩු ගහන කට්ටියයි .මුහුණු වලින් ඒ බව පෙනේ. (නදී)
මේ ඉන්නේ අපේ රටේ නන් දෙසින් පැමිණි බුද්ධිමත් ජනතාවයි. ඔලු ගෙඩි ගණනින් මේ අයගේ ඡන්දය ඉතාම වැදගත්. සුද්දා වරප්‍රසාද ලත් ලාංකිකයන්ට විතරක් ඡන්ද අයිතිය දුන්නේ ඔය හේතුව උඩ තමා . (නි)
එතකොට මේ ඉන්න හැමෝම කියන්නේ භාරත මැරිච්ච එක හොඳයි කියලද? (නි)
මම දන්නේ නැති නිසයි මෙහෙම අහන්නේ.... ඉස්පිරිතාල ගාව අධික ශබ්ද කිරීම නීතියෙන් තහනම් නේද? (නි)
බැලු බැල්මට නම් චන්ද නෙමේ චන්ඩි දායකයන් වගේ .(නදී)
කැමති නම් ඉදිරියට විදවන්න. ඔයාලයි ඔයාලගේ දරුවොයි.(නදී)
ඔබ තුමාට
අපේ ජනතාව බත් පාර්සලයට පාරට බහින තරමට අසරණ වෙලා, ජාතියේ අවසනාවක තරම.(ස)
සෙත් පිරිත් දේශනා කරන්න හාමුදුරුවෝ වැඩියේ නැත්තේ මොකද?(නදී)
ප්‍රබාකරන් කිව්ව දේ හරි. සිංහලයන්ට මතක තියෙන්නේ සතියයි (නි)
මේ වගේ ගොන් මොළ තියන මිනි මරුවන්ට හුරේ දාන අය ඇදගෙන යන්නේ අවිචියට ?
මේවා දකිනකොට පේනවා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් මොන වගේද කියලා (නි)
රටකට ගිය කලක්. ගරු ජනාධිපතිතුමනි, මෙවැනි දේවල් වෙනකොට ඔබ ගැන මහජනයා තුල තිබෙන පැහැදීම නැතිවෙන බව ඔබට නොතේරෙන්නේ මොකද? අපට නොතේරේ. (නදී)
කවුද මේ? අපිට මතකම නැහැනේ. අයියෝ පිස්සු වාගේ මට. (නි)
පාවෙන ඡන්ද හැමදෙයක්ම විසදාවී! (නි)
නමුත් මතක තියාගන්න , තමන් වටා යන දේ කවදා හෝ තමන් කරාද එනු ඇත. (නි)
පෙරලුන පිට හොදයි කියන එක ලංකාවේ අපේ මිනිසුන්ගේ පුරුද්දක්.(නදී)
මෙහෙමත් මිනිස්සු (දී)
මෙතන 7 පන්තිය පාස් කරපු එක් කෙනෙක්වත් නැහැ කියලා මට 100%ක් ෂුවර් (නි)
සන්තොසද (දී)
සතුටු ඇති තමන්ගේ ලොක්කා එලියට එනකොට (දී)
මමනම් අනුමත කරන්නේ නැහැ මේ වුන වැඩේ (දී)
ජයවේවා! (නි)
මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදීම ගැන ගොඩක් දුක හිතෙනවා. (නි)
ඔබ කළ සේවයට ජනතා උපහාරය! (නි)
සතුටුයි නේ (දී)
නිකන් ගෙවල් වලට වෙලා ඉන්නවට වැඩිය මාළුපාන් එකකුයි, කිරි පැකට් එකකුයි ලැබෙන එකත් මදිද? (ස)
අනේ! අපිට නම් දැන් භාරත ලක්ෂ්මන් මහත්තයාව මතකත් නැහැ (නි)
පිටරට සිට අපි තොපට සිනාසෙන්නෙමු. (නි)
වැඩ නැතුවට හොඳයි..ලංකාවට ගිය කලක් පව්..! (ස)
ඇමෙරිකාවෙත් මෙහෙමද...?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කාටද මේ බොරු කියන්නේ? ජනතාව කවුරුත් හිතන තරම් මෝඩ නැහැ. එයාලා කට වහගෙන ඉන්නෙ කතාකරලා වැඩක් නැති නිසා. (නි)
කෝ ඇමරිකන්විරෝධී සදරුවනුයි, ද සිල්වයි....? ඇමරිකාවෙත් මෙහෙමද...? එංගලන්තෙත් මෙහෙමද....? (නි)
මෙතරම් පිරිසක්.... මට හිතෙන්නේ මෙයාල ඇවිත් ඉන්නේ මාළු පාන් කිරි පැකට් දෙනවා කිව්වා හින්දද ?(ස)
ගුණ වයන්න හාමුදුරුවෝ ගිහින් නැහැල්ලුද....(ස)
අපි විතරනේ මේ දේශපාලන ක්‍රමේට අකමැති. බලන් ගියාම හැමෝම කැමති මේ ක්‍රමෙටනේ....(ස)
බැලු බැල්මට නම් හොඳ චන්ද දායකයෝ පිරිසක් වගේ.......අනේ ලංකාව ගිය කලක් .(ස)
කන්ඩ දෙනවනම් අපිට බොන්ඩ දෙනවනම් අපිට?(ස)
මෝඩ මිනිස්සු කියලයි මට හිතෙන්නේ (දී)
ගෝරි බෝරි ඉවරවෙලා ඇවිදින් එළියට... මල් මාලා දා පිළිගන්නවා නැවතත් කරළියට... මේක තමයි බජාර් එකේ වෙල්කම් සොමිය... (නි)
දුමින්ද සිල්වාට නොවෙයි මතකය නැත්තේ ලංකාවේ මින්ස්සුන්ට (දී)
කළු සුදුවෙනවා සුදු කලු වෙනවා!! අනේ ඇත්තට, ඇස්ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ? (නි)
විකාර වැඩ කියන්නේ මෙන්න මේවා (දී)
රුපියල් 1500යි බත් පැකට් එකයි දෙන නිසා, අපේ ගමෙත් කීප දෙනෙක් ගියා. (ස)
අන්න අරෙහේ බඩු මිල තවත් උඩ යනවා. (නි)
අනේ අපේ ලංකාවට ගිය කලක් ..මෝඩ මිනිස්සු..හරිම දුකයි අපේ රටට වෙලා තියන දේ...!(ස)
හරියට හින්දි ෆිල්ම් එකක වගේ දැන් ලංකාවේ වැඩ...(ස)
පෙළ පාලියේ අපිත් ගියා, අපේ පඩිය වැඩි කර දෙන්ඩ මතිදුනි..! (ස)
තව අවුරුදු 100කට මේ රට හැදෙන්නේ නැහැ (නි)
පව් අපේ මෝඩ අසරණ මිනිස්සු! (නි)
මේ රට කවදාවත් හැදෙන්නේ නැහැ ..(ස)
ලංකාවට ගිය කලක්! පව්, අපි විතරනේ මේ දේශපාලන ක්‍රමේට අකමැති. බලාගෙන ගියාම හැමෝම කැමති මේ ක්‍රමේටනේ (නි)
මිනිසුන්ට අපහස කරනවා නෙමෙයි. නමුත් කට්ටිය දැක්කම හිතා ගන්න පුළුවන් කොහේ කට්ටියද කියලා.අයෙත් ලංකාවේ ඉපදෙන්න නම් ප්‍රාර්ථනා නොකරමි (නි)
අනේ කාලේ වනේ වාසේ ...............(ස)
ලංකාවට් ජයවේවා! (නි)
අනේ අප්පෝ අපේ රටට ගිය කල! මේ හැර වෙන මොනවා කියන්නද? (නි)
අයියෝ ලංකාවෙ හිටියා නම් මාළුපාන් එකක් කාලා, කිරී එකක් බොනවා.... එක්කෝ වහ කනවා (නි)