භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවට පැමිණ නැතැයිද සිංගප්පූරුවේදී අදත් ඔහුට සැත්කමක් කිරීමට නියමිතයැයිද ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතාට දැන්වීය. දුමින්ද සිල්වා අත් අඩංගුවට ගන්නා ලෙස තමා කලින් දුන් නියෝගය තවමත් බලපැවැත්වෙන බව මහේස්ත‍්‍රාත් ප‍්‍රකාශ කළේය.
දුමින්ද සිල්වාගේ කටඋත්තරය නීතිපතිට යවා උපදෙස් පතා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය උසාවියට අපහාස කළැයි කියන කතා ගැන විනිශ්චයක් දීමට තමාට අධිකරණ බලයක් නැතැයි කී මහේස්ත‍්‍රාත් වරයා අවශ්‍ය කෙනකුට ඒ කාරණය ඊට ඉහළ අධිකරණයකට ගෙනයා හැකි යැයිද ප‍්‍රකාශ කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නං කැමතියි මේ නඩුව මෙහෙම ඇදි ඇදි තියෙනවාට..
මාස ගානක දුමින්දගේ සිංගපුරැවෙ රෝහලේ බිල ගෙව්වෙ කව්ද දන්නෙ නැහැ නේද?(නු)
උසාවි වලට මෙහෙම බොරු කියන්න පුළුවංද?(නු)
අමතක කරන්න එපා..මාව මතක තියාගෙන ඉන්න සිතේ....(නු)
හිරුණිකාගෙ පවුලේ අයට අසාධාරණයක් කරන්න එපා..!!(නු)
අපේ දුමින්ද සිල්වා මහතාට ඉක්මන් සුව පතනවා..!!(නු)
හිරුණිකයි,සරත් ෆොන්සේකයි එකතු වුනා නම් ලංකාවට හරියන දේශපාලන පක්ෂයක් හදාගන්න පුළුවන් වෙයි.(නු)
ලංකාවෙ අයටම හොදයි මේ වගේ කතා...!!(නු)
සිංගප්පුරුවෙ මෙයාගෙ රෝහල් බිල ගෙවන්නෙ කවුද දන්නෙ නැහැ.. මෙයාගෙ වත්කම් පිළිබදව හොයලා බලනවානම් හොදයි නේද?(නු)
දුමින්ද කෙසේවෙතත් හිරුණිකා මෙනෙවිය නම් අපේ රටේ ප්‍රසිද්ධ චරිතයක් වෙලා.. මෙයත් කොහොම හරි පාර්ලිමේන්තුවට එන්න තමයි දගලන්නෙ දැං..!!(නු)
බබාලන්තේ කොහොමත් මෙහෙම දේවල් වෙනවානේ. (නි)
අසේලගෙ කතාව හරි. (නි)
දෙවියනේ අපරාද කරුවන්ට දඩුවම් දෙන්න (නු)
ඔපරේෂන් ඉවරයක් නැහැනේ...!!(නු)
සෑම නඩු වාරයකදීම සැත්කම්. සැත්කම්. (නි)
ඡන්දයක් තියෙනව කිව්වනම් මතකය එයි (අ)
මේ උත්තමයාගේ මොළය ඇත්තේ කොහේදැයි කියා දොස්තරවරුන් තවම සොයනවා වෙන්නත් පුලුවන්. (නි)
ලංකාවේ ඡන්දයක් තිබුණාද කියලා මතකද (අ)
අමතක වෙලාම යයිද දන්නෙ නැහැ.. මන්ත්‍රිකම අපරාදෙ...!!(නු)
සැත්කම කිරීමට පෙර මොලේ සොයා ගත යුතුය..!!(නු)
මිනිහට කාව අමතක උනත් අනර්කලීව මතක ඇති (දී)
ඉක්මනට එන්න..අපට ඔබේ ශක්තිය අවශ්‍යයි...!!(නු)
දුමින්ද බයද (දී)
වැරදි කළානම් උඩ ඉන්න දෙවියන් බලා ගනීනේ. (නි)
හැබැයි මෙහේ ඉන්න එක්කෙනෙක් නම් දන්නවා හරියටම මොළය තිබෙන තැන. (නි)
නරකද මොකක් හරි පරණ යටගියාවක් පෙන්නලා මතකය පරීක්ෂා කළොත්? (නි)
අමිල, ඔබ හරියටම හරි. (නි)
අපේ අහවලාගෙම කට්ටියනේ ඔය. (නි)
මෙච්චර සැත්කම් කරන්නේ ඇයි? මොළය තිබෙන තැන වෙනස් කරනවාවද්ද දන්නේ නැහැ නේද? (නි)
මම නම් කියන්නේ මේ නඩුව තව අවුරුදු 10ක් විතර ඇදගෙන යන්න කියලයි. (නි)
සිංගප්පූරැ දොස්තර මහත්තුරුණි.. ඔය මහත්තයාගෙ මොලේ ඉක්මනට හොයාගෙන සැත්කම කරලා මෙහාට එවන්නකෝ..!! (නු)
ලංකාවට අපුදෙන්කෝ. මතක් කරලා දෙන්න (දී)
ඔය මොලේ ගොඩක් ලොකුද දොස්තර මහත්තයෝ (දී)
කොහොම හරි බේරා ගන්න අපේ දුමින්ද මහත්තයව (දී)
මට ඉවසන්න් ඉන්න බැහැ. දුමින්ද මහත්තය නැති උනොත් (දී)
මිනි මරුවෝ නිදැල්ලේ අපි පොඩ්ඩක් පාරේ ඉර කපුවනම් බලන්න ඕනි නීතිය ක්‍රියාත්මක කරන හැටි (දී)
මොලේ නහරයක් කපල දාන්න ඉවරනේ එතකොට., (දී)
මේකත් අර කොටිය ආව වගේ තමයි. තව හත් අට වතාවක් ගුවන්තොටුපල සිට හිස් ඩිෆෙන්ඩර් රථ එවලා බලලා එපා වුනදාට ඇවිල්ලා තියෙයි (දී)
දැන්නම් තියාගෙන වැඩක් නැහැ (දී)
වෙඩි තියලත් බේරිලා ඉන්න හැටි. ගමක මිනිහෙක් කෙහෙල් මලක් කැපුවොත් කොහොම වෙයිද (දී)
කවදාවත්ම එන්නේ නැද්ද? (නි)
ෂුවර් ද ? ඒත් මට නම් මතන නැහැ. (නි)
මෙයා වෙනුවෙන් පෙනී ඉන්නෙ ජනාධිපති නීතිඥයෙක්...!(නු)
පුදුමෙ කියන්නෙ මෙහෙ සද්ද කරනකොට එහෙ සැත්කම් කරනවා...!!(නු)
ඉතිං එහෙනම් පාර්ලිමේන්තුවෙනුත් ඉවත් කරන්න වෙයි නේද? (නි)
නඩුවක් තියෙනවා කියලත් මතක නැද්ද? (නි)
මේ සැත්කම කරන්නේ මතකය අලුත් වෙන්නද? (නි)
නඩුව ඉවරවෙනකම්ම සැත්කම් තියේවි..!!(නු)
අපේ දුමින්ද මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
අනේ අපේ දුමින්ද මහත්තයාට ඉක්මණින් මෙරටට පැමිණෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
තව එක තැනයි සැත්කම කරන්න තියෙන්නෙ.. එකත් කළාම එවන්නම් (නු)
දුක්වෙන්න එපා මිතුරනේ.. තවම හොයනවා මොලේ කොහෙද කියලා...!!(නු)
සැත්කමක්ද?(නු)
කළකම් පළදේ. (නි)
මොලේට බරපතල හානි වෙලා කිව්වට තාම දොස්තරලට මොලේ හමුවෙලා නැතිව ඇති...?(නු)
මේක පුදුම සැත්කමක්නේ.කී පාරක් නම් කරනවාද මන්දා? (නි)
මොනවද මේ විකාර කතා.. ටම නම් මොලෝ දෙයක් තේරෙන්නෙ නැහැ.. අද එකක් කියනවා.. හෙට තව එකක් කියනනවා.. (නු)
හැමදාම සැත්කම්. මෙහෙම සැත්කම් ගොඩක් කරගෙන ඉන්නේ කොහොමද දන්නේ නැහැ. (නි)
එහෙනම් ආවා කියලා කිවුවේ? (නි)
මෙයාට හැමදාම සැත්කම් කරනවානේ...!!(නු)
ලංකාවෙ නීතිඥයන්ට හොදට ඇත්ත කියන්න පුළුවං නේද? මටනං පිස්සු වගේ අනේ..!!(නු)
වැරදි කරුවන්ට දඩුවම් ලබා දී, අගතියට පත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පවුලේ අයට සාධාරණය ඉටු වේවා.!!(නු)
ඇත්තටම මොලේ හොයා ගන්නම බැරිද?(නු)
කව්ද දුමින්ද කියන්නේ. මට මතක නෑ නේ.(නු)
ශරීරයේ තරම අනුව මොලේ තියෙන තැන හොයාගන්න අමාරු ඇති..!! (නු)
අමිල ඔබ හරියටම හරි.. මේකෙ වැදගත්ම දේ තමයි නීතිඥවරයාගේ හිරුණිකා ගැන කළ ප්‍රකාශය..!!(නු)
මට පේන්නෙ අපේ රටේ කටකතා රැල්ල තමයි රටේ මිනිස්සු සහ පාලකයන් අතර විශ්වාසය බිද වැටෙන්න හේතුව..බලන්න මේගොල්ල බොරුවට ඇගේ ලේ රත්කරගෙන දුමින්ද සිල්වා ආව කියලා.. මිනිස්සු එන්න එන්ම මෝඩ වෙනවාද කොහෙද?(නු)
මේ නඩුව විහිලුවක්.. මට වැදගත් විනිසුරුතුමා හිරුණිකා ගැන කළ ප්‍රකාශයයි..!!(නු)
මේකත් අර කොටිය ආව වගේ වෙයිද දන්නෙ නැහැ... තව හත් අට වතාවක් එනවා එනවා කියලා ඔක්කොම ගුවන්තොටුපලට දුවලා එපා වෙනදාට ඇවිල්ලා තියෙයි...!!(නු)
දැන් නම් කොහේ උනත් වැඩක් නැහැ මතක නැහැ. වැඩක් නැහැනේ තියාගෙන මරල දාන්න (දී)
පුදුම සැත්කම් ගොඩක් නේ කරන්නේ. මේ කරපු සැත්කම් වල විදියට ජීවත් වෙලා ඉන්න එකම ලොකු දෙයක්.(නු)
මෙහෙ කරපු දේවල් එහෙ කරන්න පටන් ගනීද දන්නේ නැහැ .(දී)
මෙයාම හින්දා හොඳයි.. අපි එහෙම ඔහොම මතක නැහැ කියලා කිව්ව නම් බලාගන්න තිබුනා වැඩේ... නේ ද?(නු)
සිංගප්පූරුව සාප්පුසවාරි යන්න කියාපු රටක්..!!(නු)
අත්අඩංගුවේ සිටින අනෙකුත් සියලුම සැකකරුවනුත් අමතක වී යැයි කීවොත් අපේ නීතිපති හරි අමාරුවකනේ වැටෙන්නේ!(නු)
අනේ අනේ, ලංකාවට ගිය කල? (නි)
බොරුද කොහෙද? (නි)
සිංගප්පූරුවෙත් මෙයාගේ ව්‍යාපාරයක් පටන් අරන් ඇති.ඒකනේ දැන්ම එන්ඩ බැරි.(නු)
මනාප ලැයිස්තුවෙ ඊළගට ඉන්න කෙනා බලාගෙන ඉන්නවා.. එනවද නැද්ද කියලා.(නු)
මතක නැත්නම් ආවත් වැඩක් නෑනේ. (නි)