(තිළිණි ද සිල්වා)
හිටපු කෘෂිකර්ම අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ අද (30) පැය හතකට වැඩි කාලයක් ප‍්‍රකාශ ලබා දී ඇතැයි එම කොමිසමේ ප‍්‍රකාශකයෙකු ලංකාදීපයට පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 21 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඞී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළව එම පොලිස් ඒකකයේ නිලධාරීන් දුමින්ද දිසානායක මහතා ගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගත් බව එම ප‍්‍රකාශයා වැඩිදුරටත් කීය.
ඒ අනුව අද (30) පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා කාලය පුරා හිටපු අමාත්‍යවරයාගෙන් එම පොලිස් නිලධාරීන් ප‍්‍රකාශ ලබා ගෙන ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා කාර්යාල සඳහා අවශ්‍ය වූ හෙයින් අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට රැගෙන යාමට සිදුවූ බවත් , ඊට සුදුසු ස්ථාන කිහිපයක්ම පරීක්ෂා කළද බත්තරමුල්ල පිහිටි ඞී.පී.ජයසිංහ ගොඩනැගිල්ල හැර පහසුකම් සහිත වෙනත් ස්ථාන හමු නොවු බව හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා පොලිස් නිලධාරීන් හමුවේ ප‍්‍රකාශ කර ඇත.
එම ගොඩනැගිල්ල තමන්ගේ තනි තීරණයකට අනුව සිදු නොවූවක් බවත් ,ඊට අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හා ඊට අදාළ නිලධාරීන්ගේ නිර්දේශ මත සිදුවූ බවද දිසානායක මහතා පොලිස් නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇත.
එසේම අමාත්‍යාංශ නව ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 460ක කාර්යාල උපකරණ හා ගෘහභාණ්ඩ ලබා ගැනීමට අදාළ සියලූම අංශ වලින් අනුමැතිය හිමිවූ බවද හෙතෙම පවසා ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 21ක මාසික කුලියකට බත්තරමුල්ල පිහිටි ඞී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් කරන්දෙණිය සමාජ සුබසාධන සංවිධානය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ ලෝක ආහාර වැඩසටහනෙ මේ වන විටත් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇ
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දුමින්ද පැය 7 ක් ප්‍රකාශ ලබා දෙයි
sandy123 Tuesday, 30 July 2019 03:16 PM
ඔව් ඉතින් අපේ බදු සල්ලිනේ... අනේ රටකට ගිය කලක්.
Nirmal Tuesday, 30 July 2019 03:30 PM
ලංකාවේ පොලිසිය ප්‍රශ්නේ බරපතලකම පෙන්නන්නේ ප්‍රශ්න කරන පැය ගානෙන්
MaheeWednesday, 31 July 2019 12:47 AM
අම්මපා ඇත්ත, මං හිතන්නේ ඒ නිර්ණායකයත් කැබිනට් පත්‍රිකාවකින්ම අනුමත කරලා ඇති...